IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘හල්දුම්මුල්ලේ ගල පිට ගලේ මිනිස් මුහුණක්‘

ල්දුම්මුල්ල, කිරිමැටිය නිදන්ගල කන්දේ ගලපිටගල මින් වසර පන්දහසකට පමණ පෙර සිටි මිනිස්සුන්ගේ නිර්මාණයක් බව පෙනේ යැයි කැලණිය විශ්ව විද්‍යාලයයේ පුරා විද්‍යා අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව කියයි.

මහා ගල් පර්වතයක් මත වූ කුඩා ගල් කිහිපයක් සිරස් අතට පිහිටි මහා ගල අපූරු නිර්මාණයක් බවත්,එය මිනිස් මුහුණක් ලෙස හැඩ ගැන්වීමට අතීත මිනිසා වෑයම් කළ බව පෙනෙන බවත් මහාචාර්ය සෝම දේව පවසයි.

අඩි 30ක් පමණ උස් වූ මෙම ගල් කුට්ටිය හුදකලාව පිහිටියේය.

මුඛය ඇතුළු මුහුණේ අංග ලක්ෂණ ඉස්මතු කිරීමට එදා නිර්මාණකරු උත්සාහ කර ඇතැයි ද, එම පාෂණය ස්වභාවික හේතු මත වෙනස්කම් වලට කල්ව ඇතැයි ද ඔහු කියයි.

උතුරු කදුකරය දෙස බලා සිටින ආකාරයට මෙම ගල තබා ඇත.

මෙම ගල ඇඟිල්ලෙන් සෙලවිය හැකි වුවත් අත ගසා සෙලවිය නොහැකි බව ජනප්‍රවාදයේ එන කතාවකි.

ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වූ දියළුම ද ලංකා ඇල්ල ද මේ ආසන්නයේ පිහිටියේය.

 

 



අදහස් (0)

‘හල්දුම්මුල්ලේ ගල පිට ගලේ මිනිස් මුහුණක්‘

ඉන්දුල Sunday, 08 September 2013 08:23 PM

මෙයට අදාල නියම හැඩරුව ඉස්මතුවෙන ඡායාරූප මාසතුව ඇති බැවින්, මෙහි දමා ඇත්තේ ඉදිරිපස පෙනුම නිසා. වඩා පැහැදිලීම මිනිස් රුව ඉස්මතු නොවේ. තවද උසම දිය ඇල්ල බඹරකන්ද වන අතර. මෙහි ලගාවිය හැක්කේ කළුපහණ හන්දියෙන් හැරී බඹරකන්ද දිය ඇල්ලට යන පාරේ මද දුරක් ගොස් ය.(නදී)

:       0       0

ඉන්ද්‍රලාල් Tuesday, 10 September 2013 08:38 AM

මම නම් අසා තියෙන්නේ උසම දිය ඇල්ල බබර කන්ද දිය ඇල්ලබවයි.එහි උස අඩි 790 වේ.(අ)

:       0       0

දාස් Sunday, 08 September 2013 08:40 PM

මෙවැනි මුණක් සද මතත් තියෙනවා නේද?(නදී)

:       0       0

කුමාර රත්නායක Sunday, 08 September 2013 08:45 PM

පොඩි නිවෑරදි කිරීමක්. ලංකාවේ උසම දියඇල්ල බඹරගල නේද?(නදී)

:       0       0

සේනාරත්න Sunday, 08 September 2013 08:50 PM

වසර පන්දහසකට පෙර මිනිස්සු හිටියානම්, ඒ අයගේ ජීවන රටාව පිළිබඳව යම් තොරතුරක් දැන ගැනීමට හරිම ආසයි. ඒ අපේම මුතුන් මිත්තන් නිසා.(නදී)

:       0       0

දර්ශන Sunday, 08 September 2013 08:54 PM

තවත් සංචාරක ආකර්ශනයක්.(නදී)

:       0       0

සදුනි Sunday, 08 September 2013 08:49 PM

චින්තන ඔයා හරි. මේවා ස්වභාව ධර්මයේ නිර්මාණ.හැබැයි කවුරුහරි දක්ෂ කළා කරුවෙකුට දැන් හොද නිර්මාණයක් කරන්න පුළුවන්. එය ඉතිහාස ගතවේවි.(නදී)

:       0       0

හේමන්ත Sunday, 08 September 2013 09:07 PM

ගල් පෙරේතයෙක්ද කොහෙද, ඔය බන කතා වල තියෙන්නේ ඕන තරම් උදාහරණ.(නදී)

