IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘හිස් ටින් එකක්‘ ගැයූ එම්.ජී.ධනුෂ්කට ඇප

නැසී ගිය ගායක එම්.එස්. ප්‍රනාන්දුගේ ගීත අවසරයකින් තොරව ගායනා කර මුදල් ඉපැයීයැයි චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කළ ගායන ශිල්පී එම්.ජී.ධනුෂ්ක රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (9) නියෝග කළේය.

එම්.එස්.ප්‍රනාන්දු මහතාගේ පුත් සරත් ප්‍රනාන්දු කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසියේ වාණිජ අපරාධ අංශයෙන් පැමිණිල්ල ගොනු කර තිබිණි.

එම්.ජී.ධනුෂ්ක දෙරණ රූපවාහිනී නාලිකාවේ රියලිටි වැඩසටහනකින් ගායන ක්ෂේත්‍රයට පිවිසියේය.

 



අදහස් (0)

‘හිස් ටින් එකක්‘ ගැයූ එම්.ජී.ධනුෂ්කට ඇප

චමල් Wednesday, 09 September 2015 05:41 AM

තමන්ගේ සින්දුවක් කියන් ආවනම් ඉවරනේ. මේ වගේ අයව පුම්බන හොඳ නෑ (ම)

:       0       0

චන්දන Wednesday, 09 September 2015 06:30 AM

ඔය ස්ටාර් කිරුල දිනාගෙන තමන්ගේ ගීත නිර්මාණ ගායනා නොකර මේ රටේ ජනප්‍රිය ගායකයෝ ඉතාමත් මහන්සියෙන් හදාගත්ත නිර්මාණ තමන්ගේ නිර්මාණ වගේ ගායනා කරමින් සල්ලි හොයන එක හරිම අසික්කිත වැඩක් මේ ස්ටාර් ගායකයෝ එක කවද තේරුම් ගනීද (අ)

:       0       0

පෙරේරා Wednesday, 09 September 2015 06:31 AM

අනුන්ගේ ආලෝකය විහිදවන්නේ ග්‍රහලෝක මිසක් තරු නෙවි! (අ)

:       0       0

මිලාන් Wednesday, 09 September 2015 07:05 AM

හොඳ වැඩේ අනෙක් අයටත් පාඩමක් වෙන්න. ඔහොම අවසරයකින් තොරව අනුන්ගේ සින්දු කියන එක වැරදියි (නි)

:       0       0

සරත් Wednesday, 09 September 2015 07:07 AM

ඔහු කළ වැඩේ වැරදියි කියායි මමත් කියන්නේ (නි)

:       0       0

නුවන් Wednesday, 09 September 2015 07:08 AM

ඒ වුණාට නිතර ඇහෙන්නෙ නැති සමහර ගීත ජනප්‍රිය වුණේ රියැලටි වැඩසටහන් නිසා. එම් එස් ගේ අනෙත් ගීත ජනප්‍රිය වුණාට හිස් ටින් එකක් ගීතයට වැඩි ප්‍රසාදයක් හිමි වුණේ ධනුෂ්ක ඒක කියපු නිසා කියලයි මම නම් හිතන්නේ. හැබැයි එයා කළ වැඩේ නම් වැරදියි.... (නි)

:       0       0

පීරිස් Wednesday, 09 September 2015 07:18 AM

ස්වතන්ත්‍ර නිර්මාණයක් නොකර අනුන්ගේ පානෙන් එළිය බලන අයගේ කාලය හරිම කෙටියි. දක්ෂතාවය පෙන්නන්න ඕනෑ තමන්ගේම නිර්මාණයකින් (නි)

:       0       0

යසරත්න Wednesday, 09 September 2015 07:46 AM

එම්.ජී. ටත් පොඩ්ඩක් හිතන්න තිබුණනේ අනුන්ගේ ගීත ගයන්න කලින් (නි)

:       0       0

දයාජ Wednesday, 09 September 2015 08:02 AM

නව නිර්මාණ වලින් පමණක් රියලිටි වැඩසටහන් පටන් ගැනීමයි මෙයට ඇති හොඳම විසඳුම.එයින් යහපත් තත්වයේ ගායක ගායිකාවෝද බුද්ධිමත් රසික පරපුරක්ද බිහිවනු ඇති. (නි)

:       0       0

සුපුන් Wednesday, 09 September 2015 08:24 AM

ඉංග්‍රීසි සින්දු කොපිකරලා සින්දු කියන ගායකයෝත් ඉන්නවා අපේ රටේ.තමන්ගේ වගේ ගායනා කරනවා. (නි)

:       0       0

තිලක් Wednesday, 09 September 2015 08:30 AM

දැන් ඉන්න කට්ටියගේ අලුත් නිර්මාණ නැහැ. පරණ සින්දු කියලා ටික කාලයක් පිම්බිලා ඉන්නවා. (නි)

:       0       0

රිතික් Thursday, 10 September 2015 04:51 PM

දැන් ඉතින් මොනවා කරන්නද? (නි)

:       0       0

ලාල්සන් Wednesday, 09 September 2015 08:59 AM

හිස් ටින් එකට වෙන්ඩ බැහැ එක වෙන තුන් දෙනෙක්ගේ, අයිතියත් චිත්‍රපට නිෂ්පදකටයි. (ම)

:       0       0

සංජීව Wednesday, 09 September 2015 09:06 AM

ඕවා ඔහොම තමයි (නි)

:       0       0

සසික Wednesday, 09 September 2015 10:02 AM

අපි නම් දන්නේ ධනුෂ්ක ගායනා කරාට පස්සේ තමයි එම්.එස්. ප්‍රනාන්දු මේ වගේ ගිතයක් ගායනා කරලා තියෙනවා කියලා.(ම)

:       0       0

වසන්ජය Wednesday, 09 September 2015 09:09 PM

ධනුෂ්කට දැන් ඔය ලක්ෂ 5 ලොකු දෙයක් නොවෙන්න පුලුවන්. ඒක කොහොම වුණත් ඔය රියලිටි වැඩසටහන් වලදී අනුන්ගේ ගීත ගායනය කිරීම තහනම් නැති නිසානේ එයාලා කරන්නේ.ඇරත් කියන හැම ගීතයකටම උරුමක්කාරයන්ගෙන් අවසර ගතහැකිද? ඔහු ගයන ගී මධුර මනෝහරය. මම නම් කියන්නේ ඒවා රසවිඳිනු විනා ඔහුගේමද අනුන්ගේද කියන එක නොසළකා හරිමු (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 09 September 2015 09:59 PM

මේ අයව ජනප්‍රිය කරන රූපවාහිනී නාලිකා වලින් නීති දාන්න ඕනෑනේ, තරඟයට ගායනා කරන ගීත සංගීත සංදර්ශන වලට මුදලට ගායනා නොකරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 72 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 71 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 373 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 57 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 421 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 348 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14545 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site