IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


හෙල්මට් එකක් නැති වුණැයි අ'පුර දුම්රිය නවත්තයි

 

 

(උපුල් හේරත්)

 

අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ යතුරුපැදි ගාලක තිබූ හිස් වැසුමක්  කිසියම් අයෙකු සොරාගෙන ගොස් ඇති හෙයින් එහි හිමිකරු වන දුම්රිය ආරක්ෂක නියාමක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අද (18) සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

මේ නිසා අනුරාධපුර සිට කිලිනොච්චිය දක්වා ගමන් ගැනීමට නියමිතව තිබූ දුම්රිය ධාවනය නොවු බව  අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානය කියයි.

ඊයේ (17) රාත්‍රී හතයි පහළොවට පමණ අනුරාධපුර ප්‍රධාන දුම්රිය නියාමක පී.කේ.පී.පිරිස් මහතාගේ  හිස් වැසුම නාදුනනා අයෙකු විසින් සොරාගෙන ගොස් ඇත.

දුම්රිය ස්ථානයේ යතුරුපැදි ගාලේ නිසි ආරක්ෂාව නොමැති බව පවසමින් ඊට විරෝධය පල කිරීම සඳහා මෙම නියාමක මහතා ඇතුළු එම ශ්‍රේණියේ නිලධාරීන් විශාල පිරිසක් සේවයෙන් ඉවත් වී ඇත.

එසේ සේවයෙන් ඉවත්වීම නිසා ඊයේ උදෑසනඉ08.05 ට පමණ අනුරාධපුර සිට කිලිනොච්චිය දක්වා ධාවනය වීමට තිබූ දුම්රිය ගමන් කර නැතැයි කියයි.

මෙම හේතුව නිසා යාපනයේ අරවිල් නගර් විශ්ව විද්‍යාලය දක්වා යෑමට සිටි  විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසකට ගමනාගමනයට බාධා එල්ල වී ඇත එපමණක් ද නොව විදෙස් ජාතිකයින් විශාල ප්‍රමාණයක් ඊයේ දින පැමිණ සිටි බව අනුරාධපුර දුම්රිය ස්ථාන අධිකාරි කේ.සි.ආර්. නවරත්න මහතා පැහැදිලි කළේය.

 



අදහස් (27)

හෙල්මට් එකක් නැති වුණැයි අ'පුර දුම්රිය නවත්තයි

ලසන්ත Wednesday, 18 September 2024 10:30 AM

හප්පා.. මොන රටක්ද අනේ මේ? තවටික දවසකින් තමුන්ගේ අඹුඩේ නැති වුණා කියලත් රාජකාරිය නවතා දමාවි!

:       0       59

ඔලුව හිස්, වැසුම් අනවශ්‍යයි Wednesday, 18 September 2024 10:31 AM

හරිම පරාර්ථකාමී අය -- අපි ඉතිං දේශපාලකයන්ට බැණ බැණ ඉමු නේද ....

:       1       116

Kokila Wednesday, 18 September 2024 10:35 AM

වහාම මොහු ගේ සේවය තහනම් කළ යුතුයි

:       0       57

යෝගා Wednesday, 18 September 2024 10:40 AM

හිස් වැස්මත් නැති වුණ එකේ අරෑගේ ඔලුවත් ගලෝලා අතට දුන්නානම් වැඩ වර්ජන, ටික දවසකට හරි, නවතිනවා.

:       0       99

Manjula Wednesday, 18 September 2024 10:58 AM

මේ වගේ වැඩ නම් හරිම වැරදි මිනිස්සු කී දෙනෙක් අමාරුවේද?

:       0       83

hemantha Wednesday, 18 September 2024 11:02 AM

මෝඩ රැළක්.... තමන්ගේ සේවයේ වගකීම ගැන නොදන්න මොවුන්ව වහාම සේවයෙන් පහ කළ යුතුයි

:       0       96

රම්බොඩ Wednesday, 18 September 2024 11:33 AM

අතිශය පෞද්ගලික කාරණාවලටත් වැඩ වරනවා. මේවා කාට කියන්නද ?

:       0       84

කුමාර Wednesday, 18 September 2024 11:48 AM

මෙහෙම අයත් එක්ක රටවල් හදන්න පුලුවන්ද? මෙම රථගාලේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. ඒ වුණාට ඒකට දුම්රිය වර්ජනක් කරන්න ඕනද? අනේ මන්දා? මෙහෙම ගියොත් වැඩවර්ජනවලට තෙරුමක්වත් තියෙයිද කියලා.

:       0       84

Asanka Wednesday, 18 September 2024 12:12 PM

මේ වගේ දේවල් වල්ටත් වැඩ වර්ජයන කරන උන් රාජ්‍ය සේවයෙන් එළවන්න ඕනී. කාලකන්නි හැත්ත. රට කන්නේ දේශපාලුවෝ විතරක් නෙවි, මුන් ඊට එහා...

:       0       91

මැක්ස් Wednesday, 18 September 2024 01:08 PM

ඔය නියාමක උන්නැහේ මාලිමාකාරයකු වීමට ඇති ඉඩකඩ ඉතා වැඩියි.

:       23       27

Lalla Wednesday, 18 September 2024 01:22 PM

මේ මොන විකාරද? රාජකාරී කාලය තුළ අපේ කොතරම් දේ නැතිවෙලා තියනවාද? මෙහෙම රාජ්‍ය සේවය අඩපණ කර නාස්තිකරන රාජ්‍ය සේවකයින් අස්කර දාන්න නීති අවශ්‍යයි...

