උඩුගම නාගොඩ රජයේ වත්තකින් පොල් කැඩී යැයි නාගොඩ ප්‍රාදේශීය සභාවේ සේවකයන් දෙදෙනෙකු ද, ප්‍රාදේශීය සභා දේශපාලනඥයෙකු ගේ වත්තක සේවකයෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සීනිගම දේවාලයේ පොල් ගැසීමට මෙම පොල් කඩන්නට ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
පොල් ප්‍රවාහනය කළැයි කියන ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටරයද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය කියයි.
මේ අතර සීනිගම දේවාලයේදී ඒකාබද්ධ විපක්ෂය අද පොල් 700 ක් පමණ ගැසූ බව කියති.
සීනිගම දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ සමීප නෑයෙකු මිය යාම නිසා අද දේවාලය වසා තිබිණි. එවැනි මරණයක් වූ විට කිළි වදින නිසා දේවාලය සතියක් වසන බව කියති. පොල් ලක්ෂයක් ගසන බව කීවත් පොල් 700 ක් පමණ ගැසූ බව දේවාල ආරංචි කියයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොර පොල් කැඩී යැයි 3ක් සැකපිට
ජයන්ත Saturday, 06 February 2016 11:08 AM
බලය තියෙන කොට මෙයාලට වඩා දෙවිවරු මේ මුළු තුන් ලෝකෙම නැති ගානට වැඩ කරපු සටකපට මිනිසුන්ට බලය නැති උනහම තමයි දෙවියන් සිහිවෙන්නේ , දැන් දැන් බය හිතෙනවා ඇති , රෑට හීනෙනුත් බය වෙනවා ඇති හිරගෙවල් දැකල නැද්ද හා (හේ)
ගමගේ Saturday, 06 February 2016 11:15 AM
පොල් හොරු ටික ඔක්කොම ඇවිල්ලා වගේ.(හේ)
හෆීල් Saturday, 06 February 2016 11:35 AM
කෝ පොල් ටික අහු වුනේ නෑනේ.(හේ)
ප්‍රියාන් Sunday, 07 February 2016 03:17 AM
මහ දවල් මහ බැංකුව සුද්ද කළ අය තාම එළියේ..අනේ පොල් ගෙඩි තුන..(බ)
යසිරු Saturday, 06 February 2016 02:08 PM
අපරාදේ පොල් ගෙඩි 700ක් නැති බැරි අයට දුන්නා නම්.(හේ)
ශ්‍රිමාලී Saturday, 06 February 2016 03:20 PM
මුන් එෆසීඩීඅයි එකෙන් හොරුන්ව බේරන්න හොරෙන් පොල් කඩලා ඒවා දේවාලේ හොර පොල් ගහනවා - ලජ්ජා නැතිකම .(හේ)
දීපාල් නිරෝෂ් Saturday, 06 February 2016 04:35 PM
අපි පොල් කැඩූ හැටිත් දන්නවා, පොල් කැඩීමට හේතුවත් දන්නවා. (නි)
දහම් Saturday, 06 February 2016 09:35 AM
කපුවාත් නැති නිසා දෙවියන් නිදහසේ දුක්ගැනවිල්ල අහන්න ඇති. (නි)
නොයෙල් Saturday, 06 February 2016 10:09 AM
අපිට මේවට හරි හිනා (නි)
ශාන් Saturday, 06 February 2016 08:31 PM
සමහරුන්ට හොරකම් කරන්න නැතිවුණාම පිස්සු වගේ (නි)
ටෙරන්ස් Saturday, 06 February 2016 10:22 AM
හොර පොල් හොරු! (නි)
නිල්හාන් Saturday, 06 February 2016 09:38 PM
අනේ හැබෑට මෙහෙමත් වැඩ! (නි)
ලක්ෂ්මන් Sunday, 07 February 2016 01:31 AM
ඇයි මේ දේවල් වලට පොල්ම ගහන්නේ? ඒකට මොකක්ද තියන හේතුව? (නි)