IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හොර සහතික දී ලක්ෂයක් ණය අරං

ව්‍යාජ සහතික ඉදිරිපත් කර බැංකුවකින් රුපියල් ලක්ෂයක ණය මුදලක් ගත්තැයි පුත්තලමේ පහරියේ ගුරුවරියක පුත්තලම කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

විදුහල්පතිගේ අත්සන ද, පුත්තලම කලාප අධ්‍යාපන  කාර්යාලයේ මුදල් සහයකගේ අත්සන ද, නිලමුද්‍රාවද හොරට හදා ඇතැයි කියන පොලිසිය එම ගුරුවරියගේ උප්පැන්නය හා හැදුනුම්පත ද ව්‍යාජ බවට තොරතුරු ලැබී ඇතැයි කියයි.

 

 



අදහස් (0)

හොර සහතික දී ලක්ෂයක් ණය අරං

කුමාරසිරි Tuesday, 03 September 2013 11:07 AM

වාගීශ්වර, ඔයා වගේ හිතන්න පුලූවන් මිනිස්සු ඉන්නේ අතලොස්සයි. බැංකුවෙන් ණය නිකන් දෙන්නේ නැහැනේ. ඇපයයි, පොළියයි යන ඒවත් එකතු වෙනවනේ. (ස)

:       0       0

රේමා Tuesday, 03 September 2013 11:12 AM

අනේ කවූරුවත් මේ 'ගුරුවරු' පෙන්වන මඟ යන්න එපා ! (ස)

:       0       0

කෞටිල්‍ය Tuesday, 03 September 2013 11:19 AM

"හැඳි මිටක්" දීප්තිමත් අනාගතයක් අඳුරට යොමු කරවා ගෙන ඇත. කනගාටුයි. (දී)

:       0       0

මංජු Monday, 02 September 2013 08:08 PM

ගුරුවරු දණගස්සපු කට්ටිය හිටියෙත් ඔය පැත්තේ තමයි (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 02 September 2013 08:19 PM

ඕනෑම වෘත්තියක තමන්ගේ වෘත්තියේ ගරුත්වය නොරකින පුද්ගලයන් ඉන්නවා.ඒකට දේශපාලනය,දොස්තරකම,ගුරුකම,ආරක්ෂක සේවය කියලා වෙනසක් නැහැ.එක විදියට හිතන එක විදියට ක්‍රියාකරන මිනිස්සු ඔය අපේ අදහස් දාන සමහරක් වගේ අංග සම්පුර්ණයි කියලා හිතන මිනිස්සු ප්‍රායෝගිකව මේ ලෝකේ නැහැ.මේ ලෝකේ දියුණුවට වගේම විනාශයටත් හේතු වෙන්නේ මේ මිනිස් හිතේ විවිධත්වය.හැම කෙනාම මේ දෙය දන්නවා.හැබැයි තමන්ගේ වාසියට පිළිගන්න කැමති නැහැ. (නි)

:       0       0

කමල් Monday, 02 September 2013 09:19 PM

ඔන්න දණගස්සනවා නම්! (නි)

:       0       0

සේනාරත්න Monday, 02 September 2013 11:01 PM

ඔය කියන ගුරුවරියගේ ව්‍යාජ නැත්තේ මොකක්ද එතකොට? (නි)

:       0       0

රසාදරී Tuesday, 03 September 2013 03:09 AM

උදවු කරපු අයට කීය කීය හරි දෙන්නත් එපායැ. ඉතින් ලක්ෂෙන් කීයද ඉතුරු වෙන්නේ? (නි)

:       0       0

රවී Tuesday, 03 September 2013 04:21 AM

අපේ රටේ සිද්ධවෙන දේවල් දිහා බලපුවම මේක නිකන් කැළණි ගඟේ පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ (නි)

:       0       0

ජෙරාඩ් Tuesday, 03 September 2013 06:52 AM

මේක ඉතාම අහිංසක හොරකමක්. මම හිතන්නේ ගෙදර මුදල් හිගකමට කරපු දෙයක්. ලංකාවේ වෙන හොරකම් අනුව මට නම් මෙතුමිය ගැන අනුකම්පාවක් තියෙන්නේ (නි)

:       0       0

සෙනෙවි Thursday, 05 September 2013 06:29 PM

ප්‍රතිචාරයට අනුව බන්දුල පෙරේරා ගුරුවරයෙක් වගේ පේන්නෙ (නි)

