IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හොර ටිකට් ඒජන්ත කන්තෝරුව වහයි

ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකිකයින් මුලා කරමින් සිදුවන හොර ගුවන් ටිකට් පත් වංචාව එසෑණ මගින් අනාවරණය කිරිමත් සමග මෙම ගුවන් ටිකට් පත් වංචාවට සම්බන්ධ බව කියන හොර ගුවන් ටිකට් පත් විකුණුම් ආයතනයක් වසා දමා ඇතැයි දැනගන්නට ඇත.

මෙම ආයතනයේ උප එජන්ත වරයෙකු වෂයෙන් කටයුතු කළ ෆිරෙන්සි ශ්‍රී ලාංකිකයකු කියනුයේ තමා මෙම ආයතනයෙන් මිලදි ගෙන විකුණු ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ගුවන් ටිකට් පත් 12ක් හොර ඒවා බවයි. එමගින් යුරෝ 12000 (රුපියල් 2172000 ) කට වැඩි මුදලක් නැවතත් ගැණුම් කරුවන්ට ලබා දිමට තමන්ට සිදුව ඇතැයි ඔහු පවසයි.

නාපොලි නගරයේ ශ්‍රි ලාංකිකයෙකු විකිණු තවත් ගුවන් ටිකට් පත් 15ක් හොර ටිකට් බවට තහවුරු වි තිබේ. මෙස්සිනා නගරයේ හොර ගුවන් ටිකට් පත් 20ක් වංචා කල පුද්ගලයාද මෙම ආයතනයේ උප එජන්ත වරයෙකියි කියති.

මෙවැනි ආයතන කිහිපයකින් නිකුත් කළ හොර ගුවන් ටිකට් පත් අතැතිව ජනවාරි මස 12වෙනිදා ෆියුමින්චිනෝ ගුවන් තොටුපොළින් ශ්‍රි ලංකන් ගුවන් යානයෙන් පිටත්විමට පැමිණි ලාංකික හා ඉතාලි ජාතිකයින් 40 කට වැඩි පිරිසක් හොර ටිකට් පත් හේතුවෙන් අතරමං වුහ.

ඔවුන් ඒ පිලිබදව ෆියුමින්චිනෝ ගුවන්තොටුපොළ පොලිසියට පැමිණිලි කොට තිබේ. මේ පිලිබදව එසැණ කළ විමසුමකට පිළිතුරු දුන් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ඉතාලි කමණාකරු ලලිත් පිරිස් මහතා කියා සිටියේ ගුවන් ටිකට් පතක් මිලදි ගත් සැණින් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ වෙබ් අඩවියට ගොස් එම ටිකට් පතේ සත්‍යභාවය තහවුරු කරගන්නා ලෙසයි. නැතහොත් මිලානෝ හා රෝම කාර්යාල වලට දුරකථන ඇමතුමක් ලබා දිමෙන්ද එය තහවුරු කර ගත හැකි බව ඔහු කියයි.



අදහස් (0)

හොර ටිකට් ඒජන්ත කන්තෝරුව වහයි

බණ්ඩාර Saturday, 31 August 2013 08:16 PM

රොම නගරයේ ටිකට් විකුණන ගමනේ සහකරුවන් කියන ඒජන්සි කරුවන් හොදට ගරාගෙන හොර ටිකට් දී ඇත .රොමේන් ටිකට් ගත්ත අය තමන් ගත් ගුවන් ටීකට් එක පිළිබද විමසිලි වන්න .සහකරුවන් පැන ගොස් ලංකාවේ සැගවී ඇත .ඒ අයගෙන් ටිකට් ගත් අයට දෙවියන්ගේ පිහිට පතමි . (දී)

:       0       0

ශනි Saturday, 31 August 2013 01:14 AM

අපි නීතියේ සහනයක් ඉල්ලා තියෙනවා. ඒ නැති වුණත් අපෙන් ගැළවීමක් නැහැ (නි)

:       0       0

සුමුදු Saturday, 31 August 2013 01:37 AM

රෝම ශ්‍රී ලංකන් ටුවර්ස් වහලා නේද? (නි)

