IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


හලෝවෙන් ඇමැතිට බැනලා?

දෙරණ රූපවාහිනියේ වාද පිටිය වැඩ සටහන අතරතුරේ දී තමාට අපහාස වන ලෙස දුර කතන ඇමතුමක් ලබා දුන් පුද්ගලයකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

එම පුදාගලයාට එරෙහිව අපහාස නඩුවක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයාගේ පැමිණිල්ලේ සඳහන් වන්නේයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

දුරකතන ඇමතුමක් දුන් අසන්නා තමාට අභූත ලෝදනා කරමින් අපහාස කළැයි ඇමැති අලුත්ගමගේ මහතා දොස්තර රමේෂ් පතිරණ මහතා ද සමඟ නැඟිට යන්නට පෙර දෙරණ වැඩසටහන් පක්ෂග්‍රාහී බවත් චෝදනා කළේය.

එම අසන්නා සිය චෝදනාවෙන් කිසිවකුගේ නමක් නොකී නමුත් අලුත්ගමගේ මහතා කීවේ එම චෝදනාව තමන්ට සංවිධානාත්මක ලෙස එල්ල කළ බවයි.

වැඩසටහන මෙහෙය වූ චතුර අල්විස් එම සිද්ධිය ගැන කණගාටුව පලකරමින් පැවසුවේ ඇමැති තම නාලිකාවට නැගූ චෝදනා පදනම් විරහිත බවයි. ඔවුන් ගිය පසු එක්සත් ජාතික පක්ෂයේ අජිත් පෙරේරා මහතා සහ ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති මහතා පමණක් ඉතිරි විය.

වැඩසටහන තෙවැනි වටයට නොගොස් අවසන් කැරිණි.



අදහස් (0)

හලෝවෙන් ඇමැතිට බැනලා?

කෝසල Thursday, 04 December 2014 06:57 AM

පුහුල් හොරා කරෙන් දැනෙයි.....(නදී)

:       0       0

චන්න Thursday, 04 December 2014 06:57 AM

පක්ෂග්‍රාහී නාලිකා ගැන කතා කරන්න නම් අපිටත් පුළුවන්. ඔබතුමාට ඒ සම්බන්ධයෙන් නම් කියන්න කිසිම දෙයක් නැති බව මගේ අදහස !(නදී)

:       0       0

නිරෝෂන් Thursday, 04 December 2014 06:59 AM

අසන්න හරි. මමත් බැලුවා. හොද වැඩේ (නදී)

:       0       0

නිරෝෂන් Thursday, 04 December 2014 07:01 AM

හසී ඔයාල රට කනවා. උදව් කරන්න එපා. (නදී)

:       0       0

චරිත Thursday, 04 December 2014 07:02 AM

විවාදයට කටඋත්තර නැති කෙනාට නාලිකාව "ඇදයි " කිව්වා වගේ (නදී)

:       0       0

සරත් Thursday, 04 December 2014 07:10 AM

ඇමති තුමාට ටිකක් තරහා යනවා අපි එ්ක දන්නවා.(හේ)

:       0       0

ජනිත් Thursday, 04 December 2014 11:10 AM

ඇයි මෙච්චර මෙයාට තරහා ගිහින්.(හේ)

:       0       0

කරුණාජීව Thursday, 04 December 2014 11:13 AM

බන්ධුල කොහොමද මේ අදහස් දක්වන්නේ (දිල්)

:       0       0

සදුන් Thursday, 04 December 2014 11:14 AM

ඇමතිතුමා අන්තිමට කියපු හොරට විභාග ලියපු පෙරකදෝරුවා කවුද දන්නේ නැහැ නේද?(දිල්)

:       0       0

ශාන් Thursday, 04 December 2014 07:16 AM

ඇමතිතුමා නම් කාටවත්ම බැනලා නැතුව ඇති නේද?(හේ)

:       0       0

මොහාන් Thursday, 04 December 2014 07:19 AM

ප්‍රශ්නේ අහපු මහත්තයටත් තියෙන්නේ අපහාස නඩුවක් දාන්න,, (හේ)

:       0       0

ගමගේ Thursday, 04 December 2014 07:20 AM

ඉතින් දුරකතන ඇමතුම දුන් පුද්ගලයා කාගේවත් නමක් කිව්වේ නැහැනේ? ඔහුට විරුද්ධව නීතියෙන් කිසිම දෙයක් කරන්න බැහැ. (හේ)

:       0       0

ජනක Thursday, 04 December 2014 08:00 AM

දාන්න ඕන ෆයිල් ටික එළියට මේ ඔක්කොගෙම..(හේ)

:       0       0

රංජිත් Thursday, 04 December 2014 08:02 AM

නිර්භිත අසන්නේක් ඔබට ජයවේවා.(හේ)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 04 December 2014 08:08 AM

එම පුද්ගලයා අහපු ප්‍රශ්නය ඉතාම පැහැදිලියි. අන්න වෙබ් අඩවියක හඩ පටය තිබෙනවා. පුලුවන්නම් අහන්න. (ර)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 04 December 2014 08:10 AM

