IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘හිසතෙල් ගෑමේ නැකත වැරැදියි‘ - මහින්ද

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ (16) මහනුවරදි හිසතෙල් ගෑමේ චාරිත්‍රයට සහභාගි විය.

මහනුවර ශ්‍රි දලදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු  මල්වතු අස්ගිරි මහා විහාර වලට ගොස් මහ නාහිමි වරුන් දෙනම බැහැ දැක ආශිර්වාද ලබා ගත් මහින්ද රාජපක්ෂ මහතා ගේ හිසතෙල් ගෑම අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ  සිදුකළහ.

මහින්ද රාඡපක්ෂ මහතා එහිදි පවසා සිටියේ මෙවර අවුරුදු චාරිත්‍ර පිළිබද ගැටලුවක් ඇති බවයි. අවුරුදු චාරිත්‍ර රට ගැන සිතා නොව පක්ෂය ගැන සිතා සාදා තිබෙන බවත් මේ අවුරුදු චාරිත්‍ර රජයේ අවශ්‍යතාවය අනුව සිදුවුවක් බවත් බස්නාහිර බලා තෙල් ගෑමේ නැකත තිබෙන බවත් ඒ ගැන මතවාදයක් පවතින බවත් එමනිසා 10.41 ට නොව 12 පසුවී හිසතෙල් ගෑම  උචිත බවත්ය.

මේ අවස්ථාව සදහා මහේන් රත්වත්ත,කෙහෙලිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාද සහභාගි වූහ.

vlcsnap-2016-04-16-04h58m43s128 vlcsnap-2016-04-16-04h59m05s90 පරයසි්එැක_2016416

 



අදහස් (0)

‘හිසතෙල් ගෑමේ නැකත වැරැදියි‘ - මහින්ද

කරු Sunday, 17 April 2016 06:04 AM

ජනවාරි 8 වැනි දා ඉඳල .. වැරදි නැකත්මයි එන්නේ ..... මේ.(අ)

:       0       0

ජගත්‍ Saturday, 16 April 2016 03:21 PM

මතවාද පතුරවන බව නම් පේනවා. පාට කණ්ණාඩියෙන් බලනකොට පෙනෙන්නේ එහෙම තමා (නි)

:       0       0

සත්‍යපාල Saturday, 16 April 2016 03:35 PM

අවුරුදු ඇඳුම කොළ පාට තෝරාගත්තෙත් ඔය හින්දා වෙන්න ඇති. හැබැයි උඩින් නිල් යටින් කොළ උදවිය අවුරුදු නමින් කොළ ඇඳගෙන රටේ මිනිසුන්ට පෙන්නලා ලොකු සතුටක් ලබපු බව දන්නවා. එයාලට එදා හොඳට නින්ද ගියාලු. ඒ තමන්ගේ ඇත්ත පාට රටට පෙන්නාගන්න ලැබුන නිසා. (නි)

:       0       0

නසාර් Saturday, 16 April 2016 03:39 PM

රට ගැන හිතලා මෙතුමා හදන නැකැත් ගැන අපි නොදන්නවාද? (නි)

:       0       0

මලික් Saturday, 16 April 2016 03:50 PM

ඉතින් අපරාදෙනේ ඔබතුමා ගිහින් ගාගත්තේ (නි)

:       0       0

ටෙනිසන් Saturday, 16 April 2016 03:51 PM

දැන් ඕක වෙනස් කරන්න බැහැනේ මහත්තයෝ (නි)

:       0       0

රොහාන් Saturday, 16 April 2016 03:52 PM

නැකත හරි වුණත් වැරදි වුණත්, එහෙමත් නැත්නම් දෙවියන් රහසින් ඇවිත් ඔබතුමාට නියම නැකත කිවුවත්, කර්මයට පිටුපාන්න මේ ලෝකයේ කිසිම කෙනෙකුට බැහැ. ඔබතුමාගේ අධික තෘෂ්ණාව නිසා ඔබතුමා ඔබතුමාටත් නොදැනීම කර්මය නමැති අගාධයට තව තවත් ඇදී යනවා. පරම්පරා සීයකට ඔබතුමා ධනය උපයාගත් බව මේ රටේ නුපන් දරුවෙකටවත් රහසක් නොවේ. ලබාගත් කිර්තිය, උපයාගත් ධනය යහපත් දේ වෙනුවෙන් කැපකරලා දැන්වත් මේ දේශපාලනය නමැති අපායෙන් ගොඩ එන්න බලන්න. ඔබතුමාට සුභ නව වසරක්! (නි)