:       0       0

සමන් රන්වල Monday, 09 September 2013 06:48 PM

ගල් කදු මුදුන් වල ඔය වගේ හැඩ තියෙන ගල් රැදැව්වේ මොකක් හරි පනිඩයක් දෙන්න වෙන්න ඇති. අවිස්සාවෙල්ල තල්දූව අතර කදු මුදුනකත්, කෑගල්ලේ යට්ටෝ ගොඩත් ඔය වගේ තනි මිනිස් හිස් වගේ ගල් තියෙනවා.(නදී)

:       0       0

රංගශානි Monday, 09 September 2013 12:44 PM

මේකත් අර කෙනා මවලා කියලා කියන්න එපා හරිද? (ස)

:       0       0

විජේ Sunday, 08 September 2013 10:03 PM

අනේ ඕකට නිදන්ගල කන්ද කියලනම් කියන්න එපා අහවල්ලු දැන ගත්තොත් නිදන් හාරන්න යාවි.(නදී)

:       0       0

රූපවතී Sunday, 08 September 2013 10:44 PM

ඔය ආදිකාලෙ හිටිය අපේ කිරිකිත්තෝ "බැලන්සින් රොක් " විනෝදයට කළ දේ වෙන්න ඇති. විනෝදයට කරලා තිබෙනවා මිනිසුන් විශ්මිත දේවල්. මීට වඩා ලස්සනයි. නිර්මාණශීලියි. (නි)

:       0       0

අජිත් බෙන්තොට Friday, 13 September 2013 01:50 PM

ඕක බලන්න ඉතින් අපේ අරගොල්ලෝ වාහන නවත්ත නවත්ත යාවි (නි)

:       0       0

සිව Sunday, 08 September 2013 10:46 PM

ලංකාවට අලුත් ඉතිහාසයක් සොයා දුන් මහාචාර්යතුමාට ස්තුතියි (නි)

:       0       0

සෙනිල් Monday, 09 September 2013 12:18 AM

කව්ද ඉතින් අරයගේ මුහුන වගේ තමයි. (නදී)

:       0       0

නීල් රණා Monday, 09 September 2013 01:28 PM

ගුණපාල, කියන දේ අඩක් හරි. නමුත් මේ රටේ මිනිස්සුත් ඇත්ත හෝ බොරු ඕනෙම යමක් පිළිගන්න සූදානම් කිඹුලා කාපු කට හඬකින් නලවල කියනවානම්, තමුන් කැමති වර්ණය ඇඳගෙන ඉන්නවානම්, තමන් අයත් කුල ගෝත්‍රය හෝ පක්ෂය හෝ දහම නියෝජනය වෙනවා නම් වැනි තවත් බොහෝ කරුණු කාරණා අනුවයි. ආචාර්ය මහාචාර්ය වරුත් ඒ සමාජමයි නියෝජනය කරන්නේ. ඒනිසා විචාරාත්මකව විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව කටයුතු කිරීම අත්‍යාවශ්‍යයි. එහෙත් විද්‍යාවට කෙලින්ම හසු නොවන දේත් තිබෙනවා. නිදසුනක් ලෙස හල්දුම්මුල්ලේ ගල පිට ගල මඟින් ස්වභාව ධර්මය හෝ වෙනත් විශ්ව බලයක් පුන පුනා කියන්නේ 'බියටපත් සැඟවුණු මිනිසා' ගැන බවයි මගේ අර්ථකතනය. (ස)

:       0       0

ගාමිණී කුවෙයිට් සිට Monday, 09 September 2013 03:04 AM

මගේ ඇස්වල දෝෂයක්ද මන්දා. (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Monday, 09 September 2013 04:18 AM

පින්තුර වල හැටියට නම් මේ ගල තියෙන්නේ අමාරුවෙන් ළඟා වියයුතු දුෂ්කර තැනක නෙමෙයි. ඒ විදිහේ තැනක අවුරුදු 5000ක්ම තිබුණු මිනිස් මූණ මේ මහාචාර්යවරයා දකිනතුරුම කවුරුවත් දැකලා තිබුණේ නැද්ද? (නි)

:       0       0

සත්‍යපාල Monday, 09 September 2013 05:30 AM

රාජ් සෝමදේව මහත්තයා මේ ගැන අදහසක් දක්වා තිබෙන්නේ ඔහු යමක් දන්නා නිසාය. නීල්-රානා,චින්තක පෙරේරා,මිනිපෙ , අමාර වැනි අය පත්තරේ දැකපු එක ඡායාරූපයක් බලා අර පුරා විද්‍යා මහාචාර්යවරයාගේ අදහස විහිළුවක්,පිස්සුවක් ලෙස සලකා ඔහුට නිර්ධය ලෙස අපහස කරන්නට තරම් පෙළඹිලා.පෙනෙනවාද නොදැනුවත්කමේ මහත.නීල්-රානා කොහොමත් හැමදාම ලියන්නේ ලෝකයේ හැම දෙයක්ම දන්නා එකම පුද්ගලයා එයා කියලා හිතාගෙන. (නි)

