IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


හෙට සිට අඩු මිලට පොල්

(අංජුල මහික වීරරත්න)

ජංගම අලෙවි රථ මඟින් රුපියල් 100-120 අතර මුදලකට පොල් විකිණීමේ වැඩසටහනක් හෙට (23) සිට ක්‍රියාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබේ. 

පවතින පොල් මිල හමුවේ පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.

එහි පළමු අදියර කොළඹ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, කඩුවෙල නගර සභා බල සීමා ප්‍රදේශයන් මුල්කර ගනිමින් ක්‍රියාත්මකය.

කොළඹ බල ප්‍රදේශයේ වැලිකඩ පොලිසිය අසලත්, කිරුළපන පොදු වෙළදපොළ සහ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය ආසන්නවත් ජංගම ලොරි රථ මගින් බෙදා හැරීම් සිදු වේ.

 ශ්‍රී ජයවර්ධනපුර කෝටටේ නගර සභා සීමාවට අයත් වැලිකඩ පොලිසිය ආසන්නව සහ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨය අසල ද පොල් බෙදා හැරීමේ ජංගම වැඩසටහන ක්‍රියාත්මක වේ.

කඩුවෙල සහ බත්තරමුල්ල බල ප්‍රදේශයන් ආවරණය කරමින් සෙත්සිරිපාය රජයේ කාර්යාල පරිශ්‍රය ආසන්නව සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව පොල් වගා කිරීමේ මණ්ඩලය පිහිටි ස්ථානය ආසන්නව පාරිභෝගිකයින්ට පොල් මිලදී ගැනීමට පහසුකම් සපයා තිබෙන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.

පසුව සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිත බව පොල් වගා කිරීමේ මණ්ඩලය කියයි.

පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් දිනකට පොල් ගෙඩි දසදහසක්  වෙළෙඳ පොලට එක් කරන අතර සඳුදා, බදාදා සහ සිකුරාදා දිනයන්වල පසුව ක්‍රමිකව දිනකට පොල් ගෙඩි පන්දාහ බැගින් සතියකට පොල් ගෙඩි 15,000 ක් පාරිභෝගික ඉල්ලුම අනුව වෙ⁣ළෙඳපොළට යොමු කරනු ඇත.



අදහස් (1)

හෙට සිට අඩු මිලට පොල්

අමර Tuesday, 22 October 2024 09:29 PM

පොල් සංවර්ධන අධිකාරිය නව සභාපති එක්ක අධි වේගයෙන් පරණ වංචා අලුත් විදිහට කරගෙන යන අතරේ පොල් වගා කිරීමේ මණ්ලඩය කරන්න යන වැඩේ අගය කළ යුතුමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රී ලංකාව හා චීනය අතර සාකච්ඡා
2024 ඔක්තෝබර් මස 22 82 0

චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූ යන්වෙයි (Zhu Yanwei) මහතා අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වි


උතුරු මුහුදේ ධීවර ගැටලු විසඳන්න සාකච්ඡාවක්
2024 ඔක්තෝබර් මස 22 107 0

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා අද (22) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා හමු විය.


බුද්ධශාසන අමාත්‍යංශයේ වාහන දෙකක් අවුරුදු දෙකක් පැදලා නෑ
2024 ඔක්තෝබර් මස 22 547 0

බුද්ධ ශාසන අමාත්‍යාංශයට අයිති වාහන දෙකක් වර්ෂ දෙකකට වැඩි කාලයක සිට ධාවනය නොකර ගාල්කර පැවතුන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


හෙට සිට අඩු මිලට පොල්
2024 ඔක්තෝබර් මස 22 1120 1

ජංගම අලෙවි රථ මඟින් රුපියල් 100-120 අතර මුදලකට පොල් විකිණීමේ වැඩසටහනක් හෙට (23) සිට ක්‍රියාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබේ.


වැරදුණ වෙඩිල්ලෙන් ගොවියාට තුවාල
2024 ඔක්තෝබර් මස 22 442 0

හොරණ කුඹුක පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රභූ ආරක්ෂක පුහුණු පාසලේ වෙඩි තැබීමේ පුහුණුවක් අතරතුරදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලද එම ප්‍රදේශයේ පුද්ගල


‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය සෑම විටම ශ්‍රී ලංකාවට දෙනවා‘
2024 ඔක්තෝබර් මස 22 425 0

සිය පුරවැසියන්ට හොඳ අනාගතයක් ගොඩ නගාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සැමවිටම සහාය ලබාදෙන බව එම අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ට


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 545 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site