:       0       0

සමන් Saturday, 16 April 2016 03:55 PM

කෙහෙළිය ඇමතිතුමා නැමිලා ඉන්න විදිය දැක්කහම මට හිනාත් යනවා (නි)

:       0       0

කපුගේ Monday, 18 April 2016 03:44 AM

රටේ හිටපු එකම ගෞරවය රැකගෙන විශ්‍රාම ගිය එකම ජනාධිපති ජේ. ආර් ජයවර්ධන (ම)

:       0       0

විද්‍යා Saturday, 16 April 2016 04:01 PM

ටිකක් වැඩිපුර ගැවා නම් හොඳයි දැන්වත් මොළේ පෑදෙන්න (නි)

:       0       0

තබුක් සිල්වා Sunday, 17 April 2016 06:47 AM

අනේ මෙම තන්නාවක් අනේ මෙම ආසාවක් මිනිසුනේ නැතේ මෙහින් සැනසීමක් (අ)

:       0       0

උමේශ් Saturday, 16 April 2016 04:03 PM

කවුද ඔයාගේ ජ්‍යෝතිෂවේදියාද කිව්වෙ? (නි)

:       0       0

රොහාන් දයාදර - බිරුට් Saturday, 16 April 2016 04:25 PM

මට පෙනෙන්නේ දැන් මෙතුමාට පිස්සු හැදිලා. එහෙම නැත්නම් දිව්‍ය ඥානය පහළවෙලා (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Sunday, 17 April 2016 07:22 AM

පක්ෂය ගැන හිතල නැකත් හැදුව කියා උන්නැහේ කීවට තමන් තමන්ගේ පවුල ගැන හිතලත් නැකත් හැදුවා නේද? (අ)

:       0       0

ලියනගේ Saturday, 16 April 2016 04:31 PM

මහින්දට නැකත වැරදුනේ පසුගිය අවුරුද්දේ (නි)

:       0       0

මොහාන් Sunday, 17 April 2016 07:27 AM

අදහස් දක්වලා තියෙන්නේ පුදුම මෝඩයන් ටිකක්. හොරකන් කළා නම් ඔප්පු කරන එකනේ ඇත්තේ මිසාබ් දැන් අය රට කරනවද රට කනවද? (අ)

:       0       0

මොහාන් Sunday, 17 April 2016 07:30 AM

චන්න ප්‍රසන්න පවුලේ සියලුම දෙනා කොළ පාට වස්ත්‍රයෙන් සැරසිලා අනිකුත් චාරිත්‍ර ඉටුකළේ බදාදා දියනක් නිසා. නොදන්නා දේවල් කියවන්නේ නැතුව කට වහගෙන ඉන්න. අනෙක් නැකත් හැමදෙයක්ම වැරැදී තමයි. පොඩ්ඩක් හොයල බලන්න.(අ)

:       0       0

නන්ද Saturday, 16 April 2016 05:13 PM

හැබැයි නැකැත් හදලා, සුභ දිශාවට හැරිලා, සියලුම චාරිත්‍ර හරියට ඉටුකරලා කටයුතු පටන් අරගෙන වැඩ වරද්දාගත් අයත් ඉන්නවා අපේ රටේ. (නි)

:       0       0

හුසේන් මොහමඩ් Sunday, 17 April 2016 07:40 AM

මෙතුමාගේ නැකත් බැලිල්ල නිසයි රට ගැලවුනේ. එහෙම නොවෙන්න මේ අය තාමත් රජ කරනවා. සුමනදාස මහත්තයට ස්තුති කරන්න මම මේක අවස්තාවක් කරගන්නවා.(අ)

:       0       0

දහම් Sunday, 17 April 2016 07:47 AM

මේ ආණ්ඩුව සහ ගෝලයෝ ඇයි දෙයියනේ පැරදුනු මහින්දට මෙච්චරම බය. අවුරුදු එක හමාරකට කිට්ටු වෙලත් මහින්දටම මඩ ගහන්නේ රටේ ජනප්‍රියම නායකයා එතුමා නිසා කියන එකයි එකෙන් පෙන්නේ.(අ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Sunday, 17 April 2016 07:49 AM