:       0       0

නීල් රණා Monday, 09 September 2013 07:04 AM

දන්නදේ තිබෙන්නේ හංගාගෙන ඉන්න නෙමෙයි. ගල පිට ගල මානව නිර්මාණයක් බවට තහවුරු කළ හැකි සාධක සොයාගෙන තිබේනම් පුරා විද්‍යා පර්යේෂණ පත්‍රිකාවක් ලෙස එළිදක්වන්න. දෙවන පිංතුරයේ දැක්වෙන ශීර්ෂ පිළිමයට අනුව වුවත් සෝම දේවගේ මතය බැහැර කළ නොහැකි වගේම මා එය ප්‍රතික්ෂේප කර නැහැ. මෙහි ඇති ඡායාරූපයට අනුව කිවහැක්කේ දුරින් පෙනෙන මූලික භෞතික සිද්ධාන්ත පමණයි. එම සිද්ධාන්තවලට අනුව දණහිස් දෙකක්, අත් දෙකක් හා හිසක් සහිත මූලික හැඩතල ස්වභාවිකවම නිර්මාණය වී තිබෙන බව ස්ථිරයි. (නි)

:       0       0

රාජපක්ෂ Sunday, 08 September 2013 05:10 PM

මේ නිර්මාණයට සමාන මුහුණක් මෙතන තියෙනවා. අපහාස කරනවා නෙමේ.(නදී)

:       0       0

තුසිත Monday, 09 September 2013 07:56 AM

ලංකාවේ උසම දිය ඈල්ල දියළුම නෙවේ බඹරකන්ද. ලංකා ඈල්ල ආසන්නයේ හා හල්දුම්මුල්ල ආසන්නයේ තියෙන්නේ බඹරකන්ද. දියළුම ඈල්ල තියෙන්නේ කොස්ලන්ද ආසන්නයේ.

:       0       0

ටිරල් Sunday, 08 September 2013 05:35 PM

මෙතනත් ඉන්නවා ඔය වගේ කෙනෙක්.(නදී)

:       0       0

කීර්ති Monday, 09 September 2013 08:13 AM

ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල දියළුම ද? බබරකන්දද ?

:       0       0

රූපවතී Sunday, 08 September 2013 06:01 PM

අපේ වරුණ මල්ලි, හදිස්සියක් වෙලා ඉක්මනට බිම ඉදගන්න හදනවා වගෙයි මට නම් පෙනෙන්නේ.(නදී)

:       0       0

පවන් Friday, 13 September 2013 03:34 PM

අනේ රටට ගිය කල! (නි)

:       0       0

අනුර Monday, 09 September 2013 08:29 AM

නම දාගන්න් කියන කෙබරයක්? ඔයාට වඩා කොච්චර හාස්කම් තියන ඒවා තියන රටක්ද ලංකාව. මෙයාගේ හොයාගෙනිමටද මහාචාර්ය පට්ටම දුන්නේ. (දී)

:       0       0

නීල්-රානා Sunday, 08 September 2013 06:06 PM

සුප්‍රසිද්ධ ඊ ටී වැනි පිටසක්වළ ජීවියෙකුගේ හිස ගල පිට ගල මුර්තිමත් කරන බවක් පෙනෙනවා. මෙය ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයක්. ඛාදන තල ආනති පාෂාණය පුරාම එක හා සමානයි. දෙවන මුර්තිය ලැබුනේ කවර පුරාවිද්යා කැනීමකදීද එය කොපමණ පැරණිද යන්න දැන ගැනීමට කැමතියි. පෙනෙන ආකාරයට නම් සියුම් හැඩතල ඇති එම ශීර්ෂයේ නිර්මාණකරුවා ඉතා ඈතම අතීතයක සිටි සැබෑ දක්ෂ කලාකරුවෙක්. (නදී)

:       0       0

ගමාට් Monday, 09 September 2013 03:03 PM

අපේ රටේ අට සමත් වුනත් බොහෝ දෙනෙක් කතාකරන්නේ උපාධි ධාරියෝ වගේ.(නදී)

:       0       0

ගයන්ත Sunday, 08 September 2013 06:31 PM

ඉතිහාස නිර්මාණ කරුවා අපට ඉතිරිකරලා තියෙන දේවල් වල වටිනාකම මෙතෙකැයි කියා නිම කල නොහැක.(නදී)

