IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


හොර අලියකු ළඟ නැති බව මහේස්ත්‍රාත් කතානායකට කියයි

තමා සන්තකයේ සිටින අලියාට බලපත්‍රයක් ඇතැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කථානායකට, අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම්ට, පාර්ලිමේන්තු සභා නායකට හා ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකට ලිඛිතව දන්වා ඇත.

ලියාපදිංචි නොකළ අලියකු තමා සන්තකයේ සිටින බවට පාර්ලිමේන්තුවේ දී බ්‍රහස්පතින්දා (9) සඳහන් වී යැයි කියන මහේස්ත්‍රාත් සඳහන් කරනුයේ තමා ළඟ සිටින අලියා මීගොඩ ඕවිටිගම දිසානායක බණ්ඩාගේ චන්ද්‍රරත්න යටවරගෙන් මිලට ගත් බවයි.

අංක 334 නම් බලපත්‍රය ඔහුගේ නමින් 2012/03/27 වැනි දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇතැයි ද, එම අලියා ඔහුගෙන් මිලට ගැනීමෙන් පසු තම නමට පැවරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ඉල්ලීමට අනුමැතිය හිමි වී ඇතැයි ද මහේස්ත්‍රාත් කතානායකට යැවූ ලිපියේ සඳහන් විය.

ලියා පදිංචි නොකළ අලියකු තමා සන්තකයේ ඇති බව ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් තමාට අගතියක් හා චිත්ත පීඩාවක් ඇති වූ බවත් මහේස්ත්‍රාත්ගේ ලිපියේ දැක්වේ.

 



අදහස් (0)

හොර අලියකු ළඟ නැති බව මහේස්ත්‍රාත් කතානායකට කියයි

බන්දුල පෙරේරා Saturday, 10 May 2014 02:11 PM

කට්ටිය රාජ්‍ය සේවකයෙක් කොහොමද අලියෙක් නඩත්තු කරන්නේ කියල අහනවා..රාජ්‍ය සේව්වකයෙකුට දුල දෙන්නෙක් ඇමෙරිකාවේ යවල උගන්නන්න පුලුවන්නම් එච්චර දෙයක් කරන්න තරම් වැටුපක් ලැබෙනවානම් විනිසුරු තුමාට අලි පැටියෙක් ගන්න බැරිද? ඒක අච්චර වියදම් යන දෙයක් නෙමෙයිනේ කොහොමටවත්. (අ)

:       0       0

රොහාන් Friday, 09 May 2014 08:08 PM

රාජ්‍ය සේවකයෙකුට අලියෙක්ට කන්න බොන්න දෙන්න තරම් සල්ලි තියෙනවාද? (අ)

:       0       0

ජනක Friday, 09 May 2014 02:03 PM

මොකටද මේ ගෙවල් වලට අලි ? කිරි දොවා ගන්නද? කුඹුරු හාන්න ද? නැත්නම් කරත්තේ බදින්නද ?(නදී)

:       0       0

රංජිත් සිල්වා Friday, 09 May 2014 02:12 PM

අනේ මංදා ආදායම් බදු දෙපාර්තමේන්තුවටත් මොනවා හරි ඇති කියන්න. රජයේ සේවයකුට අලියෙක් ගන්න පුළුවන් පඩියක් ගෙවනවද? දෑවැද්දට හම්බ උනානම් කමක් නැහැ.(නදී)

:       0       0

ශාන් Friday, 09 May 2014 08:51 PM

එයා නැහැ කියනවා නම් ඉතින් නැතුව ඇති (නි)

:       0       0

ශානිකා Friday, 09 May 2014 08:51 PM

ඒ වුණාට දෙන තීන්දු වලින් නම් මට බොහෝ දේ සිතුණා (නි)

:       0       0

චානි Saturday, 10 May 2014 06:39 AM

ලංකාවේ තවමත් කුලගෝත්‍ර ප්‍රශ්නය තිබෙනවා. බලය සහ තනතුරු සල්ලි තිබුනත් කුලය පිළිබඳ අනවශ්‍ය හීනමානයක් ඇති සමහරු තමන් වලව් පැළැන්ති වලින් පැවතගෙන එන උදවිය බව පෙන්නන්න අලි ඇති කරනවා. (නි)

:       0       0

සිරියලතා කෙන්ය Friday, 09 May 2014 02:42 PM

දැන් ඉතින් මෙයාගෙත් වත්කම් පරික්ෂා කළා නම් හොඳයි වගේ. (ස)