ඔහොම තමයි අහන්න ඕනේ. හැමදාමත් ඉවසන්න පුලුවන්ද. (ර)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 04 December 2014 08:11 AM

ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා හොද නිහතමානී කෙනෙක්. කිසිම හොර බොරුවක් නැති කෙනෙක්. (ර)

:       0       0

එරංදතී Thursday, 04 December 2014 08:12 AM

කියන්න කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි.(හේ)

:       0       0

දුමින්ද Thursday, 04 December 2014 08:16 AM

පාපන්දු ක්‍රීඩාව දියුණු කරන්න දීපු මුදල් මොකද උනේ ඇමතිතුමෝ බහිරවය කෑවද ? ඔබට විශාල චෝදනා තිබෙනවා බලන් ඉන්න ! (බ)

:       0       0

ප්‍රියංග Thursday, 04 December 2014 08:31 AM

ඉල්ලගෙන කෑම කියන්නේ ඕකට තමා. (ර)

:       0       0

සුනෙත් Thursday, 04 December 2014 08:57 AM

දැන් මෙතුමාට තියෙන්නේ පැත්ත මාරු කරන්න. (ර)

:       0       0

සිරිනිමල් - වත්තල Thursday, 04 December 2014 08:59 AM

පබසරා, ඔබ හරියට හරි. අබ කාපුඑකාගේ මොලය දනවා කියල කතාවක් තියෙනවා තමයි. (ර)

:       0       0

චමල් Thursday, 04 December 2014 09:20 AM

කතාකරපු කෙනා හොයන්න එංගලන්තයට යන්න වෙයි. (ස)

:       0       0

කසුන් Thursday, 04 December 2014 09:22 AM

ආරංචි විදියට නම් ලන්ඩන් ඉදන් තමයි කතා කරලා තියෙන්නේ. (නදී)

:       0       0

මධුක Thursday, 04 December 2014 09:40 AM

කොහෙද යන තොප්පියක් මෙතුමා ඇදල දා ගත්තා වගේ කියලයි මට නං හිතෙන්නේ. හැබැයි සයිස් එක නං හරි වගේ. එතකොට පාර්ලිමෙන්ට් එකේ සෙන්කොලේ උස්සල ඒකට අපහාස කරපු එක ගැන මොකද කියන්නේ? (නදී)

:       0       0

උපුල් Thursday, 04 December 2014 09:44 AM

ඇත්ත තිත්තයිනේ.(හේ)

:       0       0

සමන්ති Thursday, 04 December 2014 01:54 PM

මෙහෙම කිව්වනම් හරිද ? මෙතන හොරු නොවන දෙන්නෙක් ඉන්නවා.(හේ)

:       0       0

හංසි Thursday, 04 December 2014 06:11 AM

ඇමති තුමනි වාද පිටිය අහන්නේ අපි. තීරණය ගන්නේ අපි. මෙහෙම දාල ගියොත් ජනාදිපති වරණය කොයිබටද? ජනතාවට කතා කිරීමට ඇති කාලයෙන් ප්‍රයෝජනය ගන්න. මේ කාලය රන් හා සමානයි (නදී)

:       0       0

හංසි Thursday, 04 December 2014 06:12 AM

අපහාස නඩු දාන්න බෑ. හේතුව තමයි නරඹන්නා මහින්දා නන්ද කියල කිව්වේ නෑ. මේතන ඉන්න තුන්දෙනත් එක්ක ලොකු හොරෙක් ඉන්නවා කියල තමයි කිව්වේ. මහින්දානන්ද සද්ද නැතුව හිටියා නම් වැඩේ ෂේප් වෙනවා. (නදී)

:       0       0

මොහාන් Thursday, 04 December 2014 06:15 AM

මමත් ඕක ඇහුවා. එකේ සිද්ධ වුනේ පුහුල් හොර කරෙන් දැනේ වගේ වැඩක්. (හේ)

:       0       0

සමන් Thursday, 04 December 2014 06:17 AM

අයියෝ පවු ඇමති තුමා.(හේ)

:       0       0

සමන් Thursday, 04 December 2014 06:19 AM

දැන් නඩු දැම්මත් වැඩක් නැහැ (නදී)

:       0       0

හේමන්ත Thursday, 04 December 2014 10:14 AM

බැනුම් අහල මඩ කාල ඉවසා ඉන්න ක්‍රමය රනිල් මහත්තයාගෙන් අහගන්න. ඔබතුමා එතැන නැති අයට චෝදනා කලෙත් හරිම නොහොබිනා විදියට. පතිරණ මහතා ඉතාම හරවත් විදියට කතා කළා. (නදී)

:       0       0

රොහාන් Thursday, 04 December 2014 06:20 AM

අපි මේ වැඩසටහන් බැලුවා. මහින්දානන්ද අලුත්ගමගේ කෑවේ ඉල්ලගෙන. ඇමතුම දුන් අසන්නා කිසිවෙකුගේ නමක් සදහන් කලේ නැහැ. කොහොමත් මෙතුමා ගැන රටේ ජනතාවට ප්‍රස්නයක් තියනවා.(නදී)

