ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාදයාත්‍රාව ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය අසලින් ගමන් කරන අවස්ථාවේ හූ කියමින් අශෝභන අයුරින් හැසිරුණේ පාගමනට පිටතින් පැමිණි පිරිසක් බවත්, පාගමන්කරුවන් ඉතා විනීතව ගමන්කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(2) බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
“ඒක නොකළ යුතු දෙයක් කියලා අපිත් පිළිගන්නවා.මේ පෙළපාළියට යම් යම් පුද්ගලයන් ඇතුළු වෙලා තිබුණා.මේක මහා ලොකු සෙනගක්.ඒ අතරට විවිධ පුද්ගලයන් ඇතුළු වෙලා තිබුණා.මේක කළේ අපේ පෙළපාළියට සම්බන්ධ වූ අයෙක් කියලා අපි විශ්වාස කරන්නෙ නෑ. මෙම සිද්ධිය හැරෙන්න වෙන කිසිදු ප්‍රශ්නයක් නැහැ. මම හොරගොල්ල සමාධිය අසල මුළු පෙළපාළියම යනකම් සිටියා. නමුත් මෙතනදි අපි ඔක්කොම මන්ත්‍රීවරු ඉස්සරහට ආවා පටන්ගන්න තැනින්. ඒ නිසා මෙම සිද්ධිය වීම ගැන කනගාටු වෙනවා‘ යැයිද ඔහු කීය.
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා
බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘හූ කිව්වේ පිටස්තර කට්ටියක්‘
චතුරි Tuesday, 02 August 2016 08:30 PM
මේ විදියට බොරු කියන්න පුලුවන්ද? ආණ්ඩුව පෙරළන්න කලින් නුඹලා කෝවක දමා මකලා ගන්න ඕනෑ. ශ්‍රී ලංකා පක්ෂය දැන් පිරිසිදුයි. ඔක්කොම හොරු එළියේ. නැවත ගන්න එපා. (නි)
තරුෂි Tuesday, 02 August 2016 08:45 PM
සමහරවිට ඒගොල්ලෝ සිංහ නාදය කියලා හිතාගෙන නාද කරන්න ඇති. එ්ත් අපිට ඇහුනේ නරි හූව (නි)
සුමුදු Tuesday, 02 August 2016 09:31 PM
ඇත්තටම රටේ මිනිසුන්ට මොනම ප්‍රශ්නයක්වත් නැති පාටයි. හූ කිය කියා නට නටා පාරවල් වල පෙළපාලි යන්නේ. කොච්චර ෂෝක් රටක්ද? නූගත් මෝඩ මිනිස්සු. (නි)
ලලිත් Tuesday, 02 August 2016 10:59 PM
දැන් බොරු කියන්න නම් එපා. අපි හැමදේම දන්නවා (නි)
ශාන්ත Tuesday, 02 August 2016 11:56 PM
දැන් ‘ෂේප් වෙන්න‘ බොරු කියනවා. එක්කෙනෙක් නොවෙයි, එතන පාද යාත්‍රාවේ ඔක්කොම හූ කිව්වා. නැවතිලා හූ කිව්වා. සිරිසේනගේ ආප්ප කඩේ කිව්වා. නායකයෝ හොඳට බලා ඉන්නවා අපිට පෙනුනා. නවත්වන්න කිසි උත්සාහයක් ගත්තේ නැහැ. මේ කට්ටිය ඔක්කොම එළවලා දැම්මා නම් හරි. ගිහින් එකට හූ කිය කියා ඉන්න කියලා. (නි)
නාමල් Wednesday, 03 August 2016 12:34 AM
මේවා නම් නියම ජාත්‍යන්තර කුමන්ත්‍රණ. පිටස්තරයින් ඉන්නේ ඔබතුමාට නුදුරින්මයි (නි)
ජීවන් Wednesday, 03 August 2016 05:57 AM
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. (ර)
සමන් Wednesday, 03 August 2016 06:59 AM
මොකක්ද මේ ශ්‍රීලනිප ,යුඑන්පී,ජේවීපී ඉස්මතු කරලීම. අපට ඕන රටේ දියුණුවද පක්ෂේ රැකගැනීමද? කවුරු හෝ නිවැරදි ලෙසට රට කරයි නම්, අපට නම් මොන පක්ෂේ වුනත් ,මොන සන්ධානේ වුණත් කමක් නෑ. විශේෂයෙන් ඔය යුඑන්පී ,ශ්‍රීලනිප දෙකේ පාලන ක්‍රමයේ හෝ පුද්ගලයන්ගේ වෙනස දන්නා කෙනෙක් කියනවද? (බ)
