IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


හිරේ ගියත් කෝටි එකහමාරක් හම්බකර දීලා

(බී.ජී.චතුරංග)

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් විසින් නිෂ්පාදනය  කරනු ලබන ආහාර  වලින් පසුගිය වර්ෂයේදී (2023) පමණක් රුපියල් ලක්ෂ එකසිය හතළිස් හයක පමණ මුදලක් ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින්  උපයා ගෙන ඇති බව අනුරාධපුර බන්ධනාගාර අධිකාරී  මොහාන් කරුණාරත්න මහතා පැවසීය.

කිසිදු රසායනික පොහොරක් භාවිතා නොකර අහස් වැස්සෙන් පමණක් අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුර තුළ අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක වී වගාව සිදු කර ඇති අතර මේ වන විට එහි අස්වනු නෙළීම ආරම්භ කර තිබේ.

වාර්ෂිකව මෙම ආකාරයට කාබනික වී වගාව රැඳවියන්ගේ සහායෙන් සිදු කරනු ලබන අතර මීට අමතරව පලතුරු සහ එළවළු වර්ගද මෙම එළිමහන් සිර කඳවුර තුල වගා කෙරෙන බවත් මීට අමතරව  නිෂ්පාදනය කරනු ලබන බේකරි ආහාර වර්ග අලෙවි කිරීම ද ඇතුළුව පසුගිය වර්ෂයේදී පමණක්  රුපියල් ලක්ෂ 146ක ආදායමක් බන්ධනාගාර දෙපාර්තමේන්තු උපයා ඇති බව අනාවරණය විය. 

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් විසින් සිදු කරනු ලබන කාබනික බෝග වගාවෙන් පමණක්  පසුගිය වර්ෂය තුළදී පමණක් රුපියල් ලක්ෂ 70කට වැඩි ආදායමක් ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් උපයා ඇති බව බන්ධනාගාර අධිකාරීවරයා කීය. 

මෙම නිෂ්පාදන අනුරාධපුර  බන්ධනාගාරය තුල සිටින රැඳවියන් වෙනුවෙන් පරිභෝජනය කරනු ලබන අතර, අතිරික්ත  නිෂ්පාදන දිවයිනේ අනෙකුත් බන්ධනාගාර වල රඳවියන් හට  ලබා දීමත්, අනුරාධපුර බන්ධනාගාරය තුල ඇති අලෙවි කුටිය මගින්  පාරිභෝගික මහජනතාවට අලෙවි කිරීමත් සිදු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක පී. එස්. විජේසිරි මහතා මෙහිදී  පැවසීය.



අදහස් (3)

හිරේ ගියත් කෝටි එකහමාරක් හම්බකර දීලා

පාඨකයෙක් Monday, 05 February 2024 12:14 PM

ඉතාමත් ප්‍රශංසනීයයි. උවමනාව සහ උනන්දුව තිබේ නම්, අන් අයටද සරුවට කාබනික බෝග වගාව කළ හැකි බවට කදිම සාක්ෂියකි. බන්ධනාගාරයෙන් පිටතට පැමිණි දිනක ද මෙසේ සාර්‍ථක වගාවන්ට උරදෙන නීතිගරුක පුරවැසියන්වීමට මොවුන්ට සමාජයේ සහාය ලැබේවා...!

:       0       21

Hafeel Monday, 05 February 2024 12:48 PM

ඉදිරියේදී මේ වැඩේට කෙහෙලියවත් බස්සන්න පුළුවන්.

:       4       13

Prabha Monday, 05 February 2024 01:36 PM

සිරකරුවන්ට පින්බත් කවන එකම රට ලංකාව වෙන්න ඇති...

:       5       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 73 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 359 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 214 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 511 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 384 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1138 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38903 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site