IMG-LOGO

2025 මාර්තු මස 30 වන ඉරිදා


හොඳ ආහාර වේලක් දෙන්න රජයෙන් ආපන ශාලා

 

(අංජුල මහික වීරරත්න)

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාර වේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් කර තිබේ.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබා ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි පළමු ආදර්ශ ආපන ශාලාව අප්‍රේල් 01 වැනි දා නාරාහේන්පිටදී විවෘත කිරීමට නියමිතය.

මේ අතර දැනට පවත්වාගෙන යන ආපන ශාලාවල ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩසටහනක් මෙහි දෙවන අදියර ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ  නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ දී අද පැවැත්විණි.

ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පාරිභෝගික ජනතාවට නිසි සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල ආහාර ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම, පාරිභෝගික විශ්වාසය වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මෙන්ම ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

එමෙන්ම ආහාර ප්‍රමිතිකරණය සහ ගුණාත්මකභාවය සඳහා මෙරට තිබෙන ප්‍රතිපත්ති සහ සැලසුම් ප්‍රායෝගික ලෙස යෙදවීම මෙන්ම පාරිභෝගික ජනතාවට පෝෂ්‍යදායී සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් සැපයීම පිළිබඳ වෙළෙන්දන්ට ආකල්පමය පරිවර්තනයක් ඇති කිරීම සඳහා  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හරහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී විමසා බැලිණිග

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල බණ්ඩාර, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර මහත්වරුද, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (36)

හොඳ ආහාර වේලක් දෙන්න රජයෙන් ආපන ශාලා

ගුණරත්න Thursday, 27 March 2025 08:09 PM

ආණ්ඩුවේ කොමියුනිස්ට් දරහැව ගැලවිලා නැහැ කියලා පේන්නේ මේවායින්, සල්ලි නැතිවාටද මේ තරම් සල්ලි පුච්චන්නේ? මේ රටේ සාමාන්‍ය පොඩි ව්‍යාපාරිකයින්ගේ බඩට ගසන්නැයි මේ හදන්නේ, ආණ්ඩුවේ කඩ කෙරුවාවෙන් ලාබ උපයන්නේ නැහැ. අඩු මිලට දෙන්න ගත්තාම අර පුංචි කඩවල් වැහිලා යනවා, ඒ මිනිස්සුන්ගේ රස්සා නැති වෙනවා. කරන්න ඕන අපිරිසිදු ආපන ශාලා තියෙනවා නම් ඒවාට දඩ ගසා ඔවුන්ට හොඳ සේවාවක් දෙන්න උදව් කරන එක මිසක් ඔවුන් රස්සාවක් නැති හිඟන්නුන් කරන එක නොවෙයි...!

:       71       42

ලලනිThursday, 27 March 2025 11:18 PM

හලෝ මේ ගුණරත්න, නිකං මෝඩ කතා දෙසන්නෙ නැතුව පුළුවනිනං අඩුගානෙ සමුපකාර ඡන්දෙකටවත් ඉල්ලලා සමුපකාරයක්වත් හදල පෙන්නන්න.

:       7       4

ලක්විදුThursday, 27 March 2025 11:21 PM

මහ ලොකු කමෙන්ට්ස් දැම්මට මේ අගුණරත්නයා කමියුනිස්ට් වාදය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ.

:       5       3

ප්‍රියන්තFriday, 28 March 2025 12:10 AM

ගුණරත්න, ඔබේ මන්ද බුද්ධික බව ප්‍රදර්ශණය කිරීමෙන් වළකින්න. රට බංකොලොත් වෙලා සියලු ව්‍යාපාර වැහන්න සිද්ධඋනේ ඔහේ රෙදි අපුල්ලන නඩය නිසා බව හැමෝම දන්නවා.

:       7       6

Pushpakumara Friday, 28 March 2025 04:32 AM

ඇත්තෙන්ම මේ අදහස හරියටම හරි රජය ආපනශාලා කරන්න හදන්නෙ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති විපක්ෂයෙන් ඡන්දෙ ඉල්ලපු කෙනෙක් නිසා පලිගැනීමක් හැටියට වෙන්න පුලුවන්

:       3       11

සදුනිFriday, 28 March 2025 11:27 AM

කව්ද මේ ගුණරත්න කියන උපං ගෙයි මෝඩයා.

:       7       5

ගුනරත්න Friday, 28 March 2025 03:49 PM

ගුණරත්න කියන්නේ අප්පා කියලා අම්මා කිව්වේ නැත්නම් ආච්චිගෙන් අහන්න මගෙ දුවේ...!