මොහාන් කියන්නේ මොලේ අමාරුවක් තියෙන පුද්ගලයෙක් වගෙයි පෙන්නේ තාමත් මහින්දට කඩේ යනවා.(අ)

:       0       0

විපුල Sunday, 17 April 2016 07:52 AM

දැන් මේ ආණ්ඩුවෙන් හොරකම් කරන්නේ නැහැ කියලද උඩ අදහස් දාල තියෙන අය හිතන්නේ . පිරිසක් මහින්ද හොරා කියනකොට එම පිරිසම අනෙක් පැත්තෙන් හොරකම් කරනවා. ජනතාව බලාගෙන ඉන්නවා. මෙතරම් මෝඩ ජනතාවක් ඉන්න රටක් තවත් නැති තරම්.(අ)

:       0       0

රුවන් Sunday, 17 April 2016 07:55 AM

මහින්ද මහත්තය කිසිම දෙකට ලජ්ජා විය යුතු නැහැ. ලජ්ජා විය යුත්තේ බොරු කියා බලය ලබාගත්ත යහපාලන නඩය. සාමාන්‍යයෙන් නැකතකට බස්නාහිර යොදාගන්නේ නැහැ. එකයි මෙතුමා ගේ අදහස (අ)

:       0       0

ගාමිණි Sunday, 17 April 2016 08:12 AM

රොහාන් කියන්නේ පුදුම කෙනෙක්. තවමත් බොරුව රජ කරනවා (නි)

:       0       0

නිම්මි Sunday, 17 April 2016 08:12 AM

මොහාන්, විපුල, රුවන්, නියමයි නියමයි. මේ රටේ මිනිස්සු කතා කරන්නේ හරියට මේ මනුස්සයා රටට මුකුත්ම කරලා නැහැ වගේ. (නි)

:       0       0

ඉන්දු Sunday, 17 April 2016 08:20 AM

කශේරුකාවක් ඇතුව වැඩ කළ නායකයෙකුට ගෞරව කරන්න ලැජ්ජා වෙන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

රොෂේන්- රියාද් Sunday, 17 April 2016 08:20 AM

මහින්ද ජනපතිතුමාට දැන් කට ඇරලා දාහක් කතා කියන උදවිය එදා බස් වල කෝච්චි වල බෝම්බ පුපුරද්දී ගෙවල් වල ඇඳවල් යටට වෙලා හැංගිලා රැකියා වලට නොගිය අයයි. මෙහෙමත් කෙළෙහිගුණයක් නැති ජාතියක්. (නි)

:       0       0

රුවන් Sunday, 17 April 2016 09:07 AM

දැන්වත් මහින්දට ගහන එක නවත්තන්න. දැන් රටට දැනිලා තියෙන්නේ එතුමා නැති අඩුව (නි)

:       0       0

රණතුංග Sunday, 17 April 2016 09:17 AM

මෙය වගේ කියලා හදවාගන්නවා කියලා හිතලා ඇති (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 16 April 2016 06:16 PM

නැකත වැරදියි කියන්නේ ඒක සාත්තර සුමනේ හදපු නැති නිසාද? (නි)

:       0       0

සුජීව Saturday, 16 April 2016 06:22 PM

අනේ මන්දා! නැකතට වැඩ කරලා නේද ඔබතුමා අමාරුවේ වැටුනේ? (නි)

:       0       0

සෑම් Saturday, 16 April 2016 06:44 PM

ඔබතුමාගේ නැකැත් ඔක්කොම වැරදුනා නේද? (නි)

:       0       0

චතුරි Saturday, 16 April 2016 07:08 PM

මහින්ද හිතා ඉන්නේ ජනපති සහ අගමැති නැකැත් පත්‍රය හදලා තියෙනවා වගේනේ (නි)

:       0       0

මොහාන් Saturday, 16 April 2016 07:09 PM

සුමනදාසද කිව්වේ? අනේ මහත්තයෝ, මේ සියලු දෙනා එකමුතුවෙලා කරන අවුරුදු චාරිත්‍ර ටිකටත් පක්ෂ බේද ගාවන්න එපා. (නි)

