IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හොර ටිකට් නියෝජිතයන් පන්නයි

ශ්‍රි ලංකන් ගුවන් සේවයේ හොර ගුවන් ටිකට් පත් විකුණමින් මගීන් සිය ගණනක් අපහසුතාවයට පත් කළ ඉතාලියේ ශ්‍රි ලාංකික හොර එජන්සි කරුවන් කිහිප දෙනාගේ ශ්‍රි ලංකන් ගුවන් සේවය සමග ඇති නියෝජිත භාවය අහෝසි කිරිමට තමා මැදිහත් වන බව ශ්‍රි ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා එසැණට පැවසීය.

‘මගීන්ට සිදුවූ දේ ගැන ඇත්තටම කනගාටු වෙනවා. මේ  ගැන අපට කළ හැකි හැම දෙයක්ම කරනවා. මේ වනවිට අපේ රෝම ශ්‍රි ලංකා ගුවන් ගමන් ඉතාමත් හොද තත්වයකට ඇවිත්. ඒ පිළිබදව ස්තුති වන්ත වෙන්න ඔනෑ ඉතාලියේ ඉන්න ශ්‍රි ලාංකිකයින්ට වගේම හොර බොරු නැතිව ගුවන් ටිකට් පත් අලෙවි කරන වෙළෙද නියෝජිතයන්ට.‘

ඇතැම් ගුවන් සේවිකාවන් මගීන්ට දක්වන අඩු සැලකිල්ල ගැන එසෑණ කළ විමසීමේදි ඒ මහතා මෙසේ කීවේය.

‘ ගුවන් සේවිකාවන්ගේ ප්‍රධාන වගකීම තමයි මගීන්ට නිසි ආකාරයෙන් සැලකීම. මගින්ට හොදට නොසලකන ගුවන් සේවිකාවන් ඉන්නවා නම් ඒ ගැනත් මම අනිවාර්යෙන්ම සොයා බලනවා.‘

 ඉතාලියේ ශ්‍රි ලංකන් ගුවන් සේවයේ කළමනාකරු ලලිත් පිරිස් මහතා කියා සිටියේ ශ්‍රි ලංකන් ගුවන් සේවයේ දියුණුව උදෙසා එසෑණ පල කළ වාර්තාවලින් සාර්ථක ප්‍රථිපල ලැබි ඇති බවයි.  

 ඔනෑම ආයතනයකින් මිලදි ගන්නා ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ටිකට් පතක නිවැරදි භාවය තහවුරු කර ගැනිමට 06 42045306 / 06 48771351 දරන දුරකථන අංකයෙන් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ රෝම කාර්යාලයටත් 02 88551701න් මිලානෝ කාර්යාලයත් කතා කිරිමෙන් දෑන ගත හැකි බවත් ඔහු කීවේය.



අදහස් (0)

හොර ටිකට් නියෝජිතයන් පන්නයි

මංගල Tuesday, 03 September 2013 10:44 AM

රේෆරන්ස් නම්බර් එක බැලුවා කියලා මොනා කරන්නද ?රේෆරන්ස් නම්බර් එකේ නිවැරදි භාවය තහවුරු කර ගැනිමටයි ඕනි. (ස)

:       0       0

සනත් Tuesday, 03 September 2013 10:53 AM

අයියෝ සල්ලි තමයි නේද

:       0       0

කුමාර Tuesday, 03 September 2013 11:17 AM

මේ වගේ අය නිසා තමයි කොටි ගණන් ශ්‍රී ලංකන් පාඩු ලබන්නේ. මේ හොරුන්ගේ නියෝජිත බව පමණක් නොව නීතියානුකුලව වන්දි ලබාගත යුතුයි. (ස)

:       0       0

චරිත සේරසිංහ ස්විස් Wednesday, 04 September 2013 02:21 AM

මේ ඔක්කොම මගඩි හොර කම් සිද්ද වෙන්නේ ඉතාලියේමයි. පුදුමයි ලංකාවත් කාල ඉතාලියත් කන අපේ මිනිස්සු . ලැජ්ජාවේ බැහැ.(නදී)

