IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


හොලිවුඩයටත් ගිය අලිමංකඩ Army Officer

2016-12-04-ent-100

චන්ද්‍රන් රත්නම්ගේ ‘අලිමංකඩ’ චිත්‍රපටයේ හමුදා නිලධාරියා ඔබට මතකද?

කොටි සාමාජිකාවක සමඟ පෙම්සබඳතාවක්‌ ගොඩනගාගත් ඒ හමුදා නිලධාරියා, ඒ වගේම සෝමරත්න දිසානායකගේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ පතිරාජ සෙනවි කියන චරිතය හරහා වඩාත් කතාබහට ලක් වූ අශාන් ඩයස්‌ හොලිවුඩ් චිත්‍රපටයකටද රංගනයෙන් එක්‌ව තිබෙනවා. පසුගියදා තිරගත වීම ආරම්භ වුණු සෝමරත්න දිසානායකගේ ‘සරිගම’ චිත්‍රපටයේ කැප්ටන් ටෝනි හරහා ප්‍රේක්ෂක ඔබට හමුවන්නේත් අශාන් ඩයස්. ඔස්ට්‍රේලියාවේ ගෘහනිර්මාණ ශිල්පියෙක් විදියට කටයුතු කළ අශාන් මෙවර ලංකාවට පැමිණ ඇත්තේ ස්ථීර පදිංචිය සඳහා. ඒ නිසා ඉදිරියේදී වැඩි වශයෙන් අපට ඔහුව කලාව තුළින් දකින්නට ලැබෙයි.

 

කවද්ද ලංකාවට ආවේ. කොහොමද ජීවිතේ?

2016-12-04-ent-96ඔව් අවුරුදු 9ක් ඔස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට ඇවිත් දැන් මාස දෙකක් විතර වෙන්නේ. ජීවිතය දැන් ටිකක් වෙනස් හැබැයි සතුටින්. මම ජීවිතය විඳින කෙනෙක්.

 

ඒ සිනමාව නිසාද?

ඔව්. සිනමාව නිසා ජීවිතේ ඇතිවුණ වෙනසක් කිව්වත් හරි.

 

ආයේ විදෙස් ගත වෙන්නෙ නැද්ද?

එහෙම තමා හිතාගෙන ආවේ සහ හිතාගෙන ඉන්නේ. මොකද සෑහෙන කාලයක් තිස්සේ හිතලා ගත්ත තීරණයක්. ඒ නිසා දිගටම ලංකාවේ ඉන්නවා. ලේසි නැහැ. ඔක්කොම අතහැරදාලා ආවේ.

 

ඔබ වෘත්තීය රංගන ශිල්පියෙක්ද?

මීට මාස තුනකට කලින් ඔයා ඔය ප්‍රශ්නෙ ඇහුවනම් එකට උත්තරේ නැහැ, නමුත් දැන් රංගනයට මම මුල් තැනක් දෙන ස්ථාවරයේ ඉන්න නිසා වෘත්තීය රංගන ශිල්පියෙක් විදියට හැඳින්වූවත් වරදක් නැහැ.

 

එතකොට ඔබ තුළ ඉන්න ගෘහනිර්මාණ ශිල්පියාට මොකද වෙන්නේ?

ඒක ඉතින් මට ඉඩ ලැබෙන විදියට කරගෙන යනවා. මොකද මම උගත් දේ නිසා ඒක අතහැරලම දාන්නේ නැහැ. පවුලේ අයගේ එතකොට මිතුරන්ගේ ඉල්ලීමක් ආවොත් කරලා දෙනවා.

 

ඔබේ කලාවේ ආරම්භය ගැන මතක් කළොත්?

කලාවට කියන්නේ, පොඩි කාලේ ඉඳන්ම අවුරුදු 4 ඉඳන් වගේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. ඉංග්‍රීසි සහ සිංහල නාට්‍යවල. එතනින් ඇතිවුණු ඇබ්බැහි වීමක් කිව්වොත් හරි. ඊට පස්සේ උසස් පෙළ කරන කාලේ ශේක්ෂ්පියර් නාට්‍ය උළෙලට ආවා. එතැනදී මට හම්බවුණා ජෙරොම් ද සිල්වා මහතා. මම එතුමා එක්ක අවුරුදු 7ක් ලයනල් වෙන්ට්ඩ් එකේ වැඩ කළා. මම රඟපෑ ඉංග්‍රීසි නාට්‍යයක්‌ බලන්න දවසක්‌ චන්ද්‍රන් රත්නම් මහතා ඇවිත් හිටියා. නාට්‍ය අවසානයේදී එතුමා මා හමුවට ඇවිත් ඔහුගේ ‘අලිමංකඩ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න කැමතිද ඇහුවා. ඒ අනුව තමයි මම අලිමංකඩ චිත්‍රපටයේ හමුදා නිලධාරියාගේ චරිතය රඟපෑවේ.

 

එතැනින් එහාට ඔබේ රංගන කටයුතු?

