IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


හිරු සම්මානලාභී ජනප‍්‍රියම නළුවා සහ හොඳම නිළිය කතා කරති

2016-09-15-ent-47

‘ප‍්‍රවේගය’ චිත‍්‍රපටය සඳහා මේ ලැබුණු ඇගයීම පිළිබඳ කතා කරපු සතුටත් සමගම ඊට වඩා දෙගුණ තෙගුණවුණු වගකීමක් හිතේ තියෙනවා ඉදිරියේදී හොඳ කලා නිර්මාණ බිහිකරන්නට...

සුපිරි බොලිවුඞ් තරු පිරිවරා ශ්‍රී ලාංකීය සිනමා තරු අභිෂේක ගැන්වූ අන්තර්ජාතික සිනමා රාත‍්‍රියක උත්කර්ෂය  Hiru Golden Film Awards - 2016 නෙළුම් පොකුණ රඟහලේදී ඉකුත්දා නිමාවට පත්වුණා.

මෙහිදී හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ප‍්‍රවීණ රංගන ශිල්පිනී කෞශල්‍යා ප‍්‍රනාන්දුයි. ජනප‍්‍රිය රංගන ශිල්පියාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ රංගන ශිල්පී හේමාල් රණසිංහ විසිනුයි.

රිදී තිරයේ නොමද ආකර්ෂණයට සහ ආදරයට පාත‍්‍ර වූ මේ දෙපළ සම්මාන රාත‍්‍රියේ උත්කර්ෂය සමඟ ඔවුන්ගේ ජයග‍්‍රහණයේ සතුට සඳැල්ල හා බෙදා ගත්තේ මේ ආකාරයටයි.

 

ජනප‍්‍රියම නළුවා සම්මානයට පාත‍්‍රවීම ගැන මොකද හිතෙන්නෙ?

2016-09-15-ent-49අපි කරන රංගන කාර්යය උපරිමයෙන්ම කරලා සම්මානයක් ලැබීම කියන්නෙ ඒ කරන කාර්යය ඇගයීමකට ලක් කිරීමක්. ඒ පිළිබඳව අවංකව සතුටක් හිතේ තියෙනවා. ඒත් එක්කම ලොකු වගකීමක් තියෙනවා මේ ලැබුණු සම්මානය සහ මෙහි තක්සේරුව ඉදිරියට කොහොමද රඳා පවත්වාගන්නෙ කියන දේ පිළිබඳව.

 

ජනප‍්‍රියම නළුවා වෙන්න සුදුසුකම් මොනවා වෙන්න ඕනෑ කියලද හේමාල් හිතන්නෙ?

ජනප‍්‍රිය නළුවා සම්මානය මට හිමිවුණේ ජනතාවගෙ ආදරය නිසා. ජනතාවගෙ ආදරය දිනාගන්න හැකිවූ නිර්මාණවලට දායක වෙන්න ලැබීම තමයි මම හිතන්නෙ මට ලැබුණු සුදුසුකම. ඒ නිර්මාණවලට දායක කර ගැනීමෙන් ඒ තුළින් මට ජනතාව අතරට යාමට ලැබීම සම්බන්ධව එම නිර්මාණකරුවන්ට සහ මාව අධ්‍යක්‍ෂණය කරපු සියළු අධ්‍යක්‍ෂවරුන්ට ස්තූතිවන්ත වෙන්න ඕනෑ.

ඒ වගේම මගෙත් එක්ක රංගන කාර්යයෙන් එකතුවුණු සියළුම රංගන ශිල්පීන්ට සහ මගෙත් එක්ක වැඩ කරපු කාර්මික ශිල්පීන් ඒ හැම කෙනාගෙම සහයෝගය මේ සඳහා අවශ්‍ය වෙනවා. මේ වගේ සම්මානයක් මට තනියම ගන්න හැකියාවක් නෑ. ඒක අපි සියළු දෙනාම එකතු වෙලා කරන නිර්මාණයක් තුළින් ගන්නට හැකි වෙන්නෙ. හොඳ නිර්මාණයක් ජනතාවට ලබාදීමෙන් පසුව එය රසවිඳලා එහි තිබෙන චරිතවලට ජනතාවගෙ ආදරය ලැබීම තුළින් තමයි අපි සම්මානයන්ට පාත‍්‍ර වෙන්නෙ.

 

මේ කීවෙනි වතාවටද ඔබ සම්මානයට පාත‍්‍ර වෙන්නෙ?