:       0       0

දම්මික Wednesday, 04 September 2013 02:32 AM

මට පළමු වරට සිදු වුණා පැරිස් වල සිට එයාර් ෆ්‍රාන්ස් වලින් රෝමයට ගොස්, එතැන් සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ලංකාවට ගොස්, නැවත ලංකාවේ සිට රෝමයට පැමිණ, ආපසු එයාර් ෆ්‍රාන්ස් වලින් පැරිස් වලට ඒමට. මා ලබපු අත්දැකීම, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉතා අපහසුතාවයකි. ගුවන් සේවිකාවන්ගේ සේවය ඉතාම පහළය. මින්පසු කිසිම දිනක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන් නොකිරීමට සිතා ගත්තෙමි. (නි)

:       0       0

කුමුදු මේනකා Wednesday, 04 September 2013 02:37 AM

මා ගමන් කළ සෑම වතාවකම ශ්‍රී ලංකන් ගුවන් සේවය අඩුම ගණනේ පැය 3 ක් 4ක් ප්‍රමාද වී ඇත. දෙවරක් පැය 24 ක ප්‍රමාදයක් සිදුවුණි. කිසිම ගෙවීමක් සිදුනොවිණි. සිටින්නට ගුවන් තොටුපල අසළ හෝටලයක් ලැබුණි. මෙවර මා ගමන් කළේ එමිරේට්ස් ගුවන් යානයකිනි. සේවය ඉතා ඉහළය. කිසිම ප්‍රමාදයක් නොවණි. ඔවුන්ගේ සේවයත් සැළකිල්ලත් නිසා නැවත එම සේවය පැතීමට සිතා ගත්තෙමි (නි)

:       0       0

උත්තරා බණ්ඩාර Sunday, 08 September 2013 01:57 PM

ඉතාලියේ ඉන්නේ තරමක නුගත් අය බව මට කිවේ ගිය වසරේ ඉතාලියේ සංචාරය සඳහා ගොස් ආපසු පැමිණි ලාංකික පවුලකි . ඔහු කියූ විදියට යුරෝපයේ මෙද පෙරදිග රටක් හා සමාන රැකියා කරන හෙසිරෙන කොටස් බොහෝ ඉන්නා බව දෙක පුදුම වූ බවක් කිවේය (දී)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 03 September 2013 04:58 PM

අන්න හොද වැඩක් නියමයි

:       0       0

භාතිය Tuesday, 03 September 2013 05:37 PM

මේ සියලුම වැඩ පිළිවෙලවල් අතරට සිංහලයට සිංහලෙන් කතා කරන තමන්ගේ රැකියාව හරි හැටි හඳුනන නිරහංකාර ගුවන් සේවිකාවන්ගේ අඩුවත් පිරවිය යුතුයි. (අ).

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 03 September 2013 07:27 PM

කුමාරි, මොකෝ ඔයත් 'මෝහිනී' වගේ දරුවා ගුවන් සේවිකාවක් අතට දෙන්න ගියාද? හොඳ වෙලාවට අරන් නැත්තේ. (නදී)

:       0       0

නීෂ් Tuesday, 03 September 2013 01:24 AM

හැමෝම ටිකට් 'රිෆරන්ස් නම්බර්' එක බැලුවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රනාන්දු පාදුවා Tuesday, 03 September 2013 03:10 AM

සියලු දෙනාටම දැනගත හැකි පරිදි ඔය හොර ටිකට් ඒජන්තයන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න. එහෙම කලොත් අහිංසක අපි ගැළවෙනවා නේද? එසැණවත් අපි වෙනුවෙන් මොවුන්ගේ නම් ගම පළකරනවා නම් පින්සිද්ධ වෙයි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 03 September 2013 04:23 AM

'හොර ටිකට් දෙන නියෝජිතයින්ගේ නියෝජිත භාවය අහෝසි කිරීම???"මේ එක් කෙනෙක්වත් නීත්‍යානුකූලව ඒජන්සියක් පවත්වාගෙන ගිය අය නෙමෙයි. දඬුවම් කරන්න ඕනෑ මේ අයට 'ශ්‍රී ලංකන්' ටිකට් අලෙවි කරන්න 'හොර පාරෙන්' අවසර දුන්නු අයට. (නි)

:       0       0

කුමාරි Tuesday, 03 September 2013 03:16 PM

මටත් කියන්න ඕනේ අපේ ගුවන් සේවිකාවෝ ගැන,ඇත්තටම දැක්ක බොහෝ දේවල් අසුභයි.මෙයාලා සුද්දෙක්ගේ ළමයෙක් දැක්කොත් වැඩ ගන්නවා තෑගී දෙනවා, අපේ ලංකාවේ ළමයෙක් දිහා නිකමටවත් බලන්නේ නැහැ, පැරණි සේවිකාවන් නම් හොඳයි. දැන් ඇවිත් ඉන්න අය ගුවන් සේවිකාවන් උනේ කොහොමද කියන එකත් සැකයක්. (ස)

