IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


හෙළයේ මහා ගාන්ධර්වයන් ගැන කලාකරුවන් කී කතා

2016-11-06-ent-02

හෙළයේ මහා ගාන්ධර්වයා නමින් විරුදාවලි ලබා සිටින ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සූරීන් පසුගියදා (03 දා) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත විය. මිය යන විය අසූ අටවැනි වියේ පසුවූ එතුමාගේ දිවිමගේ හමුවූ කලාකරුවන් රැසක් එතුමාගේ ගමන්මග ගැන අද හා කතාබහට එක්විය.

 

අද තමයි ගහ කොළ ඉර හඳ සේරම කම්පා වෙන දවස - විශාරද නන්දා මාලනී

2016-11-06-ent-01ඇත්තටම මං හිතන්නෙ අද තමයි ගහ කොළ ඉර හද සේරම කම්පා වෙන දවස. මගේ මේ පනස් වසරක් පිරෙන්න හදන සංගීත චාරිකාවට උප්පත්තිය ලබල දුන්නෙ අමරදේව සර්. මොකද මාව කිසිම කෙනෙක් දන්නැති කාලෙ ආධුනික මට්ටමේ පහළම ඉදිද්දි මම ළමා මණ්ඩපයේ සින්දු කියන විදිය බලලා, ගුවන්විදුලියේ අත්වැල් ගායනාවලට සම්බන්ධ වෙන ආකාරය බලලා අමරදේව සර් එතුමාට ලැබුණු පළවෙනි චිත්‍රපටය වුණු %රන්මුතු දූව^ චිත්‍රපටයේ යුග ගායනයට මාව තෝරගත්තා. ඒ 1962 දී. ඇත්තටම මාව කිසි කෙනෙක් දන්නැති කාලෙ එතුමා තමයි මගේ හැකියාව ගැන යම්කිසි ඉවක් දැනී මාව හොඳින් අඳුනගත්තේ. එදා ඉදල අද වෙනකම් මං ගමනක් ආව නම් ඒ අමරදේව සර් නිසා. නන්දා මාලනී කියන නමත්, චරිතයත් රසිකයා පිළිගත්තු මොකක් හරි දෙයක් තිබෙනවා නම් එහි සම්පූර්ණ ගෞරවය අමරදේව සර්ට හිමිවිය යුතුයි.


 

 

ඔහු තමයි අපට මග කියූ නිවැරදි පෙරගමන්කරුවා -ප්‍රවීණ ගායන ශිල්පී ටී.එම් ජයරත්න

2016-11-06-ent-03ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් කියන්නෙ මේ ලංකාද්වීපවාසීන්ගේ, රටේ මහජනතාවගේ සහ රටේ පිනට පහළවෙච්ච මහා අද්විතීය පුරුෂයෙක් කියනෙකයි මට මුලින්ම කියන්න තියෙන්නෙ. අපි කලාකරුවන් හැටියට අපිටත් යන්න අතරමං නොවෙන ගමන් මගක් හදාදුන් මහා විද්වතාණන් තමයි අමරදේවයන්. එතුමාගේ අභාවය අපිට මහත් වේදනාවක්. එවන් චරිතයක් යළි මේ රටේ පහළ වෙයි කියා හිතන්න බෑ. එතුමා ගමනක යෙදුණේ මහා දුක් කම්කටොලු මැද්දේ. විනාශකාරී සංගීතයක් නෙවෙයි බොහොම සරල සුගම කර්ණ රසායන කරුණාව හා මුදිතාව ගැබ්වුණු සංගීතයක් තමයි භාවිත කළේ. එයින් මුළු රටම සැනහුණා. දැනටත් රූපවාහිනී නාළිකාවල පෙන්වන දසුන් දැක්කම අතීතයේ එතුමාගේ තරුණ වියේ සිට කොයිතරම් දුර ආ කෙනෙක්ද කියල හිතාගන්න පුළුවන්? අපිට එතුමාගේ ගුණ කොයිතරම් වැනුවත් කෙළවරක් දකින්න පුළුවන්ද? අන් කිසිදු කලාකරුවෙකුට යා නොහැකි දුරකට ගමන් කළ එතුමා තමන්ගේ අනුගාමිකයන්ට හොඳ මාර්ගයක් පෙන්වා දුන්නා. ඒ ගමන් මගේ තමයි අපි ගමන් කරන්නේ. අපිට පෙරගමන්කරුවෙක් සිටි නිසා අපි අතරමං වුණේ නෑ. එතුමා තමයි පණ්ඩිත් අමරදේවයන්.


