IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


'හර්ෂණ + වොල්ගා' වසන්තයේ ගමනට එක්වූ මොහොත...

2016-08-13-ent-31

වොල්ගා කල්පනී’’ ඔහු කෙරෙහි වූ කල්පනාවේ නිමග්නවූ සෑම නිමේෂයකදීම සිනා පිපෙනා වසන්තය ගැන ඇස් දෙක පියාන සිහින මැව්වාය. දෙදෙනාට දෙදෙනා හමුවී දහසය වසරක් වුවද ඒ සිනා පීදුණු මල් වසන්තය උදාවූයේ මේ ගිම්හාන කාලයේදීය. මේ ගිම්හාන කාලයේ ඒ වසන්තය පීදිනි.

2016-08-13-ent-30‘‘මම හරි ආසයි ‘සිනා පිපෙනා මේ වසන්තය’ ගීතයට ඒ වසන්තය උදාවන තෙක් බලාගෙන හිටියෙ නොඉවසිල්ලෙන්, අපේ අම්මා - තාත්තා වගේම හර්ෂණගෙ අම්මා තාත්තාත් ජ්‍යෝතිශය විශ්වාස කරනවා. අපි දෙන්නා ජ්‍යෝතිශය ගැන පන්නාගෙන නොගියත්, ඒ ගැන තරමකට විශ්වාස කරනවා. ඒ හැරත් අපි දෙන්නම බෞද්ධාගමිකයින්. මේ විවාහය වෙනුවෙන් නැකත් බැලූවෙ අවුරුද්දකට විතර කලින්. මේ අගෝස්තු 10 දිනය ලැබුණෙ අවුරුද්දකට පෙරදීයි.

ඒ අනුව මේ විවාහයේ චාරිත‍්‍රානුකූල සිරිත්වලට මුල්තැන දුන් කටයුතු සිද්ධ වුණේ 10 වැනිදා උදේ වරුවේ කොළඹ ගංගාරාමයේදීයි. ඒ අවස්ථාව ඉතාම චාමෙට සිද්ධ වුණා. අපි දෙන්නගෙ පවුලේ ඥාති හිතමිත‍්‍රාදීන් සහ පවුලට ළඟම හිතවතුන් තමයි ඒ අවස්ථාවට සහභාගී වුණේ. එතකොට මගේ යෙහෙළියන් ලෙස බුවනි දියලගොඩ, ධනංජි තාරුකා, සඳනි පතිරණ සහ සචිනි නංගි පෙනී සිටියා. හර්ෂණගෙ යහළුවන් ලෙස ශමීර ශානක, ධනුක දිල්ෂාන්, ජනිත් වික‍්‍රමගේ, ශාඛ්‍ය නිර්මාණ එක්වුණා. මගේ පාර්ශවය වෙනුවෙන් අත්සන් තැබුවේ ප‍්‍රවීන කලාකරු සනත් ගුණතිලක මහතා. හර්ෂණ වෙනුවෙන් ප‍්‍රවීන රංගවේදී ශ‍්‍රියන්ත මෙන්ඩිස් අත්සන් කළා.’’

ටෙලි තිරයේ හැඩකාර චරිත සමග විටින් විට හමුවන හර්ෂණ බෙත්මගේ සහ වොල්ගා කල්පනීගේ විවාහය සිදුවුණේ ඔන්න ඔය විදියටයි. ඒ විවාහය ඒ විදියට යථාර්ථයක්වූ මොහොතක විවාහය යනු කුමක්ද?

 

වොල්ගා ඇයට දැනෙන හැඟීම් ප‍්‍රකාශ කළේ මෙලෙසිනි.

අපි අපේ මව්පියන්ගෙන් දැකපු දේ තියෙනවා. විවාහය කියන්නෙ එකිනෙකාට ගෞරව කරමින් යන ගමනක්. යුතුකම් වගකීම් ගැන වටහා ගෙන කටයුතු කළ යුතු දෙයක්. අද මට විවාහය ගැන දැනෙන්නෙ එහෙමයි. ඒත් හෙට ජීවිතයට තව එකතු වන දේ එක්ක එයට තවත් දේ එක්වේවි. ඒ අනුව ජීවිතය අවබෝධ කරගැනීම වැදගත්.

වොල්ගා විවාහය ගැන එලෙස හැඟීම් ප‍්‍රකාශ කරද්දී හර්ෂණගෙන් අපි ඇහුවේ ‘‘ජීවිතය’’ කියන්නෙ මොකක්ද කියලයි.

‘‘ජීවිතේ ගැන මෙතෙක් කාලයක් මම හිතුවෙ සැහැල්ලූවෙන්. දැනුත් එහෙම තමයි. හැබැයි ජීවිතය මොන වගේද කියන් තරම් ජීවිතයේ තවම මම දුර ගමනක් ගිහින් නැහැ. ‘‘විවාහයෙන් පස්සෙ වගකීම් යුතුකම් වැඩි බව නම් හැඟෙනවා. ඉතින් පෙර ලෙස නිදහසම බුක්ති විඳින්න බැරි වේවි. ඒත් ‘‘ජීවිතය හරිම හොඳයි’’ මට අද දැනෙන්නෙ එහෙමයි.

 

 

එතකොට මේ ඔබගෙ ප‍්‍රථම පේ‍්‍රමයද?

ඔව් මේක මගේ ප‍්‍රථම පේ‍්‍රමයයි. පාසල් කාලයේදී හමුවක් තිබුණා. හැබැයි ඒක පේ‍්‍රමයක් වුණේ නැහැ. මට දැනුණ පේ‍්‍රමය මෙයම තමා.

 

වොල්ගාටත් එහෙමද?

ඔව් ඉතින් මාත් දන්න කියන කාලයේ ඉඳලාම දැන හැඳිනගෙන සිටියෙ හර්ෂණ අයියා තමයි. එය පසුව ප‍්‍රකාශ කළ ආදරයක් වුණා. මේ විදියට අතිනත ගත්ත වොල්ගා - හර්ෂණ යුවළගේ දෙවැනි ගමනේ උත්සවය පැවැත්වෙන්නෙ හෙට (15 වැනිදා) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදීය. චමත්කාර ෆ්ලෝරා මල් වැස්සෙන් චමත්කාර වන ඒ මොහොතට කලා ලොවේ තරු පිරිවරකට ආරාධනා කර ඇති බැව් මේ දෙදෙනා පවසති.

තරු පිරිවරාගත් ඒ හැන්දෑව සුන්දරම මොහොතක් වේවි. මේ දෙදෙනාට ආදරය කරන රසික රසිකාවියනට එය නුදුරේදී රූපවාහිනී චැනල වලින් දකින්නටත් ලැබේවි.

‘‘හර්ෂණ-වොල්ගා’’ ආදරණීය ටෙලි තරු යුවළට අපගේ සුබ පැතුම්. සුබ මංගලම්! ජය මංගලම්!

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ 

 

sandalla

 

2016-08-13-ent-26
2016-08-13-ent-27
2016-08-13-ent-29

 

related-ARTICAL

 



අදහස් (0)

'හර්ෂණ + වොල්ගා' වසන්තයේ ගමනට එක්වූ මොහොත...

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 943 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 813 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 447 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 308 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1201 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 998 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site