IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


හෙළ බස් මිණි පහනක් නිවේ

වරලත් විදුලි ඉංජිනේරුවකු, සිංහල භාෂා විශාරදයකු, හෙළ වදන් වැලේ නිර්මාතෘ ඊලියන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත විය. ඒ මහතා ටයිටස් තොටවත්ත මහතාගේ වැඩිමල් සොහොයුරාය.

ඔහුගේ දේහය අවසන් ගෞරව සඳහා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙන බව ඥාතීහු කියති.

ඔහු ගැන ගුණ කථනයක් හෙළ හවුලේ ක.ක.ගනුෂ්ක රන්දුල මහතා සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහන් කර ඇත.

‘‘මිය යන විට 89 වැනි වියේ පසු වූ එතුමාණෝ වෛද්‍ය මල්ලිකා ද සිල්වා මැතිනිය ගේ ස්වාමිපුරුෂයාණෝ ද වරුණ තොටවත්ත මහතා ගේ පියාණෝ ද වූ හ. නැසීගිය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ ටයිටස් තොටවත්තයන් ගේ දෙටු සොහොවුරකු වූ එතුමාණෝ වෘත්තියෙන් විදිලි මැවිසුරුවකු (Electrical Engineer) වූ අතර සිංහල භාෂාවට අනුපමේය සේවාවක් ඉටු කළ විද්වතෙක් ද වූ හ.

1926 දී අගනුවර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ T. G. M. ජුලියස් ද සිල්වා පියාණනට දා ව සිසිලියා හෙට්ටිආරච්චි මෑණියන් ගේ කුසින් මෙලෝ එළිය දුටු තොටවත්තගේ මනුවෙල් ඊලියන් ද සිල්වාණෝ කොළොඹ ආනන්ද විද්‍යාලයයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබ උසස් අධ්‍යාපනය පිණිස ලංඩන සරසවියට බැඳුණාහු එහි දී විදිලි මැවිසුරුවම පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලැබූ හ. අනතුරු ව එක්සත් රජදහනේ විදිලි මැවිසුරු හවුල විසින් ද සිරි ලක විදිලි මැවිසුරු හවුල විසින් ද වර ලත් විදිලි මැවිසුරුවකු ලෙස පිළිගැනුණු එතුමාණන් ලංකා විශ්වවිද්‍යාලයයේ විදිලි මැවිසුරුවම ඉගැන්වීම ඇරැඹූ අලුත එහි කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කොට තිබේ.

1954 දී මැවිසුරුවකු ලෙස රජයේ විදිලි අදිකාරියේ සේවයට එක් වූ ඊලියන් ද සිල්වාණෝ විද්‍යා තාක්ෂණික සංකල්ප සිංහලයෙන් පෑමේ අවශ්‍යතාවට මුහුණ දුන්හ. හෙළ හවුලේ සාමාජිකයකු මෙන් ම කුමාරතුංග මුනිදාසයන් ගේ භාෂා සංස්කෘතික චින්තනයේ ප්‍රබල අනුගාමියකු ද වූ එතුමාණෝ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව තැනූ පාරිභාෂික පදවල නුසුදුස්ස දුටුවාහු නවමු සිංහල සිප්යුරු වදන් (Technical Terms) තුන්දහස් හාරසියයකට (3400) අධික සංඛ්‍යාවක් තනා නූතන සිංහල වාක්කෝශය පෝෂණය කළහ. පිරිපහදුව (Refinery), රැහැන (Line), තලබමනය (Turbine), මනුව (Meter), වහරුව (Switch), පිලිසිය (Fuse), තෙකලා (Three-phase), බෙදෑරුම (Distribution), පිරිතෙල් (Petrol) ලිහිසි තෙල් (Lubricants), බල පොළ (Power Station), පිරැවුම් පොළ (Filling Station), උපසිරැසි (Subtitle), හඬකැවීම (Dubbing), සැකිලිරූ (Cartoon), අදියුරුවම (Direction), පිළිසැරුම (Recycle) යනු එතුමා විසින් තනන ලද වදන් ගොන්නෙන් කිහිපයක් පමණි.

කුමාරතුංග මුනිදාස, සුචරිත ගම්ලත් යන විද්වතුන් දෙදෙන හැරුණු කොට මේ සා විශාල වදන් සංඛ්‍යාවක් සිය බසට එක් කළ තවත් විද්වතතෙක් හමු නො වේ. ඊලියන් ද සිල්වාණන් තරම් ගැඹුරට සිංහලයත් ඉංගිරිසියත් මැවිසුරුවමත් දන්නා අන් කිසි දු මැවිසුරුවකු ගැන තමන් නො දන්නා බව අරීසෙන් අහුබුදුවෝ වරෙක සඳහන් කළහ. සිංහල සිප්යුරු වදන් තැනීමේ ලා ඊලියන් ද සිල්වාණන් අනුගමනය කළ පද සාධන පිළිවෙත් වනාහි විධිමත් ශාස්ත්‍රාලයීය අධ්‍යයනයකට විෂයය විය යුත්තෙකි.

