IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හලාවත ආරක්ෂාව තරකරයි

හලාවත ධීවරයාගේ මරණයට හේතුව වෙඩි උණ්ඩයක් හිසට ඇතුළුවීම බව හලාවත රෝහලේ අධිකරණ වෛද්‍ය ඩී කේ විජේවර්ධන මහතා නිගමනය කළේය. හලාවත මහේස්ත්‍රාත්  ජගත් ඒ කහඳගම මහතාගේ නියෝගයෙන් මේ පරීක්ෂණ පැවැත්වූයේ  දෙදරැ පියකු වන හලාවත එගොඩවත්තේ වර්ණකුලසූරිය ඇන්ටනි පනාන්දු මහතාගේ (32) මරණය සම්බන්ධයෙනි. ඔහුගේ මළගම සෙනසුරාදා (18) සිදුකිරීමට නියමිතය. ඔහුගේ බිරිය මැදපෙරදිග සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටියාය . පොලීසිය හා යුදහමුදාව නගරයේ ආරක්ෂාව තරකැර ඇත. හමුදා බෆල් රථ ද තැන තැන රඳවා ඇත. පෙර දින ගැටුම් සිදුවූ වැල්ල පාරේ සිට කණ්ඩායම් වශයෙන් නගරයට පැමිණීමට පොලීසිය අවසර නොදෙයි. නගරය සාමකාමීව ඇත. මළ ගෙදරට කළුකොඩි ද ඔසවා ඇත. වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්ර මහතා පොලිස් සුභසාධක අරමුදලින් රුපියල් පන්ලක්ෂයක චෙක්පතක් පවුලේ සමීප ඥාතීනට භාර දුන්නේය. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පොලිස් නිලධාරීන්ගේ රැස්වීමක් සඳහා හලාවතට පැමිණීමට ද නියමිතව සිටියේය. මියගිය ධීවරයාගේ දරු දෙදෙනා   කලු කොඩි දමමින් මියගිය ඇන්ටනී ප්‍රනාන්දු ධීවරයා



අදහස් (0)

හලාවත ආරක්ෂාව තරකරයි

ඩාර්ක් ඒන්ජල් Thursday, 16 February 2012 11:44 AM

සල්ලිවලින් පුළුවන්ද ජීවිතේ වටිනාකම දෙන්න? පොලීසිය මේ වගේ වැඩ කරන්නේ කාගේ උවමණාවටද?

:       0       0

ගාල්ලෙ එවුන් Thursday, 16 February 2012 11:49 AM

යුද්දෙ දිනුවට වැඩක් නෑ රට අරාජික වෙලා.

:       0       0

ජීවන්ත Thursday, 16 February 2012 11:55 AM

සල්ලි දුන්නට පව් සේදෙනවද? දීවරයාගේ ජීවිතයේ වටිනාකම රුපියල් ලක්ෂ පහද?

:       0       0

චන්න Thursday, 16 February 2012 12:23 PM

අනේ පවු පොඩිවුන් දෙන්නා. මේකෙන් පොඩිවුන්ට තමයි වන්දි ගෙවන්න වෙන්නේ..

:       0       0

සුනන්ද රණසිංහ Thursday, 16 February 2012 12:30 PM

පවු අහිංසක දරුවො? මේ අයගේ වගකීම කවුද බාරගන්නේ?

:       0       0

Katta Thursday, 16 February 2012 12:44 PM

මේක මහ අපරාධයක්..

:       0       0

හේමන්ත Thursday, 16 February 2012 12:57 PM

මේවට වන්දි නෙමේ. වැරදි කායන් හොයල දඩුවම් දෙන්න ඕන...

:       0       0

ලකී Thursday, 16 February 2012 12:58 PM

අන්තිමට කියයි මෙයාම වෙඩි තියාගෙන කියලා.. අබුඩාබි අපගේ ශෝකය..

:       0       0

අමර Thursday, 16 February 2012 01:01 PM

පොලිසීයට පුළුවන් ඔන්න ඔය වගේ අහින්සකයෙක්ට වෙඩි තියන්න

:       0       0

ශාන්ත Thursday, 16 February 2012 01:10 PM

මේකද සාධාරණය?

:       0       0

Tin..Tin.. Thursday, 16 February 2012 01:10 PM

හරිම පව් පොදි අය දෙන්නා.

:       0       0

ශාන්ත Thursday, 16 February 2012 01:11 PM

කෝ සාධාරණය?

