IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘හොරු ඔක්කොම දේවාලවල : ඒ නිසා දෙවියො නෑ‘

‘ඌව පළාත් සභාවේ විශාල මූල්‍ය අක්‍රමිකතා වෙලා තියෙනවා.  ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමක් වෙලා නෑ. ඒවා වළක්වා ගන්න අපි බලපෑම් කළා. නමුත් පළාත් සභා මහ ඇමැතිවරයා මුහුණ දෙන්නේ නීත්‍යනුකූලව හෝ පළාත් සභාවේ නීතිරීති අනුව නෙමෙයි. ඔහු දැන් කරන්නේ දේවාලවල මිරිස් අඹරන එකයි‘ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අද ජවිපෙ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මුදල් විෂය බාර ඇමැති ලෙස අත්තනෝමතිකව කටයුතු කරමින් ගිණුම් දෙකක් ඉවත් කරගැනීමට කටයුතු කර තිබෙනවා. මේවා ඉවත් කරගැනීමෙන් පළාත් සභාවට රුපියල් ලක්ෂ 103 ක මූල්‍යමය පාඩුවක් වන බවට බැංකුව පළාත් සභාවට ලිඛිතව දැනුම් දී තිබියදී තමයි මේ ගිණුම් ඉවත් කරගෙන තියෙන්නේ. මේ වන විට මහ ඇමැතිවරයාට එරෙහිව චෝදනා ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා අපි කියනවා ඔහු මහ ඇමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි. අපි වැරදිනම් අපිට විරුද්ධව නීතිමය පියවර ගන්න තිබුණා. දැන් ඔක්කොම හොරු ටික දේවාල ගානේ යන්න පටන් අරගෙන. මේ හොරු ඔක්කොම දේවාලවලට යන නිසා දැන් දේවාලවල දෙවියනුත් නෑ. පසුගිය කාලයේ අපේ රටේ ජනතාවට වගේම මේ දේවාලවලටත් දෙවියන්ටත් ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නැහැ. ඒ නිසා දේවාල ගානේ ගිහින් මිරිස් අඹරලා ඵලක් නැහැ. මම මහ ඇමැතිවරයාට අභියෝග කරනවා ඕනෑම රූපවාහිනී ආයතනයක ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. සියලු චෝදනා ලිඛිත සාක්කි ඇතිව ඔප්පු කරන්න මම සූදානම්‘ යැයිද විද්‍යාරත්න මහතා කීවේය.



අදහස් (0)

‘හොරු ඔක්කොම දේවාලවල : ඒ නිසා දෙවියො නෑ‘

උපාලි Friday, 25 March 2016 04:09 PM

ඔබ හරි මන්ත්‍රීතුමා. දෙවියොයි කියලා මොනවා කරන්නද හැම පැත්තෙන්ම ඉල්ලීම් එනකොට. ඔබේ පක්ෂයේ සමහර වැඩ ගැන අපි එකඟ නැතත් දුෂණවිරෝධී කටයුතුවල පෙරමුණ ගැනීම ගැන නම් මම ප්‍රණාමය පුදකරනවා. (නි)

:       0       0

සරත් Saturday, 26 March 2016 10:55 AM

දැන් හොරු ඉන්නේ පට්ට හොරු එක්ක (බ)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Friday, 25 March 2016 10:41 PM

ලෝකයේ රටවල් දියුණු තාක්ෂණය උපයෝගී කර ගනිමින්‍ ඉදිරියට යද්දී ලාංකිකයින් අඳුරටම ගමන් කරනවා දැකීම මහත් ලැජ්ජාවක් (නි)

:       0       0

කසුන් Friday, 25 March 2016 10:50 PM

" ඔක්කොම හොරු ටික දේවාල ගානේ නිසා දැන් දේවාලවල දෙවියනුත් නෑ " මේ කතාව නම් සහතික ඇත්ත. (නි)

:       0       0

විශාඛා Friday, 25 March 2016 10:53 PM

ලක්ෂ 103 මොකක්ද? කෝටි ගණන් කන්න දෙන්නයි, විවෘත කිරිම් වලටයි වියදම් කළේ. ඒවා අහුවෙලාත් අදත් ඔවුන් යහතින් ඉන්නේ. කෝ යහපාලනය? ඕවායේ ප්‍රතිඵල ලැබෙන්නෙ ඡන්දය දාට. (නි)

