IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


හිරු සම්මාන රාත‍්‍රිය අද

2016-09-09-ent-46

2016-09-09-ent-44ලාංකීය සිනමාව ජාත්‍යන්තරයට ඔසවා තැබීමේ අරමුණින් හිරු රූපවාහිනිය මගින් දෙවැනි වරටත් සංවිධානය කරන ”හිරු රන් සම්මාන රාත‍්‍රිය-2016” (Hiru Golden Film Awards - 2016) අද (11 පස්වරු 7.00ට කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේදී ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ ද සිල්වා මහතාගේ සංකල්පයක් මත සංවිධානය කරන මෙම සිනමා සම්මාන උළෙල සඳහා 2014-2015 වසර තුළ මෙරට තිරගත වූ චිත‍්‍රපට 40ක් සමග කෙටි චිත‍්‍රපට නිර්මාණකරුවන් 150 දෙනකුගේ කෙටි චිත‍්‍රපට සම්මාන විනිශ්චය කොට කලාත්මක, ජනප‍්‍රිය සහ විශේෂ සම්මාන 40ක් ප‍්‍රදානය කෙරේ.

මෙවර සම්මාන උළෙල සඳහා බොලිවුඩයේ සුපිරි තාරකාවන් වන මධුරි ඩික්සිත්, ශ‍්‍රි දේවි, ජැකී ෂෙරොෆ්, කරිෂ්මා කපූර්, නීල් නිතින් මුකේෂ්, සුනිල් ෂෙට්ටි සමග බොනී කපූර් වැනි බොලිවුඞ් චිත‍්‍රපට නිෂ්පාදකවරුන්ද සහභාගි වීම විශේෂත්වයකි. එදින නෙළුම් පොකුණ රඟහල ඇතුළත හා පිටත එකම සැණකෙළියක් බවට පත් කරන බවත්, පිටත සිටින හිරු ශ‍්‍රාවකයන්ට මෙහිදී බොලිවුඞ් තරකාවන් සමග අපේ රටේ නළු නිළියන්ද රතු පලස මතින් ගමන් ගන්නා අයුරු දැක ගැනීමට ඉඩ ප‍්‍රස්ථාව ලබා දී ඇති බවත් ජනප‍්‍රිය නිවේදක හා සම්මාන උළෙලේ සම්බන්ධීකාරක රංගන ද සිල්වා ”සැඳැල්ලට” පැවසීය.

මෙහිදී ජනප‍්‍රිය නළුවා, නිළිය හා ජනප‍්‍රිය චිත‍්‍රපට ගීතය ජනතා මනාපයෙන් තෝරා පත් කර ගන්නා අතර, ඒ සඳහා නිර්දේශිත අවසන් තිදෙනා ප‍්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ජනප‍්‍රිය නළුවා සඳහා රන්ජන් රාමනායක, උද්දික පේ‍්‍රමරත්න හා හේමාල් රණසිංහ ද, ජනප‍්‍රිය නිළිය සඳහා ශලනි තාරකා, උදාරි පෙරේරා හා ඩිනක්ෂි ප‍්‍රියසාද් ද, ජනප‍්‍රිය චිත‍්‍රපට ගීතය ලෙස ”සුහද කොකා” චිත‍්‍රපටයේ ”දාන සෙල්ලම් අපේ රාජමන්ත‍්‍රී”, ”හෝ ගානා පොකුණ” චිත‍්‍රපටයේ ”හෝ ගානා පොකුණේ” ගීතය ද ”ප‍්‍රවේගය” චිත‍්‍රපටයේ ”සිහිලැල් වූ” ගීතයද තේරී පත් වී සිටිති.

එමෙන්ම ළමා රංගන ශිල්පියා ලෙස ”හෝ ගාන පොකුණ” චිත‍්‍රපටයේ අංජලී මෙත්සරා, ”ඇහැලේ පොළ කුමාරිහාමි” චිත‍්‍රපටයේ ප‍්‍රමුදිත උදයකුමාර හා ”හෝ ගානා පොකුණ” චිත‍්‍රපටයේ ටිශාන්‍යා කුමාරසිංහ නිර්දේශ වී සිටිති.

එතෙර මෙතෙර ජනප‍්‍රිය තාරකාවන් රැුසක් පායමින් ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ ස්වර්ණමය ස්වරූපය යළිත් වරක් වර්ණවත් කරමින් ලාංකීය සිනමාවේ සියලූම විෂයයන් අභිෂේක ගන්වමින් රන් සම්මානයෙන් පුද කරන අවස්ථාව අද උදාවේ. එය සැබැවින්ම ලාංකීය සිනමාව ජාත්‍යන්තර තලයට ඔසවා තබන සම්මාන උළෙලක් වනු නියතය.

 

සමන්ත යහම්පත්

 

 

2016-09-09-ent-43
2016-09-09-ent-42
2016-09-09-ent-39
2016-09-09-ent-40
2016-09-09-ent-41 



අදහස් (0)

හිරු සම්මාන රාත‍්‍රිය අද

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 65 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 474 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 449 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1319 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7137 8

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 123 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39433 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25704 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site