IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හූවෙන් පස්සේ උද්ඝෝෂකයෝ කොටුවෙති

වැලිවේරිය රතුපස්වල පිට්ටනියේ සාමකාමීව උද්ඝෝෂණයේ නිරතවෙමින් සිටින තමනට පිට්ටනියෙන් එළියට පැමිණිය නොහැකි ලෙස පොලිස් රැකවල් දමා ඇතැයි උද්ඝෝෂකයෝ කියති.

උද්ඝෝෂකයන් සිටි පැත්තෙන් ඇතිවූ හූවෙන් පසුව පොලිසිය මේ පියවර ගෙන ඇතැයි ගැමියෝ කියති.

විසඳුමක් ලැබෙන තෙක් නොනැගිටින බව පවසමින් රතුපස්වල ගල්ලොලුව විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ආගමික වතාවත් සිදුකර පැදුරක් එළා බිම වාඩි වූහ.

පැමිණි පිරිසට බීමට ජලය සපයා ගැනීමට හෝ එළියට යා නොහැකි වන අයුරින් පොලිස් කැරළිමර්දන භටයෝ රැකවල් දමාගෙන සිටිති.

 ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් පිරිස ඇමතූ සංවිධායකයකුට පොලිසිය පැවසුවේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර ගෙන නොමැති නිසා වහා එය නවත්වන ලෙසයි.

විරෝධතාවේ යෙදී සිටින නීතීඥ පාලිත සේනාතරත්න මහතා පැවසුවේ උසස් පොලිස් නිලධාරියෙක් තමාට තර්ජනය කළ බවයි. ගැමියන්ගේ ගැටළුවට විසඳුම් ලබා නොදී පොලිසිය ගැමියන් පීඩාවට පත් කරන බව ද ඔහු පැවසීය.

මේ ගැන විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.



අදහස් (0)

හූවෙන් පස්සේ උද්ඝෝෂකයෝ කොටුවෙති

චන්ද්‍රාවතී Sunday, 28 July 2013 04:23 PM

මේව මේ පොඩි දේවල්නෙ. ඇයි මේ පොලිසියටත් රජයටත් බනින්නෙ. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 28 July 2013 04:41 PM

හොද අධ්‍යාපනයක් ලබපු අය නම් ඉදිරිය ගැන ටිකක් හරි හිතනවා (නි)

:       0       0

දම්මි Monday, 29 July 2013 07:03 AM

බල්ලෝ බුරති (නි)

:       0       0

ගයාන් Sunday, 28 July 2013 05:01 PM

අපේ පොලිච්යට කවුද නරකයි කියන්නේ, ඒගොල්ලෝ පගා ගහන්නේ නැහැ, මිනිමරන්නේ නැහැ, දේශපාලක මහත්වරුන් ඉදිරියේ දෙකට, තුනට නැමෙන්නේ නැහැ. මගේ අදහස නීති ගරුකයි කියායි. (නි)

:       0       0

සෙන්සා Monday, 29 July 2013 08:19 AM

මෙවැනි රැලි මර්ධනයෙන් නවත්තන්න බෑ. මිනිසුන්ගේ ඉතා මූලික අවශ්‍යතාවයක් ගැනයි මිනිසුන් කියන්නේ.මෙිකේ දේශපාලනයක් නෑ.(දී)

:       0       0

ආනන්ද ආර් Sunday, 28 July 2013 06:00 PM

එදානම් අපි ඇහුවේ "රාළහාමි මං පොලිසියෙ රාළහාමි මං - මහජනයගේ හිතවතා මෙ මං ...." කියලයි. (දී)

:       0       0

සමීර වී . Sunday, 28 July 2013 06:09 PM

පොලීසිය මෙතන ඉන්න අහිංසකින්ගේ ඇස් වලින් පිරිසිදු වතුර අරගෙන පොවන්න වගෙයි හදන්නේ බැටන් පොල්ලෙන් වතුර ගන්න හැටි පොලීසිය හොදට දන්නවා . (දී)

:       0       0

උපුල් - වැලිවේරිය Sunday, 28 July 2013 06:32 PM

චන්ද්‍රාවතී, කරුණාකරලා ඔයා මෙහෙට ඇවිත් වතුර ටිකක් බීලම බලන්න. ඊ‍ට පස්සේ නාලා කරලාහෙම කථා කරන්න. (දී)

:       0       0

පහන් Sunday, 28 July 2013 06:33 PM

අම්ම තාත්ත සහෝදරයෙක් යාලුවෙක් පොලිසියට එනවා දැක්කත් පොලිසියේ මහත්තුරු හැංගෙනවා උදව්වක් ඉල්ලයි කියල .කොළොන්නාවේ මන්ත්‍රී ටනම් සැලියුට් ගහන්නේ පැනල . (දී)

:       0       0

ප්‍රදීප් Sunday, 28 July 2013 06:44 PM

අපි කොච්චර විරෝධය පල කලත් පොලීසිය කරන වැඩ නවත්තන්නෑ. අහිංසක මිනිසුන්ගේ දුකට පොලිසිය උත්තර දෙන්නේ බැටන් පොලු වලින්ද?මේ සැහැසි කම් නවත්වන්නේ කෙසේද? (දී)