:       0       0

සදමාලී ගුනසේකර Saturday, 31 August 2013 02:48 AM

ඉතාලියට ඇමතිලා,රටේ ලොක්කෝ ආවහම හමුවෙන දේශප්‍රේමියෝ තමයි ඔය වගේ පොලු තියන්නේ (නි)

:       0       0

කුමාර Saturday, 31 August 2013 01:53 PM

කුමාරි කියන කතාව හරි. ටිකට් ගත්තට පස්සේ බලලා වැඩක් නැහැ . එයාර් ලංකා ආයතනය ඉතාලියේ සිටින හොරු නොවන ටිකට් ඒජන්සි දැන්වීම් මගින් ප්‍රසිද්ධ කරන්න වැඩපිළිවෙලක් කරන්න ඕනෑ (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 30 August 2013 07:29 PM

රෑත් දවාලත් පුරා යුරෝ දඩයමේ යනවා හැරුනම මේ අය පොතක් පතක්වත් කියවනවා කියලා හිතන්න අමාරු එකේ වෙබ් අඩවි ගැන මොන කතාද? (නි)

:       0       0

දුලිප් Thursday, 05 September 2013 03:19 AM

ඒ කළ දේ හරි (නි)

:       0       0

සම්පත් Friday, 30 August 2013 07:54 PM

යූරො පහේ දහයේ වාසි බලන අයට හොඳ පාඩම්!!! (නි)

:       0       0

සුචින්ත Sunday, 01 September 2013 02:17 AM

මේකට තියෙන එකම විසදුම ඉතාලියේ ලියාපදිංචි ගුවන් ටිකට් පත් විකුණුම් ආයතනයකට යන එක පමණි.කාලෙන් කාලෙට ගුවන් ටිකට් පත් ආයතන අරින වහන අයගෙන්, විවිධ පුද්ගලයින්ගේ නම් යොදාගෙන ගුවන් ටිකට් පත් ආයතන පවත්වාගෙන යන අයගෙන් පරිස්සම් වීම ඔබ සතු වගකීමක්. රෝමය නාපොලි වෙරෝනා මිලානෝ ඇතුලු තවත් බොහෝ නගරවල සිටි මෙවන් වංචනික පුද්ගලයන් නගර මාරුකරමින් ආයතනවල නම් මාරුකරමින් මේ ගෙනයන වංචාවන් නතර කිරීමට කාලය දැන් පැමින තිබේ. (නි)

:       0       0

කුමාරි Friday, 30 August 2013 02:06 PM

අනේ මහත්තයෝ, ටිලට් ගත්තට පස්සේ සත්‍ය බව තහවුරු කරගෙන වැඩක් නැහැ,එතකොට සල්ලි ගෙවලා ඉවරනේ (නි)

:       0       0

සෙනරත් Friday, 30 August 2013 03:13 PM

ඉතාලිත් හරියටම ලංකාව වගේ. කවුරුත්ම වෙබ් අඩවියෙන් බලලා නැහැ වගේ, මේ රටවල මිනිසුන් විමසිලිමත් කමින් අඩු ද ? (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 30 August 2013 09:03 PM

රත්තරන් පොරව ගත්ත ඔලුව ඇතුලේ අවකාෂයක්ම පමණක් ඇති 'කහකුරුල්ලෝ' තමයි මේවට අහුවෙන්නේ. (අ)

:       0       0

නිශාන්ත Thursday, 05 September 2013 02:07 PM

රටින් පන්නින කලින් අපි මෙයාව අල්ලමු මගෙන් ටිකට් පහක සල්ලි යුරෝ හාරදාස් හත්සීයක් ගත්තා.(නදී)

:       0       0

ඇන්ටන් Friday, 30 August 2013 03:54 PM

දුරකථන අංක සදහන් කරන්න පුලුවන්ද වැඩි විස්තර දැනගැනීම සදහා (නි)

:       0       0

සෙහාන් Friday, 30 August 2013 04:01 PM

ඒජන්සි එකේ නම දාන්න කරුණාකරලා. (නි)

:       0       0

සුමුදු Monday, 02 September 2013 07:14 PM

මමත් ගත්ත ටිකට් එක වලංගු නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 242 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 371 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2497 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2099 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1556 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8481 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34531 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site