IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්

(විමුක්ති එස් රුද්‍රිගු)

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

කිසිම දේපළක් නොමැතිව ඔස්ට්‍රේලියාවට පැමිණි විනුල් වසර 5 ක් තුළ ඔහු නිරතවූ අර්ධ කාලීන රැකියාවෙන් ඩොලර් මිලියන 1.2 ක මුදලක් උපයා ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය ප්‍රකාශ කළේය.

විනුල් කරුණාරත්න මේ වනවිට 25 හැවිරිදි වියේ පසුවන බවත් සෙවන් ඉලෙවන් සුපිරිවෙළඳසැල් ජාලයේ රාත්‍රී වැඩ මුරයේ සේවය කරන අතරතුර 2019 වසරේ සිට අර්ධ කාලීනව පිරිසිඳු කිරීමේ රැකියාවක නිරත වී ඇති බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.

ඕස්ට්‍රේලියාවේ සේවා සපයන වෙබ් අඩවියක් වන එයාර් ටාස්කර් වෙබ් අඩවිය ඔස්සේ පිරිසිදු කිරීමේ රැකියාවේ නිරත වී ඇති බවත් මේ වනවිට එම වෙබ් අඩවියේ ඉහළම අදායම් උපයන 10 දෙනා අතරට පැමිණීමට ඔහුට හැකියාව ලැබී තිබෙන බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය පැවැසුවේය.

ඔහු කාර්යාල සහ නිවාස පිරිසිඳු කර දවසට ඩොලර් 1000 - 1400 ත් අතර මුදලක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 2 ක් පමණ) උපයන බවත් ශ්‍රී ලංකාවේ සිටින දෙමාපියන්ට සුඛෝපභෝගී නිවසක්ද ඔහුගේ මිලදී ගැනීමට සිහින මැවූ මෝටර් රථයද මේ වනවිට මිලදී ගැනීමට විනුල්ට හැකියාව ලැබී ඇති බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.

වැකුම් ක්ලීනර්යක් සහ බකට්ටුවක් අතැතිව තම රැකියාව ඇරඹි විනුල් අද වනවිට ඕස්ට්‍රේලියාවේ ගෙයක් මිලදී ගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් උපයා තිබෙන බවද ඕස්ට්‍රේලියානු මාධ්‍ය පැවැසුවේය.

 



අදහස් (12)

හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්

පිටිගල මිලානෝ Wednesday, 09 October 2024 07:01 AM

ක්ලීනිං ජොබ් කරලා කෝටිපතියන් වුණු වැඩිම පොහොසතුන් ඉන්නේ ඉතාලියේ… සමහරු ලංකාවට ඇවිල්ලා ගෙදර යන්නේ හෙලිකොප්ටරෙන්…

:       1       8

Robert Wednesday, 09 October 2024 07:07 AM

මේ කතාවෙ පරස්පරයක් තියෙනවා, ඔසීවල ක්ලීනින් කරනකොට, පැයකට ගෙවන්නේ ඔසී ඩොලර් 25-30ක් අතර මුදලක්. එතකොට පැය 24ම වැඩ කළත් හොයන්න පුළුවන් වෙන්නෙ 30x24= 720ක්, ඒකෙනුත් ආණ්ඩුවට ලොකු ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. ඒ නිසා දවසට 1000-1400ක් කතාව වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මට හිතෙන්නේ, මෙයා ක්ලීනින් කම්පැනි එකක් රෙජිස්ටර් කරලා, ඒකෙන් කන්ට්‍රෑක්ට්ස් අරගෙන, ඔය ස්ටුඩන්ට්ස් වීසා තියෙන අයව දාලා අඩු මුදලක් ගෙවලා, වැඩි ලාභයක් ගන්න ඇති. ඔය විදියේ ලංකාවේ, ඉන්දියාවේ අය ගොඩාක් ඉන්නවා, ස්ටුඩ්න්ට්ස්ලා සූරන්කන අය, සමහරුන්ට සල්ලි ගෙවන්නෙත් නෑ...!

:       0       19

Susa Wednesday, 09 October 2024 05:06 PM

ඇත්තද දන්නේ නෑ. නමුත් මෙහේ තිබෙන ප්‍රසිද්ධ රූපවාහිනි ආයතනයක් වන චැනල් 7 වෙබ් සයිට් එකක ඔය කතාවම තියනවා. පැහැදිලිව කියලා නෑ බිස්නස් එකක් රෙජිස්ටර් කරලා කියලා. මොනවා වුනත් සෑහෙන්න බදු ගෙවනවා ඇති. ඒ නිසා ලංකාව වැඩක් නෑ ටැක්ස් ගෙවන්න වෙනවා කියලා මෙහෙට පනින්න හිතන අය දෙපාරක් හිතන්න...!

