IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


හැටන් නගරයට රතු නිවේදන

( රංජිත් රාජපක්ෂ )                     

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය සහිත අත් පත්‍රිකා නිකුත් කරනු ලැබුහ.

නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පා.ම මංජුල සුරවිරආරච්චි මහතා, පා.ම ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය, හැටන් පොලිස් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා, නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් සමීර ගම්ලත් මහතා ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් රැසකගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබුහ.

හැටන් නගරය ඇතුළු නගර සභා සිමාවේ පිහිටි ප්‍රදේශ 18 ක් වශයෙන් වෙන් කර මාස ගණනාවක් තිස්සේ එක්රැස් වි තිබු කැලි කසල ඉවත් කිරිමට මෙහිදි පියවර ගත් අතර, හැටන් කොළඹ සහ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ග දෙපස මෙයට සමගාමිව සුද්ද පවිත්‍ර කෙරිණ.

මින් ඉදිරියට හැටන් දික්ඔය නගර සභා සිමාවේ අවිධිමත් ලෙස කැලි කසල බැහැර කරන සහ නගරයේ බුලත් කෙල ගසන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන බවට සදහන් කළ රතු නිවේදනයක් සහිත අත් පත්‍රිකාවක් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව, පාරිභෝගිකයන්, ප්‍රදේශවාසින් ඇතුළු සියළු දෙනා දැනුවත් කිරිමට පියවර ගනු ලැබුහ.

ක්ලින් ශ්‍රි ලංකා වැඩසටහනට 306/සි/2 හැටන් සිංහ සමාජයේ සහ හැටන් නගරයේ වෙලද ප්‍රජාවගේ පුර්ණ අනුග්‍රහය ලැබි තිබු අතර, දිවයිනේ අලංකාරවත් නගර 100 අතරට හැටන් නගරය ඇතුලත් කරන බව පා.ම මංජුල සුරවිරආරච්චි මහතා පැවසිය.

මෙම වැඩසටහන දියත් කරමින් සිටි අවස්තාවේ හැටන් නගරයේ මාළු වෙලදාමේ යෙදෙන වෙලෙන්දෙකු විසින් ඉවතලන අපද්‍රව්‍ය ලොරි රථයකින් හැටන් කොළඹ පැරණි මාර්ගයේ ඇළ මාර්ගයකට මුදා හරිමින් සිටියදි හැටන් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය.

 

 



අදහස් (1)

හැටන් නගරයට රතු නිවේදන

Anura Wednesday, 05 February 2025 01:57 PM

ඉතාමත් කාලෝචිත තීරණයක්..හැටන් කියන්නෙ කැළිකසල,ජරාව පිරුණු නගරයක් දැන්..හරිම අපවිත්‍රයි...

:       0       29

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 34 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
2025 පෙබරවාරි මස 05 46 0

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.


විටමින් පෙත්ත සිසුන් 18 රෝහලට යවයි
2025 පෙබරවාරි මස 05 108 0

පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා


රටේ හැමෝම නීතියට යටයි
2025 පෙබරවාරි මස 05 380 0

ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 568 2

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 649 3

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 771 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site