IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


හූ කිව්වේ නැතිලු : දොස්තර සංගමෙත් නෙමෙයිලු

අප්‍රේල් 20 වැනි දා යාපනයේ පැවැති රැස්වීමක දී වෛද්‍යවරුන් පිරිසක් ආවේගශීලීව කරුණු ඉදිරිපත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා මගින් දන්වා තිබේ.

නීතීඥ දාබරේ මහතා මෙසේද දන්වා ඇත.

‘මාගේ සේවාදයකයන් වෙතින් තවදුරටත් උපදෙස් ලැබී ඇත්තේ මාගේ සේවාදායක සංගමයේ සාමාජිකත්වයට අගතිදායී ලෙස කටයුතු කරමින් සහ එම සංගමයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන ලද යාපනය රෝහලේ වෛද්‍යවරුන් පිරිසකගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමක් සිදු කොට ඇති බවත් එලෙස සාමාජිකත්වය අත්හිටුවන ලෙස වෛද්‍යවරුන් විවිධ කරුණු ආවේගශීලීව ඉදිරිපත් කළ බවත් දන්වන ලෙසය.‘‘

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එලෙස දන්වා ඇත්තේ අප්‍රේල් 20 වැනි දා ‘දොස්තර සංගමේ ප්‍රකාශකට යාපනේදී හූ කියයි‘ මැයෙන් ලංකාදීප එසැණ වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් නීතීඥවරයා මාර්ගයෙන් ලිපියක් එවමිනි.

‘දොස්තර සංගමයේ ප්‍රකාශක‘ ලෙස එම ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඨය ඇතුළු කිරීම වැරදි බවත්, එහි නිල නාමය ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය‘ ලෙස විය යුතු බවත් ඔහු දන්වා එවා තිබේ.

එසැණ එම ප්‍රවෘත්තිය තුළ එම සංගමයේ නම නිසි ආකාරව සටහන් කර තිබිණි. ශීර්ෂ පාඨයේ ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය‘ ලෙස යෙදීම දීර්ඝ නිසා ‘දොස්තර සංගමය‘ ලෙස සටහන් කර තිබිණි.

එම රැස්වීමේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකට හූ නොකී බව ද ඔහු කියා තිබේ.

එමෙන්ම මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කළ වෛද්‍යවරුන් පිරිසක් ආවේගශීලීව හැසිරුණු බව මාධ්‍ය ප්‍රකාශක සඳහක් කළ බවට පළ කිරීම අසත්‍යයක් බව ද නීතීඥවරයා මාර්ගයෙන් සංගමය දන්වා ඇත.

එහෙත් එසැණ අප්‍රේල් 20 වැනි දා එම ප්‍රවෘත්තිය පළ කිරීමට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකට කතා කළ අතර ඔහු ඉහත ප්‍රකාශය කරමින් කීවේ තමා එම රැස්වීමට සහභාගී වී නැවත කොළඹ එමින් සිටින බවයි.



අදහස් (0)

හූ කිව්වේ නැතිලු : දොස්තර සංගමෙත් නෙමෙයිලු

වින්සන්ට් Wednesday, 27 April 2016 09:25 PM

ඔටුණු පළදා නොගත් පාඨකයන් වන අපට නම් එය කුමන සංගමයක් ගැන කරන ශිර්ෂ පාඨයක්ද යන්න තේරුම් ගැනීම ඉතා පහසු විය. රජයේ වෛද්‍යවරු සිටියේ ඉස්සර කාලයේය. දවසේ වැඩි කාලයක් පුද්ගලික සේවයේ යෙදෙන සාමාජික වෛද්‍යවරු සිටින මෙම සංගමයට "රජයේ වෛද්‍ය නිලධාරී" කියා අප කියන්නේ කෙසේද? (නි)

:       0       0

මොහාන් Thursday, 28 April 2016 02:13 AM

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මහත්වරුනි , ඔබට මුළු ලංකාවම හූ කියන බව ඔබ දන්නවාද? (හේ)

:       0       0

චානක Thursday, 28 April 2016 02:36 AM

දොස්තරලා නෙමෙයි හූ කියන්නේ, නරියෝ නේ හූ කියන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1507 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1617 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1240 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1902 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 574 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 278 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38309 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25237 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site