IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


හෙලිකොප්ටරය කැඩුණු දා දුන් පොරොන්දුවක් ජනපති ඉටුකරයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ සිසු දරුවන්ට ලබා දුන් පොරොන්දුවක් අනුව වටිනා  සංගීත භාණ්ඩ තොගයක් ලබන 9 වැනිදා එම විදුහලට ප්‍රදානය  කරන බව ජනාධිපති කාර්යාලය කියයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැගත් හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය නොවැම්බර් 3 වැනිදා මොණරාගල බුදුරුවගල මහා විද්‍යාල‍ ක්‍රීඩාංගනයට හදිසියේ ගොඩ බැස්ස වූ අවස්ථාවේදී සිසුන් කළ ඉල්ලීමකට අනුව මෙම සංගීත භාණ්ඩ තොගය ලබාදෙයි.

ට්‍රම්පට්, ට්‍රොම්බෝන්, සැක්සෆෝන්, ක්ලැරිනට්, මවුන්ටබල් ටැම්බරින්, චයිමිස් කට්ටල, එකොස්ටික් ඩ්‍රම් ආදි සංගීත භාණ්ඩ රැසක් විදුහලට ප්‍රදානය  කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.



අදහස් (7)

හෙලිකොප්ටරය කැඩුණු දා දුන් පොරොන්දුවක් ජනපති ඉටුකරයි

Kazi Shajahan Monday, 05 February 2024 12:52 PM

බොහෝම හොඳයි වැඩේට, නමුත් ජනාධිපති දකිනකන් මෙච්චර කල් පළාතේ ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන්, රජයේ නිලධාරීන් මොනවද කළේ..? ඔවුන්ට අපේ බදු සල්ලි ගෙවගෙවා ඉඳලා වැඩක් නැහැ තව දුරටත්...

:       3       71

නිලන්ත Tuesday, 06 February 2024 08:39 AM

ඔබේ අදහස නිවැරදියි කියන්න පුළුවන් කාසි.ඇත්තටම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් සදහාම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු තියෙනවා වසමකට පදුරක් ගානේ විවිධ සංවර්ධන නිළධාරි හැටහුටහමාරක් ඉන්නවා ඒත් වසමේ අඩුපාඩු කිසිවක් දන්නෙ නැහැ සම්බන්ධීකරණ කමිටුවේ දේශපාලන වාද විවාද ගහ ගැනීම් බැන ගැනීම් මිස ප්‍රයෝජනයක් ඇති දෙයක් සාකච්ඡා කරන්නෙ නැහැ ප්‍රදේශයේ මමංත්‍රී කෙනෙක් නැතිවීම මෙයට හේතුවක් වෙනවා දේශපාලුවො තමන්ගෙ කොට්ඨාසයේ අඩුපාඩු දකින්නෙ තමන්ගෙ හෙන්චයියන්ට අවශ්‍ය ආකාරයට තමයි මේවා නිවැරදි කරන තුරු රටට සෙතක් වෙන්නෙ නැහැ

:       0       0

සමිත් Monday, 05 February 2024 12:55 PM

මෙතුමා ගමන් කරන හැම හෙලිකොප්ටර් එකම කැඩේවා කියා පතනවා...

:       14       50

Prabha Monday, 05 February 2024 01:32 PM

බර වියදම් ඇති... හරියට වලව්වේ පොල් මුරේ විකුණලා අරන් දුන්නා වගේ කතාව...

:       17       35

අරවින්ද මොනරවිල Monday, 05 February 2024 01:41 PM

ඔන්න රටේ නායකයෝ ප්‍රශ්න විසඳන ආකාරය, එයාගේ හෙලිකොප්ටර්ය කැඩුණොත් විතරයි රටේ ප්‍රශ්න තියෙනවා කියලා දැනගන්නේ... මෙහෙම ගොන් පාර්ටි දාන ඔවුන්ගෙන් රටට ඇති වැඩේ මොකක්ද?

:       24       40

Rajun de Silva Monday, 05 February 2024 03:02 PM

මුන් අපේ සල්ලි වලින් අරන් දීලා රටට පේන්න කෑ ගහන්නෙ උගෙ අරව දෙක විකුණල ඒව අරන් දුන්න වගේ

:       15       30

chandima Monday, 05 February 2024 11:32 PM

අයහපත් කාලගුණයට බිමට බාපු ටිකට ඔහොම බෙදනවානම් ,බිමට කදාගෙනම වැටුනානම් මොනවා ලැබෙයිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 41 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1717 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4601 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3402 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3513 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site