IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


හෙද නිලධාරීන්ගෙන් අයවැයට යෝජනා 14ක්

(අංජුල මහික වීරරත්න)

අයවැයට යෝජනා 14ක් ඉදිරිපත් කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් ඉදිරිපත් කර තිබේ.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාගේ අත්සනින් අදාල ලිපිය යොමු කර ඇත.

ජාත්‍යාන්තරවද වෘත්තීයක් ලෙස පිළිගත් හෙද සේවාව සුවිශේෂී වෘත්තීමය වැටුප් තලයක පිහිටුවීම,හෙද සේවාව දීප ව්‍යාප්ත සංවෘත සේවාවක් බවට පත් කිරීම,හෙද විදුහල් ඒකාබද්ධ කර පිහිටුවීමට යෝජිත හෙද විශ්ව විද්‍යාලය කඩිනමින් ස්ථාපිත කිරීම හා ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම, කොළඹ හෙද පීඨයේ ඉදිකිරීමට යෝජිත පරිපාලන හා අධ්‍යන ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීම,යෝජිත හෙද විශ්ව විද්‍යාලයට ගැලපෙන පරිදි හෙද විදුහල් සංවර්ධනය කිරීම සඳහා සියපු හෙද විදුහල් වලට ප්‍රතිපාදන වෙන් කිරීම, ජීවන වියදම වැඩිවීමට සරිලන ලෙස සියළු රජයේ සේවකයන්ට රු.200000/- ක වැටුප් වැඩිවීමක් ලබාදීම, සෞඛ්‍ය සේවාවේ දීමනා ලබාදීමේ විෂමතාවය විසදීම පිණිස පෙර සෞඛ්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩල අරගලය හමුවේ සෞඛ්‍ය අමාත්‍යංශය හා භාණ්ඩාගාරය එකඟ වූ දීමනාවෙහි ඉතිරි කොටස ලබාදීම,උපාධියට ලබාදුන් වැටුප් වැඩිවීම දෙගුණයක් බවට පත්කර ඒ උසස්විම් වලදී වැටුපට ගැලපිය හැකි ආකාරයට ගෙවීමට ප්‍රතිපාදන ලබාදීම,ආර්ථික අර්බුදය හමුවේ නවතා තිබු යතුරු පැදි ලබාදීම මහජන සෞඛ්‍ය හෙද සොයුරියන්ට, මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන්ට කඩිනමින් ලබාදීමට ප්‍රතිපාදන වෙන් කිරීම,හෙද සේවාවේ අනුමත සේවක සංඛ්‍යාවන් යාවත්කාලීන කිරීම,හෙද නිලධාරීන් ලබාගන්නා විශේෂ ඩිප්ලෝමා සඳහා දිරි දීමනාවක් ලබාදීම, විදේශ විනිමය ගැටළුවට විසදුමක් ලෙස ජාත්‍යන්තර වශයෙන් විශාල ඉල්ලුමක් පවතින හෙද සේවාව සඳහා අදාල රටවල භාෂාවන් (උදා- ඉංග්‍රීසි, ජර්මනි, ජපන්) පුහුණුව ලබා දිමත් විදේශ ගත කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම හා ඒ සඳහා ප්‍රතිපාදන ලබාදීම,හෙද සේවාවේ පශ්චාත් උපාධි ආචාර්ය උපාධිධාරීන් සඳහා දිරි දීමනාවක් ලබාදීම,උපයන විට බදු ආදායම් සීමාව ලක්ෂ දෙක දක්වා ඉහළ දමා වෘත්තිකයන්ට සහනයක් ලබාදීම හෙද නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා වේ.



අදහස් (4)

හෙද නිලධාරීන්ගෙන් අයවැයට යෝජනා 14ක්

සුදත් ජයරත්න Tuesday, 11 February 2025 05:25 PM

හිටපු ඩිරෙක්ටර් ජනරාල් හෙවත් සභාපති තුමෝ, අපි කොහෙන්ද හිනාවෙන්න ඕනෑ. ඒ කාලේ රනිලට කිව්වනම් මේ ඉල්ලීම් වලට එක පෑන් පාරයි. 1995 ඉදලා සභාපති නේද ? දැන් ඒ තනතුරින් තොලොන්ජි වෙන්න කාලේ හරි.

:       0       1

රම්බොඩ Tuesday, 11 February 2025 05:43 PM

හිටපු ජනමාධ්‍ය අධ්‍යක්ෂ තුමා වැඩ වර්නයකට අර අදිනව වගේ.

:       0       1

Tharindu Tuesday, 11 February 2025 06:07 PM

හීනෙන් ඇහැරැණා වගේ යෝජනා ගෙනල්ලා..හිටපු ජනාධිපති වෘත්තීය සමිති උපදේශක...200000 වැටුප් වැඩිවීමක්??

:       0       1

උණුවතුර Tuesday, 11 February 2025 06:10 PM

මේල් නර්ස් ආණ්ඩුවේ ඉද්දි මේවා ඉල්ලුවේ නෑ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බලහත්කාරයෙන් පාසලට ඇවිත් ළමයින්ට පහරදීලා
2025 පෙබරවාරි මස 11 30 0

කඩුවෙල ප්‍රදේශය‍ේ ජාතික පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයන් පිරිසක් විද්‍යාලය තුළ කැඩට් පුහුණුවීම්වල නිරතව සිටි පාසල් සිසු සිසුවියන්ට අමානුෂි


මිලියන 67,500 ක භාණ්ඩාගාර බැඳුම්කරයක් 13 දා
2025 පෙබරවාරි මස 11 144 0

රුපියල් මිලියන හැට හත්දහස් පන්සියයක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් පෙබරවාරි 13දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


කෝටි 4කට වාලම්පුරි 4ක් විකුණන්න බැරිවෙයි
2025 පෙබරවාරි මස 11 122 0

ත්‍රිකුණාමලය කුච්චවේලි හා හොරොව්පොතාන ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී වාලම්පුරි 04ක් රුපියල් කෝටී හතර හමාරකට අලෙවි කිරීමට ගි


ජනපති පකිස්ථාන අගමැති හමුවෙයි
2025 පෙබරවාරි මස 11 241 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද (11)සිදු විය.


කුඩුවලට ඇබ්බැහිවූ පොලිසියේ 17 ක් දොට්ට
2025 පෙබරවාරි මස 11 338 1

පසුගිය මාස 4 ක කාලය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 17 දෙනකු ස්ථීරවශයෙන් සේවයෙන් පහ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී


දර ලොරියට යට වී සිසුවා මරුට
2025 පෙබරවාරි මස 11 402 2

දර පටවගෙන ගමන් කරමින් තිබු ලොරි රථයකට යටවි පාසැල් සිසුවකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 103 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 896 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site