:       0       0

sltk2004 Thursday, 16 February 2012 01:14 PM

පොලිස් අරමුදචලෙන් සල්ලි දුන්නේ පොලිසියෙන්ද වෙඩි තිබ්බේ? වෙඩි තැබූ අය දණහිසට වෙඩි නොතිය ඇයි හිසට වෙඩි තිබ්බේ?

:       0       0

සුරාජ් Thursday, 16 February 2012 01:44 PM

පොලීසිය රැකිය යුත්තේ දේඥපාලන+යන් නොව නීතිය හාසාමය යි.

:       0       0

කුමාර Thursday, 16 February 2012 01:53 PM

ලක්ෂ 5ක් දුන්න සේරම ඉවරයි.

:       0       0

කපිල Thursday, 16 February 2012 02:17 PM

මානව හිමිකම් කඩ කරනවා

:       0       0

සමන් Thursday, 16 February 2012 02:29 PM

අපරාදෙ දරු පැටව් දෙන්නා.

:       0       0

මොහොමඩ් රස්මින් Thursday, 16 February 2012 02:31 PM

අලව්ව දුම්රිය අනතුරට රියදුරු වැරදිකාරය වගේ මේකටත් මැරුණු කෙනා වැරදිකාරය වෙයිද දන්නෙ නැහැ.

:       0       0

abc Thursday, 16 February 2012 02:30 PM

මේකත් කාගෙ හරි කුමන්ත්‍රණයක්ද කොහෙද?

:       0       0

Hassan Mansoor Thursday, 16 February 2012 02:46 PM

ඇන්ටනී ඉල්ලුවේ මිල මුදල්වත්, රජකමවත් නෙමේ. අඩු මිලට භූමි තෙල් බෝතලයක්.

:       0       0

milannafe Thursday, 16 February 2012 02:51 PM

කව්රු කලත් මෙය මිනි මැරුමක්. ලක්ෂ 5 ට මනින්න පුලුවන්ද ජීවිතේ?

:       0       0

yaser Thursday, 16 February 2012 02:59 PM

දරු දෙන්නාගෙ සම්පූර්ණ නඩත්තුව වෙඩිතියපු අය ගෙවන්න ඕන..

:       0       0

හසිත සම්පත් Thursday, 16 February 2012 03:02 PM

මිනිස් ජීවිතයක වටිනාකම ලක්ෂ 5ද?

:       0       0

හරිත Thursday, 16 February 2012 03:03 PM

අප දන්නා විදියට රටක ආරක්ශක අංශ සිටින්නේ රටේ පොදු ජනතාවගේ ආරක්ෂාවටය. එසේ නම් රටේ ජනතාවගේම සල්ලි වලින් මිල දී ගන්නා ජීව උණ්ඩ වලින් රැක ගත යුත්තේ ජනතාව රවටා මහ මගට ඇද දමන අමන දේශපාලකයන් නොව යුක්තිය වෙනුවෙන් මොර දෙන ජනතාවය.

:       0       0

cool boy Thursday, 16 February 2012 03:07 PM

සෙනෙහස පූදා අම්මාවරුන් වගේ දහඩ්ය හෙලා මහ සාගරය වගේ ඔවදන් දෙවා අගනා මූතූ මැනික් වගේ ඇති දැඩ් කළා අප සමණල පැටවූ වගේ............

:       0       0

නාමල් Thursday, 16 February 2012 03:28 PM

මේකට වගකියන්න ඕනෙ අහිංසක ජනතාව උසිගන්වපු අයයි. අපිත් හලාවත. අපි දන්නව ඇත්තටම වෙච්ච දේ. කඩු, කැති, මන්න උස්සන් එන අයට බණ කියල වැඩක් තියේයැ. හමුදාව වැරදි නෑ...

:       0       0

නුවන් පෙරේරා Thursday, 16 February 2012 03:41 PM

කොටින්ට වෙඩි තියපු තුවක්කු අද ජනතාවට!!!

:       0       0

රොහාන් මුණසිංහ Thursday, 16 February 2012 03:49 PM

මුළු මරන එකට දිට්ඨ ධම්ම වේදනීය කර්මය තමයි මේ...

:       0       0

උපුල් Thursday, 16 February 2012 04:02 PM

ඇන්ටනී ඉල්ලුවේ මිල මුදල්වත්, රජකමවත් නෙමේ. අඩු මිලට භූමි තෙල් බෝතලයක්. එත් එක යට විතරක් නෙවේ අපි සියලුදෙනාටම.

:       0       0

කරු ජයපාල Thursday, 16 February 2012 04:28 PM

වෙන රටක නම් ඉල්ලා අස් වෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 10 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 866 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1482 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 415 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 926 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2253 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35656 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site