ඔව්. ඉංග්‍රීසි නාට්‍යවල රඟන ගමන් ගෘහ නිර්මාණ ශිල්පයට අදාළව‌ උපාධිය ලබාගත්තා. ඉතින් ‘අලිමංකඩ’ චිත්‍රපටයේ රඟපෑවට පස්සේ මම ලංකාවෙ හිටියේ නෑ. ඔස්ට්‍රේලියාවේ හිටියේ. එහි ඉගෙන ගනිද්දි 2011 දී චන්ද්‍රන් රත්නම් මහතා තවත් චිත්‍රපටයක රඟපාන්න ආරාධනා කළා. ඒක හොලිවුඩ් චිත්‍රපටයක්‌. ‘අ කොමන් මෑන්’ චිත්‍රපටයට. එහි සහාය චරිතයක්‌ කළා. ප්‍රධාන චරිතය රඟපෑවේ සර් බෙන් කිංස්‌ලි. රත්නම් මහතා මට කිව්වා පොඩි චරිතයක්‌ කරන්න තියෙන්නේ කියලා. නමුත් මම කැමැති වුණා. මොකද මම එය විශාල භාග්‍යයක්‌ විදියට දැක්කේ. ඔස්‌කාර් සම්මානයට පාත්‍ර වූ බෙන් කිංස්‌ලි වැනි ප්‍රවීණයෙක්‌ සමඟ රඟපෑම.

 

පතිරාජ සෙනවි චරිතය හරහා බොහෝ දෙනෙක් අතරට ඔබ ගියා. කොහොමද ලැබුණු ප්‍රතිචාර?

2016-12-04-ent-99ඔව්. මම ඊළඟට රඟපෑ චිත්‍රපටය තමා සිරි පැරකුම්. මට ආරාධනා කරද්දීම මට කිව්වා මුල සිට අග දක්වාම දිවෙන චරිතයක් කියලා. ඉතින් පිටපත කියවලා බැලුවමත් මට ආසා හිතුණා. ඉතින් ඉතාම අාසාවෙන් කරපු චිත්‍රපටයක් ඒක. මම හිතුවටත් වඩා ඉහළ ප්‍රතිචාර ලැබුණා. ලොකු කුඩා හැමෝම පතිරාජ සෙනවි චරිතයට කැමතියිනේ.

 

අමතක නොවන අත්දැකීම් එහෙම ඇතිනේ?

ගොඩක් අමතක නොවන අත්දැකීම්  තියෙනවා. අපි රෑගත කිරීම් කරන්න කලින් සති තුනක් විතර අපි හැමදාම උදේට අශ්වයාගේ පිටේ යන්න පුහුණුවීම් කළා. නමුත් එක් රෑගත කිරීමකදී කන්දක් උඩ රෑගත කිරීමකදී මමයි අශ්වයයි දෙන්නම වැටුණා. තව පරාක්‍රමබාහු කුමාරයා එක්ක රඟපෑ හැම සිදුවීමක්ම අමතක නොවන සිදුවීම්. ප්‍රමුදිත ඉතාම කුඩා කාලේ නිසා සෙට් එකේ හැමෝටම ඒ කොටස් නම් අමතක වෙන එකක් නැහැ.

 

අපි සරිගම ගැන කතා කළොත්,  කැප්ටන් ටෝනි  චරිතයටත් ඔබේ කැමැත්තක් තිබ්බද?

මට 2015 දී සෝමරත්න දිසානායක මහතා මට කතා කරද්දී මම හිටියේ ඔස්ට්‍රේලියාවේ, මට කතා කරලා කිව්වා අලුත් චිත්‍රපටයක් කරන්න හදන්නේ The Sound of Music චිත්‍රපටය පාදක කරගෙන ලංකාවට ගැළපෙන විදියට කරන්න හදන්නේ කියලා. මම කලින් ඒ චිත්‍රපටය බලලා තිබ්බා. මෙහි හොලිවුඩ් චිත්‍රපටය ගත්තොත් මේ කැප්ටන් ගේ චරිතය කරලා තිබ්බේ අති දැවැන්තයෙක්. ඉතින් ඒ වගේ කෙනෙක් කළ චරිතයක් කරන්න ලැබීම භාග්‍යයක් විදියට මම හිතුවේ. අනිත් අතට නැවත වතාවක් සෝමරත්න මහතා එක්ක වැඩ කරන්න ලැබීම සහ මම ගොඩක් කැමති කෙනෙක් පූජා. ඉතින් පූජා උමාශංකර් ප්‍රධාන චරිතය කරනවා කිව්වම, මට ඉතින් බැහැයි කියන්න කිසිම හේතුවක් තිබ්බේ නැහැ.

 

කොහොමද ඒ අත්දැකීම. අශානුත් කැප්ටන් ටෝනි තරම්ම සැර කෙනෙක්ද?