මේ දෙවන වතාවට. මට මේ වසරෙදිම පැවැත්වුණු දෙරණ සිනමා රාති‍්‍රයේදීත් ජනප‍්‍රියම නළුවා සම්මානය ලැබුණා. එහිදීත් ඇගයීමට පත්වුණේ ‘‘ප‍්‍රවේගය’’ චිත‍්‍රපටය. හිරු සම්මාන රාත‍්‍රියේදීත් මට ජනප‍්‍රිය නළුවා කියන සම්මානය ලැබුණා. ඒ සඳහා නම් පසුගිය අවුරුදු දෙකේම චිත‍්‍රපට ගැන ඔවුන් සලකා බලා තිබුණා. නමුත් පසුගිය අවුරුදු දෙකේම තිරගත වුණෙත් මගෙ එක චිත‍්‍රපටයයි. ඒ මම ප‍්‍රධාන චරිතයක් රඟපෑ ප‍්‍රවේගය චිත‍්‍රපටය. මේ ජනප‍්‍රියත්වය එක රැුයකින් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි පසුගිය කාලය පුරාවටම කරපු නිර්මාණ මේ සඳහා දායකවෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද ඒ නිර්මාණ දැකලා තමයි අපේ ආදරණීය රසික ජනතාව ඒ වෙනුවෙන් ඔවුන්ගෙ කැමැත්ත ප‍්‍රකාශ කරන්නෙ.

 

මේ වෙද්දි චිත‍්‍රපට කොපමණ සංඛ්‍යාවකට දායක වෙලා තියෙනවද?

මහා ලොකු චිත‍්‍රපට ගණනක්නම් මේ වනතුරු තිරගත වෙලා නෑ. දැනට චිත‍්‍රපට 04 ක් වගේ තමයි තිරගත වෙලා තියෙන්නෙ. එතනිනුත් ප‍්‍රධාන චරිතවලට දායක වුණේ චිත‍්‍රපට දෙකක පමණයි.

 

මේ තත්ත්වයට එන්න ගොඩක් කැපකිරීම් කරන්න ඇතිනේ. ඒ ගැනත් කතා කරමු?

මම සම්මාන ලබාගත යුතුයි කියලා සම්මාන පසුපස හඹා යාමක් මගේ ජීවිතේ කවදාවත් තිබිලා නෑ. නිර්මාණයකට දායක වුණාම ඒ නිර්මාණයට උපරිම කැපවීමෙන් වැඩ කිරීම ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කිරීම තමයි මම හිතන්නෙ සියලූම රංගන ශිල්පීන්ගෙ අභිප‍්‍රාය වෙන්නෙ. මමත් ඒ ගොන්නෙම ඉන්න තවත් කෙනෙක්. අපි හැමෝටම අවශ්‍ය වෙන්නෙ හොඳ නිර්මාණයක් ජනතාවට ලබාදීම පමණයි. එවැනි නිර්මාණයක් අපි ඔවුන් වෙනුවෙන් ලබාදීමේදී අපි උපරිමයෙන් එයට සාධාරණයක් කළ යුතුයි. ඒ වෙනුවෙන් යම් යම් දේවල් කැප කිරීම් අපට කරන්න සිදු වෙනවා. ඒක හැමෝටම පොදු කාරණයක්.

 

ප‍්‍රවේගය චිත‍්‍රපටය සඳහා ජනප‍්‍රිය නළුවා සහ නිළිය යන සම්මාන ද්විත්වයම ලැබුණනෙ. ඒ පිළිබඳව හේමාල්ගේ සතුට කොයි වගේද?

