IMG-LOGO

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා


හිටපු ජනපති ආරක්ෂාව ගැන හෑල්ලුවෙන් හිතන්න එපා

 

             

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී රජය ඉතාමත් කල්පනාවෙන් සහ පරිස්සමින් ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති  වජිර අබේවර්ධන මහතා පැවසීය.

ඉතිහාසය පුරා සිටි රාජ්‍ය නායකයන් බොහෝමයක් අකල් මරණවලට ගොදුරු වී ඇති බව කී අබේවර්ධන මහතා  ඒ නිසාම ප්‍රභු ආරක්ෂාව, ආරක්ෂක අමාත්‍යංශයට ව්‍යවස්ථානුකුලව ලබාදීමට කටයුතු කර ඇති බව සඳහන් කළේය.

වජිර අබේවර්ධන මහතා මේ බව කීවේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරණ්දෙනිය මැතිවරණ කොට්ඨාශයේ පැවැති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල හමුව  අමතමිනි.

එහිදී වජිර අබේ වර්ධන මහතා මෙසේද කීය.

අද බොහෝ දෙනෙක් හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ප්‍රභූ ආරක්ෂාව ගැන කතා කරනවා. වර්තමාන රජය මෙම ආරක්ෂාව කප්පාදු කරන එක ගැනත් සමාජයේ විවිධ කතා තිබෙනවා. කොහොම උනත් මේ තීන්දු තීරණ ගන්නකොටත් රජය ඉතාමත් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ තිස් අවුරුද්දක් පුරා තිබුණු ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරන්න අවසානයේ නායකත්වය දුන් පුද්ගලයා යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා කීය.



අදහස් (8)

හිටපු ජනපති ආරක්ෂාව ගැන හෑල්ලුවෙන් හිතන්න එපා

යෝගා Sunday, 02 February 2025 03:33 PM

ජනමනසේ ඇඳිලා තියෙන මහින්දගේ ප්‍රතිරූපය, ඔහුට ඇති ගෞරවය තාවකාලික වූවක් නොවේ. ඡන්දය දුන් නොදුන් කාගේත් එය එසේමයි. නමුත් ඔය ටික උපන්ගෙයි සිට සමාජ වෛරයකින් පෙලෙන අනුර ඇතුලු කුහක ජෙප්පන්ට නොතේරේ. මහින්දට ගහන තරමට තමන් පිරිහෙන බවවත් මේ නීචයන්ට නොතේරේ.

:       14       5

රම්බොඩ Sunday, 02 February 2025 03:34 PM

රටක් නිදහස්කළ සහ බොහෝ සංවර්ධන කටයුතු කළ මහින්ද මහතා ගැන වර්ථමාන රජය හිතන්නේ ත්‍රීවීල් කරුවන් ලෙසින්. තමන් රටට මොකුත් නොකළාට, තමන්ට අභිමානයක් නැතිවට මහින්ද මහතා ගැන එසේ නොසිතිය යුතුයි. තමන්ගේ හීන සිතුවිලි නිසා ඔහුට අවමන් කිරීම සහ අනාරක්ෂිත කිරීම නොකළ යුතුයි. දේශපාලන භේදයක් නැතිව එතුමගේ සැඳෑ සමය නිදහසින් ගත කරන්නට දීම රටේ වගකීමක්. කෘතගුණ සැළකීමක්...

:       15       5

RasSunday, 02 February 2025 03:59 PM

හොරා කාපුවා ගැනත් කියන්න.

:       4       7

පාඨකයෙක් Sunday, 02 February 2025 03:51 PM

නිර්පාක්ෂිකව කරුණු විමසා බැලුවහොත්, විවිධ ත්‍රස්තවාදී කල්ලි මගින් මෙරට විවිධ දේශපාලන නායකයින් ඝාතනය කිරීම හේතුවෙන් රටේ නායකත්වයට සුදුසු වටිනා පුද්ගලයින් ගණනාවක් නැතිවුණු බව වැටහේ. වසර ගණනාවක සිට මේ රට අත්විඳිමින් සිටින නායකයින් හිඟයට ඍජු හේතුව එයයි...!

