(අංජුල මහික වීරරත්න)
සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සූර්ය බල ශක්ති ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ප්‍රදානයක් වශයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර 2030 වන විට රටේ විදුලි බල ඉල්ලුමෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කරනු ලබයි. එම ප්‍රතිපත්තියට අනුව, සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සුර්ය විදුලි බල උද්‍යාන පහසුකම එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වශයෙන් හඳුනාගෙන ඇත.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගොවිතැන් කටයුතු හෝ වෙනත් වගාවන් සිදු නොකරන හෙක්ටයාර 219.7233 ක භුමි භාගයක් හඳුනාගෙන තිබේ.
යෝජිත ව්‍යාපෘතියේ උපායමාර්ගික වැදගත්කම සැලකිල්ලට ගනිමින් කඩිනමින් ආරම්භ කිරීමට හැකි වන පරිදි හෙක්ටයාර 219.7233 ක ඉඩම ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ලබා දීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය බුද්ධි අංශ යොදවා ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා
පොලිස් නිලධාරීන් පත්කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම් සහ සේවයෙන් පහ කිරීම් පිළිබද බලය ජාතික පොලිස් කොමිෂන් සභාවට පවතින බව ජාතික පොලිස් කොමිෂන් සභ
ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සියයට 3 ක වට්ටම් මුදල සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව හදුන්වාදුන් නව සූත්‍රය පිළිනොගත් බවත් ඒ සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා
ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කරනු ලැබ සිටී.
ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ මට්ටම් මුදල සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්වය හේතුවෙන් ඉන්ධන ඇනවුම් අත්හිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඛ
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
හිරුගෙන් විදුලිය ගන්න සියඹලාණ්ඩුවෙන් ඉඩමක්
Mahajanathawa Tuesday, 04 March 2025 12:18 PM
නියම වැඩක්
රම්බොඩ Tuesday, 04 March 2025 12:19 PM
පොළොව වගාවන් සඳහා භාවිතා කරමින්ම මදක් ඉහළින් හදාගත් අට්ටාලයක මෙම ව්‍යාපෘතිය කළ නොහැකිදැයි ප්‍රශ්නයක් මතු වන්නේ එහි තාක්ෂණික පැත්ත හරියටම නොදන්නා බැවිනි.
SamanthaaTuesday, 04 March 2025 02:03 PM
රම්බොඩ කියන්නා සේ කොළඹ ආශ්‍රිත අධිවේගී මාර්ගයට ඉහළින් ඔය ව්‍යාපෘතියක් කොරන්න බැරියැ
පැරකුම්Tuesday, 04 March 2025 02:17 PM
අදහස කාලෝචිතයි. නමුත් සූර්ය පැනල යට සෙවනේ වැවිය හැකි වගාව කුමක්ද?
Dahamsi Tuesday, 04 March 2025 03:53 PM
අලි ඇතුන් ඉන්න ප්‍රෙද්ශයක්. පරිසරික ඇගැයීම කෝ? දැනටත් ඒ පැත්තේ අලින්ට ඉන්න හිටින්න තැනක් නෑ... ඒ නිසා ගම් වදිනවා.