2016-09-15-ent-50මේ නිර්මාණය ඇගයීමට ලක්වීම ගැන ලොකු සතුටක් තියෙනවා. අපි ගොඩක් වෙහෙස මහන්සිවෙලා කරපු නිර්මාණයන් ඇගයීමට ලක්වීම සංතෝෂයට කාරණාවක් වුවත් ඒත් සමග ලොකු වගකීමක් තියෙනවා. ඒ ජනතාව අපිට ලබාදී තිබෙන තීරණ නිසා. ඔවුන්ට අපි දෙයක් ලබාදෙන්න අවශ්‍යයිනෙ. ඒ වගේම ජනප‍්‍රිය නළුවා සම්මානයත් එක්කම තවත් සම්මානයක් මට ලැබුණා. ,ඵදිඑ ඡුරදපසිසබට ්ජඑදර, මතු බලාපොරොත්තු තැබිය හැකි රංගන ශිල්පියා කියන සම්මානය. ඒ සම්මානය මට ලබාදුන්නෙ ජූරිය විසින්. ඉතින් මේ හැමදේමත් එක්ක තියෙන්නෙ වගකීමක්. එය හුදෙක් සතුටක් පමණක් නෙමෙයි. ‘‘ප‍්‍රවේගය’’ චිත‍්‍රපටය සඳහා මේ ලැබුණු ඇගයීම පිළිබඳ කතා කරපු සතුටත් සමඟම ඊට වඩා දෙගුණ තෙගුණ වුණු වගකීමක් හිතේ තියෙනවා, ඉදිරියේදි හොඳ කලා නිර්මාණ බිහි කරන්නට.

 

රංජන් රාමනායක, උද්දික පේ‍්‍රමරත්න සහ ඔබ මේ සම්මානය වෙනුවෙන් නිර්දේශ වෙලා හිටියෙ. ඔවුන් අභිබවා ජයග‍්‍රහණය කරන්න ලැබීම ගැන මොකද හිතන්නෙ?

මගේ ජීවිතේ කිසිම කෙනෙකු අභිබවා යාමක්වත්, ජයග‍්‍රහණය කළ යුතුයි කියන දේවත් ආත්මාර්ථකාමී ලෙස සිතා යන ගමනක් නෙමෙයි මේ. අපි සියළු දෙනාගෙම අභිප‍්‍රාය වෙන්නෙ හොඳ නිර්මාණයක් ජනතාවට ලබාදීම පමණයි. රංජන් අයියා කියන්නෙ අපි පුංචි කාලෙ ඉඳන්ම දන්න කියන තරුවක්. අපි ඔහුට ගොඩක් ආදරේ කරනවා. ඒ වගේම, උද්දික කියන්නෙත් දක්‍ෂ නළුවෙක්. මේ වගේ දෙදෙනෙක් සමඟ නිර්දේශ වීමට ලැබීම ලොකු දෙයක්. අපි හැමෝම කා සමඟවත් තරඟයක් නෑ. හැමෝටම අවශ්‍ය වෙන්නේ හොඳ නිර්මාණයක් ජනතාවට ලබාදීම පමණයි.

මේ වසරෙදි මට ලැබුණ ඇගයීම් පිළිබඳ සතුටත් සමඟ ලබන වසරට හොඳ නිර්මාණ ලබාදීමේ වගකීමක් අප සතුව තියෙනවා. ඒ වගේම මා සමඟ නිර්දේශ වුණු අනිත් රංගන ශිල්පීන් දෙදෙනාටත් ලොකු වගකීමක් තියෙනවා ඒ ලැබෙන ප‍්‍රතිචාර රඳවා පවත්වා ගැනීම. ඒක අපි සියළු දෙනාටම පොදු වූ කාරණයක්.

 

හේමාල් පේ‍්‍රමවන්තයාගේ චරිතය තුළින් පමණයි නේද දැනට දක්නට ලැබුණෙ?

ඒ දැන් ඔයාලා දකින විදියනෙ. ඉදිරියේදි ඒකට උත්තරේ බලාගන්න හැකි වෙයි.

 

අවසාන වශයෙන් අපි කතා කරමු මේ දවස්වල දායකවන අලූත් නිර්මාණ කටයුතු පිළිබඳව?

මේ දවස්වල නම් නිර්මාණයක නියැලිලා නෑ. ඉදිරියට අලූත් නිර්මාණයක් සමඟ එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැනට මගේ චිත‍්‍රපටයක් වන ‘‘ආදරණීය කතාවක්’’ තවමත් සමහර සිනමාහල්වල තිරගත වෙනවා. ඒ වගේම ප‍්‍රියන්ත කොළඹගේ අධ්‍යක්‍ෂවරයාගේ අලූත්ම සිනමාපටයේ වැඩකටයුතු 90%ක් කරලා අවසන්. එහි ඉතිරි කොටස ඔක්තෝබර් මස මුල් සතියෙ කරගෙන යාමට නියමිතයි.

 

 

මේ චරිතයෙ මගෙ නම තමයි ගෝතමී, ඉතින් ඒ මුළු කාලය පුරාම මම ගෝතමී තුළ තමයි ජීවත් වුණේ. එතකොට මම කෞශල්‍යා නෙමෙයි. සත්‍යජිත් කොතනකදිවත් මට කෞශල්‍යා වෙන්න ඉඩදුන්නේ නෑ....

