(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලබන සතියේ සිට හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාව හැර සියලු ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් ඉකුත් මාස එකොළහේදී මහජන මුදලින් රුපියල් මිලියන 1488ක වැය බරක් දරා තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙසේද කීය.
දේශපාලකයන්ගේ කටයුතු වලට මහජන මුදල් අසීමිත ලෙස වියදම් කිරීම මහජන අප්‍රසාදයට හේතු වුණා. ඒ නිසා දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට අප කටයුතු කළා.
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීම ගැන ප්‍රකාශයක් කළ යුතුව තිබෙනවා.
ජනපති හිමිකම් පනත අනුව ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන ලෙස කියා තිබෙනවා.කොපමණ ආරක්ෂාවක් දිය යුතු යැයි එයින් කියා නැහැ.ආරක්ෂාව ප්‍රමාණවත් නැතැයි කියන්නේ මොන පදනම මතද?
අප කිසිවිටක මතුපිටින් පෙනෙන දේ පදනම් කරගෙන තීරණ ගන්නේ නැහැ. හිටපු ජනපතිවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තර්ජන පිළිබඳ සැලකීමට ලක් කොට ආරක්ෂාව දෙන ලෙස චිත්‍රසිරි කමිටුව විසින්ද දැනුම් දී තිබෙනවා.
මෙය හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීමක් නොව නිසි ඇගයීමකින් පසු අතිරික්ත පිරිස ඉවත් කිරීමයි. මෙය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන කළ දෙයක් නොවේ.
පොලිසියේ 60ක් හා ත්‍රිවිධ හමුදාවේ 228ක් මහින්ද රාජපක්ෂ මහතාට සිටිනවා.
වර්තමාන ආණ්ඩුව ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට මෙම මස 4 වැනිදා අවසර දීමෙන් පසුව අද (17) දහවල් වන විට පෞද්ගලික සහල් ආනයනකරුවන් සහල් ම
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳුන් හය දෙනකුට රුපියල් ලක්ෂ හතක දඩ නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකා මහා බැංකුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ මෙරට ප්‍රධාන පෙළේ සමාගම් කීපයක නිල ලාංඡන භාවිත කරමින් දිනකට රුපියල් 10,000 සිට 50,000 දක්වා නිවසේ සිට ම
ක්‍රිකට් ක්‍රීඩාව හැර මෙරට අනෙකුත් ක්‍රීඩාවන් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දායකත්වය ලබා ගැනීමට සහ ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම අනෙකුත
ආණ්ඩුව විසින් මහා ඉහළින් කතා කරන ලද වයින් ස්ටෝස් බලපත්‍ර වහා අහෝසි කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේදී ප
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ සමස්ත චීන කාන්තා සම්මේලනයේ උප සභාපතිනී යැන්ග් ඩොන්මෙයි මහත්මිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්ව
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
හිටපු ජනපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට
චින්තක Tuesday, 17 December 2024 02:20 PM
ඉතාමත්ම හොද තීරණයක් , පොලිස් කොස්තාපල් දෙදෙනෙකු, හැර කිසිම වියදමක් මෙයාලගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවන්න එපා.