:       0       0

වරුණ Tuesday, 03 September 2013 08:27 AM

අර දන ගස්සන එක් කෙනාට මේ ගුරුවරිය මුණගැහිලා නෑ වගේ? (ස)

:       0       0

අනුර - නාවලපිටිය Tuesday, 03 September 2013 08:47 AM

වැඩි හරියක් වෙන්නේ ඔය වගේ දේවල් ඔය පැත්තෙමනේ. (ස)

:       0       0

කිරි මාටින් Tuesday, 03 September 2013 08:51 AM

මේක හරි විදියට කරන්න මේ ගුරුවරියට බැරි වුනේ ඇයි කියල හේතු හොයන්න ඕන. ණයක් කියන්නේ තමන්ගේ වැටුපෙන් අයකරගන්න දෙන එකක්, ඉතින් මේ නිලධාරීන් සහ විදුහල්පතිවරයා ඇයි එතුමියට මේක කරගන්න උදව් කරලා නැත්තේ, ඒ අයවයි අත් අඩංගුවට ගන්න ඕන. කෝටි ගණන් මහජන මුදල් හොරකන් කරන රටේ, පොලීත් එක්ක ආපහු ගෙවන්න මේ වගේ දෙයක් කරන අයව තමයි මෙයාලත් අත් අඩංගුවට ගන්නේ. කෝ මේ ගුරු සංගම් (දී)

:       0       0

ඉෂාර Tuesday, 03 September 2013 08:53 AM

ගුරුවරියෙක් කියන එකත් ව්‍යාජ ඇතිනෙ (දී)

:       0       0

ආනන්ද Tuesday, 03 September 2013 09:00 AM

මම ගුරුවරයෙක් නොවෙමි. එහෙත් රාජ්‍ය සේවයේ ඉතාමත් අඩුවෙන් වරප්‍රසාද ලබන පිරිසකි ගුරුවරු. අඩු තරමින් මාස දහයේ ආපදා ණය මුදලවත් ගන්න මේ අයට බැහැ. ඒ ණය පෝලිමේ ඉඳලා ණය ලැබෙනකොට සමහරවිට ආපදාව නැත්තටම නැතිවෙලා ඉවරයි. හරියට වැටුප් වර්ධකයක් හැදිලා එන්න කොච්චර කාලයක් යනවද. දන ගස්සන්න කට්ටිය හිටියට මේවා වැඩිය හොයන්නේ නැහැනේ. හොඳ වතුර ටිකක්, විවේකයට ඉන්න ගුරු විවේකාගාරයක්, පන්තියේදී ඉඳගන්න පැද්දෙන්නැති හොඳ පුටුවක්, රෙද්දක් එලපු පිරිසිදු මේසයක්, මේ වගේ පහසුකම් ලංකාවේ ගුරුවරුන් කී දෙනෙකුට ලැබෙනවද. හුණු කුඩු නාගෙන ‍සමාජය යහමගට ගන්න අනේකවිධ මහන්සියක් ගන්න මේ අය ගැන සුපිරි යැයි හිතාගෙන ඉන්න හැමෝම හිතන්න වෙනවා. (ස)

:       0       0

වගීෂ්වර Tuesday, 03 September 2013 09:36 AM

හොරකම හොඳ නෑ තමයි ! ඒත් මේ මනුස්සයා ලක්ෂයක් ගත්තේ ගෙදර වැඩකට හෝ ළමයින්ගේ වැඩකට හෝ වෙන්න පුළුවන්! ණය පදනමටනේ ගත්තේ, ණය ගෙවයි. අද කාලේ පාලකයින් කරන හොරකම් දිහා බැලුවහම, මේ මනුස්සයා හොරකමක් කරලා නැති ගාණයි. අපේ පොලිසිවලට පුළුවන් ඉතින් මේ වගේ අහිංසකයන්ව අත් අඩංගුවට ගන්න විතරයිනේ! (ස)

:       0       0

වරුණ Tuesday, 03 September 2013 09:38 AM

බන්දුල මහත්තයාගේ අදහස නම් හොඳයි. ඔබතුමාත් ඒ වගේමද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 4323 9

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1595 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4494 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 412 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4217 14

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2396 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33948 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23957 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 473 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site