:       0       31

Prabha Wednesday, 18 September 2024 01:41 PM

ගෙදර ගෑණි පැනලා ගියත් මොවුන් වර්ජනය කරන කාලේ වැඩි ඈතක නෑ...

:       0       35

තරංග Wednesday, 18 September 2024 01:47 PM

ලංකාවේ තියෙන පජාතම අසික්කිතම දෙපාර්තමේන්තුව ගහලා පන්නන්න ඕනෑ මේ වගේ යක්කුන්ව...!

:       0       31

අක්කුණ්ඩා Wednesday, 18 September 2024 02:11 PM

ස්ටේෂන් එකේ ඔෆිස් එකක් නැද්ද? ඒකෙන් තියන්න තිබ්බනේ. මේ තොත්ත බබාලගේ සූප්පුවක් බැරි වෙලා ආවත් වර්ජනේ. මිනිස්සු කී දෙනෙක් අමාරුවේද එක කඩාකප්පල්කාරියෙක් නිසා. වහාම මොහු ඇතුළු මේ කඩාකප්පල්කාරී වර්ජනයට සම්බන්ධ හැමෝම සේවයෙන් ඉවත් කරන්න ඕනෑ. මේවාට සමාව දීලා හුරතල් කරන්න ඕනෑ නෑ...

:       0       26

JayanthaWednesday, 18 September 2024 03:08 PM

වර්ජකයෝ සේවයෙන් පහකරන්නේ නැත්නම් එදින සිදු වූ පාඩුව වර්ජනයට සම්බන්ධ සියලු දෙනාගෙන්ම සමානව එකවරම අයකරන්න ඕන. එහෙම නොකරන පාලකයන්ව සේවයෙන් පහකිරීමට කටයුතු කරන්නත් ඕන.

:       0       16

Rata Perata Wednesday, 18 September 2024 02:21 PM

රාජ්‍ය කළමනාකරණය පොඩිම තැන ඉදලා සුද්ද කරන්න කාලය හරි... සංගම් කාරයන්ගේ පදේට නටන්න නම් රජයක් සහ නිලධාරින් ඕනැ නැ

:       0       21

පබා ගමගේ Wednesday, 18 September 2024 02:30 PM

හෙල්මට් පලඳින්නේ මොලේ ආරක්ෂාවට. මෙයා ට ආරක්ෂා කරන්න යමක් තියනවාදැයි සැකයි මේ ප්‍රතිචාරය පිලිබඳව සිතන විටදි. කවුද මෙහෙම ආබාධිතයින්ට වග කිවයුතු තනතුරු දීල තියෙන්නෙ.? මේ වගේම කෙනෙක් වෙන්න ඇති.

:       0       20

රටගොන් Wednesday, 18 September 2024 02:37 PM

හෙල්මට් පලඳින්නෙ මොලේ ආරක්ෂාවට. මෙයාට ආරක්ෂා කරන්න යමක් තියනවා දැයි සැකයි. මේ ප්‍රතිචාරය පිළිබඳව සිතන විටදී. කවුද මෙහෙම ආබාධිතයින්ට වගකිවයුතු තනතුරු දීලා තියෙන්නේ.? මේ වගේම කෙනෙක් වෙන්න ඇති.

:       0       13

පිටිගල මිලානෝ Wednesday, 18 September 2024 02:43 PM

අළුත් ආණ්ඩුව ඉස්සෙල්ලාම අත ගහන්න ඕනේ දුම්රිය මාෆියාවට සහ විදුලිබල මණ්ඩල මාෆියාවට.

:       0       20

ශමිල්Wednesday, 18 September 2024 03:08 PM

මම හිතන්නේ රේගුවෙන් පටන්ගන්න ඕන. රාජ්‍ය භාන්ඩාගාරයටත් ලොකුම උදව්ව ඒකෙන් ගන්න පුළුවන්.

:       0       12

Silva Wednesday, 18 September 2024 02:53 PM

මෝඩ වැඩක්..!

:       0       11

Don perea Wednesday, 18 September 2024 03:00 PM

මේ වගේ සත්තු ලෝකයේ කොහේවත් නැතිව ඇති...

:       1       14

Sas Wednesday, 18 September 2024 04:13 PM

ලංකාවේ ඇති අකාර්යක්ෂම දෙපාර්තමේන්තුවකි දුම්රිය දෙපාර්තමේන්තුව.

:       0       7

RS Wednesday, 18 September 2024 05:07 PM

දේශපාලකයන්ට කඩේ ගිහින් ගත්ත ජොබ් එකක් වෙන්න ඇති..

:       0       0

සජිත් Thursday, 19 September 2024 07:08 AM

අනුරට දෙන්ඩ හිටියෙ....දැන් නම් රනිල්ට දෙන්නේ.....මොකද අනුර ආවොත් මේ වගේ එවුන් කරන්ඩ දෙන්නෙ නැති බව ඉර හද වගේ විශ්වාසයි.. ..

:       0       2

NWS KUMARA Thursday, 19 September 2024 07:44 AM

පොදු දේවල් වලට මෙහෙම වර්ජනය කරන්න කවුරුත් නැද්ද ?

:       0       1

Haramanis Saturday, 21 September 2024 08:53 AM

මේක නම් අමු ගොනෙක්.. මේක දේශපාලන පල හිලව්වක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 115 0

ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තෝරා ගත් බව මතිවරණ කොමිසම් සභාවේ ආනන්ද රත්නායක මහතා නිල වශයෙන් ප්


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5344 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 836 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4136 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3775 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2483 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16871 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 264 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site