IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


හොලිවුඩ් ගිය 'ටොම් පචයෝ'

2017-01-04-ent-75

අසූව දශකයේ මුල් භාගයේ දී රෝයි ද සිල්වාගේ "ගෙදර බුදුන් අම්මා" චිත්‍රපටයෙන් රංගන ශිල්පියෙකු ලෙස දොරට වැඩි කීත් රංග, පහුගිය කාලය පුරාම ජීවත් වූයේ අමෙරිකාවේය.වසර 24කට පසුව තම මවු රටට පැමිණි කීත් රංග කියා සිටියේ ඔහු කවදාවත් මුල අමතක නොකරන මිනිසෙක් කියායි.

එදා ගැටවර වියේදී මට සිනමා නළුවෙකු වන්නට අත දුන් රෝයි ද සිල්වා අයියා හා සුමනා අමරසිංහ අක්කා මගේ ජීවිත කාලෙටම අමතක කරන්න බැහැ. 2016 වසරේ මුල් භාගයේදී රෝයි අයියාට හා සුමනා අක්කාට මම හොලිවුඩයේ දැවැන්ත උපහාර උළෙලක් පැවැත්වුවා. ඒ සතුට මගේ හිතේ හැමදාම තියේවි", දිගු කතාබහකට මුලපුරමින් කීත් රංග අප හා පැවසුෙව්ය.

 

කීත් රංගනයට යොමුවුණේ කොහොමද?

2017-01-04-ent-74ඇත්තටම ඒක හරිම දෛවෝපගත සිදුවීමක්. අපේ පාසැලේ මම රඟපාපු නාට්‍යයක් වේදිකාගත වුණු දවසක එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණේ ගරැ අර්නස්ට් පෝරැතොට පියතුමා. ඔහු නාට්‍ය අවසානයේදී මට සුභ පතන ගමන් කිව්වා රෝයි ද සිල්වා අලුත් චිත්‍රපටයක් හදනවා, ඒකට මාව යොමු කරන්න කැමතියි කියලා. පෝරැතොට පියතුමාගෙ ලියුමකුත් අරගෙන මම එදා රෝයි අයියයි සුමනා අක්කයි මොරටුව ගෙදරදි මුණගැහුණා. එහි ප්‍රතිඵලයක් හැටියට මට රෝයි අයියගේ "ගෙදර බුදුන් අම්මා" චිත්‍රපටයෙන් මුල්වරට නළුවෙක් වෙන්න අවස්ථාව ලැබුණා. ඒ දෙදෙනාටම මගේ ගෞරවය හා භක්තිය හැමදාම තියෙනවා.

 

ඔබ තවත් චිත්‍රපට කීපයකම රඟපෑවා නේද?

ඔව් රෝයි අයියා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කීපයක මෙන්ම වෙනත් නිෂ්පාදන එකක දෙකක පමණ රඟපෑවා. ඒ කාලයේදී තමයි මට අමෙරිකාවට යන්න අවස්ථාව ලැබුෙණ්. මම ඒ අවස්ථාව පැහැර හැරියෙ නැහැ.

 

ඔබ අමෙරිකාවට නොගියානම් ඔබට නළුවෙක් හැටියට හොඳ ස්ථාවරයක් ලබාගන්න තිබුණා නේද? ඒ ගැන හිතද්දි ඔබට අද කනගාටුවක් ඇතිවෙනවද?

නැහැ. එදා ගත්තු ඒ තීරණය ගැන මම කිසිම විදිහකින් පසුතැවෙන්නෙ නැහැ. මොකද මම අද ජීවිතේ යම් ස්ථාවරභාවයක් ලබලා තියෙන්නෙ එදා ගත්තු තීරණ නිසයි. ඒත් කලාවට හා සිනමාවට මට එදා තිබුණ දැඩි ආසාව බිඳුවක්වත් අඩුවුණේ නැහැ.

 

ඔබ රෝයි අයියා සමඟ අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වුණා නේද?

ඔව්. ඒ චිත්‍රපටය තමයි "සිහින ලොවක් සොයා". ඒ චිත්‍රපටය රෝයි අයියා අධ්‍යක්ෂණය කළා. නිෂ්පාදනය කළේ ඇණ්ඩි සමරසේන සහ සුමනා අමරසිංහ එක්ක. ඒ චිත්‍රපටය අමෙරිකාවේ හා ලංකාවේ රෑපගත කළා - අමෙරිකා රෑපගත කිරීම් සඳහා සියලුම සම්බන්ධීකරණ රාජකාරි කළේ මම. ඊට අමතරව මම ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකුත් රඟපෑවා.

 

ඊට පස්සෙ ඔබ තවත් චිත්‍රපටයක් කළා නේද රෝයි - සුමනා යුවළත් සමඟ?

ඔව්. ඒ චිත්‍රපටයේ නම "ටොම් පචයෝ". ඒකෙ මංගල දර්ශනය පසුගියදා හොලිවුඩයේ පැවැත්වුණා විශාල ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයෙන්. ඒ චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර අති විශිෂ්ටයි - "සිහින ලොවක් සොයා" සහ "ටොම් පචයෝ" ළඟදීම ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කරන්නට කටයුතු සූදානම් කරගෙන යනවා.

 

ටොම් පචයෝ චිත්‍රපටයෙත් ඔබ ප්‍රධාන චරිතයක් රඟපානවා?

ඔව්. එහි ප්‍රධාන චරිතය රඟපාන ගමන් සියලුම සම්බන්ධීකරණ වැඩ කළෙත් මමයි. මේ චිත්‍රපටයේ ජගත් චමිල, සාරංග දිසාසේකර, සචිනි අයේන්ද්‍රා, රෝයි හා සුමනා අමරසිංහත් රංගනයෙන් දායක වුණා. හොලිවුඩයේ සම්පූර්ණයෙන්ම රෑපගත කළ මුල්ම සිංහල චිත්‍රපටය තමයි "ටොම් පචයෝ". ඉතාම සංවේදී හා හාස්‍යජනක සිද්ධීන් අළලා රෝයි අයියා ලියූ කතාවක් ටොම් පචයෝ. එදා මංගල දර්ශනයේදී ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාම ඉහළ මට්ටමක තිබුණා.

 

 



අදහස් (0)

හොලිවුඩ් ගිය 'ටොම් පචයෝ'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1310 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2334 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1021 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9543 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3579 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site