:       0       4

Perera Wednesday, 09 October 2024 07:20 AM

ඕස්ට්‍රේලියාවට යන හැමෝටම ඔහොම ලොතරැයි ඇදෙනවාද?

:       2       1

කමල් Wednesday, 09 October 2024 07:31 AM

වීර්යවන්ත බව දක්වන බොහොම අගේ ඇති ප්‍රවෘත්තියක්. තව තවත් භවභෝග සම්පත් ලබන්නත් යහපත් ක්‍රියාවන්හි යෙදෙන්නත් වාසනාවත් වීර්යයත් ඇති වේවා!

:       1       1

සක්‍රයා Wednesday, 09 October 2024 07:50 AM

දැන් හැම කෙනාම බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න හදයි... සක්‍රයා..

:       0       1

කල්ප - සිඩ්නි Wednesday, 09 October 2024 09:21 AM

ලංකාවේ හිටියා නම් නම් ඔය වගේ රැකියාවක් කරන්න හිතන්නේවත් නෑ නේද? සල්ලි ලැබෙනවා නම් රස්සාව සුදු කරපටි ද නැද්ද අදාළ නෑ. ලංකාවේදි ලොකු සීන් එක දාගෙන වංසෙ කබල් ගාගෙන හිටපු අය මේ වගේ රටවල්වලට ආවාම ඔලුව නමා ගෙන දාඩිය පෙරාගෙන වැඩ. ඒ තරුණයා ගැන සතුටුයි. ඔහුට ජයවේවා...!

:       1       9

රම්බොඩ Wednesday, 09 October 2024 09:22 AM

රට රටවල් ගිහින් කුළී වැඩ කරන එක මහ ලොකු දෙයක් කියලා පුම්බලා තියන්න අවශ්‍ය නෑ. රටට සත පහක වැඩක් නෑ මොවුන්ගෙන්...

:       4       5

Sarath nisantha Wednesday, 09 October 2024 10:10 AM

අහුවෙන්න එපා ඕවා පට්ට බොරු .හෙන චීප් කම්කරු මාෆියාවක් මෙල්බන් වල තියනවා කියලා මිනිස්සු කියන්නේ .ඕවට රැවටෙන මෝඩයෝ දැන් නැහැ .ඉන්දියා වල ජොබ් වලට ෆෝම් කරන ඉන්දියන් බොරු

:       2       18

don Wednesday, 09 October 2024 11:54 AM

මේවා මේ බොරුවට උඩ අරින කතා. ඔය ජොබ් කරන්න එහෙ කවුරුවත් කැමැති නැහැ. පඩි අඩුයි. ඉතින් එහෙම කියලා විදේශිකයින්ව අන්දලා මේ ජොබ්වලට එකතු කරගන්න හදන්නේ.

:       0       5

de silva berlin Wednesday, 09 October 2024 01:36 PM

මේක පට්ටපල් බොරුවක්, මේ කියන විදිහට ඕස්ට්‍රේලියාවේ පිරිසිදු කිරීමේ සේවකයෙකුට පැයකට ඩොලර් 100 කට වැඩියෙන් ලැබෙනවා , එහෙම නම් හැමෝම යාවිනේ පිරිසිදු කරන්න, පිරිසිදු කරන්න පැයකට ඩොලර් 100ක් ගෙවනවා නම් මමත් යනවා එහෙ මට පුළුවන් ඕස්ට්‍රේලියාවේ නීත්‍යානුකූලව වසරක් වැඩ කරන්න...!

:       0       7

පාඨකයෙක්Wednesday, 09 October 2024 02:26 PM

කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා ඉස්සර වැඩිහිටියෝ ඉගැන්නුවේ ඒකනේ. ඕස්ට්‍රේලියාවේ නිවාස මිල ඒ රටේ උපන් අයටවත් දරාගන්න බැරිතරම් ඉහළ ගිහින් තියෙන්නේ. ඒ නිසා දැන් එහේ ආණ්ඩුවෙන් අලුත් නීති පනවලා තියෙන්නේ සංක්‍රමණිකයින් සීමා කරන්න.

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 280 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 557 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 790 1

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 864 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 1677 2

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 979 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 525 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2059 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site