ආදි සිංහලයා ගේ ශිල්ප තාක්ෂණික ඤාණය පිළිබඳ ව පර්යේෂණ කළ එතුමාණෝ පරිසර හිතකාමී තාක්ෂණික ලෝකයක් සඳහා සාම්ප්‍රදායික ඤාණය උපයුක්ත කොටගත හැකි අයුරු මැනැවින් පෙන්වාදුන්හ. වර්තමානයේ ප්ලාස්ටික් බැරලයක් ලෙස මහා පරිමාණයෙන් නිෂ්පාදනය කොට අළෙවි කැරෙන සිලින්ඩරාකාර කාබනික පොහොර පරිවර්තකයේ නිර්මාතෘවරයා වූයේ ද ඊලියන් ද සිල්වාණන් බව බොහෝ දෙනා නො දනිති. මේ නිර්මාණය සඳහා එතුමාණෝ ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබූ හ. සම්මාන ලද පුවත සැළ වූ විට ඊලියන් ද සිල්වාණන් එය ප්‍රතික්‍ෂේප කෙළේ “මගේ කුදු මෙහෙය ඔබ ගේ සොම්නසට හෙය වී නම් ඒ පමණි. තව කුමකට යැ සම්මාන?” කියමින් බව එවක පරිසර අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ සහාය ලේකම් පදවිය හෙබැවූ සුනිල් සරත් පෙරේරාණෝ සිහි කරති. වරක් හෙළ හවුල විසින් ‘හෙළ බස් මිණි’ සම්මානය ප්‍රදානය කරන්නට සැරැසුණු අවස්ථාවේ එතුමාණන් එය ප්‍රතික්‍ෂේප කෙළේ ද එවැනි ම ප්‍රතිචාරයක් දක්වමින් බව සඳහන් වේ. සම්මාන පසු පස හඹා ගොස් මානය පුම්බාගන්නා පුහු පඩිවරුන් බහුල මෙකල ඊලියන් ද සිල්වාණෝ සැබෑ පඬි රුවනෙකි.

මැවිසුරුවකු ලෙස සිය වෘත්තීය ජීවිතයේ හිණිපෙත්තට ම නැඟි ඊලියන් ද සිල්වාණෝ රජයේ විදිලි අදිකාරියේ මැවිසුරුවකු ලෙස ද, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ ප්‍රධාන මැවිසුරු ලෙස ද, ලංකා ට්‍රාන්ස්ෆෝමර සමාගමයේ කළමනාකරන අධ්‍යක්‍ෂ ලෙස ද, ඩුබායි රජයේ වෛද්‍ය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපප්‍රධාන මැවිසුරු ලෙස ද සේවයෙහි නියුතු වූවෙකි. කලක් ශ්‍රී ලංකා ගුවන්විදිලි සංස්ථාවේ සහ ලංකා පොල් සැකැසුම් මඬුල්ලේ ද සභාපති වූ එතුමා එක්සත් ජාතීන් ගේ සංගමයේ සමුළු කිහිපයෙක දී ම ලංකා රජයේ නියෝජිතයා ද විය. ‘කුමරතුඟු අමර වැකි’ සහ ‘සිංහළයෙන් සිප්යුරු වදන්’ යනු එතුමාණන් විසින් විරචිත කෘති ද්වයය යි. ඉහත දෙ වැනියට කී කෘතිය එක්සත් ජාතීන් ගේ යුනෙස්කෝ ශාස්ත්‍ර සංග්‍රහයෙහි (UNESCO, ABD Journal 2003, volume 33, No 3) ඇගැයුමට ලක් කොට තුබුණේ ‘ලක් දිවින් එළි දුටු මාහැඟි පබඳක්’ ලෙසිනි.

ඊලියන් ද සිල්වාණන්ගේ දේහය අද දින පටන් මහජන ගෞරවය සඳහා බොරැල්ලේ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු කොළඹ කනත්තේදී  26 වැනි සෙනසුරාදා  සවස 4 ට සිදු කිරිමට නියමිතය. 

ක. ක. ගනුෂ්ක රන්දුල 
(හෙළ හවුලේ මහ මඬුල්ලේ ඇතුළතු)‘‘

 



අදහස් (0)

හෙළ බස් මිණි පහනක් නිවේ

ගමගේ Thursday, 24 September 2015 09:20 AM

මෙතුමාට නිවන් සුව පතමි ! (ම)

:       0       1

ශාන්ත Thursday, 24 September 2015 10:45 AM

ඔබට නිවන් සුව ! (බ)

:       0       0

හේමපාල රණසිංහ Thursday, 24 September 2015 10:46 AM

පියදාසගේ දැන් වයස සෙවීම පහ වසර ශිෂ්‍යත්ව විභාගයට ප්‍රශ්නයක් ලෙස යොදා ගත හැකිය. (බ)