:       0       0

කසුන් Saturday, 10 May 2014 06:50 AM

අනේ මන්දා. මම දන්නා කියන රජයේ සේවයේ නියුතු සියල්ලන්ම කන් කෙඳිරි ගාන්නේ ලැබෙන සොච්චම දරුවන්ට කන්න බොන්න දෙන්නවත් මදි කියලා. අලියන්ට කන්න බොන්න දෙන්න තරම් සල්ලි ලැබෙන එකේ රජයේ සේවයේ නියුතු මගේ හිතවතුන් ඔක්කොම බොරුනේ කියලා තියෙන්නේ. (නි)

:       0       0

නිර්මාල් Saturday, 10 May 2014 03:36 PM

විනිශ්චකාර තුමෙක් යනු රජයේ සේවකයෙක් නොවන බව බොහෝ දෙනෙකු නොදන්න බව පෙන්වා තිබේ....(අ)

:       0       0

චාමිනි Saturday, 10 May 2014 07:01 AM

පහුගිය කාලයේ අලි අතුරුදහන් වුණ විදියට එහෙනම් ලංකාවෙන් සියයට අනුවක්ම වලව්වේ හාමුලා වෙලාද එතකොට? (නි)

:       0       0

අංජන Friday, 09 May 2014 03:04 PM

කතානායක කිව්වා වගේ අලියා රහත් වෙයිද දන්නේ නැහැ.රජයේ සේවකයෙක් කොහොමද අලියෙක් ගන්නෙ කියන එක ප්‍රශ්නයක්.(ස)

:       0       0

පිටිගල Friday, 09 May 2014 09:43 PM

එතකොට අලියෙක් ගෙදර සිටී නම් හාමු කෙනෙක් වෙන්න පුළුවන් එක ෂුවර්ද? ඔය එක පැටියෙක් කීයක් වෙනවද ආයිබෝවන්? (ස)

:       0       0

ලකී Friday, 09 May 2014 03:27 PM

මං බිස්නස් කරන්නේ. මට අලියෙක් තියා ගොනෙක් ගන්නත් සල්ලි නෑ. (ස)

:       0       0

බන්දුල පෙරේරා Friday, 09 May 2014 09:58 PM

උසාවියේ හයියෙන් කතා කලොත් දවස් 14යි . වාහනේ නතර කලොත් රථ වාහන පොලිස් කාරයාගේ රස්සා ඉවරයි.බැලුවම ඉතින් අලි පැටව් ගෙදර ඉන්න එක සාධාරණයි. (ස)

:       0       0

චමිල Friday, 09 May 2014 04:01 PM

අනේ මන්දා මිනිස්සුන්ට පිස්සුද කියල. ඔය වගේ සද්දන්ත සත්තුන්ව ගෙවල් වල තියා ගන්න. හුරතලයට කියලද ? (ස)

:       0       0

රීටා Saturday, 10 May 2014 07:45 AM

අලින්ගේ මොන දේ වුණත් වටිනවා. වෙන එකක් තියා අලින්ගේ මළ මුත්‍රා වුණත් බොහොම වටිනවා (නි)

:       0       0

රොකී Saturday, 10 May 2014 07:45 AM

අලි මූත්‍රා කියන්නේ ශක්තිජනක පානයක්. දැනටමත් ඒවා ටින්වල අහුරලා ලංකාවේ විකුණන්න තියන බව හුඟක් අය දන්නේ නැතුව ඇති!හරි ගණන්. (නි)

:       0       0

කවිදු Saturday, 10 May 2014 08:13 AM

කසුන්, ඔබේ ඇස් දැන්වත් ඇරුණාද? මම දන්නා තරමින් රජයේ සේවයේ නියුතු බොහොම දෙනෙක් අනියම් මාර්ග වලින් සල්ලි හොයනවා. නමුත් පෙන්නන්නේ අතේ සතේ නැහැ කියලා. මම දන්නා ගුරු යුවලක් ඉන්නවා මධ්‍යම පළාතේ. උපකාරක පන්ති වලින් ලක්ෂ ගණන් හොයනවා. හැබැයි කියන්නේ ගෙදර ළමයින්ට කන්න දෙන්නත් නැහැ කියලා. හැමෝම නෙමෙයි. අවංක උදවියත් ඉන්නවා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 10 May 2014 08:52 AM

