IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


හොර ඩොලර් සමග හෝටල් ගණකාධිකාරී මාට්ටු

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

වැලිගම මිරිස්ස සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු  ඇමරිකන් ඩොලර් 100 හොර නෝට්ටු 28 ක්  සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර අපරාධ කොට්‌ඨාසය පවසයි.

මාතර පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීනට තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.

විදේශීකයන් සමග මුදල් ගණුදෙනු කිරිමේදී එම ව්‍යාජ ඩොලර් නෝට්ටු තමන් වෙත ලැබී ඇති බවට ඔහු පොලීසිය වෙත ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් සැකසංකා මතු වන බවත් ඔහු විදේශීය ජාතිකයකු සමග එකතු වී හොර ඩොලර් නෝට්ටු ජාවාරමක යෙදුනේදැයි තව දුරටත් විමර්ශනය කරන බවත් උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

එම නිසා සැකකාර ගණකාධිකාරීවරයාගේ ගාල්ලේ පිහිටි නිවස පොලීසිය ගොස් පරික්ෂා කර ඇති අතර එහිදී සැක කටයුතු කිසිවක් හමු වී නොමැත.

60 හැවිරිදි සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (1)

හොර ඩොලර් සමග හෝටල් ගණකාධිකාරී මාට්ටු

Sriyal Sunday, 10 November 2024 04:53 PM

ඕක ලෝකයේ සිදුවන දෙයක්. හඳුනාගැනීම හරිම අපහසුයි. අලුත් ඩොලර් 100 හොර ඒවා නොවන අතර පරණ ඒවා හොර විදියට හදයි. ඩුබායි හා සිංගප්පූරුව වැනි රටවල මේවා හඳුනා ගැනීමට පහසුකම් ඇති නිසා හොර නෝට්ටු ලංකාව තුළ මාරු කර ඇත්ත මුදල් රටින් පිට කරනු ලැබේ...

:       0       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත් ජාවාරමාගේ ගෝලයෝ ‘අයිස් ‘ සමඟ අල්ලයි
2024 නොවැම්බර් මස 13 26 0

විදේශ ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දිප්පිටිගොඩ ශක්තිගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝල


ඇමැති බංගලාවලට හමුදා රැකවල්
2024 නොවැම්බර් මස 13 457 0

රජයට බාරයට ගත් හිටපු අමාත්‍යවරුන් පාවිච්චි කළ නිල නිවාසවල ආරක්ෂාවට ඊයේ (12) යුද හමුදාව යෙදවූ බව අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පා


සුජිවගේ වාහනය පූට්ටු කළේ මාරක රිය අනතුරින් පසුවද
2024 නොවැම්බර් මස 13 1700 0

එකලස් කළා යැයි කියන සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10 ක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථය අධිකරණ භූමියේ රඳවා තැබීමට පසුකම් හෝ ඉඩ නොමැති බැවි


බෙංගාල බොක්කේ අඩු පීඩනයක් නිසා පළාත් කිපයකට වැසි
2024 නොවැම්බර් මස 13 262 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


හිමිනමට පහරදී කප්පම් ගත් තරුණයෝ දෙකක් මාට්ටු
2024 නොවැම්බර් මස 13 463 0

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත විහාරස්ථානයක, විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකට, පහරදී මරණ තර්ජන කර වසරකට ආසන්න කාලයක් වරින් වර රුපියල් තුන්ලක්ෂ හ


සනත්ගේ බංගලාව බාරදෙයි
2024 නොවැම්බර් මස 13 1241 0

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ලබාදී තිබූ බංගලාව සිහිකැඳවීම් ගණනාවකින් පසු රජයට ඊයේ(12) බාර දුන් බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 172 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 513 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1594 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site