:       0       0

කමල් Saturday, 16 April 2016 07:19 PM

සුමනේද ඔබතුමාට ඕක කිව්වේ? (නි)

:       0       0

සදිස Saturday, 16 April 2016 07:26 PM

රටට ප්‍රශ්න ඇතිකරලා ගියා මදිවාටද මෙතනත් ප්‍රශ්න ඇතිකරන්න යන්නේ? (නි)

:       0       0

දිසා Saturday, 16 April 2016 08:11 PM

ඊළඟ අවුරුද්දේ නැකැත් වට්ටෝරුව මෙතුමාට කියලා හදාගත්තා නම් හරි. මෙතුමා නොදන්නා දෙයක් නැහැනේ (නි)

:       0       0

පෙරේරා Saturday, 16 April 2016 08:38 PM

හරි නැකතට ඡන්දෙ තියාගෙන අපි දැක්කා වුණ අලකලංචිය. (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Saturday, 16 April 2016 08:46 PM

ඔච්චරටම අමාරුවෙන් දෙකට නැමිලා ඉන්න එකේ දණගහගෙන හිටියා නම් මැනවි! (නි)

:       0       0

සෑම් Saturday, 16 April 2016 09:36 PM

ඔබතුමාට ජනපතිවරණයට හදාපු නැකතෙත් ඉතාම සුළු අඩුවක් තිබුනා මගේ හිතේ (නි)

:       0       0

ශාන්ත Saturday, 16 April 2016 09:48 PM

මේකත් එක පිස්සුවක් තමයි. මන්ත්‍රීලා ඔක්කොම මෙහෙම හිසතෙල් ගෑවොත් පත්තර පුරවන්න වෙයි ඒවා දාලා. (නි)

:       0       0

ජෙරමි Saturday, 16 April 2016 10:21 PM

ඉතින් වැරදි නම් ඇයි ගිහින් ගාගත්තේ? (නි)

:       0       0

වික්ටෝරියා Sunday, 17 April 2016 10:27 AM

මම හිතන්නේ නැහැ මේ අදහස් ලියන අය මෝඩයි කියලා. යාලුවනේ හිතන්න, ඔබගේ පැමිණිලි බය නැතුව එළියට යන්නේ එතුමා ගත් එඩිතර තීරණය නිසා බව (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 16 April 2016 10:30 PM

සුමනේගේ නැකැත් වලට අනුව මේක වෙන්න ඕනෑ. නැද්ද හා? (නි)

:       0       0

සෑම් Saturday, 16 April 2016 11:14 PM

මෙයාගේ නැකැත් හොඳ හින්දනේ පැරදුනේ. අනේ මේ වෛරය මේ වසරේවත් නැතිවේවා! (නි)

:       0       0

විමලජෝති Saturday, 16 April 2016 11:33 PM

ඇයි ඔබ මේ සම්බන්ධයෙන් සුමනදාසගෙන් අදහස් නොගන්නේ? (නි)

:       0       0

යොහාන් Sunday, 17 April 2016 12:23 AM

අපිට තිබුණේ සුමනදාසට කියලා ඔය නැතක හදාගන්න (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Sunday, 17 April 2016 12:23 AM

නැකැත් වලට ඡන්ද තියලා පරාදත් වුණා. තවත් පණ්ඩිත කතා කියවනවා (නි)

:       0       0

ජෙහාන් Sunday, 17 April 2016 12:35 AM

අපොයි ඕක මොකක්ද? ජනාධිපතිවරණයටත් හරියටම හරියන දවසක් එක්ක නැකතක් ඔබතුමාට ලැබුනේ! (නි)

:       0       0

ලුම්බිණි Sunday, 17 April 2016 12:56 AM

නැකතට හරියටම වැඩ කරන්න ගිහින් ඡන්දයක් තියාගෙන වුණ වැඩේ මතකද? (නි)

:       0       0

ටිකිරි Sunday, 17 April 2016 01:12 AM

මහින්ද මහත්තයා තාමත් මේ කට්ටිය එක්කනේ ඉන්නේ. මොවුන්ගෙන් ඉවත් වෙනතුරු ඔබතුමාට කවදාවත් ගොඩයෑමක් නම් නැහැ (නි)