අලි පැටිය ගෙදරට ගෙනාවට පස්සේ වෙන්න ඕන මෙතුමා අර උසාවියේ සද්ද කරලා කතා කලා කියල අහිංසක මනුස්සයෙක්ව දවස් 14 කට හිරේ ඇරියේ.වාහනෙන් බැහැල එන්න කිව්වා කියල ට්‍රැෆික් සාජන් කෙනෙක්ව රිමාන්ඩ් කෙරෙව්වේ. (ස)

:       0       0

අම්පාර සුනිල් Friday, 09 May 2014 11:34 PM

මොනවා උනත් මෙතුමාට චිත්ත පිඩාවක් දැනුන කියන එක ලොකු දෙයක්. එතකොට අනිත් අයගේ වේදනාත් කොහොමද කියල දැනේවි. (ස)

:       0       0

පද්මිණි Friday, 09 May 2014 05:19 PM

තිලිණ මහත්තයාට කවුරු හරි තිලිණ කරන්න ඇති මගේ හිතේ. (නි)

:       0       0

පෙඩ්රික් Friday, 09 May 2014 05:23 PM

රජයේ සේවකයෙක් කොහොමද අලියෙක් ගන්නෙ. රජයේ සේවකයකුට අලියෙක් ගන්න පුළුවන් පඩියක් ගෙවනවද? (නදී)

:       0       0

සදුනි Friday, 09 May 2014 05:25 PM

ඔය විකුණුවා කියන පුද්ගලයාට අලි පැටියෙක් කොහෙන්ද? අපේ රටේ හීලෑ ඇතින්නියන්ට නිතරම පැටව් ලැබෙන්නේ නැති බව දන්නේ නැද්ද? මේ නීති විරෝදීව කැලෙන් අල්ලපු පැටියෙක් නේද ?හොර බඩු මිලට ගැනීම හොර ජාවාරම් කාරයින්ට අනුබල දීමක් නේද? (නදී)

:       0       0

ටෙනිසන් Saturday, 10 May 2014 10:11 AM

වලව්වේ හාමුලා මහා මග වඩිනකොට ගමේ ගැමියෝ ටික කරේ තියන සාලුව අතට අරන් කාණුවට බහින්න ඕන.ඔය තත්වයට කත් අදින අය තවමත් අපි අතර ඉන්නවා. ඒ නිසාම නැවතත් හාමු පට්ටම දගලන අය එමටයි. (ස)

:       0       0

බන්දුල පෙරේරා Friday, 09 May 2014 05:38 PM

මට නම් හිතුනා හැබැයි මෙතුමා මේ වංශයේ සතුන්ට කැමති කෙනෙක් වෙන්න ඇති කියලා. (නි)

:       0       0

හංසි Friday, 09 May 2014 05:44 PM

දශක ගණනාවකට පෙර පන්සල් වලට අමතරව අලි ඇත්තු හිටියේ, වැදගත් පවුල් පරම්පරාවලින් පැවත එන, වතු පිටි, හරකබාන, මුදල් හදල් යහමින් තිබුණු ප්‍රභූන් යැයි ගමේ, රටේ තොටේ පිළිගත් නිවෙස් වල. ඒවාට මිනිස්සු කියන්න පටන් ගත්තේ වලවු කියලා. ඒවායේ ජීවත් වුණ වැඩි දෙනෙක් යහපත්, සාධාරණ, ගමට පන්සලට,පාපසලට සේවයක් කළ පිරිස. ඉතිහාසය එහෙමයි. දැන් කාලේ අලි ඇත්තු හොරෙන් අල්ලාගෙන තියාගෙන ඉන්න සමහරු නම් තමන් ප්‍රභූවරු කියලා කියවා ගන්න තමයි කැස කවන්නේ. බොරුවෙන්, වංචාවෙන් , ප්‍රෝඩාවෙන් මංකොල්ල කාලා, නිධන් වස්තු හාරලා කළු සල්ලි වලට උරුමකම් තිබෙන ක්ෂණිකව පොහොසත් වුණ අය තමයි මේ අලුත් වලව් පැළැන්තියේ අභිෂේක ලබලා අහවල් වලව්ව අරයගෙ වලව්ව කියලා හංවඩු ගහ ගන්න දඟලන්නේ. (නි)

:       0       0

සිරියලතා කෙන්යා Friday, 09 May 2014 06:02 PM

ඕනෑ තරම් අලි දෙන්නම් එන්න මෙහෙට.අනේ මේ ළඟදිත් චුටි අලි පැටියෙක් අපේ ගේ ළඟට ඇවිල්ලා ගියා (නි)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Saturday, 10 May 2014 10:39 AM

