IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


හිස්බුල්ලා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක්

ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, 'පේජර්' යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගොස් ඇතුළු තවත් දහස් ගණනක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෙබනනය පුරා, හිස්බුල්ලා සාමාජියන් සියලු දෙනා භාවිතයට ගන්නා පේජර් යන්ත්‍ර, එකම වේලාවක් ඇතුළත දී මෙසේ පුපුරා ගිය බව පැවැසෙයි.

පේජර් යන්ත්‍ර පුපුරා යෑමෙන්, තුවාල ලැබූ ගණන 2,750 ක් බවත් ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය කියයි.

තුවාල ලැබූවන්ගෙන් 200 දෙනකුගේ තත්ත්වය බරපතල බව ද සෞඛ්‍ය අමත්‍යාංශය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

'පේජර්' යන්ත්‍ර සියල්ල එකම වේලාවක පුපුරා යෑම ආරම්භ වූයේ දකුණු බේරූට් නගරයෙනි.

'පේජර්' යන්ත්‍ර සියල්ල එකම වේලාවක පුපුරා යෑමට සැලැස්වූයේ ඊශ්‍රායලය යැයි හිස්බුල්ලා චෝදනා නගයි.

කෙසේ නමුත් කුඩා පේජර් යන්ත්‍ර සියල්ල, එකම වේලාවක පුපුරා හැරීම, ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියකි. ඒ සඳහා නවීන තාක්ෂණය අවශ්‍ය වෙයි. ඊශ්‍රායලය එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ බටහිර රටවල් සලකයි.

හිස්බුල්ලා සාමාජිකයන්, කෙටි පණිවුඩ හුවමාරු කර ගැනීම සඳහා සාක්කුවේ දමාගෙන යා හැකි පේජර් යන්ත්‍ර භාවිතයට ගනී.

මියගිය හිස්බුල්ලා සාමාජිකයන් නව දෙනා අතර ලෙබනන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ද සිටින බව පැවැසෙයි. හිස්බුල්ලා සංවිධානය දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් සමන්විතය.



අදහස් (4)

හිස්බුල්ලා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක්

ආච්චි Wednesday, 18 September 2024 05:35 AM

එකම වෙලාවෙ 72ක වඩා දිව්‍යලෝකෙ ගියොත් එහෙ ඉන්න කන්‍යාවියො 72ට වැඩ වැඩි වෙන්නැද්ද? ඊශ්‍රායලය එහෙම කරන්න එපා. කන්‍යාවියොත් පව් නෙව!

:       4       9

කර්මය Wednesday, 18 September 2024 08:21 AM

"ඔබ දෙන දේ, ඔබට ලැබෙයි" -- ස්වභාව ධර්මයේ නීතිය

:       0       16

Admin Wednesday, 18 September 2024 09:40 AM

මිනිසුන් මිය යාම සහ යුද්ධය අනුමත නොකරන නමුත් ඔවුන් සිදු කරන ලද දෑ විපාක දී ඔවුන්ගේ ම විනාශය සිදුව ඇත.

:       1       12

බකල ජයා Wednesday, 18 September 2024 10:25 AM

@කර්මය, වැඩේ කියන්නේ ළඟ ඉන්න අයටත් එක්ක ලැබෙන්නේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට
2024 සැප්තැම්බර් මස 19 572 0

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය


ෆේස් බුක් තවම ඡන්ද වැඩ
2024 සැප්තැම්බර් මස 19 717 0

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත


නිල නොවන ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීමෙන් වළකින්න
2024 සැප්තැම්බර් මස 19 314 0

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
2024 සැප්තැම්බර් මස 19 786 0

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.


ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට
2024 සැප්තැම්බර් මස 19 219 0

ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප


ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි
2024 සැප්තැම්බර් මස 19 1737 0

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 71 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site