උප්පැන්න සහතික, ජාතික හඳුනුම්පත්, විභාග ප්‍රතිඵල ලේඛණ, ඉඩම් ඔප්පු, නඩු වාර්තා ඇතුළු වැදගත් ලිපි ලේඛණ රැසක් ව්‍යාජ ලෙස සෑදූ පුද්ගලයකු ගාල්ල කොටුවේ පෙඩ්ලර් වීදියේ දී අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
හබරාදුව පොලිසියට පැමිණි පුද්ගලකු සතුව තිබූ ජාතික හැඳනුම්පතක් සම්බන්ධයෙන් සැක සිතූ පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී එම ව්‍යාජ හැඳුනුම්පත් සකස්කැර දුන් ස්ථානයේ දී අදාල පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගත් බව පසයි.
පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව රජයේ නිලධාරින්ගේ නිල මුද්‍රා හා සමාන රබර් සීල් 50ක් පමණ තිබූ බවයි. ඒ අතර පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මුද්‍රා ද තිබී ඇත.
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොර කච්චේරියක් අල්ලයි
ඉසුරන්දි Monday, 08 June 2015 04:16 AM
ඉස්සෙල්ලම මේ මුද්‍රා එයාට හමු වුණේ කොහොමද කියල හොයල බලන්න.මේවා තනියෙන් කරන්න පුළුවන් වැඩ නෙමෙයි. (ම)
කුමාර Monday, 08 June 2015 06:27 AM
මම දන්නා පකිස්තනෙන් අාපු අය ගාල්ලේ ගෙවල් අරගෙන හොර හැදුනුම්පත් උප්පැන්න හදාගෙන ඕන තරම් ඉන්නවා . එයාල අල්ලන්න කවුරුත් නැහැ (ම)
වජිර Sunday, 07 June 2015 06:51 PM
අවුරුදු 5 කවත් සිරදඬුවම් ලබාදිය යුතුය. (නි)
චානක ලොස් ඇන්ජලිස් Sunday, 07 June 2015 08:54 PM
ඕවා ඉතින් අර හොර අත්සන් ගහලා රටේ කුමන්ත්‍රණයක් මෙහෙයවන්න මානබැලූ අයගේ මිස වෙන කාගේද කියලයි අපිට නම් හිතෙන්නේ (නි)
පිටබැද්දර ජයා Sunday, 07 June 2015 10:55 PM
දැන් මේ සරල පැරණි ක්‍රමවේදයන්ගෙන් මිදිලා නව තාක්ෂණය උපයෝගී කරගෙන ආරක්ෂිත ක්‍රමවේදයන්ට යන්න කාලය ඇවිල්ලා (නි)
ශිරන්ති Sunday, 07 June 2015 11:03 PM
ඔන්න අපේ අහවල් දේශපාලකතුමාව නම් මේකට සම්බන්ධ කරගන්න එපා හොඳේ. එයා සෑහෙන විරුද්ධයි මේ වගේ නීත්‍යානුකූල නොවන දේවලට (නි)
ඇසළ Monday, 08 June 2015 02:08 AM
චානක, අපිට නම් හැමෝම වගේ එක වල්ලේ පොල් තමයි ඉතින් මොන පක්ෂයෙන් ආවත්. (නි)
සත්‍යයා Monday, 08 June 2015 02:38 AM
කන්සා හිටවල තල බලාපොරොත්තු වෙන්න බැහැ. කංසා මොනවාද තල මොනවාද කියල දන්නා අපට කොළ කඩා පාන්න හොඳේ ? (නදී)
සත්‍යයා Monday, 08 June 2015 03:15 AM
කංසා මොනවාද තල මොනවාද කියලා වෙනස දන්නා අපිට කොළ කඩාපාන්න එපා ශිරන්ති, හොඳේ (නි)
අභය Monday, 08 June 2015 03:38 AM
නව තාක්ෂණය යන්න එතකොට ඕව කරන්න බැහැ නේ (බ)