:       0       0

චින්තක පෙරේරා Sunday, 08 September 2013 06:40 PM

දිගටම මෙවෙනි දේවල් දැකලා හිතේ ඇතිවෙන සමානතාව නිසා කරන සාක්ෂි නැති හිතලුවක් බවයි පෙන්නේ. විවිධ රූප වලට සමාන මේ වගේ ඛාදනය වුනු ගල් කඳු ඕනේ තරම් ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ තියෙනවා. මගේ මතකයේ හැටියට ඇමෙරිකාවේ ග්‍රෑන්ඩ් කැන්යොන් ප්‍රදේශයේත් ඕනේ තරම් මෙවැනි රූප වලට සමාන ස්වභාවික ගල් පර්වත දකින්න පුළුවන්. ඒ වුනාට කිසිම පූරා විද්‍යඥයෙක් ඒවා මිනිස් කෘතියි කියල නෑ. (නදී)

:       0       0

අමාර Sunday, 08 September 2013 06:47 PM

ස්වභාව ධරමයා තමා නියම නිර්මාණ කාරයා.(නදී)

:       0       0

රනා Monday, 09 September 2013 10:03 AM

කාටද වැරදුනේ ..ලංකාවේ උසම කන්ද දියළුම ...එතකොට බඹරකන්ද ..ගලක් දිහා බලාගෙන ගල් පැලෙන බොරු කියන ආචාර්යවරුත් ලංකාවේ ඉන්නවද. (ස)

:       0       0

කීල්-රානා Sunday, 08 September 2013 07:09 PM

මහමෙව්නා සමාධි පිළිමයට වඩා සිය දහස් වාරයක් ගුණාත්මක වූ සුවිශේෂ භාව ප්‍රකාශණාත්මක නිර්මාණශීලීත්වයක සැබෑ දේශීය ඌරුව හඬගා කියන ශීර්ෂ පිළිමය ආරක්ෂා කරගන්න.(නදී)

:       0       0

මිනිපෙ Sunday, 08 September 2013 07:19 PM

චින්තක පෙරේරා හරියටම හරි.(නදී)

:       0       0

රොෂාන් Tuesday, 24 September 2013 08:49 AM

මට නම් මිනිහෙක් වගේ පෙනෙන්නෙ නැහැ ඔය ගල (නි)

:       0       0

ගුනේපල ලංකා Monday, 09 September 2013 10:55 AM

අපේ රටේ මහාචාර්යවරුන් වැඩිදෙනෙකුගේ කියමන් පිළිගන්න ගොඩක් දෙනා කැමති නැහැ. මොකද විද්‍යාත්මක පදනමක පිහිටා කරුණු කරන ඉදිරිපත් නොකිරීමත්, විචාරන්මකව නොබැලීමත්, මම තමඊ ඔක්කොම දන්නේ පදනමේ සිතීමත් නිසා. මේකත් සාක්ෂි නැති හිතලුවක් බවයි පෙන්නේ (දී)

:       0       0

කුමාර් Monday, 09 September 2013 04:43 PM

මේ ගල් වැඩ දැන් ඉන්න ලංකාවේ මිනිස්සුන්ගේ වැඩ නොවෙයි. මේවා ඇත්ත නම් එය "කුවෙනිගේ" මුල් පරම්පරාවේ නෙෆිලීම්වරු ලංකාවේ හිටපු පැරණි යෝධයන්ට අයිති සෙනඟකගේ වැඩ විය යුතුයි. (ස)

:       0       0

නිදුල චිත්මල් සිල්වා Sunday, 08 September 2013 07:25 PM

දැක්කා නේද සොභාව ධර්මයාගේ ආශ්චර්ය ? මේවා අපේ පෞරාණික සම්පත් තව මිනිසෙකුට කල නොහැකි කොතරම් දේවල් සොභාව ධර්මය නිර්මාණය කර ඇති අපූරුව මේවා අපි ඉදිරියට රැක ගත යුතු වේ. එයින් අපේ අනාගත පරපුරටත් මේවා පෙන්විය හැක. ඒත් සමහර මිනිස්සු මේ වයේ අගය ගැන කිසිවක් දන්නේ නැහැ. අප මෙහි අගය ඔවුන්ටත් කියා දුන්නොත් ඔවුනුත් මේවා ආරක්ෂා කිරීමට පෙළඹෙයි. එය අපට මේවා ආරක්ෂා කිරීමට මහත් පිටුවහලකි.(නදී)

:       0       0

අනුර ප්‍රිය කුමාර Monday, 09 September 2013 11:05 AM

ලංකාවේ උසම දිය ඇල්ල බඹර කන්ද ගලපිට ගල අසල ඇත්තේ බඹර කන්ද වේ

:       0       0

ප්‍රියන්ති Sunday, 08 September 2013 08:02 PM

පුරාවිද්‍යාව මෙවැනි දේවලටත් සම්බන්ධ වෙනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1122 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 67 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1152 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 191 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2038 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32285 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23828 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site