IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


හීත්‍රෝ ගුවන්තොට පැය 24 කට වැසෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)


ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ ආසන්නයේ ඇති විදුලි උප පොළක ඇතිවූ ගින්නක් හේතුවෙන් අද(21) රාත්‍රී 12 වන තෙක් පැය 24 ක කාලයක් සඳහා  එම ගුවන් තොටුපොළ වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ.

ගුවන් තොටුපොළ වසා දැමීමත් සමග පැමිණෙමින් තිබූ ගුවන් යානා 120 ක් පමණ වෙනත් ගුවන් තොටුපොළවල් වෙත හරවා යැවීමටත්, අනෙකුත් පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා සහ හීත්‍රෝ ගුවන් තොටුපොළෙන් පිටවීමට නියමිතව තිබූ ගුවන් යානා සියල්ලද අවලංගු කිරීමට බලධාරීහු කටයුතු කළහ. විදුලි උප පොළේ ඇතිවූ ගින්න හේතුවෙන් ගුවන් තොටුපොළ විදුලිය වරින්වර විසන්ධි වීම එළෙස ගුවන් තොටුපොළ වසා දැමීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

හීත්‍රෝ ගුවන් තොටුපොළ ලොව කාර්ය බහුලම ගුවන් තොටුපොළවල්වලින් එකක් වන අහ්ටර සෑම තත්පර 45 කට වරක් ගුවන් යානයක් එම ගුවන් තොටුපොළට පැමිණීම හෝ පිටවීම සිදු කරයි. දිනකට ලක්ෂ 2 ක පමණ ජනතාවක් හීත්‍රෝ ගුවන් තොටුපොළ භාවිත කරයි. තවමත් විදුලිය ස්ථාවර ලැබෙන කාලයක් පැවැසීය නොහැකි බවත් ගුවන් තොටුපොළ නැවත විවෘත කරන තෙක් කිසිම මගියෙකු ගුවන් තොටුපොළට පැමිණීමෙන් වැළකිය යුතු බවත් ගුවන් තොටුපොළ බලධාරීහු ප්‍රකාශ කළහ.



අදහස් (3)

හීත්‍රෝ ගුවන්තොට පැය 24 කට වැසෙයි

ජිල්බු Friday, 21 March 2025 02:46 PM

වඳුරෙක්වත්ද? විදුලි උප පොලක් කිව්වානේ...

:       0       33

ශාන් Friday, 21 March 2025 03:01 PM

වඳුරා ලන්ඩන් ගිහින් වගේ. පුදුමයි මේ වගේ ප්‍රධාන තැනක උපස්ථ පද්ධතීන් නැති එක.

:       1       22

Priyath Liyanage Friday, 21 March 2025 04:20 PM

උපස්ථ පද්ධති නැතුවා නොවේ. සිවිල් ගුවන් සේවා ප්‍රඥ්ඥප්තීන් වලට අනුව ඒවා අවශ්‍යයෙන්ම තිබිය යුතුයි. නමුත් ඕනෑම වෙලාවක පද්ධතීන් අකර්මණ්‍ය විය හැකියි. තවද පෙනෙන හැටියට ඉම්බැලන්ස් එකක් වගේ. (ඒ ගැන තොරතුරු සොයා බලන්න තමයි ඉන්නේ. එය බොහෝ වැදගත්). ප්‍රධාන පද්ධතියට අන් ජනනීය පද්ධතියන් එක් කිරීමේදී ඉතාමත් සැළකිය යුතුයි. එමෙන්ම එසේ සම්බන්ධ කර ඇති පද්ධතියක් අකර්මණ්‍ය වූ විට සංඛ්‍යාත පරාසය අනුමත පරාසයට වඩා වැඩි වූවොත් හෝ අඩු වූවොත් මධ්‍යම පාලනයෙන් ගිලිහිලා සැපයුම අඩාළ වෙනවා. එකම දේ ඒ පාලන පරාසය කෙසේ හෝ පාලනය කර ගත යුතුයි. ලංකාවේ වුනේත් ඒ ටිකමයි. නමුත් වඩා නවීන තාක්ෂණික උපකරණ තිබිලත් එංගලන්තේ වගේ රටකත් එය කන්ට්‍රෝල් කරන්න බැරි වීමයි පුදුමේ. එනිසා තමයි පුනර්ජනනීය බලශක්තීන් ප්‍රධාන සැපයුමට එක් කරන විට හරිම පින්පොයින්ට් ක්‍රියා මාර්ග ගත යුත්තේ...

:       18       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුත්තලමෙන් රිමාන්ඩ් කළ නීතිඥවරිය අභියාචනාධිකරණයෙන් මුදා හරියි
2025 මාර්තු මස 31 119 0

අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධියට පුත්තලම මහාධිකරණය මගින් රිමාන්ඩ් බාරයට පත් කළ නීතීඥ එස්.ඒ. පී. උදයංගනී මහත්මිය වහාම මුදාහරින ලෙස අභියාචනාධිකරණය අද


’’ශක්තිමත් සෞඛ්‍ය’’ ජාතියේ පදනමයි
2025 මාර්තු මස 31 36 0

ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතියක් සමෘද්ධිමත් ජාතියක පදනම බව වත්මන් රජය පිළිගන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


ගොඩක් අයට වැලිකඩ සෙල්ලම් පාර්ලිමේන්තුවක් දාගන්න වෙයි
2025 මාර්තු මස 31 151 0

හිටපු බොහෝ දේශපාලකයන්ට ඉදිරියේදී වැලිකඩ සෙල්ලම් පාර්ලිමේන්තුවක් හදාගන්න පුළුවන් වේවි යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාතර වැලිපිටියේදී පැව


‘රොටුඹ අමිල’ රුසියාවේදී අත්අඩංගුවට
2025 මාර්තු මස 31 534 0

පාතාල කල්ලි නායකයෙක් වන අමිල සම්පත් හෙවත් ‘රොටුඹ අමිල’ නැමැත්තා රුසියාවේදී අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.


විවාදයට කලින් දේශබන්දු ගෙදර යයි ?
2025 මාර්තු මස 31 1903 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව විවාදයට ගැනීමට පෙර ඔහු එම තනතුරින් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින්


’මඩට යන්න එපා’’
2025 මාර්තු මස 31 437 0

මඩ ගැසීම හෝ පෞද්ගලීක කාරණා වැනි දේ නොව පක්ෂයේ ප්‍රතිපත් ජනතාව අතරට ගෙනියන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍ර


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 7 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 643 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 738 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site