:       0       2

ලූට මූස්Friday, 28 March 2025 06:24 PM

ඒකනං වෙන්නම බෑ ගුණයෝ, ඔයා කියන්නේම නපුංසක කතානේ...!

:       1       0

Kumar Thursday, 27 March 2025 09:13 PM

තිබෙන හොරගුහා මදිවට තව හොර ගුහා ඇතිකරන්නද යන්නේ..? සුදු අලි රංචුවට තව සුදු අලි එකතු කරන්නද යන්නේ?

:       0       6

Sk Thursday, 27 March 2025 09:25 PM

පිටකොටුවේ. කොටුවේ වගේ තැන්වල පිහිට වන්න කෑම කන්න පිරිසිදු කඩයක් නෑ.

:       1       3

සෞදි-සිංහ Thursday, 27 March 2025 09:50 PM

මේ කියන්නේ දැනට විවිධ ස්ථානවල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යන ආපනශාලා විය හැකියි. මේවා රජයේ ආයතන නෙමෙයි. ස්වයං කරන පිරිස් තමයි පවත්වාගෙන යන්නේ.

:       0       2

Nihal Thursday, 27 March 2025 10:56 PM

ඒක නම් බොහොම අදහසක් මොවුන්ගේ ගසා ගැන කියන්න දවසක් මදි,ගම්වල සිල්ලර කඩත් ඒ ටිකමයි.සේවක පඩි ඒසි නිසා විශාල ලයිට් බිල් මුකුත්ම නෑ ඒ වුණාට ලොකු මාකට් වලටත් වඩා ගනන් .හොටෙල් නමින් පවත්වාගෙන යන බත් කඩවල අපිරිසිදුකමටත් ලොකු දඩවලට යටත් කලයුතුයි ඕවා උයන ඔවුන් එකෙක්වත් වැසිකිළි ගිය පසු අත සබන් දාලා හෝදන්නේ නෑ,ඒකට පිරිසුදුකම ගැන කියලා දිය යුතුයි.ජනතාව හරියට සල්ලි දීලා කන්නේ ජරාව

:       0       2

සත්‍යපාල Friday, 28 March 2025 03:27 AM

ගුණරත්න උන්නැහේ ඔයා පසුගිය ආණ්ඩුව කාලේ හමුදාවෙන් දාපු සුපිරි හෝටල්වලට ගිහින් කෑවාද ? නෑනේ නෑනේ නෑනේ... ඒවා ආණ්ඩුවෙන් කලේ සුපිරි අයට විතරයි. ඔයා වගේ දෙකේ පන්තියේ යට බෑනේ බෑනේ බෑනේ නේද ලොක්ක. මේවා දාන්නේ පොඩි එවුන්ට. උදේ ඉදලා ඉන්ටෙර්නෙට් එකේ ලෝකේ හැම දෙයක්ම බලන ටී වී එක ඉස්සරහ හැම දෙයක්ම බලන අයට තවමත් බැරිනම් රටේ මිනිසුන්ට පිරිසිදු කාම ටිකක් දෙන්න ඒ කඩවල් වැහිලා ඒ මිනිස්සු වෙන රස්සාවක් කරන්න ඕනේ. දුර පළාත්වලින් නගරෙට විත් ජරාව කාල නගරයේ වැසිකිලි හොයමින් දුවනවා.

:       4       4

Neel Friday, 28 March 2025 04:20 AM

මේ කරන්න උත්සාහ ගන්නේ රටේ සෑම පුරවැසියෙක්ම නිරෝගීමත් ජාතියක් කරන්නයි .එහෙම නැතුව මුදලාලිව පෝසත් කරන්න නෙමේ. තේරෙනාද ගුණේ. මොකද අවූල් ද...

:       4       4

චන්දිම Friday, 28 March 2025 05:04 AM

මේවට කියන්නෙ නොහැකියාව වහගන්න කරන ගොන් වැඩ කියල..ආණ්ඩුවෙන් රසවත් ගුණවත් ආහාර දෙන්න හැදුවොත් ඒ තැන් අපායවල් වෙයි මාස කීපයක් තුල.ගෙම්බො කැරපොත්තො ,හූනො ඉදීවි කෑමවල..ඒ තරමට ආන්ඩුවේ තැන් අපිරිසිදු

:       3       5

sugath Friday, 28 March 2025 05:25 AM

මේක හොඳ දෙයක්. ලංකාවේ ආපන ශාලා වලට කොයි තරම් දඩ ගැහුවත්, අවවාද කලත් ඉතාම අපිරිසිඳු තත්වයෙන් පවත්වාගෙන යන්නේ. කෙටි කලකට හෝ ජනතාවට සාධාරණ මිලකට හොඳ ආහාර වේලක් ලබා දෙන්ට කටයුතු කරොත්, අනිකුත් පුද්ගලික ආපන ශාලා බොහෝ විට ඒ අනුව හැඩ ගැසෙයි.