:       0       0

යොහාන් Sunday, 17 April 2016 01:15 AM

අනේ අපි නම් ඕවා දන්නෙ නැහැ. තිබුණ නැකතට හිසතෙල් ගෑවා (නි)

:       0       0

ලක්විදු Sunday, 17 April 2016 01:25 AM

වැරදුණු නැකත අපි හැමෝම දන්නවා. (නි)

:       0       0

ටෙරන්ස් Sunday, 17 April 2016 11:14 AM

අනේ ඔබතුමාගේ නැකැත් ගැන මොන කතාද? (නි)

:       0       0

ලියනගේ Sunday, 17 April 2016 02:08 AM

ඔබතුමා තවමත් නැකැත් විශ්වාස කරනවද? රෑ වැටිච්ච වළේ දවල්ට වැටෙන්නද හදන්නේ? (නි)

:       0       0

ජෙරමි Sunday, 17 April 2016 11:15 AM

එහෙනම් ඉතින් ඕක නොගා ඉන්න තිබුනනේ. (නි)

:       0       0

ජගත්‍ Sunday, 17 April 2016 02:16 AM

ඔබතුමාට ලැජ්ජා නැද්ද හැබෑටම? ඔය කේන්දර පස්සේ ගිහිල්ලා අවුරුදු 2 කට කලින් ගෙදරත් යන්න වුණා නේද? රෑ වැටිච්ච වළේ දවල් වැටෙන්න එපා. ඔබතුමා විශ්‍රාම ගත්තොත් හොඳ නැද්ද? (නි)

:       0       0

ජෙහාන් Sunday, 17 April 2016 11:20 AM

එ්කට ගිහිනුත් දේශපාලනය කියවනවානේ? (නි)

:       0       0

ගයාන් Sunday, 17 April 2016 03:19 AM

මිසබ් ,මේ දැන් ඉන්න අය රට කරනවාද ? නැත්නම් කනවද ? (බ)

:       0       0

සෑම් Sunday, 17 April 2016 03:22 AM

අනේ මහින්ද කලින් ඡන්දේ තිබ්බෙත් වැරදි නැකතකින්ද ? (බ)

:       0       0

නඳුන් Monday, 18 April 2016 08:25 AM

කියපු කෙනා නම් රට ගැන හිතලා තමයි නැකැත් හැදුවේ. ඒකනේ එයා පැරදුනේ.... (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 17 April 2016 12:30 PM

මේ අයත් ඉතින් නැකැත් කරන්න ගිගිල්ලානේ අකුලගෙන යන්න වුණේ. (නි)

:       0       0

සොයිසා Sunday, 17 April 2016 12:45 PM

මෙතුමාගේ පැරදුම ගැන කියවන අය, 29පාරක් පැරදුන කෙනා ගැන නොකියන්නේ ඇයි? ලැජ්ජාවටද? බයටද? (නි)

:       0       0

විද්‍යා Tuesday, 19 April 2016 06:17 PM

මොනවද මෙයා කියවන්නේ? නැකතට තෙල් ගාගත්ත එකෙනුත් වැඩක් නැහැ. කපුගේගෙ කතාව හරියට හරි (නි)

:       0       0

චන්න ප්‍රසන්න Sunday, 17 April 2016 03:39 AM

2015 ජනවාරි 8 වෙනිදා දවස මතකනම් මෙයා ආයේ නැකැත් ගැන කතාකරන්නේ නැහැ. පෙනෙන විදියට නම් තවමත් ලැජ්ජා නැහැ වගේ. (නි)

:       0       0

සෑම් Sunday, 17 April 2016 03:40 AM

වෛරය, තණ්හාව, බලලෝබීකම නැතිවෙලා යන්න හිත් පහළවේවා! (නි)

:       0       0

චන්න ප්‍රසන්න Sunday, 17 April 2016 03:42 AM

මොනතරම් ගරුබුහුමන් ලබන්න ඕනෑ මනුස්සයෙක්ද දැන් මේතරම් අවමන් ලබන්නේ. (නි)

