IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


හොරු පරදිති : බැංකුවේ කෝටි දෙක හමාරක් බේරෙයි

රුවන්වැල්ලේ රාජ්‍ය බැංකුවක සේප්පු කපා රුපියල් දෙකෝටියක රන් හා රුපියල් ලක්ෂ 55ක සල්ලි පැහැරගැනීමට සොරුන් කළ උත්සාහය අසාර්ථක වූ බව රුවන්වැල්ල පොලිසිය කියයි.

සිකුරාදා සවස සිට ඉරිදා රාත්‍රී දක්වා කාලයේ වැසිකිළි ජනේලයෙන් ඇතුළුවූ සොරුන් පෑස්සුම් උපකරණද රැගෙන අවුත් ඇතැයි පොලිසිය පවසයි. පෑස්සුම් කූරු 45 ක්ද සේප්පුව තුළ තිබූ අතර පොලිසිය නිලධරයන් ඉදිරිපිටදී බැංකු සේවකයන් සේප්පුවක් අරිද්දී එතුළින් දුමාරයක් පිටවූ බවද පොලිසිය කියයි.

බැංකුවට ඇතුළුවූ ගමන් සොරුන් අනතුරු සංඥා ක්‍රියාවිරහිත කර ඇති බව පෙනේ යැයිද කියති.

 



අදහස් (0)

හොරු පරදිති : බැංකුවේ කෝටි දෙක හමාරක් බේරෙයි

මනෝජ් Tuesday, 27 October 2015 01:06 AM

බැංකුවල ආරක්ශක සේවය ඉතා දුර්වලයි. ඊයේ මම දැක්කා ආරක්ෂක නිලධාරී තුවක්කුව එල්ලාගෙන මහජනයා ඉන්න හරියේ තිබෙන දුරකතනයටත් පිළිතුරු දෙනවා, නොම්මරයත් අරගෙන දෙනවා, කොළත් පුරවනවා, දොරත් අරිනවා, අනෙක් නිලධාරීන්ගේ කොළත් අරගෙන මේසෙන් මේසයට යනවා. මේ බැංකුවල ඉන්න ආරක්සක ප්‍රධානියෝ හමුදාවේ හරි පොලිසියේ හරි හිටපු අය. අය ඉන්නේ ශීත කාමර වල. පහළ මොනවා වෙනවද කියලා බලන්නේ නැහැ. ලංකාවේ බැංකු මංකොල්ලකන එක පහසු වැඩක්. උකස් කඩත් එහෙමයි. සේප්පු වල, සීට්ටු වල කිසිම ප්‍රමිතියක් නැහැ. මුදල් අමත්‍යංශ නිලධාරීන් මේවා ගැන බලන්න ඕනෑ. සේප්පුවල ප්‍රමිතිය අනිවාර්ය කරන්න ඕනෑ. ගොඩනැගිලි ආරක්ෂක ප්‍රමිතියට හදන්නට ඕනෑ. මේවට ජාතික සැළසුමක් ඕනෑ. මේවා දැනුම ඕනෑකම තිබෙන අයට සුලු දේවල්. පොලිසියට බැනලා හරියන්නේ නැහැ.ආරක්සක ප්‍රමිතීන් කඩනවා නම් රක්ෂණ වාරිකත් අඩුකිරීමේ ක්‍රමයක් තියෙන්නත් ඕනෑ. (නි)

:       0       0

හේමන්ත Tuesday, 27 October 2015 01:21 AM

මනෝජ්, ඔබ හරි (නි)

:       0       0

ඩී.උපුල් Tuesday, 27 October 2015 04:30 AM

ඉතින් රාජ්‍ය බැංකු ගැන කවර කතාද? (නි)

:       0       0

අභය Tuesday, 27 October 2015 06:46 AM

දැන් හොරු සල්ලි හොයන්න තෝරගන්න පහසුම ක්‍රමය තමයි බැංකු කැඩීම (නි)

:       0       0

අමල් Tuesday, 27 October 2015 09:26 AM

මම නම් කියන්නේ මේක බැංකුවේ ඉන්න කෙනෙක්ම තමියි කියලා තියෙන්නේ. (ර)

:       0       0

ගයානාත් Tuesday, 27 October 2015 11:08 AM

මනෝජ්, ඔබ හරියටම හරි (නි)

:       0       0

චාන්දනී Monday, 26 October 2015 08:45 PM

සාමාන්‍යයෙන් මෙහෙම විශාල මුදල් තොගයක් සතියේ දිනවලවත් ඊළඟ දවස වෙනතුරුවත් බැංකු සේප්පුවේ තියාගන්නේ නැහැ. අනෙක මෙච්චර මුදලක් සති අන්තයේ සේප්පුවේ තිබෙනවා කියලා හොරුන්ට ආරංචිය ගියේ කොහොමද කියලා සොයා බැලිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3157 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ගාල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 5 0


උඩදුම්බර සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 31 0


මිහින්තලේ අනුරට
2024 සැප්තැම්බර් මස 22 51 0


කයිට්ස් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 65 0


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 231 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 230 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site