IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හොර මැර කළොත් ඡන්ද පොළට ’’ සීල්’’

(සුජිත් හේවාජුලිගේ )

ඉදිරි ජනාධිපතිවරණයේදී හොර ක්‍රියා මැර ක්‍රියා සිදුවන ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍ය කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

පසුගිය මැතිවරණවලදීද එවැනි ශූන්‍ය කිරීම් කළ බව ඔහු සඳහන් කළේය.

මේ අතර මැතිවරණ දූෂණ වැළැක්වීම සඳහා පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් වසර පහෙන් පහට වෙනස් කිරීම වැදගත් බව කොමිසම සඳහන් කරයි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.

පසුගිය කාලයේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සුලභව පැවතුණු ප්‍රදේශවලට ඉදිරි ජනාධිපතිවරණයේදී වැඩි ආරක්ෂක විධිවිධාන සැලසීමට පියවර ගන්නා බවද ඔහු කීවේය.

පසුගිය මැතිවරණ වලදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වශයෙන් සිදුවුණු ප්‍රදේශ විස්සක් පමණ හඳුනාගෙන ඇතැයි කොමිසම සඳහන් කරයි.

මේ අතර ජනාධිපතිවරණයට අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දුන්නේය.

 



අදහස් (9)

හොර මැර කළොත් ඡන්ද පොළට ’’ සීල්’’

Kapila Saturday, 03 August 2024 11:02 AM

ඔයිට වැඩිය සරලයි නේද කොමසාරිස්තුමනි..? හොර ඡන්ද දාන්න එක අයගේ ඔලුවටම තියන්න කිව්වා නම් මහින්ද දේශප්‍රිය මහතා කිව්වා වගේ...

:       2       14

Kazi Shajahan Saturday, 03 August 2024 11:04 AM

කොහොමත් මේ සැරේ ගොඩක් දේවල් සිදුවෙයි. මොකද ආණ්ඩු පක්ෂයට මේ ඡන්දය දිනන්න අමාරු නිසා. ආණ්ඩුව මැරකම් ගොඩක් කරයි කියලා අපිට කියන්න පුළුවන්.

:       3       17

Nalin Saturday, 03 August 2024 12:08 PM

රනිල්ට තමයි වාසිය...!

:       5       7

Dilanga Saturday, 03 August 2024 02:04 PM

හරි සරලයි පරදින පලාත් ටිකේ මැර වැඩ කලාම හරිනෙ

:       0       8

චන්දිම Saturday, 03 August 2024 03:10 PM

ඔන්න ඔතැන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. යම් කිසි නිශ්චිත අපේක්ෂකයෙකුට වැඩි වාසි ඇති බවට විශ්වාස කරන මධ්‍යස්ථානවල හිතා මතාම මේ වගේ ප්‍රශ්න ඇතිකරවලා ඒ අපේක්ෂකයාට ලැබිය හැකිව තිබෙන ඒ ඡන්ද ඔහුට හෝ ඇයට අහිමි කරවලා ප්‍රතිඵලය තමන්ට ඕනෑ විදියට හැරවීමට යම් අයුතු බලය යොදන පිරිසකට සැබෑ ජනමතය කොල්ල කන්න පුළුවනි. ඒ නිසා මේ කතා හරියන්නේ නැහැ. මේ ඡන්දය අතිශයින්ම තීරණාත්මකයි. දැඩි ආරක්ෂාවක් යොදලා හරි සර්ව සාධාරණ ඡන්දයක් පැවැත්විය යුතුමයි. දන්නවානේ මේ රටේ එක්කෙනෙක් ඉන්නවා.. ඕනෑම නීතියක් තමන්ට ඕනෑ විදියට කඩලා බොහෝම හෑල්ලුවෙන් කතා කරලා ඒක එහෙම තමයි කියලා එයාම ඒක ස්ථිර කරගන්න හදන කෙනෙක් සහ එයා ගාවට ගිය සහ යමින් ඉන්න රටේම ඉන්න එපාම කරපු සෙට් එකක්...

:       0       11

Malan Saturday, 03 August 2024 06:24 PM

මට නම් මේ මැතිවරණ කොමසාරිස් ගැන විශ්වාසයක් නෑ. රනිල්ගේ ඉත්තෙක් වගේ, හොර ඡන්ද වලට ඕනෑ වටපිටාව මෙයා හදනවා බොහෝම සියුම් විදියට..

:       2       6

chandima Saturday, 03 August 2024 10:14 PM

උපරිම ආරක්ෂාව කියන්නේ චන්දෙ දාන්න එන කට්ටියටත් යන්න බැරිවෙන්න ආරක්ෂාව දෙන්නද යන්නේ ?

:       1       0

chndimalanka Sunday, 04 August 2024 12:29 AM

ජන බලවේගයට වැඩියෙන් චන්ද ,චන්ද පොළවල් වලට වැඩක් දෙන්න ක්‍රමයක් හොයාගත්තා වගේ ?

:       0       1

Kazi Shajahan Sunday, 04 August 2024 12:08 PM

මැතිවරණ කොමසාරිස් කියන්නේ ජනාධිපති ලේකම්ගේ හොඳ යාළුවෙක් සහ බැජ්මේට් කෙනෙක්ලු. අපේ විශ්වාසය පොඩ්ඩක් අඩුවෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 30 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 712 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 141 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3336 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1149 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2192 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30658 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23709 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 196 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site