:       0       0

උපාලි Sunday, 17 April 2016 03:45 AM

එ්කටත් දේශපාලනය..? (නි)

:       0       0

ටිකිරි Sunday, 17 April 2016 03:45 AM

මෙයාලට ඉතින් මොනදේකද වැරැද්දක් නැතිවුණේ? (නි)

:       0       0

ලක්විදු Sunday, 17 April 2016 03:46 AM

අවුරුද්දට හිසතෙල් ගාන්න ඕනෑ පවුලේ උදවිය එකතුවෙලා, තමන්ගේ ගෙදර හෝ ළඟම තියෙන පන්සලේ. ඊටපස්සේ ස්නානය කරන්න ඕනෑ. මේගොල්ලන්ට ඒක දේශපාලන වේදිකාවක් වෙලා. (නි)

:       0       0

නිරාන් Sunday, 17 April 2016 03:50 AM

මේකෙන්ම තේරෙනවා මහත්තයගේ ටිකිරි චින්තනයේ තරම (නි)

:       0       0

නිල්හාන් Sunday, 17 April 2016 03:53 AM

බොහොම හොඳයි. සියළු දෙනාටම චිරං ජයතු! (නි)

:       0       0

තිලක් Sunday, 17 April 2016 03:59 AM

නැවත වතාවක් සුමනේ ලවා නැකත් හදාගනිමු !!!!!!!!!!!! (ම)

:       0       0

ජෝන් Sunday, 17 April 2016 04:01 AM

තෙල් ගෑවට පස්සෙවත් හරියට හිතන්න පුළුවන් මොළයක් ඇති වෙන්න ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

එඩ්වඩ් Sunday, 17 April 2016 04:11 AM

ඉතින් ඇයි ඔබතුමා ගාගත්තේ? (නි)

:       0       0

ඔසී Sunday, 17 April 2016 04:20 AM

ඔබතුමාට කවුද ඕක කිවුවේ? (නි)

:       0       0

අසාද් Sunday, 17 April 2016 04:24 AM

සුමනදාස වෙන්න ඇති කියන්න ඇත්තේ වැරදියි කියලා. (නි)

:       0       0

මංජුල කුවේට් Sunday, 17 April 2016 04:40 AM

මෙහි දක්වා ඇති අදහස් වලින් පෙනෙන්නේ, සාමාන්‍ය ජනතාව පරාජිත දේශපාලකයන්ට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින බවය (නි)

:       0       0

බටගල Sunday, 17 April 2016 04:46 AM

අනේ අනේ මහින්ද මහත්තයෝ! (නි)

:       0       0

ඉමේශ් Sunday, 17 April 2016 05:01 AM

මෙතුමා මොනවද මේ කියන්නේ? (නි)

:       0       0

රන්ජිත් Sunday, 17 April 2016 05:02 AM

අනේ මන්දා! රටේ හිටපු නායකයෙකුට ගිය කලදසාව? ජනතාවට විහිලු සපයනවද මන්දා (නි)

:       0       0

පෙරේරා Sunday, 17 April 2016 05:02 AM

අනේ! මෙතන අදහස් ටික මහින්ද කියෙවුවොත්.... (නි)

:       0       0

පද්මිණි Sunday, 17 April 2016 05:28 AM

කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙනකොටලු. අනේ මෙහෙමත් කෙනෙක් රටක් පාලනය කළානේ. (නි)

:       0       0

මිසාබ් Saturday, 16 April 2016 02:05 PM

අනේ මෙහෙමත් කෝලම්? සුමනදාසගෙන් වෙන්න ඇති නැකැත් බලන්න ඉගෙනගත්තේ? අනේ මහත්තයෝ, පැරදුනා නම් ටික කාලෙකටවත් මැදමුලනට වෙලා වැඩක් බලාගෙන ඉන්නකෝ. දැන් රට කරන අයට රට පාලනය කරන්න දීලා, මහජනයාට තවත් පව් දෙන්නේ නැතුව (නි)

:       0       0

උඩවත්ත Sunday, 17 April 2016 05:30 AM

අනේ අපි නොදන්නවායැ ඔබතුමා ගැන (නි)

:       0       0

අනුරාධ Saturday, 16 April 2016 02:35 PM

අද කාලේ චාරිත්‍ර වාරිත්‍ර වලටත් දේශපාලනය ගාවාගෙන (නි)