:       0       0

අමාලි සිල්වා Wednesday, 04 September 2013 06:38 PM

අපේ රටින් බැහැරව සිටින කාලයේ අප මිට වඩා අපේ ජාතිය සංකෘතිය කෙලෙසෙන නැති විදියට හෙසිරෙනවානම් බොහොම හොඳය . මුදල් පසු පස හම්බ ගොස් ජිවිත පවා නැති කර ගත අය එමටය (දී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 03 September 2013 03:24 PM

ලංකාවේ කට්ටිය කරන කිසිම ඒජන්සියක් නීත්‍යානුකූල නැහැ. ඔක්කොම කරන්නේ බෝඩ් එකක් ගහගෙන කොමිස් වලට ඉතාලි ඒජන්සි වල ටිකට් විකුණන එක. හරියට හිතන්න තරම් වත් උගත් කමක් නැති මිනිස්සු ඒ අය ගෙන් ටිකට් ගන්නවා.(නදී)

:       0       0

දම් Tuesday, 03 September 2013 03:51 PM

ගුවන් සේවය නියෝජනය කරන අයගේ තත්වය නම් සැහෙන දුරට පහතට වැටිලා.හරිම කණගාටුවට කරුණක්. වෙනත් ගුවන් සමාගමක් තරගයට යුරෝපය -කොළඹ අවොතින් ශ්‍රී ලන්කන් නොස් ඩවුන්. (දී)

:       0       0

සරෝජ් ජයසේකර Thursday, 05 September 2013 07:23 PM

ශ්‍රී ලංකන් ගුවන් සේවය පවතින්නේ ප්‍රමිතියෙන් ඉතාම පහල තත්වයේ. ගුවන් සේවකයන් සේවිකාවන් ඉන්නේ පහලම මට්ටමේ ප්‍රමිතියකිනි. දීර්ඝ ගමනාන්ත වල සිටින සේවක සේවිකාවන්ගේ සැලකීම ඉතාම දුර්වලය. ඉංග්‍රීසියෙන් කතා කලොත් ඔවුන්ගෙන් යම් කිසි සේවයක් ලබා ගත හැක. ඔබ සිංහලෙන් කතා කලොත් එම සේවයේ අඩුවක් ලැබේ. අපගේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉතා ඉක්මනින් පාඩු ලබා මහජන මුදල් කා දමන සමාගමක් වී ඇත. බලදාරින් මෙය ගැන සොයා නොබැලුවොත් ලංකාවට පැමිණෙන වෙනත් සේවයන් ගැන සංසන්දනය කල හොත් අපේ ගුවන් සේවය සුදු අලියෙකි . පැය ගණන් සමහර විට දවසක් පමණ ගමන ප්‍රමාද කරමින් මගින්ව රස්තියාදු කරන අතර . මගින් වෙනත් සේවයන් කරා යාමට ඉඩ කඩ සලසති . බලදාරින්ගේ දැන ගැනිම පිණිසය.(නදී)

:       0       0

සේරම් Thursday, 05 September 2013 07:32 PM

ශ්‍රී ලංකන් ගුවන් සේවය විනාශ වන්නේ . සුදුසු කම් නොමැති සේවකයන් සහ සේවිකාවන් පන්දම් වලට බඳවා ගැනිමෙනි . සමහර සේවිකාවන් තිබිය යුතු අවම උස නැතුව සේවයට පැමිණීමෙන් . කැබින් එකේ ගමන් මලු තබන රාක්ක වසා ගැනීමට ආසන මත නගිනවා මම දුටුවෙමි. නැතිනම් මගීන්ගේ ආදරය පතනවා දුටුවෙමි. සේවක සේවිකාවන් බඳවා ගැනිමේදී පන්දමට උවත් අවම සුදුසුකම බැලිය යුතුය . නැතිනම් මෙම ගුවන් සේවය සැමදා පාඩු ලබමින් මහජන මුදල් කන ආයතනයක් වෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 4376 9

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1609 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4511 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 412 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4230 14

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2401 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33955 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23959 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 473 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site