මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකීක දෙමාපියන්ගේ දරුවන් විසින් තෙවැනි වරටත් කරලියට ගෙන එනු ලබන ‘‘හෙළ දරු වරුණ‘‘ සංස්කෘතික කලා මංගල්‍යය අප්‍රෙල් 21 වැනි සෙනසුරාදා සවස ලන්ඩන් නුවර හොවුන්ස්ලෝ ලැම්ටන් පාසල් ශාලාවේදී නොමිලයේ වේදිකාගත වීමට නියමිතය. එංගලන්තයේ ජීවත්වන ලාංකික සිසුන් ජාතික ඇඳුමින් සැරැසී මුල සිට අග දක්වාම හෙළ බසින් පමණක් මේ ප්‍රසංගය ඉදිරිපත් කරන බවත් වන්නම්, වෙස් නැටුම්, ගිරි දෙවි සමගින් ජන කමි, ජනගායනා, වේදිකා නාට්‍යය , ජවනිකා, ළමා ගීත, ගැමි නැටුම් ඇතුළු තවත් බොහෝ අංග කරලියට ගෙන එන බවත් සංවිධායකයෝ කියති. වයස අවුරුදු 3 සිට 18 දක්වා දූ දරුවෝ සියයකට අධික ප්‍රමාණයක් ඊට එක් වෙති. 2007 දෙසැම්බරයේ දීත්, 2009 ඔක්තෝබරයේදීත් මෙවැනි කලා උළෙල පැවැත්විණි. නර්තන ආචාර්යය ඒ. පී. අත්තනායක සමග රසිකා කුමාරගේ සහ මධුකා මාරසිංහ නර්තනාචාරිනියෝ වෙති. දේශීය ආහාර පාන සංග්‍රහයක් ද තවත් විශේෂාංග, දේශීය ආරකට හුරු ඇඳුමකින් සැරැසී පැමිණෙන ලෙස සංවිධායක කමිටුව ආයාචනා කරයි. ස්වර්ණා වීරසිංහ මහත්මිය ද කමල් අභයතිලක සහ විජේරත්න බණ්ඩාර මහත්වරුද සංවිධාන කමිටු සාමාජිකයෝය. හෙළ දරු වරුණ සංකල්පය සහ ප්‍රධාන සංවිධායකත්වය ලන්ඩනයේ වෙසෙන ආසිරි බණ්ඩාරයන්ගේය. 204
අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න
බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා
නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.
රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන
අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රිය කොළඹ කොටුව සහ මහලේකම් කාර්යාල දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපා
වර්ෂාව හේතුවෙන් හානි වූ මාර්ග සහ පාලම් නැවත සකස් කිරීම ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එස්. එම්. පී. සූරියබණ්ඩාර මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හෙළ කලා උළෙලක් ලන්ඩනයේ
ධම්මික Friday, 30 March 2012 07:28 PM
බොහොම අගේ කළයුතු වැඩක්. ඔබ සැමට තව තවත් දිරිය ලැබේවා.
චානක ද සිල්වා Friday, 30 March 2012 09:24 PM
මෙය ප්‍රචාරය කරන්න උත්සාහ ගන්න කියා මම එසැණ කර්තෘ මණ්ඩලයෙන් ඉල්ලනවා. මා සතුව සිංහල අකුරු හෝ සිංහල යතුරු පුවරුවක් නැහැ. මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම විශිෂ්ඨයි. මේ ළමයි පවා ගොඩ සුද්දන් බවට පත්වෙලා. ඔවුන්ට තමන්ගේ මව් භාෂාව කථා කරන්න බැහැ. ජීවත්වන්නේ එංගලන්තයේ. අපේ සංස්කෘතිය ඔවුන්ගෙන් ගිලිහී යනවා. එංගලන්තයේ ඉන්න අපේ සිංහල ළමුන්ගෙන් මව් භාෂාව ඈත්වෙනවා. අපි පාසල් ගිය කාලයේ කියපු සැබෑ ගොඩසුද්දන් බවට ඔවුන් පත්වෙලා.
පූජ්‍ය වගේගොඩ සීලානන්ද හිමි Friday, 30 March 2012 11:33 PM
අනිත් රටවල දරුවන්ටත් මග පෙන්වීමක්. ඔබ සැමට තෙරුවන් සරණයි.
ලකී ගනේවත්ත. Saturday, 31 March 2012 12:28 AM
හෙළ බස ,හෙළ සිරිත රැකුනොත් තමයි හෙළබිම රැකෙන්නේ. මෙවැනි උදාර කටයුතු වල යෙදෙන ඔබ සැම ලක් මවුගේ උතුම් දරුවන් ලෙස අපේ ආශීර්වාදයට හිමි කරුවෝ වම්හ.
සමන්ත ඒකනායක Saturday, 31 March 2012 03:52 AM
අපේ රටේ දේවල් අමතක කරලා වෙනත් සංස්කෘතීන් බදාගන්න දඟලන ඇත්තෝ අපේම රටේ ඉන්න යුගයක බටහිර රටක ඉඳලා අපේ දේ අපේ අනාගත පරපුරට කියා දීම ඉතාම විශිෂ්ටයි. කෙනෙක් යමක් අලුතින් කරනවාට සහ සිතනවාට අකමැති පිරිසකුත් අපි අතරේ ඉන්නවා වගේම ඔය දේවල් වලට අකුල් හෙලන්නට බලාගෙන දේශප්‍රේමී ලේබලය බොරුවට නමට විතරක් අලවගත්තු පිරිසකුත් බලා ගෙන ඉන්නවා. ඒ ගැනත් කල්පනාකාරීව හිතලා සියලු බාධක ජය ගෙන ඉදිරියට යන්නට ආසිරි බණ්ඩාර මහත්මා ඇතුළු පිරිසට ජය ප්‍රාර්ථනා කරනවා....
anura silva from glasgow Saturday, 31 March 2012 05:01 PM
ආසිරි බණ්ඩාර මහත්මා ඇතුළු පිරිසට තව තවත් දිරිය ලැබේවා.