:       0       0

පාලිත Sunday, 17 April 2016 05:41 AM

මේ නැකත වැරදි නම් මේ ගැන ඉදිරියේදී බලාගත හැක (නි)

:       0       0

ලියනගේ Saturday, 16 April 2016 02:46 PM

මේ මහත්තයා තාමත් නැකැත් පස්සේ යනවනේ (නි)

:       0       0

ජයතු Saturday, 16 April 2016 02:50 PM

මහින්ද සහ ඔහුගේ සහචරයින් පැරදුන දා පටන් දේවාල පන්සල් පල්ලිවලමයි දකින්න ලැබෙන්නේ. මෙයව විශේෂ හේතුවක් තිබේද? (නි)

:       0       0

උපාලි Saturday, 16 April 2016 02:52 PM

ඇත්ත වෙන්න ඕනෑ. නැකැත් වැරදි ඇති ජනතාවගේ නරක වෙලාවට. ඉස්සරත් ආණ්ඩුවේ සමහරුන්ගේ ඕනෑකමටනේ නැකැත් හැදුවේ. අපරාදේ කියන්න බැහැ ඒ නැකැත් නම් හරියටම හරි ගියා ජනතාවගේ හොඳ වෙලාවට. (නි)

:       0       0

තෙන්නකෝන් බණ්ඩා Monday, 18 April 2016 03:11 AM

හිටපු ජනාධිපතිගේ "නැකත්පතේ" එහෙම කියනවා නම් හරියටම හරි ඇති. සමහරු නැකැත් බලන්නේ කුරුල්ලෝ හඬන ශබ්ද අනුව. සමහරු හුනාගේ චික් චික් හඬට. මෙයත් හුනාගේ නැකතද ගණන් ගන්නේ? (නි)

:       0       0

චන්න ප්‍රසන්න Saturday, 16 April 2016 02:59 PM

මෙවැනි ප්‍රකාශ කරන්න තරම් තත්ත්වයකට මහින්ද වැටුණ එක කණගාටුවට කරුණක්. එතකොට පවුලේ සියලුම දෙනා කොළ පාට වස්ත්‍රයෙන් සැරසිලා අනිකුත් චාරිත්‍ර ඉටුකළේ ඇයි දන්නේ නැහැ (නි)

:       0       0

සෞදි සරත් Saturday, 16 April 2016 03:08 PM

ඔබතුමාට සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

ධම්ම Saturday, 16 April 2016 03:09 PM

ආණ්ඩුවේ නැකැත්පතේ දෝෂ මනාව විස්තරකර දී තිබුණු ලිපියක් මම පුවත්පතකත් දැක්කා (නි)

:       0       0

සරත් Sunday, 17 April 2016 05:49 AM

මෙතන අදහස් වලින් පේනවා වෛරය යහපලානේ අංක එක (අ)

:       0       0

සිරි Sunday, 17 April 2016 05:54 AM

ඔබ තුමා අපට වීරයෙක් රට ජාතිය රැක දුන්නට දිර්ගයුස ලැබේවා කව්රු මඩ ගැහුවත් කලගුණ දන්නා ජනයා ඔබතුම සමගය (අ)

:       0       0

පුෂ්පකුමාර Saturday, 16 April 2016 03:11 PM

ඔය කොයි කවුරුත් තමන්ට ඕනෑ විදිහට නැකත් හදාගන්න බව අපි නම් දන්නවා. දරුවන්ට ආදර්ශයක් වෙන්න අපි ඔය චාරිත්‍ර ඉටු කළාට, වැඩ නම් අපේ නැකතටයි කරන්නේ කියලා තමයි කියන්න තියෙන්නේ. (නි)

:       0       0

ගාමිණි Sunday, 17 April 2016 05:54 AM

කලගුණ නොදත් දුර්ජනයගේ හිස්බස් හෙළ දකිමි (අ)

:       0       0

ටෙෂාන් Saturday, 16 April 2016 03:13 PM

මෙතුමා මොනවද මේ කියවන්නේ පිස්සු හැදිලා වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 5 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 111 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 355 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 446 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 268 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 155 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38185 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site