:       2       7

Shelton Friday, 28 March 2025 05:42 AM

ආණ්ඩුව යහපත් චේතනාවෙන් ඕවා පටන් ගත්තත් රජයේ ආයතනයක් විදියට වැඩි කල් නොගොස් දූෂණය ට ගොදුරු වෙනවා,වැඩවර්ජන එනවා,අන්තිමේදී පාඩු පිට මහජන මුදල් නාස්ති කරන ආයතනයක් බවට පත් වෙනවා.ඒ නිසා හොදම දේ පෞද්ගලික අංශයට හොද කෑම ලබාදෙන විදියට නීති,වැටලීම් හරියට කරලා එයාලටම වැඩේ බාරදෙන්න.

:       0       5

Sisira Friday, 28 March 2025 06:17 AM

හොඳ දෙයක් .සෑම ප්‍රධාන නගරයකම දාන්න ඕන .හැබැයි සාධාරණ මුදලකට

:       2       5

Chandana Wijeratne Friday, 28 March 2025 06:19 AM

හොඳයි

:       1       4

යෝගා Friday, 28 March 2025 06:43 AM

මේ වගේ රටට බරක් වෙන මෝඩ ව්‍යාපෘති වෙනුවට හාල් වලට ගහන රුපියල් 65 බද්ද අඩුකරන්න බැරි ඇයි? මේවා දේශපාලන හෙංචයියන්ට රජයේ රස්සා දෙන්න කරන මගඩි.

:       7       8

ජයරත්න Friday, 28 March 2025 06:51 AM

හෝටල්වල ප්‍රමිතිය පරික්ෂා කරන්න .කුස්සිය වැසිකිළි සේවකයින් කුළුබඩු මිල ගණන් උපකරණ පළමුව මේවා ගැන හොයල බලන්න phiල ගැනත් බලන්න

:       1       6

kamal Friday, 28 March 2025 07:07 AM

ආහාර ප්‍රමිති කරණය සහ ගුණාත්මක භාවය පමණක් ප්‍රමාණවත් මදි. නියාමනය සඳහා විධිමත් සහ ශක්තිමත් යන්ත්‍රණයකට යටත් කර මෙරට තිබෙන ප්‍රතිපත්ති සහ සැලසුම් ප්‍රායෝගික (පාරිභෝගික අධිකාරියේ සහ PHI නිලධාරීන් සිදු කරන දූෂණ ක්‍රියා අවම වන) ලෙස යෙදවීම සිදු කළ යුතුයි.

:       0       5

Amila Friday, 28 March 2025 07:25 AM

මම හිතන්නේ පැරණි සෝවියට් දේශයේවත් මේ වගේ ගොන්පාට් තිබුනේ නැහැ

:       7       8

Sameera Friday, 28 March 2025 07:29 AM

තවත් ගොං වැඩ ආරම්භ කරන්න එපා! ලංකාවේ රාඡ්‍ය ව්‍යාපාර අසාර්ථකයි! කරුණාකරලා ආපනශාලා සුපරික්ෂා කිරිමට නව නිති සහ රෙගුලාසි ඇතුළත් කරන්න! උදාහරණයක් ලෙස උණුසුම් කැම පොලිතින් ඇසුරුම්කරනය තහනම් කිරිම!

