IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


හෙළ ඔසුවේ ගුණ බැබළෙයි

මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය පිළිබද පර්යේෂණ ඒකකයේ අංශ ප්‍ර‍ධාන, ආචාර්ය රුවිනි ලියනගේ මහත්මිය

අපට වැළදෙන සෙම්ප්‍ර‍තිශ්‍යාව, කැස්ස, උණ වැනි රෝග වලදී පුරුද්දක් වශයෙන් බොහෝ දෙනා නිවසේදීම දේශීය ඖෂධ වර්ග වලින් කසාය වර්ග තම්බලා පානය කිරීම සිදු කරති. එවැනි කසාය වර්ග වලින් අතුරු ආබාධයක් නැතිවම අපේ අසනීප හොඳ වන බව අත්දැකීමෙන්ම අපි දනිමු. දේශීය බෙහෙත් වර්ග වල තියන ලෙඩ හොඳ කිරීමේ හැකියාව කුමක්ද? එම හැකියාව වෙනත් ලෙඩ රෝග පාලනය කිරීමට යොදා ගැනීමට නොහැකිද? මෙම ප්‍ර‍ශ්නය පැන නගින්නේ දේශීය ඖෂධ වල වටිනාකම යම්තාක් හෝ වැටහුණ පුද්ගලයන්ටය. දේශීය වෛද්‍ය විද්‍යාවේදී නිතර භාවිතා වන ඖෂධ වර්ග 10 ක (බෙලි මල්, ඉරමුසු, රණවරා, වල් කොත්තමල්ලි, නෙල්ලි, රසකිද, පොල්පළා, බැබිල, බෙලි ගැට සහ වෙනිවැල්) කෘත්‍යාත්මක ගුණ පිළිබඳව අධ්‍යනයක් ආරම්භ ක‍ළේය.

1 2-(1)

ශාක වල කෘත්‍යාත්මක ගුණ අතරින් ශරීරයේ ලෙඩ රෝග පාලනයට ඉතා වැදගත් ගුණයක් වන්නේ එම ශාක වල දක්නට ලැබෙන ප්‍ර‍තිඔක්සිකාරක ගුණයයි. ශාක වලට මෙම ප්‍ර‍ති ඔක්සිකාරක ගුණ ලැබෙන්නේ එම ශාක වල නිපදවන ද්වීතීයික පරිවෘත්තීය සංඝටක වලිනි. ඒ අතරින් ෆීනෝලික , ෆ්ලෙවනොයිඩ් රසායනික සංඝටක ප්‍ර‍ධානයි. අපේ ශරීරය  තුළ විවිධ අහිතකර හේතු නිසා වැරදි ජීවන රටා, නරක ආහාර පුරුදු සහ මානසික ආතතිය නිපදවන සහ ශරීරයට බාහිරින් ඇතුළු වන මුක්ත ඛණ්ඩක නිසා ඔක්සිකරණ ආතතියක් ශරීරයේ ඇතිවේ.

ඔක්සිකරණ ආතතිය නිසා ශරීරයේ ඉන්ද්‍රියන් වල පටක වල ඩී.එන්.ඒ. ප්‍රෝටීන් සහ ලිපිඩ වලට හානි සිදුවේ. සෙම්ප්‍ර‍තිශ්‍යාව, කැස්ස, උණ වැනි සාමාන්‍ය රෝග වලදී වගේම දියවැඩියාව, හෘද රෝග, පිළිකා වැනි දරුණු රෝග වලටත් මූලික හේතුවක් වේ. ඔක්සිකරණ ආතතිය මගින් සෛල වලට සිදුවන හානිය අපි ගන්නා  දේශීය ඖෂධ වර්ග වල පොදුවේ  ප්‍ර‍තිඔක්සිකාරක ගුණ  බහුලයි. ප්‍ර‍තිඔක්සිකාරක ගුණ  වලට  ශරීරයේ ඇතිවන ඔක්සිකරණ  ආතතිය මර්ධනය කර ශරීරය නැවත යථා තත්ත්වයට පත් කිරිම සඳහා පර්යේෂණ කණ්ඩායම සිදු කළේ තෝරා ගත් දේශීය ඖෂධ වර්ග වල ප්‍ර‍තිඔක්සිකාරක හැකියාව අධ්‍යනය සිදුකිරීමයි.

