IMG-LOGO

2025 ජනවාරි මස 01 වන බදාදා


හොරට පාස්පොට් ගන්න ගිය කොස්තාපල්ගේ වැඩතහනම්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට පැමිණි පුද්ගලයකු තමාගේ හිතවතෙකු බවට සාවද්‍ය ලෙස පවසා ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට උත්සාහ දැරූ   පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනමට ලක් කිරීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය කියයි.

එලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ නාරහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්ත  සුහුරුපාය පොලිස් මුරපොළේ රාජකාරී යොදවා සිටි කොස්තාපල්වරයෙකි.

කොස්තාපල්වරයා සුහුරෑ පාය පොලිස් මුර පොලේ රාජකාරිය යොඳවා සිටිය දී ඉකුත් 19 වන දින  එම ස්ථානයෙන් බැහැරව  විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා පැමිණි බලන්ගොඩ ප්‍රදේශයේ  පදිංචි පුද්ගලයෙකු සමඟ  ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හදිසි අවස්ථාව විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ නිර්දේශ මණ්ඩලය වෙත එම පුද්ගලයා ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට උත්සාහ කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් එම කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් තහනමට ලක් කර
ඇත.



අදහස් (1)

හොරට පාස්පොට් ගන්න ගිය කොස්තාපල්ගේ වැඩතහනම්

sam Monday, 30 December 2024 05:36 AM

හොඳයි, හැබැයි ඕකෙ ඉන්න ලොකු අයත් ඔය ජාවාරම කරනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අයවැය පෙබරවාරි 17 පාර්ලිමේන්තුවට
2025 ජනවාරි මස 01 16 0

රජයේ අයවැය ලබන මස 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


ආහාර උද්ධමනය අඩුවුණේ ආහාර රැසක මිල අඩුවීමෙන්ලු
2025 ජනවාරි මස 01 72 0

ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේ සියයට 0.0 දක්වා පහතට වැටීමට හේතුව ප්‍රධාන ආහාර වර්ග කීපයක මිල අඩුවීම බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේ


රජය ආනයනය කළ ප්‍රථම සහල් තොගය අද සිට සතොස හා - සමූපකාරවලට
2025 ජනවාරි මස 01 95 0

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ආනයනය කළ ප්‍රථම සහල් තොගය ලංකා සතොස හා සමූපකාරවලට අද (01) සිට බෙදා හරින බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රව


මල් වෙඩි බලන්න ආ මව - පුතා දුම්රියක ගැටෙයි
2025 ජනවාරි මස 01 525 0

කොළඹ සිට ගාල්ල බලා ගමන්ගත් දුම්රියක බෙන්තොට දුම්රිය ස්ථානය අසලදී ගැටීමෙන් තුනටිය ප්‍රදේශයයට බරපතළ තුවාල ලැබූ 39 හැවිරිදි මවක සහ වමතේ කොටසක් වෙන්වන ප


අවුරුද්ද සුබ වෙන්න ඔක්කොම එකට වැඩ කරමු
2025 ජනවාරි මස 01 411 0

රට ගොඩනැගීම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු කළොත් අලුත් අවුරුද්ද සුබ වනු ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් පැවසීය.


රේගුවෙන් ට්‍රිලියන 1.5 ක වාර්තාගත ආදායමක්
2025 ජනවාරි මස 01 586 0

ශ්‍රී ලංකා රේගුව පසුගිය වසරේ (2024) රුපියල් ට්‍රිලියන 1.5 අධික වාර්තාගත ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගො


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 308 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 175 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 156 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site