ඉතින් මොනවා කරන්නද?අපි කලොත් තමයි ඔක්කොම වැරදි. (ස)

:       0       0

ප්‍රදීප් Saturday, 10 May 2014 01:28 AM

හොර බඩු ලග තබා ගැනීමත් වරදක්. එක නිසා මෙයාවත් හිරේ දාන්න ඕනේ (දී)

:       0       0

මානගේ Friday, 09 May 2014 06:16 PM

අලියෙකුට දවසකට අවශ්‍ය කෑම ප්‍රමාණය දෙන්න තරම් පහසුකම් තියෙනවද? එහෙම නැත්නම් වෙන්නේ ඒ සතාගේ සෞඛ්‍ය තත්වය පිරිහෙන එක විතරයි.සතා විඳවනවා (නි)

:       0       0

බණ්ඩාර Saturday, 10 May 2014 02:06 AM

කලියුග කාලේ නොවැ ඉතින් මේ..මිනිසාගේ විවිධ ආසාවන් නිසා ඇතිවන් තත්වයන් තමා මේ... (ස)

:       0       0

ප්‍රියා Friday, 09 May 2014 06:23 PM

අලි පැටියා විකිණූ කෙනාට පැටියාව ලැබුණේ කෙසේද කියා සොයන්න. (නි)

:       0       0

රුක්ෂාන් Saturday, 10 May 2014 08:21 PM

විනිශ්චයකාර තුමාල කවම දා වත් බොරු කියන්නෙම නෑ ? (ස)

:       0       0

වීරසේකරගේ Saturday, 10 May 2014 02:17 AM

මේ අලි හොරු ආණ්ඩුවට කඩේ යනවා. (ස)

:       0       0

ජයන්ත Saturday, 10 May 2014 02:48 AM

අලි කතන්දරෙන් නඩුකාර උන්නාන්සෙගෙ හිත රිදුනනම් සමා වෙන්න​.ඒත් මේ අලියගෙ වතගොත හරියට තේරුම් ගන්න බැරි අපබ්‍රංශ කථා අහල අපේ හිත් රිදෙනවට කවුද වග කියන්නෙ.? (ස)

:       0       0

සඳුන් Saturday, 10 May 2014 03:09 AM

අලියෙක් වෙන්න බැහැ. බුලත් කොළයක් ද දන්නේ නැහැ. (ස)

:       0       0

නෙත් Saturday, 10 May 2014 03:14 AM

ලකී,ඔයා ගැන හිතෙන දේ මට මෙතන කියන්න බැහැ (නි)

:       0       0

ශානි Saturday, 10 May 2014 03:51 AM

පොඩි ඉඩ ප්‍රමාණයකට හිර කරලා අලියෙක් හදන එක වැරදියි කියලා දන්නේ නැද්ද? (නි)

:       0       0

සෑම් Saturday, 10 May 2014 03:55 AM

මට නම් පෙනෙන්නේ හොරාට පෙර කෙහෙල් කැන වැට පැනලා කියලයි (නි)

:       0       0

නාමල් Friday, 09 May 2014 07:10 PM

මේ යල් පැනපු බොළඳ නීති ඉවත් කරන්න ඕනේ. හැම ගෙදරකටම අලියෙන් ඉන්නවා නම් කොතරම් පහසුවක්ද? අලියා හරිම හුරතල් සතෙක්. ගෙදරට සිරියාවයි.(නදී)

:       0       0

සමන්ති Friday, 09 May 2014 07:10 PM

හීලෑ අලින්ට පැටව් ලැබෙන්නේ කලාතුරකින්. මිනිස්සු පැටවුන් හදන්ඩ කැමති නැහැ. මොකද මාස 18ක් ඇතින්නගෙන් වැඩ ගැනීමට නොහැකිවීම හා තවත් කරුණු නිසා .මේ අලි පැටවාගේ වයස කීයද ? පැටවාගේ මව කව්ද ? නැත්නම් කැලයෙන් අල්ලා බලපත්‍ර සාදා විකුනනවාද කියා බැලිය යුතුය. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1446 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 20 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 189 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 370 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 359 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


ගම්පහට කණ්ඩායම් 42ක්
2024 ඔක්තෝබර් මස 11 358 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 කින් නාම යෝජනා පත්‍ර බාරදීම සිදු කළ බව දිස්ත්‍රික්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39958 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site