:       5       6

අරවින්ද මොණරවිල Friday, 28 March 2025 10:08 AM

ඉතාමත් හොද අදහස් අද රට පුරා පවතින ආපනශාලා වල තත්වය ඉතා කනගාටුදායකයි. ආපනශාලා වල ඇතුලත බොහො අපිරිසිදුයි දුගන හමනවා, මැස්සන් පිරිලා සමහර සේවකයන්ගේ ඇදුම් කිලුටුයි, කිසිම ප්‍රසන්න බවක් නැහැ.බොහො මුළුතැන්ගෙවල් දැක්කම නරකාදිය මතක් වෙනවා, නාවර පෙරා ගත්ත අරක්කැමියන් දහදිය පෙරමින් කෑම පිසිනවා, ආහාර වල තත්වය ගැන කතා කරලා වැඩක් නැහැ. මිනිස්සුන්ට විකල්පයක් නැති නිසා එවැනි තැන්වලට යන්න සිද්ධ වෙලා.ඒ නිසා යහපත් පරිසරයක ගුණාත්මක ආහාර වේලක් ලබා ගන්න ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීමේ මුලික පියවරක් හැටියට රජය විසින් ආපනශාලා විවෘත කිරීම ඉතා හොද පියවරක්. එ විට පෞද්ගලික ආපනශාලා හිමියන්ටද තමන්ගේ ආපනශාලා එලෙස පවත්වා ගෙන යාමට සිදුවනු ඇත. ගුණාත්මක හා පිරිසිදු ආහාර වේලක් ලබා ගැනිමට අකමැති පිරිස් වලට නරකාදිය වැනි හෝටල් ඉතිරි වනු ඇත.

:       4       10

සිල්වා Friday, 28 March 2025 10:34 AM

රජයෙන් රජ කෑම.. අම්මපා කොච්චර හොඳද..

:       0       7

සකියම Friday, 28 March 2025 10:38 AM

අනාගතය ගැන අනතුරුදායක ඉඟියක්ද? ආණ්ඩුව හැම තැනට අත පොවන්නද හදන්නෙ? කවදහරි ආණ්ඩුවෙ කඩයක් ඇරෙන්න කන්න තැනක් නැති වෙයිද? ඔක්කොටම වඩා ආණ්ඩුවට 'Clean Sri Lank' එකේ කරන්න වෙන දේවල් නැද්ද? කිව්වෙ නම් ' අපි හෝටල් දාන්නෙ නෑ, දාන ආයට උඔඅරිම සහයෝගය දෙනවා' කියල. සෞඛ්‍යාරක්ෂිත ආහාර ගන්න පුළුවන් වෙන්න ඕන කියන එක ගැන විවාදයක් නෑ. ඒක වැඩි කරගන්න විශේෂ වියදමක් නැතුවත් පුළුවන්. මිනිස්සුන්ගෙ හැදියාව/ආකල්ප වෙනස් වෙන්න ඕන. ආණ්ඩුවට කරන්න පුළුවන් නීති ක්‍රියාත්මක කරන එම සමාජයක් විදියට ඒ තැනට එනකම්. නැතුව කඩ දාන එක නෙමේ.

:       5       6

Lalla Friday, 28 March 2025 10:41 AM

පෞද්ගලික ආපනශාලා නියාමනය කිරීම වඩාත්ම වැදගත්.රජය සිල්ලර මට්ටමේ වෙලඳාම කිරීම අනවශ්‍ය ක්‍රියාවක්.

:       3       8

Lasandu Friday, 28 March 2025 12:19 PM

මුන් මේ කපේට මේ රට හදන්නේ නෑ

:       5       7

ප්‍රියන්ත Friday, 28 March 2025 01:04 PM

ගෝටා ‘රකිනා ලංකා කේටරින්’ කියල රට පුරා දානකොට මෙතන කෙදිරිගාන කවුරැවත් හ්ම් කිව්වෙ නෑ.

:       4       1

පිටිගල මිලානෝ Friday, 28 March 2025 02:30 PM

හෝටල් දැම්මට කමක් නැහැ නමුත් ෆ්‍රයිඩ් රයිස්, ඩෙවල්, කොත්තු ජරාව නොදී නියම ගමේ කෑම දෙන්න…. රසය, ගුණය සහ පිරිසිදු කම අංක එක විය යුතුයි….

:       1       4

Wimalasena Friday, 28 March 2025 04:00 PM

මිලානෝ කියන දේ නම් සහතිකම ඇත්ත. මම කාලක සිට රෝගියෙක් සමග මහරගම ගොස් එද්දි හංවැල්ල හා මීපේ අතර හෝටලයකින් රසවත් ආහාර ගත්තා. දැන් වෙනත් කටයුතු සඳහා කොළඹ ගොස් එද්දී ඉස්සර ආප්ප කාලා තේ බොන්නත් පුරුදුවෙලා හිටපු නිසා කලකට පෙර දිනක් එම කඩේට ගියා... තිබුනේ ඔය රයිස් කියන මළ ජරාව පමණයි.. මොකද අඩුම වියදමක්ද දරා වැඩිම මුදලක් ගසා කෑමේ ව්‍යාපාරයක් තමයි ඔය මළ ඉලව් රයිස් කියන්නේ එදා සිට මම එම කඩයට යන්නේ නැහැ... එම හෝටලේ ඉදිරිපිට ඉඩම් සේල් එකකුත් තියෙනවා.