සනාස් Wednesday, 03 August 2016 07:16 AM
අනේ පලයන් බන් යන්න අපි නොදන්නා මොනරතැන්න (බ)
සඳරුවන් Wednesday, 03 August 2016 02:08 AM
හූ කියලා බේරුනා මදෑ කරලා තියන වැඩවල හැටියට (නි)
නිමාලි Wednesday, 03 August 2016 02:28 AM
හූ කියපු අයට ගහමුද පොල්? මොකද පසුගිය කාලේ පොල් ගහලා හොඳට පුරුදුනේ (නි)
ගජනායක Wednesday, 03 August 2016 03:16 AM
ඔය කිසි කෙනෙක් පක්ෂෙන් ඉවත් කරන්නේ නැහැ. රටට වඩා පක්ෂයයි ලොකු. මොන බොරුද? බොරුනම් බලා ඉන්න. වෙන්නේ මොකක්ද කියලා, මහා ඡන්දෙ කිට්ටු වෙනකොට යකා එක්ක හරි එකතු වෙනවා බලය වෙනුවෙන්. (බ)
ජයන්ත Wednesday, 03 August 2016 03:22 AM
ඔව් ! ඔව් ! පිටස්තර කට්ටියක් තමයි. ඔය වම් පැත්තේ වාඩි වෙලා ඉන්නේ කහ පාට ෂර්ට් එකක් ඇඳගෙන. ඒ අය ශ්‍රීලනිපේ නෙවෙයි නේ . අනුන් ලවා තමන්ගේ මහගෙදරට හූ කියවගන්න අයට කියන හොඳ කියමන් තියෙනවා. ඒවා මෙහි සඳහන් කරන්න බැ... අලුත්ගමගේ මහත්තයෝ ඔබතුමා හිතාගන්නකෝ. (බ)
ඩිලාන් Tuesday, 02 August 2016 02:41 PM
කව්රු හු කිවත් වැරද්දක් කියන්න බැහැ. හේතුව පක්ෂේ අය හු අහගන්න තැනට වැඩ සිද්ධ කරගෙන හමාරයි. යු ඇන් පි එක්ක නිදි වැදීමද ප්‍රමාණවත් (බ)
කුසුම් Tuesday, 02 August 2016 02:47 PM
කණගාටු වෙන්න දෙයක් නැහැ. මිනිස්සුන්ගේ හිත් වල තියෙන අප්පිරියාව පෙන්නලා එච්චරයි (බ)
හෙක්ටර් Tuesday, 02 August 2016 02:42 PM
කියන තරමක් කියන්නේ බොරු. තව ටික දවසයි. කුරු ගනින කම් විතරයි බලන් ඉන්න වෙන්නේ. (බ)
නිම්මි Tuesday, 02 August 2016 02:42 PM
එ්කනම් බොරු අනේ. එ්ක නොකරන්න තිබුණා (බ)
අර්ජුන රණවන Tuesday, 02 August 2016 03:05 PM
එක තමයි අපි හූ කියන්න දන්නෙම නෑ.බටහිරින් ආපු නොසන්දල්යෝ ඕක කලේ.නාමල් නම් නැටුවා තමයි. එත් හූ කිව්වේ පෙළපාළියට සම්බන්ධ නොවූ ගෙදර හිටි අයෙක් කියලා අපි විශ්වාස කරන්නෙ (අ)
රත්නායක මුදියන්සගේ නවරත්න බණ්ඩර Tuesday, 02 August 2016 03:10 PM
කරපු අයට දේව ශාපය ලැබෙන කාල වැඩි ඈතක නැහැ .බලාගෙන ඉන්න . (අ)
ලාල් ගලබඩ Tuesday, 02 August 2016 03:15 PM
හූ කිව්වේ පිටස්තර කට්ටියක් අපි පිලි ගන්නම්. මේකත් මතක තියා ගන්න.පෙලපාලි ගියෙත් පිටින් ගෙනාපු බෙබේල ටිකක්. නියම ශ්‍රී ල කාරයෝ ඔහොම පෙලපාලි වලට යන්නේ නැහැ.අපිත් පක්‍ෂයේ ඔබ වාගේම පැරණි සාමාජිකයින්,නමුත් සත පහක පල ප්‍රයෝජයක් අනිසි අයුරින් වත් නිසි අයුරින් වත් අරන් නැහැ.අපිට දුකයි නුඹලා පක්‍ෂයට කරන දේට. (අ)
අමිරා Tuesday, 02 August 2016 03:16 PM
ලෝකෙම යුද්දයක් තිබුනත් කිසි හිරිහැරයක් නොකරන ගිලන් රථයකටත් ගහපු මිලේච්චයෝ අවෙත් පිටින් වෙන්නැති .මේගොල්ලන්ව තෝරා පත්කරලා පාර්ලිමේන්තුවට එවපු අයත් තමන්ටම හු කියගත්තොත් හොදයි .(අ)
හෙලන් Tuesday, 02 August 2016 03:17 PM
අර අහක බලාගෙන ගිය කෙනාත් පිටස්තරයෙක්ද ? (අ)