මෙහිදි පර්යේෂණ කණ්ඩායම විශ්ලේෂණ සදහා දේශීය ඖෂධ වර්ග වල නිස්සාරණ පිළියෙළ කළේ සාම්ප්‍ර‍දායිකව ඖෂධීය පානයන් පිළියෙළ කරන ආකාරයටම වියළි ඖෂධ වර්ග ජලය සමඟ උණු කිරීමෙනි. පසුව ක්‍ර‍ම 3 කට එම ඖෂධ වර්ග වල ප්‍ර‍තිඔක්සිකාරක හැකියාව විශ්ලේෂණය කරන ලදි. පරීක්ෂණ වල ප්‍ර‍තිළුල වලට අනුව පිළිවෙළින් නෙල්ලි, රණවරා, බෙලි මල්, බෙලි ගැට සහ වල් කොත්තමල්ලි ඉහළ ප්‍ර‍තිඔක්සිකාරක හැකියාවකින් යුක්තය. මෙම  පරීක්ෂණයේ සුවිශේෂි ප්‍ර‍තිළුලය නෙල්ලි වල පවතින ප්‍ර‍තිඔක්සිකාරක හැකියාවයි. නෙල්ලි වල තියන ප්‍ර‍තිඔක්සිකාරක හැකියාව අනෙකුත් ඖෂධ වර්ග වල ප්‍ර‍තිඔක්සිකාරක හැකියාවට වඩා ඉතා ඉහළ අගයක් ගනියි.

ඖෂධ වර්ගය

මුළු ෆීනෝල් අන්තර්ගතය

≈(GAE/g)

මුළු ෆැලවනොයිඩ් අන්තර්ගතය≈ (CE/g)

නෙල්ලී

296

115

රණවරා

52

20

බෙලි ගැට

48

17

බෙලි මල්

44

24

වල් කොත්තමල්ලි

30

8

           ඖෂධ වර්ග වල මුළුපීනෝල් සහ ෆැලවනොයිඩ් අන්තර්ගතය

 

 

3

ඉහත සඳහන් ඖෂධ වල ඇල්ෆා ඇමයිලේස් ප්‍ර‍තිෂේධාත්මක ගුණය ද අධ්‍යයනය කළා. ඇල්ෆා ඇමයිලේස් යනු අපි ගන්නා ආහාර වල තියන පිෂ්ඨය මෝල්ටෝස්, මෝල්ටොට්‍රයෝස් වැනි ඩයිසැකරයිඩ වලට බිඳ හෙලන එන්සයිමයකි. දෙවන වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට මෙම එන්සයිමයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරගැනීම පහසු වේ. ඇල්ෆා ඇමයිලේස් ප්‍ර‍තිෂේධාත්මක ගුණය තියන ඖෂධ වර්ග වලට පුළුවන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය කිරීමට උපකාරී වේ. විශ්ලේෂණයෙන් ලැබුණ ප්‍ර‍තිළුල අනුව නෙල්ලි සහ රණවරා වල ඇල්ෆා ඇමයිලේස් ප්‍ර‍තිෂේධාත්මක ගුණය ඉහළ අගයක් ගෙන තිබේ.