:       0       0

බීනු Friday, 25 March 2016 11:33 PM

දෙවියෝත් පැනලා දුවලා ඇති අපේ සමහර දේශපාලඥයෝ එනවා දැකලා (නි)

:       0       0

කෝනාර Saturday, 26 March 2016 12:39 AM

ලොකු ලොකු හොරකම් කළ අය යන්නේ වැඩි ගණන් දෙන ලොකු ලොකු දේවාල වලට. මධ්‍යම මට්ටමේ හොරකම් කළ අය යන්නේ මධ්‍යම මට්ටමේ දේවාල වලට. දෙවියො කෙසේවෙතත් කපු මහතුන් නම් මේ දවස් වල සෑහෙන පොහොසත්. (නි)

:       0       0

පුෂ්පකුමාර Saturday, 26 March 2016 12:42 AM

හැබැයි දෙවියෝ සාධාරණය ඉටුකරන්න කල් ගන්නවා. මහාපරිමාණ දූෂණ කළ මහා ලොකු ඇමතිවරු හා ඒ වටා හිටිය නිලධාරි නඩය අදත් යහතින්. (නි)

:       0       0

යසන්ත Saturday, 26 March 2016 12:43 AM

දිවැස් හෙළනු මැන දෙවියනි, රට මුලාවෙන් බේරාගන්න. හොරු දෙවියන්වත් රවටන්න හදන්නේ. මේවාට අපේ ඇස්පනාපිටම දඬුවම් ලබාදෙන්න. (නි)

:       0       0

උදයන්ත Saturday, 26 March 2016 01:12 AM

මේ කතාව නම් සහතික ඇත්ත.(ම)

:       0       0

සසි Sunday, 27 March 2016 09:41 AM

කතාව හරි. ඔබ වැනි අදුෂිත චරිත තමයි ඉන්න ඕනෑ. අවාසනාවට ඌවේ ඡන්දදායකයනට ඕක තේරෙන්නේ නැහැ. මුදල් විෂය බාර වුණාට ඒ ඇමතිගෙ මුදල් නෙමෙයි. මහජනයාගෙන් ගන්න බදු මුදල්. පහුගිය කාලේ අනවශ්‍ය ‍ලෙස කෝටි ගණන් වියදම් කළෙත් කොහොමද කියලා ඔබතුමන්ලා හොයලා බලනවා නම් තමයි හොඳ. දහදුක් විඳින මිනිසුන්ගෙ සල්ලි මේවා. (ර)

:       0       0

චන්දි Saturday, 26 March 2016 02:41 AM

පුහුල් හොරා කරෙන් දැනේ , ඒ ඉස්සර , දැන් කියන්න තියෙන්නේ කම්බා හොරු යන දේවාල වලින් පෙනේ කියල. (බ)

:       0       0

ප්‍රියා Saturday, 26 March 2016 02:44 AM

කෑගහල නඩු කියල ඔය මහා ඇමතිකම තැන ඉල්ලගත්තේ ඕකට තමයි.නැතුව මේ අයට ඇති පක්ෂයක් හෝ ජනතාවක් ගැන රුදාවක් නැහැ. කන්න ලැබෙනවානම් කොයි පක්ෂේටත් එකතුවෙයි. ජවිපෙ එකෙක් හරි මේ තැන් වල ඉන්න නිසා හොදයි.නැත්නම් එකතුවෙලා මුන් රට විකුණලා හුගක් කල්. (බ)

:       0       0

ශානක Saturday, 26 March 2016 02:49 AM

ඔබලාගේ පක්ෂේ දියවෙමින් පවතින බව දැනගෙන මේ ආණ්ඩුවට කඩේ යන්න (බ)

:       0       0

ගම්පොළගෙදර Saturday, 26 March 2016 03:03 AM

ශානක, හොරුන්ගේ තර්කයක් ඔයා දන්නවද ? මුදල් ඇමතිට කෘෂිකර්ම ඇමතිට ඌව මහා ඇමතිට චෝදනා කරන කොට මහින්දට කඩේ යනවා , පහුගිය කාලේ අයට චෝදනා කරන කොට යු එන් පියට කඩේ යනවා. මාර තර්කෙ නේද? (බ)

:       0       0

චන්දි Saturday, 26 March 2016 03:06 AM

කවදා පායන්ද අප පුන් සදාණෝ-හොරකැයි අපිට නොසිතෙන මහ රජානෝ. (බ)

