ව්‍යාජ ස්ටිකර් නිසා මත්පැන් බෝතලයකින් රජයට රුපියල් 2900ක බදු වංචාවක් සිදුවන බැවින් දැනට තිබෙන ස්ටිකර් ටෙන්ඩරය අවලංගු කර නැවත වහාම ටෙන්ඩර් කැඳවන්නැයි ක්‍රම සහ විවිධ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අදාල අංශවලට නියෝග කළේය.
ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ පළමු වාර්තාවේ නිර්දේහ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාක්ඡාවක් ඉකුත් දා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති අතර එහිදී එම කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා ඒ බව සඳහන් කළේය.
ක්‍රම සහ විවිධ පිළිබඳ පාර්ලිමේන්තු කරක සභාවේ නිර්දේශ මත සිදු කළ වැටලීම්වලින් ඉක්තු සතිය වන විට ව්‍යාජ අරක්ෂක ස්ටිකර් සහිත මැති බෝතල් 48,000ක් පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි ද මන්ත්‍රිවරයා කියා සිටියේය.ඉන්දියානු සමාගමකට ආරක්ෂක සිටිකර් මුද්‍රණයට අවසර දී ඇත්තේ 2018 වසර් වන අතර මේ දක්වා වසර පහක කාලය තුළ ව්‍යජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වැටලීම්වලින් රුපියල් කෝටි 4ක දඩ මුදලක් අයකරගෙන ඇතැ බව ද ඔහු සඳහන් කළේය.
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හොර ස්ටිකර් අරක්කු බෝතලයෙන් 2900 ගසා කාලා
සෙනෙවිරත්න Monday, 11 September 2023 06:08 PM
අයියෝ මෙහෙම රටක්, සාමාන්‍ය කෙනෙක් හොර මුද්දරයක්, ලියවිල්ලක් හැදුවොත් නීතිය කොහොමද? ව්‍යාජ ලියවිලි යටතේ අපරාධ නඩු. මෙතැනදී එහෙම නැතිව දඩ නැත්නම් හොරු සමග එකඟතා, මේක උපතින්ම හොරකම අරගෙන එන සහ ඒවාට උදව් දෙන ජනතාවක් ඉන්නු රටක්, ඒකටම හරියන්න නිලධාරි සහ දේශපාලඥයින්, හරියන රටක් නෙවෙයි. හොරකම ජානගත වෙලා...
ravin Monday, 11 September 2023 06:10 PM
හරියට ගණන දැනගන්න ඕනේ නම් එතනෝල් ගැනම අහන්න.
මොහොමඩ් රිෆාන් Tuesday, 12 September 2023 08:31 AM
බොන්නේ සහ පොවන්නේ අරක්කු ඒකේ නීත්‍යානුකූලද?, නීත්‍යානුකූල නොවේද? කියා අර්බුදයක්. මේක තරමක් ගැඹුරින් බැලුවා නම්, මේක රජයේ අනුමත වසද?, අනුමත නොවන වසද? යන ගැටළුක් තමයි මෙතැන තියෙන්නේ. මේවා ජීවත්වීමේ අරඟලයේ සිටින සාමාන්‍ය ජනතාවට අදාලම නැහැ.