:       0       0

චන්දි Sunday, 28 July 2013 06:42 PM

පොලීසි ඕනේ නෑ. ගල් යුගයේ වගේ අපේ ප්‍රශ්න අපිම ගහ මරාගෙන බේර ගන්නම්. එයාල හිටියත් එච්චරනේ. (දී)

:       0       0

පාලිත මාලදිවයින Monday, 29 July 2013 09:19 AM

ඔය පොලිසියේ මහත්වරු ටික දැරනියගල නූරි වතු යායට යැවුවා නම් හොදයි. මොකද හරි නිර්භීත මහත්වරු. (නි)

:       0       0

නාත් රණසිංහ Sunday, 28 July 2013 07:47 PM

ටිරෝන්, අදද දන්නේ පොලිසිය දේශපාලනීකරණය වෙලා කියලා. (නි)

:       0       0

කුමාර Monday, 29 July 2013 10:34 AM

මං හිතන්නේ ලංකාවේ පොලීසිය කොම්පැණි කාරයන් ගෙන් ජරාව කාලත් නෑ එහෙම කන්නෙත් නෑ (දී)

:       0       0

ගිහාන් Sunday, 28 July 2013 10:20 PM

පොලිසිය කරන්නෙ මේ පිරිසට උදව්වක්. කන්නෙ බොන්නෙ නෑ කියලා ඉදගත්ත අයට හොරෙන් කෑවා බීවා කියලා වචන අහන්න වෙන්නෙ නෑනෙ දැන්. මොකද කාටවත් එලියට ‍යන්න බැහැනෙ. ඒ ගොල්ලන් උපවාසය නතර කරලා හරි නොකා නොබී මැරුණම හරි පොලිසිය යන්න දේවිනෙ. (නි)

:       0       0

පාලිත Sunday, 28 July 2013 10:39 PM

මේ කර්මාන්ත ශාලව කාගෙද දන්නෙ නැහැ (නි)

:       0       0

නිශේන්ද්‍ර Monday, 29 July 2013 11:40 AM

කර්මාන්ත ශාලාවේ බලය පේනවා නේද ? අනෙක වින්සන් මහතා ලංකාවේ ඉඳලම නැ වගේ. අපේ පොලිසිය වෙරි ගූඩ් හොඳේ. (දී)

:       0       0

පුංචි Sunday, 28 July 2013 02:35 PM

සියලුම දෙනා එකමුතුවෙමු. දෙපැත්තේම දෙසපාලකයින් විස්වාස කිරීමට අමාරුයි පනිනවා ,රිලව් වගේ. (දී)

:       0       0

නිශාන්ත Sunday, 28 July 2013 02:47 PM

මේ සිද්දෙයේදී පොලිසිය අකාරය ගැන මගේ පැහැදීමක් නැත (දී)

:       0       0

මලකි Monday, 29 July 2013 11:50 AM

පාලිත නමින් පෙනී සිටින්නේ මුස්ලිම් කෙනෙක් ඔයා ඔච්චරටම සිංහල නම් වලට අසද මොරෝක්කොවෙන් ආපු මහත්තයෝ (දී)

:       0       0

රුවන් Sunday, 28 July 2013 02:47 PM

පොලිසිය දන්නේ අහිංසකමිනිසුන්ට මෙවැනි චන්ඩිකම් පෙන්වන්න විතරයි . නුරිවත්තේ මිනිසුන් 50ක් පමණ මරල ගැහැනුදරුවන් සියගණනක් දුෂනයකරපු බලවතුන්ට දෙකටත් නැවෙනවා.මතකද මීතොටමුල්ලේ මෙවැනිම කුණු ප්‍රස්නෙකට පොලිස්සිය කාන්තාවකට හිරිහැරකරපු ආකාරය. පොලිස්සියක් තියෙන්නේ සාමාන්‍ය ජනතාවට සේවයක් කිරීමට මිස හිරිහැර කිරීමට නෙවෙයි (දී)

:       0       0

ලුම්බිණි Sunday, 28 July 2013 02:55 PM

මෙහෙමත් පොලිසියක්. (නි)

:       0       0

සරත් අතාවුද Sunday, 28 July 2013 03:00 PM

අන්තිමට කරන්නේ ඔක තමයි (දී)

:       0       0

වින්සන් Sunday, 28 July 2013 03:21 PM

මම ජීවත් වෙන්නේ යුරෝපා රටක.ලංකාවේ සහ මෙහෙ පොලිසියේ වෙනස ඔබලා දන්නවද?මෙහෙ පොලිසිය මහජනයාට ගරුකරනවා සහ ආරක්ෂා කරනවා.ලංකාවේ පොලිසිය...? (නි)

:       0       0

සත්‍යා Sunday, 28 July 2013 03:25 PM

ධනවතුන් ලාබය වෙනුවන් සියල්ල විනාශ කරයි .දුප්පත් මිනිස්සු දුකේදී දේශපාලනය ධනවතුන් අතබව මතක තියාගන්න (නි)

:       0       0

ටිරෝන් Sunday, 28 July 2013 03:31 PM

පොලිසියත් දේශපාලනීකරණය වෙලා වගෙයි. අහෝ ශ්‍රී ලංකා!(නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 368 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 222 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1511 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 391 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 832 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 531 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 612 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site