එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ සහජ කලා කුසලතා එකම වේදිකාවකට ගෙන ආ හෙළදරු වරුණ සංස්කෘතික කලා උළෙල ලන්ඩන් නුවරදී පැවැත්විණි. එංගලන්තයේ ඉපැදුණු අවුරුදු 3ත් 18ත් අතර සිංහල දූ දරුවෝ 150 දෙනෙක් පමණ ගායනයෙන්, නර්තනයෙන් සහ රංගනයෙන් දස්කම් පෑහ. උඩ පහත දෙරට නැටුම්, වේදිකා නාට්‍ය, ගීත ගායනා සහ නව නිර්මාණ ද විශේෂාංග අතර විය. නිවේදකයෝ ද ලක්දරුවෝය. ඔවුහු සිංහලෙන් ඒ කාරිය ලස්සනට කළහ. ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය ආගමික වතාවත් ඉටු කළහ. ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ප්‍රධාන ආරාධිතයාය. ඒ.පී. අත්තනායක, රසිකා කුමාරගේ, මදුකා මාරසිංහ, සහ ඕළු සුරවීර මහත්ම මහත්මීහු පුහුණු කටයුතු කළහ. හෙළ වරුණ සංකල්පය සහ ප්‍රධාන සංවිධායකත්වය ආසිරි බණ්ඩාරගෙනි.ඔහු මහනුවර ධර්මරාජ සහ මාතලේ ක්‍රිස්තුදේව පාසල්හි ද සිසුවෙකි. කොළඹ හා ලන්ඩන් සරසවිවල ද ආදි සිසුවෙකි.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හෙළ දරු වරුණ ලන්ඩන් නුවර ලස්සන කරයි
Manuranga Wednesday, 02 May 2012 04:30 PM
ආසිරි මහත්මයාණෙනි, ඔබ වැනි පුතෙකු එංගලන්තයට නොව අපේ රටටයි අවශ්‍යය. ලංකාවෙන් එපිට ගියත් අපේ දේවල් ඒ විදිහට රැක ගන්න වෙහෙසෙන ඔබට ජය!!!! ඔබ ලක් මාතාවට ආඩම්බරයක් වගේම ආශිර්වාදයක්....
නරේන් Thursday, 03 May 2012 04:13 PM
ඇමරිකාවේ ඉන්න බොහෝ ශ්‍රී ලාංකික දෙමාපියන් තමන්ගේ දරුවන්ව ශ්‍රී ලාංකීය අනන්‍යතාවයකින් යුතුව ඇතිදැඩි කිරීමට උත්සාහ ගන්නවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි, ඒ වගේම ආඩම්බරයි
සුමිත් Tuesday, 01 May 2012 09:48 PM
මේක හොද වැඩක්.
ජානකී Thursday, 03 May 2012 05:33 PM
ලංකාවේ දෙමවුපියෝ ළමයින්ට ඉංග්‍රීසි උගන්වන්න ගන්න මහන්සිය වගේ හත් අට ගුණයක මහන්සියක් අපි ළමයින්ට සිංහල උගන්වන්න ගන්නවා. මම සිංහල උගන්ව නිසයි එහෙම කියන්නේ
චමින්ද Tuesday, 01 May 2012 10:43 PM
ඔබ ගැන ආඩම්බරයි
කුමා Wednesday, 02 May 2012 03:16 AM
මේ උත්සවය කරපු දරුවෝ මේ එංගලන්තේ ඉපදිලා මේ රටේ හැදිචච ළමයි ඒත් හොදට කට ඇරලා සිංහල යසට කතා කෙරුවා
ලසන්ත විජේවීර Wednesday, 02 May 2012 10:56 AM
එන්ගලන්තේ ගියාම සුද්දෝ වගේ ඉන්ඩ ඕනේ. එහෙ ගියාම එහේ සංස්කෘතියට හැඩ ගැහෙන්න නේද ඕනේ.