:       4       4

අකිල Sunday, 02 February 2025 03:59 PM

මහින්ද කියන්නේ රටේ ආර්ථිකය, දේශපාලනය, ආගම කියන තුනම විනාශ කරපු බලලෝභී, මැර දේශපාලුවෙක්, මුකුත් ඕනේ නැහැ අරගලයෙන් පස්සේ කජු සීයාව ලොකු පුටුවේ ඉන්දුවේම රටේ මිනිසුන්ට සීයා ලවා ගස්සවන්න. ආරක්ෂාවක් ඕනේ නම් අර පැනලා ගිහින් හැන්ගිලා හිටපු නාවික කඳවුරේම බෝඩිමක් හදලා දෙන්න. රටේ සම්පත් තවත් නාස්ති කරන්න දෙන්න එපා...

:       4       9

Kanchana Sunday, 02 February 2025 04:29 PM

සමහර අදහස් දුටු විට සිංහල ජාතිය කෙතරම් කුහක කලගුණ නොදන්නා පිරිසක් ද කියා සිතේ. උතුරේ ජනතාවට කෙතරම් විනාශයක් කළත් ද්‍රවිඩ ජාතිකයින් ප්‍රභාකරන් ගැන වෛරයකින් කටයුතු කරනු දැක නැත...!

:       2       0

ගමේ එකාලා Sunday, 02 February 2025 04:47 PM

මහින්දයා කියන්නේ බලලෝභී, බඩගෝස්තරවාදී සටකපටකම්වලින් පිරුණු බලතණ්හාවෙන් ඉහවහා ගිය දූෂිත නායකයෙක්. කියපු, කරපුවා ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. හරි නම් සදහටම හිරගෙදර ඉන්න ඕන කෙනෙක්.

:       0       2

ජයනාත් Sunday, 02 February 2025 05:09 PM

මතකද..? තමනුත් මන්ත්‍රී කාලේ ඉස්සරහට පස්සට පොලිස් ගාඩ් දාගෙන පාරේ ගියපු හැටි... ගැරඬි මරලා පව් කරගන්න කට්ටිය නැහැ කියලා හිතුනේ නැතිද ඒ කාලේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බලන් නිදහසේ පෙරහුරු අසිරිය
2025 පෙබරවාරි මස 02 242 0

77 වන ජාතික නිදහස් උළෙලේ පෙරහුරු මේ දිනවල නිදහස් චතුරස්‍රයේ දී සිදු කෙරෙයි.


ආනයනික බහලුම් නිෂ්කාශනය ගැන සොයන්න කමිටුවක්
2025 පෙබරවාරි මස 02 177 1

ආනයනික බහලුම් නිෂ්කාශනය කිරීම ප්‍රමාදවීම හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් රථ වාහන තදබදය අවසන් කිරීම අඛණ්ඩව ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බැලීමට මුදල් අම


චිකන් ගුන්යා රෝගීන් වැඩිවෙලා
2025 පෙබරවාරි මස 02 224 0

මෙරටින් චිකන් ගුන්යා රෝගීන් වාර්තාවීම යළි ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.


කොන්ක්‍රීට් කොටසක් හිසට වැටී අයෙක් මරුට
2025 පෙබරවාරි මස 02 166 0

බණ්ඩාරවෙල පොලිස් වසමට අයත් ක්‍රේග් වත්ත උඩ කොටසේ පිහිටි ශ්‍රී සිවසුබ්‍රමනියම් හිංදු කෝවිලේ අලුත් වැඩියා කටයුතුවල නියැලී සිටි පුද්ගලයෙකු අද (02) දහවල


හිටපු ජනපති ආරක්ෂාව ගැන හෑල්ලුවෙන් හිතන්න එපා
2025 පෙබරවාරි මස 02 651 8

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී රජය ඉතාමත් කල්පනාවෙන් සහ පරිස්සමින් ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේ


ඉදිකිරීමේ කර්මාන්තයේ පැහැදිළි වර්ධනයක්
2025 පෙබරවාරි මස 02 283 0

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනය පිළිඹිබු කරමින් ‘ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන ‘සමස්ත ක්‍රියාකාරී දර්ශකය’ පසුගිය දෙසැම්බර් ම


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 72 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 718 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 724 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site