:       0       0

ම. සමන් පිරිස් Friday, 25 September 2015 02:02 AM

ඔබතුමාට නිවන් සුව! ඔබතුමාගේ අභාවය ගෙන ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබාදී ඔබතුමාට අවසන් ගෞරවය දක්වන්නට ජනතාවට අවස්ථාවක් ලබාදීමට සියලුම මාධ්‍ය ක්‍රියා කළයුතු වේ (නි)

:       0       0

අබරන් Thursday, 24 September 2015 11:22 AM

පියදාස පෙරේරා මහතාගේ වයස සෙවීම පිළිබඳ ප්‍රශ්නය හරියට කළුනික තිබෙනා තැන සෙවීමට වඩා අසීරු කාර්යයකි (ම)

:       0       0

අජිත් Friday, 25 September 2015 02:14 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

කැප්පෙටිපොළ Thursday, 24 September 2015 12:58 PM

හෙළ බස, හෙළ බිම සුවඳ කළ විද්වතාණන්ට නිවන් සුව පතමි. (නි)

:       0       0

කරුණාරත්න Thursday, 24 September 2015 01:00 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

තිස්ස ජයසිංහ Wednesday, 30 September 2015 04:24 AM

ඔබට නිවන් සුව ! (බ)

:       0       0

සිරි Thursday, 24 September 2015 01:45 PM

සිංහලයෙකු ලෙස ඔබතුමා සිංහල භාෂාවට කර ඇත්තේ අනගිභවනීය අමිල සේවයකි. සසර සරණ තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළ රන් දෙරණේ මතු උපදින්නට හේතු වාසනා වේවා! (නි)

:       0       0

නාත් රණසිංහ Thursday, 24 September 2015 06:42 AM

ඔබතුමාගේ "සිංහලයාගේ සිප්ලකුව" (1993 මහනුවරදී )දේශනය තවමත් හිතේ රැව් දෙනවා. ඔබට නිවන් සුව !(අ)

:       0       1

සම්පත් Thursday, 24 September 2015 06:47 AM

ශ්‍රී ලංකාවට තවත් ශ්‍රේෂ්ට පුත්ගලයෙක් අහිමි වුණා .ඔබතුමාට නිවන් සුව අත්වේවා (අ)

:       0       0

සනත් Thursday, 24 September 2015 07:10 AM

ඔබ තුමාට නිවන් සැප අත්වේවා! හෙළ බසට කළ අනුපමේය සේවය අමරණීය වේ (බ)

:       0       0

සෑම් Thursday, 24 September 2015 07:12 AM

එතුමාට නිවන් සුව. (බ)

:       0       0

ජයලත් Thursday, 24 September 2015 02:33 PM

ඔබ තුමා මේ රටට කරපු සේවය අමරණීයයි නමුත් මම නම් සිරි වගේ ඔබතුමාව මේ වගේ රටක උපදීවා කියල පතන්නේ නැහැ (බ)

:       0       0

පියදාස පෙරේරා Thursday, 24 September 2015 07:11 AM

මගේ 70 වැනි උපන් දිනයට ඊලියන් ද සිල්වා එතුමාගේ පියා සමග සහභාගි වුනේ වයස 21 තරුණයකු ලෙසයි. කාලය ගිය ඉක්මන. ඔබට නිවන් සුව.(බ)

:       0       0

අතුල රත්නසේකර Thursday, 24 September 2015 07:12 AM

ඔබ වැනි පුතුන් ලද ලක්මව් පින්වන්තයි. නිවන් දැකුමට පෙර තව කීපවරක් ඉපදෙනු මැන ලක්බිම. (බ)

:       0       0

ගුණරත්න Friday, 25 September 2015 04:34 AM

නිර්මාණය අවබෝධ වේවා (අ)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 24 September 2015 07:23 AM

හෙළ බස සරු කල ඔබ සැදී වදන් පෙළ අගෙයි. සින්ගිරිස් වදන්වලින් දොඩමලු වන එෆ්.එම් ගිරා පෝතකයින් ඔබ ගැන නොදන්නවා විය හැක ඔබතුමාට නිවන් සුව පතමු. (අ)

:       0       0

උපුල් Thursday, 24 September 2015 07:26 AM

මැතිදුනි ඔබට නිවන් සුව (අ)

:       0       0

ශ්‍රී වික්‍රම Thursday, 24 September 2015 07:45 AM

ඔබගේ මෙහෙය අමරණීයයි.ඔබට නිවන් සුව අත්වේවා (අ)

:       0       0

සිරිවිකුම් Thursday, 24 September 2015 04:47 PM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

ප්‍රිති Thursday, 24 September 2015 08:08 AM

පියදාස පෙරේරාට මොලේ අව්ලක් ද? දැන් වයස කීයද පියදාස (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 851 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 760 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 159 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1029 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 205 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1222 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 142 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site