මෙම පරීක්ෂණ වලින්,  පුරාතනයේ සිට පාරම්පරික වෙදකමේදි භාවිතා කරන ඖෂධ වර්ග වල තියන රසායනික සංඝටක සහ ඒවායේ ක්‍රියාකාරීත්වය විද්‍යාත්මක ක්‍ර‍ම මගින් දේශීයව හඳුනා ගැනීමට සමත්වී තිබේ. ලෝකයේ අනෙකුත් රටවල් වල වගේම ශ්‍රී ලංකාව තුළත් දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකා සහ හෘද රෝග වැනි බෝ නොවන රෝග වේගයෙන් පැතිරේ. ඒවාට හේතුවන ඔක්සිකරණ ආතතිය මැඩලන්න වගේම රුධිරයේ සීනි මට්ටම යාමනය කිරීමටත් මේ නෙල්ලි වලට ඉතා ලොකු හැකියාවක් තිබෙන බව මෙම පර්යේෂණ වලින් හෙළිවේ. මෙම ගුණ නිසාම තමා අතීතයේ සිටම බොහෝ ලෙඩ රෝග වලට ‍ ඖෂධ නිපදවීමේදී නෙල්ලි අත්‍යාවශ අංගයකි. ඖෂධීය වටිනාකමක් තියන දේශීය ඖෂධ වර්ග වර්තමානයේදී අපි ප්‍රයෝජනයට ගන්නේ ඉතා අඩුවෙනි.

එක දවසකට එක නෙල්ලි ගෙඩියක් කෑවොත් එයින් මුලු දවසටම සරිලන ප්‍ර‍තිඔක්සිකාරක හැකියාව ශරීරයට ලැබේ. නෙල්ලි වගේම රණවරා, බෙලි මල්, බෙලි ගැට සහ වල් කොත්තමල්ලිත් ප්‍ර‍තිඔක්සිකාරක හැකියාවෙන්  සහ ඇල්ෆා ඇමයිලේස් ප්‍ර‍තිෂේධාත්මක ගුණයෙන් අනූනයි. රණවරා, බෙලි මල්, බෙලි ගැට සහ වල් කොත්තමල්ලි වැනි ඖෂධ වලින් සාදන පානයන් අතීතයේ මිනිසුන් සුලභව පානය කළා. ඒ අතීතයේ සිටම අත්දැකීමෙන් ඒවායේ ගුණයන් දැන සිටි නිසා. වර්ථමානයේදී මෙවන් වටිනා දේශීය පර්යේෂණ තුලින් නැවත විද්‍යාත්මක ක්‍ර‍මයට එම ගුණ මතු කිරීමේ අභිප්‍රාය වන්නේ ජනතාව මෙම වටිනා දේශීය ඖෂධ වලින් නිසි ප්‍රයෝජන ලබාගෙන නිරෝගිමත් ජීවිත ගත කිරීමයි.



අදහස් (5)

හෙළ ඔසුවේ ගුණ බැබළෙයි

ශාන්ත Wednesday, 30 March 2016 04:13 AM

සත්‍ය වශයෙන්ම අනගි ලිපියකි. බොහෝ දෙනෙක් පහසුව ගැන පමණක් සිතා බටහිර ඖෂධ වලට යොමු වෙනවා. එයින් සිදුවන අතුරු අබාධ ගැන හිතන්නේ නැහැ. (බ)

:       0       1

බන්දු Thursday, 24 March 2016 04:15 AM

ඉතාමත් වටිනා ලිපියකි. ලෙහෙසියෙන් පිළියෙල කරගත හැකි, ගෙවත්තෙන් සොයාගත හැකි ඔසු වර්ගයන් නිසා මුදල් ද වැය නොවේ. එදිනෙදා තේ වෙනුවට පානය කළහැකිද? (බ)

:       1       1

sarath Saturday, 23 September 2017 10:50 AM

බුදු සරණයි දෙවි පිහිටයි.! ඔය ගොල්ලන්ගේ දෙමව්පියන්ටත් ගුරු භවතුන්ටත් ගොඩක් පිං! වෙන කියන්න දෙයක් නැත.

:       0       1

දිනූ Tuesday, 30 July 2019 05:10 AM

අවාසනාවට දේශීය වෙදකම අපෙන් ඈත් වෙලා. බොහොම වටින ලිපියක්. බටහිර වෙදකමට වඩා දේශීය වෙදකම කොතරම් අගනේද..

:       0       0

මදුවන්ති Friday, 15 November 2019 06:21 AM

ගොඩක්ම වටින ලිපියක්. මදාරා ශාක පිළිබදවත් දැනගන්න කැමතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 355 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 423 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 697 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 543 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 382 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 719 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site