 

 

අමරදේව අතු රිකිලි මත මහ ඵල දැරූ වනස්පතියක් -ප්‍රවීණ ගේය පද රචක රවි සිරිවර්ධන

2016-11-06-ent-04ලංකාවෙ ඉන්දියානු අනුකාරකවාදී සංගීත රටාව වෙනසකට භාජනය කරලා නව ශ්‍රී ලාංකික සංගීත පරම්පරාවකට බිම් මට්ටමේ අවශ්‍යකරන මතවාදී වටපිටාව හැදුවෙ අමරදේවයන්ය යන්න තමයි මගේ පෞද්ගලික මතය. ඊට පස්සෙ මං විශ්වාස කරනවා ලංකාවේ ගායනය කියන විෂය ඇතුළේ තිබුණු ගායනවේදය තුළ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යය වූ ගායනය තුළට හැඟීම් ගොනුකර ගැනීමේ ක්‍රියාවලියේදී අමරදේවයන් ගිරිමුදුන වුණා. එනිසාම ඔහු ගායකයන්ට පූර්වාදර්ශය වුණා. සිංහල ගීතය වැඩිය වියපත් වූවක් නෙවෙයි. එයට අවුරුදු සීයකවත් ඉතිහාසයක් නෑ. ඒ සිංහල ගීතයේ ප්‍රමාණාත්මක ගමන්මගේ ප්‍රධානම පූර්වාදර්ශය තමයි අමරදේව. අමරදේවයන්ගේ ගායනය පූර්වාදර්ශ කරගත් විශාල පරම්පරාවක් ලංකාවේ බිහිවෙනවා. ඒ පරපුර අතුඉති ලා වැඩෙනවා. ඒ පරපුර හරහා තමයි අලුත් ජයග්‍රහණ අත්පත් කරගන්නෙ. අමරෙද්ව කියන වනස්පතිය ඇතුළෙ එය පූර්වාදර්ශකොට ගෙන අතුඉතිලා වැඩුණු පරපුරක් විවිධ සංගීත ශානරයන්ට ගමන් කරමින් ඉන්නවා. සමහර අය අමරදේව නම් වූ පූර්වාදර්ශය තුළම නොසිටියත්, අලුත් අලුත් මානයන් පර්යේෂණශීලීව පටන් ගන්නෙ අමරදේව කියන මහා ගායකයා මුල්කරගෙනයි. මේ වෘක්ෂයේ අතු ඉති මත සෑදුණු ඵල භුක්ති විඳින්න පුළුවන් වුණා නම් එහි මුල් සම්පත දරාගෙන ඉන්නෙ අමරදේව නම් වූ මහා වෘක්ෂයයි.


 

 

රුවන්වැලි සෑය ළඟ වාඩිකරලා අපිට ජාතියට බාරකරන්න පුළුවන් චරිතයක් තමයි අමරදේව - ප්‍රවීණ ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහ

2016-11-06-ent-05ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් කියන්නෙ අපට හුදෙක් සංගීතඥයෙක්, ගායකයෙක්, පුද්ගලයෙක් විතරක් නෙවෙයි පුරාවෘත්තයක්. පුරා අවුරුදු 70කට වැඩි කාලයක් සිංහල සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් හා ගායනය වෙනුවෙන් කැපකරපු නිර්මාණාත්මක ශ්‍රමය අපට පුරාවෘත්තයක්ම තමයි. පොළොන්නරුව, අනුරාධපුරය, සීගිරිය, යම් විදියකට අපේ ඉතිහාසයේ ජාතික සංස්කෘතික ලක්ෂණ වෙනවද එසේම අමරදේවයනුත් එතැන තියන්න පුළුවන්. රුවන්වැලි සෑය ළඟ වාඩිකරලා අපිට ජාතියට බාරකරන්න පුළුවන් චරිතයක් තමයි අමරදේව. මං කැමතිවෙන්නෙ නෑ අමරදේව මහත්තයා නැතිවුණා කියල කියන්න. එතුමා අපි අතර ජීවත් වෙනවා. එතුමාගේ හඬ නිර්මාණ කාය හැමදාම අපි අතර ජීවත් වෙනවා. තව අවුරුදු දාහක් ගිහත් ඉතිහාසෙන් මකාදාන්න බැරි චරිතයක්. ඉතාම ආදරණීය හා හෘදයංගම කලාකරුවෙක් තමයි අමරදේව කියන්නෙ.


