IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ

(මනෝප්‍රිය ගුණසේකර)

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (08) නියම කළේය.

එක් චෝදනාවකට වසර 04 බැගින් විත්තිකරු වරදකරු කෙරුණු චෝදනා දෙකට වසර 08ක අනීවාර්්‍ය බරපතල වැඩ සහිත සිරඳඩුවම් නියම කළ විසුරුවරයා රුපියල් 20,000/-ක දඩයකටද විත්තිකරු යටත් කළේය.

වසර 10ක කාලයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තාවකාලිකව නීතීඥභාවය අත්හිටුවා තිබියදී විත්තිකාර නීතීඥරයා මියගිය නීතීඥවරයකුගේ නොතාරිස් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කර ඇති බව පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ සිර දඬුවම නියම කළේය.

නීතීය දන්නා පුද්ගලයින් කරන අපරාධ හේතූවෙන් සමාජය මහත් පිරිහීමකට ලක් වන හෙයින් මෙවැනි අපරාධ කරන වෙනත් පුද්ගලයින්ටද පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුට උපරීම දඬුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ ලිශාන් රත්නායන මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ නීතීඥවරයකු වන නිමල් ජයසිරි වීරසේකර නමැත්තාටය.

2013 ඔක්තෝම්බර් 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය කොස්වත්ත ප්‍රදේශයේදී මියගිය නීතීඥවරයකුගේ නමක් යොදු ව්‍යාජ නොතාරිස් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීම, කූඨ ලේඛණ සකස් කිරීම ඇතු`ථ චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණී.

විත්තිකාර නීතීඥවරයාට එරෙහිව 2015 වසරේදී කොළඹ මහාධිකරණයේ අධිචෝදනා මත නීතිපතිවරයා නඩු පැවරූ අතර ඒ සම්බන්ධ නඩුව දීර්ඝ කාලයක් පුරා විභාග කළ විනිසුරුවයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ ලිශාන් රත්නායන මහතා කරුණු දක්වමින් 2011 වසරේදී විත්තිකරුගේ නීතීඥභාවය වසර 10ක කාලයකට ශ්‍රේෂ්ඨාධිකරණය තාවකාලිකව අත්හිටුවා තිබියදී ඔහු මියගිය නීතීඥවරයකුගේ නොතාරිස් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් මෙම නඩුවට පාදක වු ඉඩමට වංචනික අන්දමින් ඔප්පු සකස් කර ඇතැයි කීය.

නීතීය දන්නා පුද්ගලයින් කරන අපරාධ හේතූවෙන් සමාජය මහත් පිරිහීමකට ලක් වන බන පෙන්වා දුන් ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ ලිශාන් රත්නායන මහතා මෙවැනි අපරාධ කරන වෙනත් පුද්ගලයින්ටද පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුට උපරීම දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරු අදාළ දඬුවම් නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ ලිශාන් රත්නායන මහතා පෙනී සිටියේය.



අදහස් (0)

හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 1 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 11 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 266 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 368 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 322 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 830 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39461 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 353 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1168 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site