:       0       0

නලින් යහම්පත් Friday, 25 March 2016 09:43 AM

දෙවියනි ඔබ මවු ලොව පුදුමය , එහෙත් ඔබ කොහෙද ? මේ සිදුවන දේවල් බලමින් විනෝද වනවාද ? (අ)

:       0       0

පියාන් Saturday, 26 March 2016 03:24 AM

මෙහෙම ගියොත් මෙයත් ලගදීම එකාබද්ධ පැත්තට යනවා නීතියෙන් බේරෙන්න (ම)

:       0       0

බිමල් Saturday, 26 March 2016 03:53 AM

ජවිපෙ රටේ සහ ජනතාවගේ එකම පක්ෂය. (ර)

:       0       0

චන්දි Friday, 25 March 2016 10:25 AM

නීතිය ඉදිරියට ගිහින් සුද්ද වෙන්න බය කවුරුත් දැන් යන්නේ දේවාලේ ගිහින් සුද්ද වෙන්න (ම)

:       0       0

සමන්ති Saturday, 26 March 2016 07:40 PM

මේ අදහස් වලින් පෙනෙන්නේ බහුතරයක් පාඨකයන්ගේ සාමාන්‍ය දැනීම අන්තිමයි කියලා තමයි. උගත් නිවැරදි වැටහීමක් ඇති පාඨකයෝ හරි අඩුයි නේද? (නි)

:       0       0

සරත් Friday, 25 March 2016 11:24 AM

හොරු ඔක්කේම දියවන්නාවේ(කෞ)

:       0       0

ශානක Saturday, 26 March 2016 09:32 PM

ඔයාලා කාට කඩේ ගියත් අපිට කමක් නැහැ. ඒත් ඉතින් කියෙවුවා කියලා අපිට වැඩකුත් නැහැ (නි)

:       0       0

ඇසළ Friday, 25 March 2016 11:41 AM

ඕක අනුර කුමාරට කිවුව නම් විසදුමක් ලබා ගන්න පුළුවන්. එයා දැන් ආණ්ඩු පක්ෂේ හිතවත් විපක්ෂේ ලොක්ක නිසා.(කෞ)

:       0       0

සෞදි සරත් Saturday, 26 March 2016 06:16 AM

හොරු ටික දැන් දියවන්නාව තරන කර ඇත. බලය පිහිටට ඇත කිසිම ගැටළුවක් නැත. (ර)

:       0       0

සමිත් Saturday, 26 March 2016 09:59 PM

ඔයාල හරි හොඳ කට්ටිය. ලංකාවේ තියෙන යහපත්ම පක්ෂය. අනේ මගේ කට! තමුන් කළ හොරකම් , මැරකම් අපිට මතක නැහැ. එ්ක නිසා කියවන්න. තියෙන ඡන්ද ටිකෙන් ගොඩක් දැනටත් ඉවරවෙලා කියල තේරෙන්න තව ටික කලක් යාවි. (නි)

:       0       0

බුද්ධි Saturday, 26 March 2016 10:02 PM

මෙයාලා කියන මේ වගේ කතා අහපු කාලේ දැන් ඉවරවෙලා (නි)

:       0       0

දයානන්ද Saturday, 26 March 2016 11:18 PM

මුදල් විෂය බාර වුණාට ඒ ඇමතිගෙ මුදල් නෙමෙයි. මහජනයාගෙන් ගන්න බදු මුදල්. පහුගිය කාලේ අනවශ්‍ය ‍ලෙස කෝටි ගණන් වියදම් කළෙත් කොහොමද කියලා ඔබතුමන්ලා හොයලා බලනවා නම් තමයි හොඳ. දහදුක් විඳින මිනිසුන්ගෙ සල්ලි මේවා. (නි)

:       0       0

ගයාත්‍රි Saturday, 26 March 2016 11:20 PM

මගේ එකම ප්‍රාර්ථනය අහිංසක මිනිසුන්ගේ බදු මුදල් වලින් ගසාකෑ සෑම කෙනෙකුටම මෙලොවදීම ඉතා ඉක්මනින් එම කාපු දේවල් වමාරන්න සිද්ධවෙන්න කියලයි. (නි)

:       0       0

ආර්. වික්‍රම Friday, 25 March 2016 12:26 PM

මහත්තයෝ, තාමත් පිස්සුවෙන් වගේ මහින්දගේම වැරදි කියව කියවා ඉන්නවද? (නි)