 

 

ස්වදේශික සංගීතයක් සොයාගැනීමේ ව්‍යාපෘතියේ ප්‍රධානම මැදිහත්කරුවෙක් තමයි අමරදේවයන්

2016-11-06-ent-06සංගීතවේදී නදීක ගුරුගේ පහුගිය ශතවර්ෂයේ මුල් දශක කිහිපය තුළ විශේෂයෙන්ම එක්දහස් පන්සිය පනස් ගණන් හැට ගණන්වල ආපු ස්වදේශික සංගීතයක් සොයාගැනීමේ ව්‍යාපෘතියේ සුනිල් ශාන්තයන්ට පසුව ආපු ප්‍රධානම මැදිහත්කරුවෙක් තමයි අමරදේවයන්. හැබැයි අමරදේවයන් හින්දුස්ථානී රාගධාරී සංගීතය සහ ලංකාවේ ජන සංගීතය යන මූලද්‍රව්‍ය දෙක ගැන ඔහුගේ පර්යේෂණවලදී විශ්වාසය තැබුවා සහ ඔහු භාෂාව මත ලොකු විශ්වාසයක් තැබුවා. ගීතයන්ට හොඳ භාෂා මැදිහත්වීමක් ලැබුණු විශේෂයෙන්ම සේකරයන් දක්වා ලොකු පසුතලයක් තිබුණා. සුභාවිත කියන වචනයට මං එච්චර කැමති නෑ.. නමුත් ලාංකීය අනන්‍යතාවක් සහිත සංගීතයක් ගොඩනගන්න අමරදේවයන් මුල් කාලය තුළ ගත්ත ප්‍රයත්නය ඉතාමත් වැදගත් වෙනවා ලාංකීය සංගීත ඉතිහාසය සොයාගෙන යද්දී. ‍ඔහුගේ සම්ප්‍රදාය අනුදනිමින් රෝහණ වීරසිංහ වැනි සංගීතඥයන් විශාල ආභාසයක් ලැබුවා. ඔහුගේ සංගීත භාවිතාව නූතන ලාංකීය ගීත කලාව දක්වා විහිදී පවතිනවා. එමෙන්ම ගීතයෙනුත් ඔබ්බට යන්න ඔහුට ලොකු අවස්ථාවක් හිමිවුණා මුද්‍රා නාටක කලා තුළදීත්. එනිසා ඔහුගේ සංගීත භාවිතාව හරි පුළුල් . ඔහුගේ සලකුණ ලංකාවේ නූතන ඉතිහාසය තුළ ඔහු තබා තිබෙනවා. සංගීතමය වශයෙන් ඔහුගේ උත්කර්ෂය තිබුණේ 1970-1980 වගේ දශකවල. එමෙන්ම ඔහුගේ සංගීතමය ප්‍රතිභාව ඔහු පෙන්වා තිබුණා. එනිසා ඔහුගේ නික්ම යාම ලංකාවේ සංගීත රසිකයන්ට ලොකු පාඩුවක්.


 

 

2016-11-06-ent-07

අපේ රටේ බිහිවුණු කලාකරුවන්ගෙන් මුදුන්මල්කඩ තමයි අමරදේවයන් - ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල්

අමරදේවයන් ගැන පොඩි අදහසකින් කියන්න බැරි තරම් මහා පුරුෂයෙක්. අපේ රටේ බිහිවුණු කලාකරුවන්ගෙන් අපේ මුදුන්මල්කඩ හැටියට සලකනඒ මහා පුරුෂයා අපට නැතිවුණා. නමුත් එතුමා කරපු නිර්මාණ සදාකාලිකයි. එතුමා මියගියත් එතුමා මියගියේ නැහැ කියනෙකයි අපට කියන්න තියෙන්නෙ. එතුමා කරපු නිර්මාණ කොයිතරම් ජීවයකින් යුක්තද යන්න අපි දන්නවා. එහි අගය මෙයින් ඉදිරියට තවත් වැඩිවේවි.


 

 

2016-11-06-ent-08අමරදේවයන් සෙවණේ වැඩුණු සියලුදෙනාම පාහේ ප්‍රවීණයන් බවට පත්වුණා - ප්‍රවීණ ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ

අපිට සංගීත ක්ෂේත්‍රයට මග හෙළිකළ මහා ගාන්ධර්වයා තමයි පණ්ඩිත් අමරදේවයන්. ඒ සෙවණේ වැඩුණු අය සියලුදෙනාම පාහේ ප්‍රවීණ ශිල්පීන් බවට පත්වුණා. ඉන් බැහැරට ගිය අය අවරට ගියා කියල තමයි අපිට දැනෙන්නේ. පණ්ඩිත් අමරදේවයන් කියන්නෙ අපේ සංගීත ක්ෂේත්‍රයට විශාල පූර්වාදර්ශ රැසක් එක් කළ මහා කලාකරුවායි. උත්තර භාරතයේ සංගීතය හා අපේ ජන සංගීතය මුසුකොට අපිට ගැළපෙන සංගීත උරුවක් ඇතිකරපු මහා කලාකරුවායි අපෙන් නික්ම ගියේ.