ඔව් ඒ චරිතය ටිකක් මුරණ්ඩු තනි තීරණ ගන්න චරිතයක්. මමත් මම කරනදේ හරි කියලා හිතලා වැඩ කරන කෙනෙක්. නමුත් මට තේරුම් කරලා දුන්නොත් මේ දේ වැරදි කියලා මට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා කැප්ටන් ටෝනි තරම් මම මුරණ්ඩු නැහැ. මට වෙනස් වෙන්න පුළුවන්. මට ඒ චරිතය කරන්න අමාරු වුණේ නැහැ.

 

දැනට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. නමුත් මගේ සමීප මිතුරන් කිහිපදෙනෙක් මට කිව්වා මුලදී අධි රංගනයක් වගේ පෙනුණා පස්සේ නම් ඒක එහෙම දැනුණේ නැහැ කියලා. ඒක තමා මට මාධ්‍ය දර්ශනයේදී ලැබුණු ප්‍රතිචාර අතර වෙනස්ම ප්‍රතිචාරය. මොකද අපි අපිම අපේ රංගනය ගැන කතා කරනවා. මොකද ඒ තුළින් තමා අපිට අපේ අඩු පාඩු හදාගන්න පුළුවන් වෙන්නේ. මට වුණත් බලන බලන හැම සැරයකම වැරදි පේනවා. එහෙම නොවුණොත් මේ ක්ෂේත්‍රය තුළ රුඳිලා ඉන්න එකේ තේරුමක් නැහැ. මොකද අපිට හැමදාම ඉගෙන ගන්න දේවල් තියෙනවා කියන තැන මම ඉන්නේ.

 

කොහොමද ඉදිරි නිර්මාණ?

නිර්මාණ කිහිපයකට ආරධනා ලැබිලා තියෙනවා. සිනමාව පැත්තෙන් නිර්මාණ තුනකට ආරධනා ලැබුණා. ඒ අතර එකක් නම් මට ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. තව එකක් මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ වගේම මගේ මිතුරෙක් වන තරුණ සිනමා අධ්‍යක්ෂක උදාර අබේසුන්දරගේ ඊළඟ නිර්මාණයට සහභාගි වෙන්න ඉන්නවා. ඒ වගේම පුංචි තිරයේ නිර්මාණයකටත් ආරධනා ලැබුණා. එකේ වැඩ කටයුතු මේ මාසේ අග හෝ ජනවාරි මාසේ පටන් ගන්න ඉන්නේ.

 

නිෂ්පාදනයට හෝ අධ්‍යක්ෂණයට එන්න අදහසක් නැද්ද?

එහෙම තැනකට එන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නමුත් මම හිතන්නේ නැහැ මේ නුදුරු මෑතකදී නම් එහෙම දෙයක් මට කරන්න බැරි වෙයි. මේ ඉදිරි අවුරුදු දෙක තුන ගෙවෙන විදියට තමා ඔය දේ තීරණය කරන්න වෙන්නේ.

 

පවුලේ විස්තර?

මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අයියයි මල්ලියි. මම දැන් විවාහකයි. මගේ  බිරිය මේඛලා.

 

ඇය කැමතිද ඔබේ කලා කටයුතු වල යෙදෙනවට?

එයාගෙන් සීයයට දෙසීයක් සහයෝගය තියෙනවා. ඒ සහයෝගය රංගනයට විතරක් නෙවෙයි. මගේ සියලු කටයුතු වලට මේඛලා සහයෝගය දෙනවා. එයාගේ තියෙන තේරුම් ගැනීම කැපකිරීම තුළින් තමා අද මේ ගමන වුණත් ආවේ.

 

අනාගත බලාපොරොත්තු?

මම ලොකුවට අනාගත බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්නේ නැහැ. ඒක හොඳ පුරුද්දක් නොවෙනවා ඇති. නමුත් මම ආදරය කරන දේ තුළ සතුටින් ඉන්න කැමැති කෙනෙක්.

 

අවසාන වශයෙන් කියන්න යමක් ඇති?

මගේ මේ ගමන එන්න උදව් කළ සියලු දෙනාම මතක් කරන්න ඕනේ. මුලින්ම මගේ අම්මා. මොකද පොඩි කාලේ අපිට ඇහෙන්න සුරංගනා කතා පොත් කියවනවා අම්මා ඒ තුළින් තමා අපි නොදුටු ඒ ලෝකයක් ගැන ආසාවක් වගේම උනන්දුවක් ඇති කළේ. ඊට පස්සේ වේදිකාවට ආරධනා කළ ජෙරොම් ද සිල්වා මහතා වගේම සිනමාවට එන්න උදව් කළ චන්ද්‍රන් රත්නම් මහතාත් ඊට පසු මාව නිර්මාණවලට සම්බන්ධ කර ගත්ත සෝමරත්න මහතාට සහ රේණුකා මහත්මියටත් මම ස්තූතිවන්ත වෙනවා.

 

අනූෂා රණසිංහ / ‍සේයාරූ I සුමුදු හේවාපතිරණ

 

2016-12-04-ent-100
2016-12-04-ent-98
2016-12-04-ent-97



අදහස් (0)

හොලිවුඩයටත් ගිය අලිමංකඩ Army Officer

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1405 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1884 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1486 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8424 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2461 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10425 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site