:       0       0

කමලදාස Saturday, 26 March 2016 11:22 PM

වැරදි කරලා කරලා ඒවා අහුවෙනකොට දෙවියො ගාවට ගියාට දෙවියන්ව රවටන්න බැහැ. හොරුන් දේවාල වලට ගියාට දෙවියො බලන්නෙ නැහැ. හොඳ කෙනෙක් ගියොත් නම් බලයි. (නි)

:       0       0

අන්වර් Saturday, 26 March 2016 07:04 AM

කාන්තාවන් දෙන්නෙක් ලංකාව පාලනය කළා නම් මධ්‍යම පළාතේ කලින් කාන්තාවක් ආණ්ඩුකාර ධූරය කළානම් මේ කාන්තාවට පමණක් අකමැති ‍වෙන්න හේතුව කුමක්ද? (බ)

:       0       0

පියුමාල් Sunday, 27 March 2016 01:03 AM

දේවාල වල ඉන්න කපු මහත්තුරුන්ට තමයි කට්ටිය වැඩිවෙන කරමට වාසි (නි)

:       0       0

ජයනාත් Friday, 25 March 2016 01:52 PM

කතාව හරි. ඔබ වැනි අදුෂිත චරිත තමයි ඉන්න ඕනෑ. අවාසනාවට ඌවේ ඡන්දදායකයනට ඕක තේරෙන්නේ නැහැ (නි)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Saturday, 26 March 2016 08:48 AM

ශානක මහත්තයෝ.ජවිපෙ දිය කරන්න ඉතිහාසයේ බොහෝ මහත්හොරු නොයෙක් ආකාරයට ක්‍රියා කළා. යකඩෙන් ගින්දරෙන් මර්ධනය කළ ඇතැම් නායකයින් ගේම් එක අහවරයි...කියල මැච්චේක එවරයි කියලා පාරම් බෑවා...මොකද වුනේ...ජනතා නියෝජිතයි පාර්ලිමේන්තු යවල ජනතාව ජනතාව ඉහලින්ම දිනෙව්ව...ජවිපෙ ඔයාලට තනි පක්ෂයක් වුනාට දුක් විඳින සුවහසක් පිඩිත මිනිසුන්ගේ,රටට හිතැති මිනිසුන්ගේ ,ලෝකය පුර විසිරි සිටින බුද්ධිමත් මිනිසුන්ගේ අනාගතය බව පමණක් සටහන් කරමි..(බ)

:       0       0

ගුණසිරි Friday, 25 March 2016 02:24 PM

හිටපු පක්ෂ නායකයොත් දේවාලවල ගියා. එයාලත් ඔය කියන ජාතියේ අය තමයි (නි)

:       0       0

දිග්දෙනිය Sunday, 27 March 2016 03:37 AM

අපේ කාර්යාලයේ ඉන්නවා ලෝක හොරෙක්. පහුගිය කාලෙ ඇමතිත් එක්ක එකතු වෙලා හොඳට හම්බ කර ගත්තා. ඉඩකඩම් ගත්තා. දැන් අන්න නිර්මාංෂ වෙලා උදේට උදේට පවුල පිටින් යනවලු මහා බලගතු දේවාලයකට. එෆ්සිඅයඩී එකේ අය දේවාල ලග රැකන් හිටිය නම් හොරුන්ව දැක ගන්න පුළුවවන්. පස්සෙ පරීක්ෂන පවත්වලා දඩුවම් දෙන්න.(රේ)

:       0       0

මන්ගලී Sunday, 27 March 2016 03:41 AM

මම මේ හොරුන්ටයි කියන්නේ. තමන් වැරදි බව හිත දන්නවා නම් දේවාල වලට යන්න එපා. මොකද දෙවියන්වත් රවට්ටන්න ආවාය කියලා ඒකටත් එක්කයි දෙවියෝ රිටන් එක දෙන්නේ. (රේ)

:       0       0

යසන්ත Friday, 25 March 2016 03:06 PM

මෙතුමා කියන දේ සහතික ඇත්ත. මමත් එකඟයි එතුමාට (නි)

:       0       0

ටිරෝන් Friday, 25 March 2016 03:19 PM

පක්ෂය සහ පුද්ගලයා කවුරු වුණත් මේ කියන දේවල් නම් සම්පුර්ණ ඇත්ත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 4 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 45 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 173 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 148 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 418 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 70 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site