රජ පවුලෙන් වෙන්වී, ඇමෙරිකාවේ ජීවත් වන බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ බිරිඳ මෙගාන් මාකෙල්ට දෙවැනි වරටත් මවු පදවිය උරුම වී ඇත.
හැරී මෙගාන් යුවළ, අලුත උපන් දියණිය ලිල්බට්'ලිලී' ඩයනා මවුන්ට්බැටන් වින්ඩ්සර් යනුවෙන් නම් කර තිබේ.
සසෙක්ස් ආර්යාව යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන මෙගාන් දියණිය ප්‍රසූත කර ඇත්තේ පසුගිය 4 වැනිදා ඇමෙරිකාවේ වේලාවෙන් උදේ 11.40 ට යැයි සී.එන්.එන්. පුවත් සේවය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
දරු ප්‍රසූතිය සිදුවී ඇත්තේ සැන්ටා බාබරා රෝහලේදීය. රෝහල් ආරංචි මාර්ග අනුව බිලිඳියගේ උපන් බර රාත්තල් 7 කි.
මව මෙගාන් සහ අලුත උපන් දියණිය ලිලී යහතින් පසුවන බවත්, ඔවුන් මේ වනවිට ඔවුන්ගේ නිවසේ සිටින බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.
දියණිය ලිලී යනුවෙන් නම් කිරීමට හේතුව දෙවැනි එලිසබත් මහ රැජිනට ගරු කිරීමක් ලෙස බවත්, ඩයනා නම යෙදීමට හේතුව තම මව ඩයනා සිහි කිරීමක් ලෙස බවත් හැරී කුමරු පවසා තිබේ. ඒ, විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිණි.
පුංචි ලිලී ට වැඩිමල් සොහොයුරෙක් සිටී. ආර්චි හැරිසන් නමැති ඔහු ඇයට වඩා වසර දෙකකින් වැඩිමල්ය.
අලුත උපන් ලිල්බට් 'ලිලී' ඩයනා මවුන්ට්බැටන් වින්ඩ්සර්, දෙවැනි එලිසබත් මහ රැජිනගේ 11 වැනි මී මිණිබිරියයි. ඇය බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකම් කියන අට වැනියා ද වනු ඇත.
හැරී කුමරුන්ගේ සොහොයුරා විලියම් කුමරුන් සහ ඔහුගේ බිරිඳ කේට් ම්ඩ්ල්ටන්ගේ දියණියගේ නමට ද 'ඩයනා' නම ඇතුළත් වෙයි. විලයම් කුමරු සහ සහ කේට් මිඩ්ල්ටන්ගේ දියණිය චාලට් එලිසබත් ඩයනා ය.
(සී.එන්.එන්.)
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හැරී මෙගාන් යුවළට දියණියක්: නම ලිල්බට් ඩයනා
පිටරැටියා Sunday, 06 June 2021 10:41 PM
මහ ලොකු නිව්ස් එකක්නේ..?
Sri Lanka Sunday, 06 June 2021 11:18 PM
අපිට ඕවා අදාළ නැහැ... අපිට ඕවා වැඩක් නැහැ.
Aruna Sunday, 06 June 2021 11:29 PM
අපි තවමත් ඔවුන්ට යටත්ද? මංකොල්ලකාරයන්ගේ විකාර දාන්නේ ....!!!
RaveendraMonday, 07 June 2021 11:52 AM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදියි. ඒ වුණාට අප සියලුම ලාංකිකයන් "සියලුම කටවල් ඇරගෙන" හිටියේ ඒ දූ සිඟිත්තාට දාන නම මොකක්ද කියලා දැනගන්න. අවාසනාවකට සිරියාවතී, සුමනාවතී, ඥාණවති ,මැගලින්නෝනා වැනි නමක් නොදැමීම කණගාටුවකි. කෙසේ වෙතත් අප සියල්ලෝම නම දැනගත්තානේ. මෙතෙක් කල් නින්ද යන්නේ නැතිව තිබුනේ, දැන් ඒ පැනයටත් පිළිතුරු ලැබුණානේ.
උපසේන රිටිගල Monday, 07 June 2021 12:38 PM
අපේ සම්පත්වලින් පොහොසත් වෙලා කාලා ඇඳලා ඉන්න පර සුද්දන්... මොවුන් අපිට ණය ගැතියි. ලැජ්ජයි විලියම්... නුඹලාගේ සාපය අප තවමත් ගෙවමින් ඇත. අපෙන් උදුරාගත් අපේ ප්‍රෞඩ ඉතිහාසය අපට දියව්...
senaMonday, 07 June 2021 05:08 PM
එයාලට බැනලා වැඩක් නැහැ. නිදහස අරගෙන මෙච්චර දිග කාලයක් අපි මොනවද කළේ?
චමින්දMonday, 07 June 2021 05:24 PM
කවුරු ඩිස් ලයික් දැම්මත් උපසේන මහතාගේ කථාව හරි.ඔවුන් නිවැරදි අවට සිදුකල හිංසාවන්ට ඔවුන්ගේ පවුල් දැන් කැඩී බිදී යනවා. ඔවුන්ගේ මුතුන් මිත්තන් අපිට එහෙම කලත් අපි ඔවුන්ට මෛත්‍රී කරමු.
ගමේ එකාලාMonday, 07 June 2021 06:15 PM
අපේ රටේ මහ ලොකුවට හිතාගෙන ඉන්න පාලකයෝ කියලා නිකම්ද? නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරලා, ඔවුන් පරම්පරා ගාණකට ඇති වෙන්න හරි හම්බ කරගත්තා. දූෂිත බලලෝබී බඩගෝස්තරවාදී දේශපාලකයෝ... ඉන්න රටක් වෙච්චි..!!!
BamunuarachchiWednesday, 09 June 2021 08:56 AM
1942 කාලේ ජපනා අපිව ආක්‍රමණය කරන කොට සුද්දා මේ රටේ නොසිටින්න අපි කොයි ලෝකේද? සුද්ද නාවා නම් අපි තාම වඩිග රජාලා යටතේ...
de silva Monday, 07 June 2021 06:34 PM
සුද්දෝ අපේ රට පාලනය කළා නම් අපි මෙහෙම දුක් නොවිඳිනු ඇත...
BamunuarachchiWednesday, 09 June 2021 08:38 AM
එහෙනම් මේ වෙනකොට අපිව පාලනය කරන්නේ කී වෙනි වඩිග රජ්ජුරුවන්ද? එහෙනම් අපි ඉංග්‍රීසි වෙනුවට ඉගෙන ගන්නේ දෙමළ. අන්තර්ජාල බලන්නේ දෙමළෙන් මරු නේද? එතකොට සිල්වලා?
Bamunuarachchi Wednesday, 09 June 2021 08:33 AM
පිරිමි ළමයෙක් නම් ඇල්බට්...!!!