IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


හිටපු ඇමැති විජිත් විජිතමුණි අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නීති විරෝධී ලෙස කොටස් මෙරටට ගෙන්වා එකලස් කළ ලොරියක්  තබා ගත්තැයි කියන සිද්ධියකට හිටපු අමාත්‍ය විජිත් මුණි සොයිසා අත්අඩංගුවට ගත් බව පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.

හිටපු අමාත්‍යවරයාට අයත් බව කියන හපුතලේ මුතුවානාවත්ත වතු යායේ තිබී  එම ලොරිය පොලිස් භාරයට ගෙන ඇත.

 



අදහස් (18)

හිටපු ඇමැති විජිත් විජිතමුණි අත්අඩංගුවට

Lakshan Sunday, 19 January 2025 03:31 PM

ඇතුළට යද්දී කෙඳිරි ගාගනෙ යන්න හොඳේ.. පවුනේ..!

:       6       52

Buddika Sunday, 19 January 2025 03:43 PM

රටේ මිනිස්සු තුන්වේල කන්න පුදුම දුකක් විදින්නේ. හාල් නෑ. තියන ඒවා ගිනි ගණන්. පොල්, එළවළු හිතූ ගානට විකුණන්නේ. ලයිට් බිල, බස් ගාස්තු ඉන්ධන මිල කිසිම සහනයක් මිනිස්සුන්ට නෑ. මරණීය තර්ජන කරලා කප්පම් ගන්න එවුන්, පාතාල ක්‍රියා වෙඩිතැබීම් දවස ගානේ ඇහෙනවා. මේවාට විසඳුමක් දීගන්න බැරි ආණ්ඩුව ගැලරිය චූන් කරලා පිනවන්න මේ වගේ දේවල් පස්සේ යන්නේ. රටේ හැමතැනකම කුඩු, අයිස් වගේ මත් ද්‍රව්‍ය. ඒවා නවත්තන්න බැරිව මේ පරණ දේශපාලකයින්ගේ වාහන පස්සේ යනවා..

:       103       22

රනේSunday, 19 January 2025 05:51 PM

චූටි බබෝ, මෙයාලා තමයි ප්‍රශ්න හදන්නේ. මේ හේතුව නැති කරාම ප්‍රශ්න හැදෙන්නේ නෑ. ඔයා තේරුම් ගන්න බලන්න රත්තරන්..!

:       11       40

චන්දිමSunday, 19 January 2025 06:47 PM

මනුස්සයෙක් ඇත්තක් කිව්වාම ඒවට ඩිස්ලයික් දාන මිනිස්සු සෙට් එක පිනවන්න තමයි මේ වගේ දේවල් කරන්නේ මේ මනුස්සයා වැරැද්දක් කළා නම් දඬුවම් දෙන්න ඕනෑ. ඒත් ඊට වඩා ඉක්මනින් සහ විගසින් කළයුතු වන්නේ මිනිස්සුන්ට කන්න බඩ පුරවාගන්න යන වියදම් අඩුකිරීම. ඒක කරගන්න බැරිව කෙදිරිගාන ආණ්ඩුව මරි මෝඩ ගැලරියක් පිනවන්නද මේවා කරලා චීප් පබ්ලිසිටි දෙන්නේ...?

:       46       17

සීයාSunday, 19 January 2025 10:46 PM

කොලුවෝ අලුත් ආණ්ඩුව මොක කෙරුවත් ඕකට ඉස්සෙල්ල අරක කෙරුව නං හොදයි කියලමද හිතෙන්නෙ. පව් බං උඹ.

:       1       4

ජයනාත් Sunday, 19 January 2025 04:16 PM

වාසි පැත්තට පැන පැන හිටියේ ඕක තමයි. මෙයා ළඟ තවත් ඒවා ඇති... වත්කම් බැලුවොත් හොඳයි.

:       3       59

ravin Sunday, 19 January 2025 04:34 PM

අපොයි අප්පොච්චියේ... වතු ගන්න සල්ලි ඉපැයූ හැටිත් හෙව්වා නම්..

:       1       57

Neel Sunday, 19 January 2025 04:44 PM

අපිට නම් අවුලක් නැත. මොකද අපි හැමෝම වැඩ කරන නිසා. රස්සාවල් ඕනෑ විදියට තිබෙනවා. වැඩ කරන්න මිනිස්සු තමයි නැත්තේ. ටිකක් හිතන්න ඕනෑ අපිට මොන ආණ්ඩුව ආවත් කිසිදෙයක් නිකන් ලැබෙන්නේ නැත.

:       0       41

රම්බොඩ Sunday, 19 January 2025 04:47 PM

මේවා නම් බොරු සෝබන වැඩ කියලයි මට හිතෙන්නේ. නිකම් සත පහේ වැඩ කරනවා දැවෙන ප්‍රශ්න ගොඩ ගහගෙන...!

:       53       17

රනේSunday, 19 January 2025 05:47 PM

මේකුන් තමයි දැවෙන ප්‍රශ්න හදපු අය. රම්බොඩ බබාට තේරුනේ නැති වුණාට...

:       9       42

ChandhimaSunday, 19 January 2025 06:41 PM

රම්බොඩගේ දැනීම හා අවබෝධය මොන්ටිසෝරි...

:       10       33

ජගත් ලියනගේ Sunday, 19 January 2025 06:57 PM

පුදුම හොරකම් නේ අප්පා මේ ගොල්ලෝ කරලා තියෙන්නේ...!

:       2       21

පොඩිඑකා Sunday, 19 January 2025 08:17 PM

අනේ මන්දා, මෙතැන කමෙන්ට් දාන සමහර අය කියන විදියට, හොරෙක් අහුවුණාම, අනුර සහෝදරයා ලංකාවේ තියෙන ප්‍රශ්ණ ඔක්කෝම විසඳන කන් ඉන්න ඕනෑ.. ඒ හොරාට දඬුවම් කරන්න.! මෙහෙමත් කුහක සිත්!

:       10       26

වික්‍රම විදුර Sunday, 19 January 2025 08:51 PM

මෙහෙමයි මේ ට්‍රේනින් දෙන්නේ.. යනවා එනවා යනවා එනවා.. පුහුණුව ඉවර වුණාට... ඊට පස්සේ පූර්ණකාලීන රස්සාව...

:       0       1

Toni Monday, 20 January 2025 12:27 AM

දැන්වත් මේ සංදර්ශන නතරකරන්න .පුලුවනම් ලොකු හොරු ලොකු හොරකමකට ඇතුලට දාලා පෙන්නන්න .ගැලරියමයි නේද චූන් කරන්නේ

:       0       3

සුදු බුලා Monday, 20 January 2025 08:22 AM

මෙවන් වැරදි කරන කරපු හැම දේශපාලුවාද, සාමාන්‍ය අයගේද සියලුම දේපල රාජසන්තක කල යුතුයි. වසර 25කට වඩා වැඩි බරපතල වැඩ සමග බන්ධනාගත කල යුතුය.

:       3       1

Kapila Monday, 20 January 2025 11:36 AM

ආවේ මහබැංකු හොරු වගේ ලොකු හොරු අල්ලන්න. දැන් ඒලියන්ස් අයිතිකාරයෝ 8 දෙනෙක් හොරු... ගම්මුන්ටත් පදිරි වෙලා එන්නේ...

:       1       1

P.D goonawardene Monday, 20 January 2025 01:59 PM

ජීවිතාන්තය දක්වාම හිරේ දැමිය යුතුයි....

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 74 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1030 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 297 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 154 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 103 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 770 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site