 

හොඳම නිළිය ලෙසින් සම්මානයට පාත‍්‍රවීම ගැන මොකද හිතෙන්නේ?

2016-09-15-ent-51අපි මේ නිර්මාණ කරන්නෙ බොහොම මහන්සියෙන්. ඒ රංගනය පිළිබඳ ඉගෙන ගෙන ගොඩක් කැපවෙලා. ඒ වෘත්තීය බැ?රුම්ව හදාරලා. මේ චිත‍්‍රපටය වෙනුවෙන් අවුරුදු 3, 4ක් පමණ වෙහෙසුණා. ඒ වෙහෙසීමේ ප‍්‍රතිඵලයක් තමයි මේ ලැබිලා තියෙන්නේ.

 

චිත‍්‍රපටය වාරණයට ලක්වී අවුරුදු 12කට පසුව යළි ප‍්‍රදර්ශනය වීමෙන් පසුවත් මෙවැනි සම්මානයක් ලැබීම පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

අපිට වලක්වන්නට බැරි සමහර දේවල් තියෙනවනෙ. මේ චිත‍්‍රපටයෙ මගෙ චරිතයට ලොකු බලයක් ඇති කියලා හිතෙනවා. මීට අවුරුදු 12කට පෙර වාරණ මණ්ඩලය විසින් මෙය තිරගතවීම වළක්වන්න ලොකු උත්සාහයක් දැරුවා.

එහි හිටියෙත් උගත්, බුද්ධිමත් පිරිසක්. ඔවුන් තමයි වළක්වන්න හැදුවේ. ඒ වගේම ප‍්‍රදර්ශන තහනම ඉවත් කලාට පසුව නිෂ්පාදකයෙක් නැතිව ප‍්‍රශ්න තිබුණා. ඒ වගේ විවිධ ප‍්‍රශ්නවලට මුහුණ දුන්නා. නමුත් කෙසේ හෝ චිත‍්‍රපටය තිරගත වුණාට පසුව ඒ ගමන නවත්තන්න කිසි කෙනෙකුට බෑ. මේ චරිතය සඳහා සම්මාන උළෙලවල් තුනකදී හොඳම නිළිය සම්මානය ලැබුණා. ඒ සම්මාන උළෙලවල ඉන්නෙත් ජාත්‍යන්තර ජූරියක්. හිරු සිනමා සම්මාන උළෙලෙ හිටියෙත් ඉන්දියානු ජූරියක්. ඒ කියන්නේ මේ චිත‍්‍රපටය ජාත්‍යන්තර මට්ටමෙන් සෑහෙන කතාබහකට ලක්වූවක්.

ලංකාව තුළ මේ පිළිබඳ කුඩම්මාගෙ සැලකිලි ලැබුණට පේ‍්‍රක්ෂකයො මෙය වැළඳගත්තේ අපිටත් අදහාගත බැරි තරමට. මොකද මෙහි කතා කරන්නේ සදාකාලිකවම මනුෂ්‍යයාගෙ තියෙන මනුෂ්‍යත්වය පිළිබඳව. ඒක අපිට බොරු කියලා කියන්න බෑ. ඒකට තහංචි දාන්නත් බෑ. නිර්මාණයක් තුළින් මිනිසුන් හඳුනා ගැනීමක් කරන්නේ. ඉතින් මිනිස්සු එය හඳුනාගත්තා. මේ චිත‍්‍රපටය ගිය වසරේ තිරගත වුණාම පේ‍්‍රක්ෂකයො මාව හොයාගෙන ආවේ. මොකද මම කළ එළිය ඉන්න කෙනෙකුත් නෙමෙයිනෙ. ඉතින් මාව හොය හොයා ප‍්‍රතිචාර දක්වපු ආකාරය හරි පුදුමයි. මම හිතන්නේ කොයි යුගය ආවත් පැරණි නොවන මනුෂ්‍යත්වය ගැන කතා කරන නිර්මාණයක් තමයි මේ.

 

මේ තරම් ඇගයීමට පාත‍්‍රවුණු චරිතෙ ගැනත් කතා කරමු.