:       0       2

අරවින්ද මොණරවිල Friday, 28 March 2025 02:31 PM

රට හරි අතට ගමන් කරන බව ඉවෙන් වගේ දැනුණ අය කළබල වෙලා විකාර කියවනවා. සමහරුන්ට අනුව ආණ්ඩුවට ව්‍යාපාර කරන්න බැහැ කියලා කියවනවා. ඒ තමන්ගේ නායකයෝ රාජ්‍ය ව්‍යාපාරවලින් හොරා කාලා කොමිස් ගහලා ඒවායේ දේපොළ අවභාවිතා කරලා තමන්ගේ හෙංචයියන්ගෙන් ඒවා පුරවලා ඒ ආයතන විනාශ කළ අතීතය සිහිපත් කරගෙන විය යුතුයි. නමුත් ජාතික ජනබල වේගය යටතේ අද පාලනය වන සමුපකාර ඒ ප්‍රදේශවල ජනතාවට සහන මිලට භාන්ඩ සපයමින් වගේම ලාබ ලබමින් දියුණුවෙන් දියුණුවට පත් වෙමින් සාර්ථකව ක්‍රියාත්මක වෙන බව මේ මහත්වරුන්ට සිහිපත් කළ යුතුයි. ඒ වගේම සමහරුන් සමාජවාදී බිල්ලෙක් මවන්න උත්සාහ කරනවා. එහෙම නම් මුලින්ම කරන්න ඕනෑ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවය වගේ සමාජවාදයේ මුල්ගල් වගේ තියෙන ඒවාත් අහෝසියි කරලා සියල්ල පුද්ගලික අංශයට පවරලා ආණ්ඩුව ඇත්තන්ට ජනතා මුදලින් කාලා බීලා පවුල් පිටින් රට සවාරි යමින් සැපසේ ජීවත් වෙයල්ලා කියලා වෙන්න ඇති.. මෙහෙම කියන්නේ...

:       2       2

නන්දන පනා-මිලානෝ Friday, 28 March 2025 03:22 PM

පෙනෙළ කැඳත් දෙන්න. මිනිස්සු හොර පූසෝ වගේ පොලිමේ එයි. ලංකාවේ මිනිස්සු මෝල් අමාරුව හදාගන්න හරිම ආසයි..!

:       0       3

ලුම්බිණි Friday, 28 March 2025 06:36 PM

අනවශ්‍ය වැඩක්. මතකද සිරිමා බණ්ඩාරනායක කාලේ බුහාරි හෝටලේත් ආණ්ඩුවට අරගෙන කරගෙන ගියේ...

:       2       1

ලේක්කෝ ගලබඩ Saturday, 29 March 2025 11:19 AM

රයිස් දාන අයියා ළමයා ගන්න ඉස්කොලේ ළඟට ගියා පැයකින් එන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ටොංගා අසල භූමි කම්පාවක්: සුනාමි අනතුරු
2025 මාර්තු මස 30 1620 0

පැසිෆික් සාගරයේ, ඕස්ට්‍රේලියාවටත් නවසීලන්තයටත් ඔබ්බෙන් පිහිටි ටොංගා දූපත් සමූහය්‍ අසල රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය


පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් අප්‍රේල් 21ට පෙර කියනවා
2025 මාර්තු මස 30 638 0

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් අප්‍රේල් 21 වැනිදාට පෙර හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙයියන්දර දී අද (30)පැවසීය.


නීතීඥ සංගමයේ නව සභාපති රජීව් අමරසූරිය දිවුරුම් දෙයි
2025 මාර්තු මස 30 376 0

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා දිවුරුම් දුන්නේය. ඒ අනුව නීතිඥ රජීව් අමරසූරිය මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 29 වැනි සභාපතිවර


චාමරගේ මෙට්ට සිහිනය බොඳ වේ
2025 මාර්තු මස 30 3423 0

මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නිදාගැනී


අනුර - මෝදි අතර ගිවිසුම් රැසක්
2025 මාර්තු මස 30 794 0

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අ


’’2025 අන්තර්ජාතික ධෛර්ය සම්පන්න කාන්තාව’’ නාමිනී
2025 මාර්තු මස 30 611 0

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ නාමිනී විජේදාස මහත්මිය ’’2025 අන්තර්ජාතික ධෛර්ය සම්පන්න කාන්තාව’’ සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 609 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 729 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1455 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site