IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


හොර මත්පැන් අදින්න කාරයත් වෙනස් කරලා

නීති විරෝධි ලෙස නිෂ්පාදිත කසිප්පු සප්‍රීතු  බෝතල් 800 ක් ප්‍රවාහනය කරමින් තිබූ  මෝටර් රථයක්, සැකකරුවෙකු සමග  නාත්තන්ඩිය ප්‍රදේශයේදී   අත් අඩංගුවට ගත් බව  සුරාබදු විශේෂ අපරාධ අංශය කියයි.

අත්අඩංගුවට ගෙන ඇති කසිප්පු ස්ප්‍රීතු  තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් පමණ වන අතර රථයේ වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් පමණ වේ.

මෝටර් රථයේ පිටුපස ආසනය ගලවා පෝරමලු දහසයක මෙම ස්ප්‍රීතු  බෝතල් 800 අසුරා තිබි ඇති අතර අදාල මෝටර් රථය කසිප්පු ප්‍රවාහනයට උචිත පරිදි පිටුපස අමතර දුනු යොදා නවිකරණය කර තිබු බව වැටලීම සිදු කළ නිලධාරීහු කියති.

දින කීහිපයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයකින් පසුව මෙම වැටලිම සිදුකර තිබේ.

දන්කොටුව ප්‍රදේශයේ සිට කසිප්පු ස්ප්‍රීතු  ප්‍රවාහනය කරමින් තිබු මෙම මෝටර් රථය පසු පස හඹා ගොස් නාත්තන්ඩිය ප්‍රදේශයේදි සැකකරුද සමග අත් අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.
සුරාබදු නිලධාරින් මග හැරිම සදහා සැකකරුවන් කුඩා අතුරු පාරකට මෝටර් රථය හරවා ඇති අතර එහිදි සුරාබදු නිලධාරින් ගමන්ගත් කැබ් රථය අනතුරකටද ලක්ව ඇතත්  ඔවුහු පරිශ්‍රමයක් දරා කසිප්පු ස්ප්‍රීතු  ප්‍රවාහනය කරමින තිබූ රථය අත්අඩංගුවට ගෙන ඇත.

ජා ඇල ප්‍රදේශයේ සිට කුලියාපිටිය ප්‍රදේශය දක්වා මෙම කසිප්පු සප්‍රීතු ප්‍රවාහනය කරමින් තිබු බව අත්අඩංගුවට ගත් සැකකරු සුරාබදු නිළධාරින් ඉදිරියේ පවසා ඇත.

සැකකරු  ලබන 07 වෙනිදා මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මෙම වැටලිම සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජි.ගුණවර්ධන මහතාගේ නියෝග මත සුරාබදු අපරාධ අංශය භාර නියෝජ්‍ය  සුරාබදු කොමසාරිස්  ජේ. පුෂ්පකුමාර සිල්වා මහතාගේ උපදෙස් මත සුරාබදු පරිකෂක ඒ.ආර්.ලැම්බට්,  උපුල් සෙනවිරත්න, සුරාබදු නියමක අසංක කල්‍යාණප්‍රිය සහ අනුර යන නිලධාරි කන්ඩායමක් විසින් සිදුකර ඇත.

 1 2 3



අදහස් (0)

හොර මත්පැන් අදින්න කාරයත් වෙනස් කරලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 1698 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1775 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1336 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1381 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1974 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 809 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14572 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 171 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site