ඩබ්ලිව්.ඩී. ආරියසිංහගේ පුත් හර්ෂදේව ආරියසිංහ මේ දිනවල සිය අලුත්ම ගී නිර්මාණයට සූදානමින් සිටියි. අතිශය ජනප්‍රිය ගීතයක් හා මියුසික් වීඩියෝවක් වූ "නොබලා මා දිහා" ගීතයේ මෙල් වර්ෂන් ගීතය ගායනා කරමින් බොහෝ පිරිසකගේ අවධානය දිනාගත් හර්ෂදේව "සාරවිට" අප සමගින් සිය ඉදිරි කලා කටයුතු මෙසේ පැවසීය.
"නොබලා මා දිහා^ ගීතය මගේ තුන්වැනි ගීතය. මේක ලිව්වේ සජිත් වී චතුරංග. මියුසික් කළේ කපිල්. මේ ගීතයට අදටත් ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා. කොටින්ම කිව්වොත් මගේ සංගීත ජීවිතෙ ලොකු වෙනසක් මේ ගීතය ජනප්‍රිය වීමත් සමග ඇති වුණා. ඒ වගේම තමයි මේ ගීතයේ මෙල් වර්ෂන් ගීතයට සමාන ජනප්‍රියත්වයක් ෆිමෙල් වර්ෂන් එකටත් ලැබිලා තියෙනවා. මට දැනගන්න ලැබුණා. මේ ගීතයේ තනුවට බංග්ලාදේශයෙනුත් ගීතයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. ඒ වගේම ඔවුනුත් මෙල් හා ෆි මෙල් වර්ෂන් දෙකකට තමයි මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව ඉන්දියාවෙත් මේ ගීතයට අනු නිර්මාණයක් කරන්න යනවා කියලා තොරුතුරු ලැබෙනවා. "නොබලා මා දිහා" ගීතය මගේ තුන්වැනි ගීතය හා තුන්වැනි මියුසික් වීඩියෝව. මීට කලින් මම මගෙ සියාගේ ගීතයක් වුණ "දසබලධාරි" ගීතයට රීමෙක් ගීතයක් හා මියුසික් වීඩියෝවක් කළා. ඊට පස්සෙ "සංතාපයෙන්" කියලා ගීතයක් හා එයට මියුසික් වීඩියෝවක් කළා. නමුත්, විශාල රසික පිරිසක් මාව හඳුනා ගත්තෙ "නොබලා මා දිහා" බලා ගීතයෙන්. මේ ගීතය අදටත් ජනප්‍රිය වෙලා තියෙන නිසා අලුත් වැඩකට පසුගිය කාලෙ යොමු වුණේ නැහැ. ඒත්, තවත් මාසයකින් දෙකකින් අලුත් වැඩක් කරන්න සැලසුම් කරලා තියෙනවා."
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හර්ෂදේවගේ අලුත් වැඩක් ළඟදීම