 

 

2016-11-06-ent-10අප්‍රමාණ පුරුෂයෙක් නැතිවුණා කියන හැඟීමයි මට දැනුණෙ -මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

අපි දන්නවා කවුරුත් මියයනවා කියල. නමුත් එතුමා අමරදේව. අමරදේව කියන්නෙ අමරදේවට. එක්කෙනයි ඉන්නෙ. ඒ හිඩැස පුරවන්න ලේසි නෑ. ඔහු පහුගිය ශතවර්ෂෙ ඉපදිලා ඉතාම දුෂ්කරව ස්වශක්තියෙන් ගොඩනැගිලා වයලීනයට අත හුරුවෙලා ඉන්දියාවෙ ගිහින් ගායනය හා වයලීනය ඉගෙනගෙන ඇවිත් චිත්‍රපට වේදිකා නාට්‍ය, ගුවන්විදුලි ගීතයට හා පසුකාලීන තැටිවලට සංගීතයෙන් තනු නිර්මාණයෙන් හා ගායනයෙන් කරන ලද මහ මෙහෙවර අප්‍රමාණයි. අප්‍රමාණ පුරුෂයෙක් නැතිවුණා කියන හැඟීමයි මට දැනුණෙ.


 

 

සිංහල සංගීතයේ මුදුන්මල්කඩ තමයි ගුරු අමරදේව - ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක

2016-11-06-ent-12සකල ශ්‍රී ලංකාවටම මම හිතන්නෙ ඉතාම ශෝකජනක සිද්ධියක්. සිංහල සංගීතයේ මුදුන්මල්කඩ ගුරු අමරදේව කියල තමයි මම නිතරම කතා කරන්නෙ. එතුමා %අශෝකමාලා^ චිත්‍රපටයේ සිට මේ තාක් සිනමාවට කරපු සේවයත්, ශ්‍රී ලාංකික සුභාවිත ගීතයට කරපු සේවයත් මේ දෙකම ගැන කතා කරනකොට එලෙස වෙනත් සංගීතඥයෙක් ගායන ක්ෂේත්‍රයේවත් සංගීත ක්ෂේත්‍රයේවත් නෑ. ඇත්ත වශයෙන්ම සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයයි කියන තැනට ඇවිත් කතා කරනකොට විශාල වශයෙන් දුක්වීමක් අවශ්‍ය නෑ. මොකද එතුමා වසර සිය ගණනකට අමතක කරන්න බැරි සේවයක් ශ්‍රී ලාංකික සෞන්දර්ය ක්ෂේත්‍රයට කරල තිබෙනවා. කිසියම් දෙයක් නොකර මියැදෙනවාට වඩා විශාල සේවයක් කරපු කලාකරුවෙක් හැටියට දුක්වෙන අතරම අපිට එතුමාගේ නම වසර සියගණනක් පවතින බව මතක් වෙද්දි ඉතාම සංවේගයට පත්වෙන්න පුළුවන්. අමරදේවයන් අපිට අමතක නොවන චරිතයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.


 

 

නවකයන් එක්ක ගැවසෙන්න පුදුම උවමනාවක් අමරදේවයන්ට තිබුණා - මේරියන්ස් නායක නලින් පෙරේරා

2016-11-06-ent-11අමරදේව සර් මට මුණ ගැහෙන්නෙ බොහෝම මෑත කාලෙකදි. මට තියෙන එකම සතුට තමයි එතුමාගේ අසූපස්වැනි උපන්දිනය නෙළුම්පොකුණේදී සමරන විට මමත් රෝසත්, දිලීපත් අපි තුන්දෙනා ප්‍රසංගයේ අවසාන ගීතයට සර් එක්ක සම්බන්ධ වුණා. එදා මේ ගැන මං ප්‍රකාශයක් කළා. අමරදේව සර් අපිට මුණගැහෙන්න තිබුණෙ මීට අවුරුදු ගාණකට කලින් කියල. මොකද ඔහු නවකයන් එක්ක බොහොම ළඟින් ඇසුරු කරන්න කැමැත්තක් තිබුණු ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවෙක්. ඔවුන්ට උදව් කරන්නත් එතුමා තුළ බොහොම කැමැත්තක් තිබුණු උත්තම පුද්ගලයෙක්. මට තිබෙන එකම දුක තමයි එතුමාට නිර්මාණය කළ ගීතය ගයන්න තරම් කාලයක් එතුමා අප අතර නොසිටීම. ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක් අපි අතරින් නික්ම ගියා කියලයි මට කියන්න තියෙන්නෙ.

 

සටහන ඉඳුනිල් සින්දු

 

 

related-ARTICAL

ජනපති අමරදේවයන්ගේ දේහය බාර ගනීයි

අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ සමුගැනීමෙන් තනිවූ ආදරණිය බිරිඳ

අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය හෙට නිදහස් චතුරශ්‍රයට

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමුගනී

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් රෝහල් ගත කරයි



අදහස් (0)

හෙළයේ මහා ගාන්ධර්වයන් ගැන කලාකරුවන් කී කතා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 150 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 433 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 260 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 253 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 175 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 588 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39813 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 93 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site