( ටී.කේ.ජී.කපිල )
කූඨ ලේඛන භාවිතා කරමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණ යුවළක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ශ්‍රී ලංකා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
යාපනය , චන්කනායි ප්‍රදේශයේ පදිංචි මෙම යුවළ අතරින් තරුණයා 27 හැවිරිදිය .තරුණිය 28 හැවිරිදිය .
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි බලා පිටත්ව යන ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 279 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .
මොවුන් පිළිබඳව ඇති වූ සැකය මත ඔවුන් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත කැදවා , ඔවුන් රැගෙන විත් තිබූ ගමන් මලු පරීක්ෂා කිරීමේදී , ඒවා තුළ ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර දෙකක් සහ මෙම තරුණයාට අයත් ව්‍යාජ වීසා බලපත්‍රයක් ද සොයා ගෙන තිබේ .
එහිදී තරුණියගේ වීසා බලපත්‍රය පිළිබඳව විමසූ විට , ඇය නිහඬව සිටීම නිසා ශ්‍රී ලංකා ආගමන විගමන කාන්තා නිලධාරිනියක මෙම ස්ථානයට කැදවා , මෙම තරුණියගේ සිරුර පරීක්ෂා කර ඇති අතර , එහිදී ඇයගේ යට ඇදුම තුළ , එම ව්‍යාජ ඉතාලි වීසා බලපත්‍රය සගවා ගෙන තිබියදී සොයා ගෙන තිබුණි .
එසේ සොයා ගත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙකෙහි සැබෑ හිමිකරුවන් වූ පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි යුවළ ද ඒ වනවිටත් , ඔවුන්ගේ සත්‍ය ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් මෙම ගුවන් යානය තුළ ඒ වනවිටත් අසුන් ගෙන සිට තිබේ .
මෙසේ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් මෙම යුවළ , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි
ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩලිගම බුලත්වතුකන්ද මුදුනේ කාර්මික දෝෂයට ලක්වූ කුඩා ලොරි රථයක් ගේන්න ගිය ජේ,සී,බී යන්ත්‍රයත් ලොරියත් සමග කන
කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හොර ලේඛන සකසා රට පනින්න හැදු යුවළට වැඩ වරදී
Prabha Wednesday, 02 August 2023 02:56 PM
යන කෙනෙක්ට යන්න දෙන්න අප්පා...!
Perera Thursday, 03 August 2023 05:21 AM
ප්ලේන් එකේ නැගලා හිටපු දෙන්නත් වැඩේට හවුල් වගේ
Pavithra Friday, 04 August 2023 12:27 PM
කීයක්හරි හොයාගන්න යන මිනිස්සුන්ට මේ අය හිරිහැර කරනවා ... කීයක් හරි අතේ තිබ්බා නම් ප්‍රශ්නයක් නැහැ.