:       0       0

ලුම්බිණි Thursday, 04 December 2014 06:22 AM

මෙම වැඩසටහන මමත් බැලුවා. ඇමතිතුමාගේ හැසිරීම ගැන නම් ඉතාම දුකයි. මෙම නාලිකාවට බලපත්‍රය දුන්නේ ආණ්ඩුව නිසා නාලිකාව ආණ්ඩුවට පක්ෂ වියයුතුය යන අදහසේ තමයි ඇමතිතුමා උන්නේ. (නදී)

:       0       0

මාටින් Thursday, 04 December 2014 06:25 AM

අසන්නා නමක් කිව්වේ නෑ. අපරාදේ ඇමතිතුමාට නිකන් කේන්ති ගියා නේද? (නදී)

:       0       0

රජිත් ඉතාලි Thursday, 04 December 2014 06:32 AM

ඉල්ලන් කෑවා. අනුන්ගේ තොප්පියක් දාගත්තේ පව් රටකට ගිය කල (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 04 December 2014 06:32 AM

පුහුල් හොරා ට උනෙත් ඕකමනේ. නිකම්ම කර අත ගෑවුනාලු. මෝඩකම කියල කියනවා මිසක් වෙන මොනව කියන්නද ?(නදී)

:       0       0

පතිරන Thursday, 04 December 2014 06:33 AM

ඇමතිවරු වාද විවාද මග හරින්න මොකක් හරි හේතුවක් හොයා ගන්නවා. දැනටමත් පරාජය පිළිඅරන් ඉවරයි. (නදී)

:       0       0

රේණුක Thursday, 04 December 2014 06:34 AM

හොරා ඉල්ලගෙන කෑවනම් ඒ කෝල් කරපු මනුස්සයා මොනවා කරන්නද ? කොහොමත් හංසි කියනවා වගේ නඩු දමන්න බැහැ. මොකද ඔහු නමක් කියල කාටවත් චෝදනා කලේ නැහැ. මුන් ඔක්කොම දැන් ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ මල පහ කරගන්න අමාරුයි (නදී)

:       0       0

ප්‍රියා Thursday, 04 December 2014 06:38 AM

දිගින් දිගටම චෝදනා නගද්දී දෙරණ මැදිහත් වීම මදි බවයි පේන්නේ (නදී)

:       0       0

හසිත් Thursday, 04 December 2014 06:38 AM

කොහෙවත් පාවෙලා ගිය තොප්පියක් නේද මේ දමා ගත්තේ ? තමන්ට අපහාස කලා කියල කොහොමද හරියටම කියන්නේ ? (ම)

:       0       0

දිලාන් Thursday, 04 December 2014 06:42 AM

රුපවාහිනි නාලිකා පක්ෂග්‍රාහී වීම ගැන කතා කරන්න ගියොත් ඇමතිතුමාට කොහොමත් නැගිටලා යන්න වේවි. (ම)

:       0       0

බුද්ධි Thursday, 04 December 2014 06:42 AM

එතුමාට එක ඇමතුමයි ආවේ. එතුමාට පුලුවන් නම් වෙස්වලාගෙන රටේ ඇවිදින්න ජනතාව කියන ඒවා අහලා පොලොව පලාගෙන තමයි යන්න වෙන්නේ.(හේ)

:       0       0

රණවක Thursday, 04 December 2014 10:37 AM

ඉල්ල්ලන් කෑම ඇදගෙන නෑම කියන්නේ මේකට සහෝදරවරුනි (නදී)

:       0       0

අසිත් Thursday, 04 December 2014 06:45 AM

හොරෙක් හොරකම් කරන්නේ නැති බැරි කමට. හොරට වුනත් හොරා කිව්වම ඇතිවන අවමානය සුළුපටු නොවේ. හෙලා දකිනවා.(හේ)

:       0       0

ඇන්ටන් Thursday, 04 December 2014 06:45 AM

ඇයි මෙච්චර තරහා ගිහිල්ලා තියෙන්නේ .(හේ)

:       0       0

පබසරා Thursday, 04 December 2014 06:46 AM

අබ කාපු එකාගේ නහය දනවලු.(හේ)

:       0       0

සමන් Thursday, 04 December 2014 06:47 AM

අර කතවක් තියෙන්නේ පොලීසිය දැක්ක ගමන් හොරා දුවනවා කියලා මේකත් ඒවගේ තමයි.(හේ)

:       0       0

බුද්ධික Thursday, 04 December 2014 06:47 AM

මුණ දෙන්න බැරිවෙනකොට මොකක් හරි ඇදයක් හොයනවා. කට තිබුන්නට දිනන්න බැරි දේවල් කොච්චර තියෙනවද.(හේ)

:       0       0

මහේෂ් Thursday, 04 December 2014 06:48 AM

ඇදගෙන නෑවේ. මේ වගේ කට්ටිය තව ගොඩක් ඉන්නවා. අනාගතයේදී අනිත් අයටත් මෙහෙම වෙයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 100 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1359 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2810 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1756 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2959 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38549 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site