කර්කෂ පරිසරයක සිට කොළඹ ඇඟළුම් කර්මාන්ත ශාලාවක වැඩට එන කාන්තාවක් විදියටයි මම රඟපාන්නේ. මෙහි කතා කරන්නේ 80, 90 කාලයේ තරුණ පරම්රපාවට කිසි දෙයක් පිලිබඳ නිශ්චිත බලාපොරොත්තුවක් තියාගන්න බැරි නිශ්චිත ගමනක් තියේද කියා විශ්වාසයක් නොතිබුණූ කාලවකවානුවක් පිළිබඳවයි. ඇතැම් අය හමුදාවට බැඳෙනවා.

ඇඟලූම් කර්මාන්තයෙ නියැලෙනවා. ඉතින් මේ කතාව බලද්දී සමහරු හිතනවා මෙය ඇඟළුම් කාලපයයි හමුදාවෙ වැඩ කරන පිරිසයි පිලිබඳ කතාවක් කියලා. නමුත් ඒ විදියෙ කතාවක් නෙමෙයි. මෙහිදී සමස්ත තරුණ පරම්පරාව ගැන තමයි කියවනේනේ. නමුත් පිහිටුවලා තියෙන්නේ ඉහත කී පරිසරය මත පදනම් වෙලා. ඇය පහළ දිළිඳු පන්තියේ තරුණියක්. ඇය කොහොමද ඇගේ ජීවිතයේ යම් අර්බුද පසු කරගෙන ජීවිතේ ඉදිරියට ගමනක් යන්නේ සහ ඒ යන ගමනෙ ඇය මුහුණපාන දේවල් පිළිබඳ මෙහිදී කතාකරනවා. ඒ හැමදේ තුළින්ම ඇය ජීවිතය ඉගෙන ගනන්වා.

අවසානයේ ඇය යම්කිසි මාර්ගයකට පිවිසෙනවා. ඒ මාර්ගයට පිවිසෙන්න දරන වෑයම තුළින් ඇය ලබන ජයග‍්‍රහණය තමයි චිත‍්‍රපටයෙන් පෙන්වන්නේ.

 

ඒ චරිතය එතරම් සාර්ථක වෙන්න ඔබ ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න ඇති නේද?

මේ චිත‍්‍රපටයෙ අධ්‍යක්ෂවරයා වන සත්‍යජිත් මාඉටිපේ මේ චරිතය ලිව්වෙම මම වෙනුවෙන්. ඔහු මගෙ හොඳ මිතුරෙක් නිසා මගෙ රංගනය සහ මට කරන්න පුළුවන් මොනවද කියන දේ ඔහු හඳුනාගෙන හිටියා. ඔහු මට වඩා වයසින් බාලයි. නමුත් අපි කලාව සහ ඒ සම්බන්ධ අනෙකුත් දේවල් හැදෑරුවෙ සමකාලීනව. මම රඟපෑ නාට්‍ය ඔහු බලලා තියෙනවා.

ඉතින් මට මොනවද කරන්න පුළුවන් කියලා ඔහු දැනගෙන හිටියා. ඒ සියල්ල දැනගෙන තමයි මේ චිත‍්‍රපටය ලිව්වේ. ඒ ලියලත් මේ පිළිබඳව අපි දෙදෙනාම සාකච්ඡුා කළා. අවුරුද්දක් පමණ මේ පිටපත එක්කම අපි ගනුදෙනු කළා. එහි සියළුම නිෂ්පාදන ක‍්‍රියාවලියට ඔහු මාව සම්බන්ධ කරගත්තා. නළු නිළියන් තෝරා ගැනීමේ සිට දර්ශන තල නිරීක්ෂණය කිරීම් ඒ හැමටම මම සක‍්‍රියවම දායක වුණා.

මේ චරිතයෙ මගෙ නම තමයි ගෝතමී. ඉතින් ඒ මුළු කාලය පුරාම මම ගෝතමී තුළ තමයි ජීවත් වුණේ. එතකොට මම කෞශල්‍යා නෙමෙයි. සත්‍යජිත් කොතනකදිවත් මට කෞශල්‍යා වෙන්න ඉඩදුන්නේ නෑ. ඔහු පොලිස් නිලධාරියෙක් වගේ ළඟ ඉඳගෙන හැමවෙලේම මේ චරිතය මතක් කරනවා. ඔහුගේ මග පෙන්වීම සහ අනිකුත් නළු නිළියන්ගේ සහයෝගය ඒ වගේම වේෂ නිරූපණ ශිල්පීන්, කාර්මික ශිල්පීන් ලබාදුන් සහයෝගය හැමදේම ගොඩක් වටිනවා. ඒ හැම දෙනාගෙම කැප කිරීමේ ප‍්‍රතිඵලයක් තමයි මේ.