තබුක් සිල්වා Wednesday, 03 August 2016 08:53 AM
නොතේරන පොඩි දරුවෙක් ගෙනත් පාරේ කැගහනන සලස්වපු එක මුළු ලෝකයම දැක්කා කුජිතඊ මේවායින් පේනවා බලයට ඇති කෑදරකම (ම)
පාලිත Tuesday, 02 August 2016 03:45 PM
හු කීම බටහිර කුමන්ත්‍රණයක් වෙන්නැති. (අ)
ඉන්දික Tuesday, 02 August 2016 03:46 PM
හොද වැඩේ පෙළපාලියේ අපු එවුන්ට. දැන් පෙළපාලියේ උන්ව පාවල දෙනවා උන්ගේ කට්ටිය නෙවේ කියල. දැන්වත් ඔය පස්සෙන් යන මෝඩ මිනිස්සු තේරුම් ගනිල්ලා වාසියට උබලව ඔය දෙසපලකයෝ පාවල දෙනවා කියල. ඕනෑම කෙනෙක්ට තේරුම්ගන්න පුළුවන් වීඩියෝ එක දැක්කම කවුද හූ කිවේ කියල. දැන් එයාලගේ බෙරුමට පෙළපාලි ගිය මිනිස්සුන්ව පාවල දෙනවා. දෙන උබල පස්සෙන් ගියාට එයාලගේ මිනිස්සු නෙවේ කියල කියන්නේ. අනේ හොදා (අ)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 02 August 2016 03:48 PM
හු කිවූ නරි රැල සිටියේත් මෙම පාදයාත්‍රාව ඇතුලේ නිසා මෙවැනි බොළඳ අදහස් පෙන්වා මහජනයා රැවටීමට මේ පුද්ගලයා ගන්නා උත්සාහය රටවැසියා විසින් පිළිකුලෙන් හෙලා දකිනු ඇත .. (අ)
නිරාෂ් Tuesday, 02 August 2016 03:51 PM
අනේ බොරු කියන්න එපා (අ)
විජේපාල Tuesday, 02 August 2016 03:59 PM
මහත්තයෝ ඔයා කොහොමද හරියටම අච්චර සෙනගක් හිටපු තැනින් තෝරාගත්තේ ඔයාලගේ කට්ටිය කවුද පිටස්තර කට්ටිය කවුද කියලා. (අ)
රංජිත් මංජුල වර්ණසූරිය Tuesday, 02 August 2016 04:10 PM
දේසපාලකයාගේ ඇගේ නැත්තේ මනු සතා විතරයි අනිත් හැම සතාම ඉන්නවා මේවා මෝඩ මිනිසුන්ට උදාහරණ (අ)
හෙලගේ Tuesday, 02 August 2016 04:20 PM
ඇස පොට්ටවුණු මෙවුන්ට මොනවා කියන්න බැරිද. හිටගෙන බොරු ඇදබාන නැහැදිච්ච නඩේ. මහන්ද කිව්වේ එයාගේ කලේ නිදහසේ පෙළපාලි ගිය කියල. පෙළපාලි ගිය නමුත් වෙඩි තිබ්බ නැත්නම් ඔලු පාළුව. මහින්ද නැවත ඉපදිලනොව. ගහ දන්නා යට කොළ කඩ පනවා. මහින්දගේ බොරුවලට හූමිටිතියන්නත් තරම් අන්ද බල එවුනුත් මේ රටේ ඉන්නවා. (අ)
අර්ජුන රණවන Tuesday, 02 August 2016 04:56 PM
දැන් මොනවා කිව්වත් වරද නිවැරදි කරන්න බෑ. දැන් ප්‍රමාද වැඩියි. පාද යාත්‍රාවට ගොම කලයක් දිය කලා. (රේ)
විිද්‍යා Tuesday, 02 August 2016 04:54 PM
ඔය සෙනඟ ඔක්කොම එකතුවෙලා අපේ හිඳිලා තියන වැව ගැඹුර කරන්න එනවා හලෝ. පාරවල් බ්ලොක් කරන්නේ නැතිව.(රේ)
දයා Wednesday, 03 August 2016 03:41 AM
රටේ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන නිසා තමා මේ පෙළපාලියට අවේ, අඩාගෙන යන්න ඕනේ නැහැ. ඒ නිසා තමයි නට නට ගිහින් තියෙන්නේ (ම)
පද්මිණි Tuesday, 02 August 2016 07:58 PM
මේ අර කොඩි උස්සාගෙන වැනි වැනී ගියෙත් පිටින් ආ කට්ටියක්ද? (නි)
සිරි Tuesday, 02 August 2016 08:16 PM
හූ කීම අනුමත කරන්නේ නැහැ. නමුත් පක්ෂය හූ කියන තැනට වට්ටගත්තා. ඒ පක්ෂයේ ඡන්දෙන් විත් යූඑන්පී එකත් එක්ක දීග කන්න ගිය හින්දා (නි)