IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


හෙරළි පෙරළියට ජනපති මුල පුරයි

(අංජුල මහික වීරරත්න)

"ගුවන් හමුදා හෙරළි පෙරළි" නමින් දියත් කෙරෙන රට පුරා කොස් පැල මිලියන තුනක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ආරම්භ කෙරිණි .

රජය ගෙන යන ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර කොස් ආශ්‍රිත දේශීය සහ විදේශීය වෙළෙඳපොළක් නිර්මාණය කිරීමත්, කොස් ආශ්‍රිත ආහාර ලාංකීය ජනතාව අතරට ගෙනයාමත් මෙහි අරමුණයි.

මෙම වැඩසටහන යටතේ මෙම වසරේදී පමණක් කොස් පැළ හැත්තෑ පන්දහසක් වගා කිරීමට අපේක්ෂා කෙරේ.

කොස් පැල වගාව සම්බන්ධයෙන් ලියවුණු "ගුවන් හමුදා හෙරළි පෙරළි"ග්‍රන්ථය ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණි .

ගුවන් හමුදා හෙරළි පෙරළි ග්‍රන්ථයේ කොස් වගාවට අමතරව ඒ හා සබැඳි නිෂ්පාදන පිළිබඳව අන්තර්ගත වී තිබීම ද විශේෂත්වයකි.



අදහස් (3)

හෙරළි පෙරළියට ජනපති මුල පුරයි

චමින්ද Sunday, 02 April 2023 04:19 PM

වැල, වරකා නාඳුනන ගැහැණු ඉන්න ලංකාවේ කවුද දන්නේ කොස්වලට හෙරලි කියන්නේ ඇයි කියලා. කුඩා ගසක වැඩි ඵලදාවක් ඇති කොස් වර්ග හඳුන්වා දීම අගය කළයුතු අතර එනිසාම වටිනා දැවයක් වන කොස් ලී නොමැති වීම පාඩුවක් වෙන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනෑ

:       3       5

චින්තක Monday, 03 April 2023 10:24 AM

හෙරළිය කියන වචනයේ ය අක්ෂරය ලොප් වෙලා හෙරළි වෙලා තියෙන්නෙ.මේක අතීතයේ කතාවක් .බොහොම ඉස්සර කිසිවෙක් කොපමණ කුසගිනි තිබුනත් කොස් කාල නැහැ ඉතින් මේක දැක්ක සක්‍රයා මිනිසුන්ට පිහිටක් වෙන්න හිතලා අහිංසක මෙන්ම තරමක් වයසක කෙනෙක් ලෙසට වෙස් මාරුවක් නැත්නම් මේකප් එකක් දාගෙන දුප්පත්ම ගෙදරකට ගොස් කෑමට යමක් ඉල්ලලා තියෙනවා ගෙදර කිසිවක් නැහැ කිව්වම අර මනුෂ්‍යයා ගහක තිබුන හොදින්ම පැසුණු කොස් ගෙඩියක් කඩල කපා ලිපේ තියල මම එනතුරු මොකුත්ම කරන්න එපා කියලා නාගෙන එන්න දොලට ගියාලු දැන් ඉතින් කොස් තැම්බෙන වෙලාවෙ අර ගෙදර හිමි කාන්තාවට කටට කෙළ උනන්න ගෙන තියෙනවා ගෑනිට බැරිම තැන කොස් මදුලක් දෙකක් කාල තියෙනවා රසේ තරම ආගන්තුකයා එනවිට භාගයක් පමණ ඉවරයි ඉතින් සුලු බහින්බස් වීමක් වෙලා ගෑනිට කිව්වලු හෙරළිය කියලා හෙරළිය කිව්වම හොරගෑනියෙක් වෙනනිසා අර ගෘහණිය තමනුත් බේරිලා කොස් වලට හෙරළි කිව්වලු එහෙමයි අපේ ආතම්මා අපිට කියලා දුන්නෙ

:       1       1

ගොන්ගාලේ ගොඩබණ්ඩා Sunday, 02 April 2023 04:55 PM

අපේ රටේ කොස් කඩන්න මිනිහෙක් හොයාගන්න බැරුව ගස් මුල ඉදිලා කුණුවෙලා වැටෙනවා.එහෙම නැත්නම් රිලවු දඩු ලේන්නු කාල අපතේ යනවා. කොස් ගහක් වවලා පලදාව කඩාගන්න වසර ගණනාවක් යනවා. පසුගියදා ලංකාවට ඇවිත් වරකා මදුලක් කාගන්න සෑහෙන්න අමාරු වුනා. එහෙත් ඕස්ට්‍රේලියාවේ කොස් ගස් හදන්නේ රිකිලි හෝ අතු බද්ධ කිරීම මගින්. ගස් ඉතා කොටයි. සුළගට වැටිලා ගෙදරට හානියක් වෙන්නෙත් නෑ. ඉනිමගක් තියලා ගහේ සියලුම කොස් කඩාගන්න පුළුවන්. පොඩි ඉඩක ගස් කිහිපයක් හදාගන්නත් පුළුවන්. කෙටි කලකින් පලදාවත් ලැබෙනවා.ඔය මහා ගස් හදන අතර බද්ධ කිරීම මගිනුත් ගස් වගා කලොත් ඉක්මනින් සහ පහසුවෙන් කොස් ලබාගන්නට පුළුවන්. එබැවින් මේ දෙවිදිහටම වගා කිරීම මගින් යහපත් ප්‍රතිපල ලබාගත හැකිවෙයි කියලා සිතනවා.

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 36 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 314 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 179 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 437 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1152 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 1159 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 104 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site