 

ඒ කැපකිරීම අපතේ ගිහින් නෑ නේද? ඒ සතුට කොයි වගේද?

අපි රංගනය හදාරන කොට ලෝක සිනමාව ගැන කතා කරනවා. බලනවා. කියවනවනෙ. ඇමෙරිකානු සිනමාවෙ ඔස්කාර් සම්මානය ගන්නේ කව්ද? එංගලන්තයෙ ඉන්දියාවෙ මේ හැම රටකම ඒවා හොයලා බලනවනේ. ඉතින් ඒ නළු නිළියෝ යම් යම් චරිත කළාම ඒවා කොහොමද කළේ කියලා බලද්දී ඒ කැපවීම සහ යොමුවුණු රංගන ක‍්‍රියාවලිය හොඳ පිටිබලයක් වුණා. ඒ රටවල සමහර චිත‍්‍රපට අධ්‍යක්ෂවරු නළුවා රඟපාන චරිතය මොකක්ද කියලවත් කියන්නේ නෑ දර්ශන තලයට එනතුරුම. එයත් එක්තරා තාක්ෂණයක්. සමහර චරිත තියෙනවා ජීව දත්ත අනුව කරන චරිත. ඒ වාගේ එකකට උදාහරණයක් වශයෙන් ගෝතමී චරිතය හඳුන්වන්න පුළුවන්. ඒ චරිතයෙ ජීව දත්ත ඔහු හොඳින්ම හදාරලා තිබුණා. එවැනි හැදරීමක් තුළින් කරන රංගනයක ප‍්‍රතිපලය අපතේ ගියේ නැ. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි.

 

මේ කීවෙනි වතාවටද සම්මානයට පාත‍්‍ර වුණේ?

මම හොඳම නිළිය සම්මානයට පාත‍්‍ර වුණු 4 වෙනි වතාව මේ. ඒ වගේම මේ ගෝතමී චරිතය වෙනුවෙන් පමණක් තුන් වතාවක්ම සම්මානයට පාත‍්‍ර වුණා.

 

ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කතා කරමු.

ඉදිරියේදී රඟ පෑ චිත‍්‍රපටි 2ක් එන්න තියෙනවා. එකක් ඩෙනිස් පෙරේරාගේ ත‍්‍රීවිල් ඩයරි චිත‍්‍රපටය. මම හිතනවා සහ බලාපොරොත්තු වෙනවා එය ඉදිරියේදී පේ‍්‍රක්ෂකයන්ට දැකගන්නට හැකිවේවි කියලා. ඒ වගේම සුරංග කටුගම්පල නම් ශ්‍රී ලාංකික ඉතාලියේ වෙසෙන තරුණයෙක් විසින් නිෂ්පාදනය කරන ලද ”පුතෙකුට” නම් චිත‍්‍රපටයෙහි රඟපෑවා. එය ඉතාලියේ ප්‍රෙහාරෝ නම් චිත‍්‍රපට උළෙල ඇගයීමකට පවා ලක්වුණා.

ඒ චිත‍්‍රපටයත් මගෙ රංගනයත් දෙකම. එයත් ඉදිරියේදී ලංකාවෙ රූගතවෙන්න ඉඩ තියෙනවා. ලලිත් රත්නායකගෙ නාට්‍යයකත් රඟපෑවා. ඒ සියල්ල සමගින් මගේම නාට්‍ය දෙකක් අධ්‍යක්ෂණය කරන්නත් හිතාගෙන ඉන්නවා. වේදිකාව පැත්තෙන්. අලූත් නළු නිළියන්ට යම් යම් උදව් කරලා ඔවුන්ව යම් කිසි මාර්ගයකට යොමු කිරීමේ ක‍්‍රියාවලියකත් යෙදෙන්න අවශ්‍යතාව තියෙනවා.

ඒ ගැනත් ඉදිරියට බලමු.

 

ධනු විජේරත්න / ඡායාරූප - චමත් වින්ඳුල

 

 



අදහස් (0)

හිරු සම්මානලාභී ජනප‍්‍රියම නළුවා සහ හොඳම නිළිය කතා කරති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 67 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 579 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 54 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 556 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 273 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 793 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39479 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1173 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site